Friday, August 6, 2010

කළු ගඟේ ඛේදවාචකය පහුගිය කාලයේ හරිම ප්‍රසිද්ධ වුණු, උණු කැවුම් වගේ විකිණුන කතාවක් බව ඔයාලා හැමෝම දන්නවා. සමාජයීය පීඩනයත් එක්ක තනි වුණ, පීඩිත එක අම්මා කෙනෙක් කර ගත් එක් අකුසල කර්මයක් ගැනයි ඒ. ඇත්තටම මේකට වැරදි කවුද? ඒ අම්මා ගැන කිව යුත්තේ කුමක්ද? ඒ දරුවාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුණේ කාගේ වරදින් ද? කාගේ ණයක් නිසාද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අපට කළ හැකි දෙයක් නොවෙන බව අපි තේරුම් ගත යුතුයි. නමුත් අපට ඒ ගැන සාකච්චා කළ හැකියි. මන්ද යත් අපිත් ඒ දරුවා මෙන්ම ළදරු අවධියක් පසු කොට ගැටවර වියෙන් ඔබ්බට ලෝකය දකින බුද්ධිමත් පිරිසක් නිසා.

අද ලංකාවේ බොහෝ අංශ දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වගේම යටිතල පහසුකමුත් ඇති තරම් තියෙනවා. කොටින්ම සන්නිවේදන පහසුම මින් ප්‍රධාන තැනක තියෙනවා. ඒත් තියෙන සම්පත් නිසි ප්‍රයෝජනයට ගන්න තරම් දැනුමක් නැ
ති කමත්, නිසි මග පෙන්වීමක අඩුපාඩුවත් නිසා අද අපේම මිනිසුන් බොහෝ අපහසුතා වලට පත් වෙලා තියෙනවා. අපිට එක පුද්ගලයෙක්ට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද මේ දේවල් නිසි පරිදි වුණා නම් මෙහෙම නොවෙන්න ඉඩ තිබීම නිසා.

අනික බේබදු කමට ඇබ්බැහි වුණ කෙනෙක් ඉන්න පවුලක ආර්ථික මට්ටම ඉතාමත්ම ශීග්‍ර මට්ටමකින් පහල යන්නේ බලා ඉද්දිමයි. එහෙම පවුලක දරුවන් හතර දෙනෙකු රැක බලා ගන්න තරමට තියා 'පාන්' කියා ගන්න බැරි අගහිඟතා ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ තත්ත්වය මුඩුක්කු වාසීන්ට වගේම ගම්බද ප්‍රදේෂ වල නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. මේ දේවල් ගොඩ නගන්න නම් හැමෝගෙම උදව් උපකාර අවශ්‍ය වෙනවා. අද ඒ අම්මා බැනුම් අහයි. කවදා හරි අපේ දරුවන්ටත්, අපිට එහෙම පාරේ විසික් කරලා යන්න සිද්ධ වෙන ආර්ථික අගහිඟයක් අපේ ජීවිත වල ඇති වුණොත් එදාට අපිටත් ඒ අම්මා ලැබූ බැනුම් අහන්න වේවි.

මේ වගේ දේවල් වලින් මාධ්‍ය ඇති තරම් බඩ පුරවා ගැනීම බොහෝ ඈත අතීතයේ ඉඳලම පැවතෙන්නක්. ඒ ගැන කථා කිරීම අනවශ්‍යයි. ආකල්පමය වෙනසක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. සුභ අනාගතයක් ලබන්න පුළුවන් ලේබල් එකකින්වත්, බැනර් එකකින්වත්, හිට්ලර් වරුන්වත් රට කරවීමෙන් නෙවෙයි. මේ රටේ ගොඩ නැගිල තියෙන නීති පද්ධතිය මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒත් ප්‍රශ්නේ ඒවා ක්‍රියාවට නොනැගීමයි. නැති වුණ දරුවාගේ ජීවිතයට වග කිව යුත්තේ ඒ මවගේ අසර
කම විතරක්ම නෙවෙයි, අධ්‍යාපනය හිඟ කම වගේම දරිද්‍රතාවයත්, මිනිසුන්ගේ ආකල්පමය පසු බෑමත්, අදාල අංශ නිසි ලෙස ක්‍රියා නොකිරීමත් තමා.

ඒ නිසා ඔය වගේ අවාසනාවන්ත දේවල් නැවතත් සිදු වීම අපිට වලකන්න අමාරුයි. අපි කවදාවත් මෙවන් විපත් දකින්නවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒත් ඒ දේවල් වල සීමාවකුත් තිබිය යුතුයි. මාධ්‍ය වල නොකී පමණට අනාවර
ය නොවුණු දුක්ඛිත කතා තවත් මේ රටේ හැංගිලා තියෙනවා හැම අස්සක මුල්ලකම. ඒ අසාධාරණකම් වලට නීතියෙන් පිළිසරණක් නොලබාම අසරණයා අන්ත අසරණභාවයට පත් වෙන සමාජ පරිසරයකුයි ගොඩ නැගිලා තියෙන්නේ. මීට හේතුවත් අර මුලින් කීව සන්නිවේදන දුර්වලතා වගේම අධ්‍යාපනික අඩුලුහුඬු කම්. මේ හැම දෙයක්ම ගොඩ නැගුණු රක් දකින්න, සාක්ෂරතාව සියයට අනූවක්ය කියල පම්පෝරි ගහන උදවිය ඉන්න තාක් කල් ඉඩක් ලැබෙන එකක් නෑ.

5 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

අපි හැමෝඅම ආකල්ප වෙනසක් ගැන නම් කියනවා...මොකක්ද ඕකට තියන මූලික පියවර....අවුරුදු ගානක් තිස්සේ දිගටම තිය තිය ආපු වැරදි පියවර හරි පැත්තට ගන්න කොහෙන් හරි පටන් ගන්න එපාය....

Thidas said...

eeyeth eka ammakenek lamayinta wasa powala thibuna.
http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=7389:2010-08-06-08-06-49&catid=35:2008-10-13-08-30-14&Itemid=63

Shadow/හේමලයා said...

මළමිනීවාහින්යත් ඊයෙ ඒක රසකර කියන්න ඇති මයෙ හිතේ...නොදකිං....

Teshan said...

ස්වර්ණද? නැත්නම් රූපද?

Shadow/හේමලයා said...

Goldවාහිනිය තමා....:).....

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.