Saturday, August 14, 2010

ඔයාලා හැමෝම ආදර කතා කියවලා ඇති, බලලා ඇති. ඒත් මේ වගේ ආදර කතාවක් කවදාවත් බලලා තියෙනවද කියලා සැකයකුත් ඇති වෙනවා. මේ ලිපියෙන් කියන්නට යන්නේ ඒ වගේ අමුතුම ගණයේ චිත්‍රපටයක් ගැන. මට මේක නරඹන්න ලැබුණේ 2008 වසරේදී. හැබැයි මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2002 වසරේදී.

කොහොමින් කොහොම හරි මේ කතාවේ කියවෙන්නේ ආදරය ගැන. හැබැයි අවසාන‍ය කඳුලින් ඉවර වෙන ආදරයක්. මේ චිත්‍රපටය ගැන කියනවා නම් කිව යුතු වැදගත්ම දේ නම් කිසිම ලිංගික දර්ශනයක් ඇතුලත්ව නෑ, සිප ගැනීම් දර්ශන කීපයක් හැරුණු විට. ලිංගිකත්වයෙන් ඉවර වෙන ආදර කතාවක් සිනමාවට නංවනවාට වඩා මම මේ නිර්මාණය බෙහෙවින් අගය කරනවා. ඇත්තෙන්ම බැලූ හැම දෙනාම මේ කතාව අමතක කරන එකක් නෑ.

කතාවේ නම "A Walk to Remember". මගේ වචනයෙන් කියනවා නම් මතකයේ රැඳුණු ආදරයක් කීවොත් යම්තාක් දුරකට නිවැරදි වේවි. මේ කතාව ගෙතෙන්නේ එක්තරා විද්‍යාලයක කෙළිලොල් තරුණ පිරිමි ළමයෙකු හා කිසි කෙනෙකුගේ වැඩි අවධානයක් නොලත්, නිතර සමච්චලයට ලක් වෙන ගැහැණු ළමයෙකුත් වටා. ඒ කොහොමද කියලා මේ චිත්‍රපටය හොයා ගෙනම බැලිය යුත්තක්.

චිත්‍රපටය ආරම්භයේ ඉඳන්ම දකින්නට ලැබෙන්නේ මේ පිරිමි ළමයාගේ හිතුවක්කාර කෙළිලොල් ජීවිතයේ ක්‍රියාකාරකම් කීපයක්. නමුත් පාසලේ පැවැත්වෙන එක්තරා නාට්‍යයක පුහුණුවීම් අතරේදී තමයි ඔහුට අර ගැහැණු ළමයාට වඩාත් කිට්ටු වෙන්නට ඉඩ කඩක් ලැබෙන්නේ. ඇගේ පියා පල්ලියක පියතුමෙකු වන අතර මව ජීවතුන් අතර නැති, අහිංසක දියණියක්. ඒ නිසා පියාගේ අනු දැනුම ඇතිවයි බොහෝ දේවල් කරන්නේ.

කොහොම හරි අර මුලින් කියපු නාට්‍යයේ පුහුණු වීම් කටයුතු වලට උදව් ගන්නට අර පිරිමි ළමයා මේ ගැහැණු ළමයාගේ නිවසට පැමිණියත්, පසුව ඔහුගේ මිතුරන් සිදු කරන සමච්චලයක් නිසා එයත් ඔහුට අහිමි වෙනවා. කොහොමින් කොහොම හරි නාට්‍ය දිනයේදී මේ දෙදෙනාගේ ජවනිකාවෙදි මේ දෙපළගේ හිත් වල බැඳීමක් ඇති වෙනවා. එදායින් පසුව මේ කෙළිලොල් තරුණයා අර තරුණියත් සමග ආදරයක් පටන් ගත්තත් ඔහුගේ මිතුරන්ගෙන් ඊට ගැරහීම් වගේම අපහාසත් ලැබෙනවා. ඒ කොහොමද කියලා චිත්‍රපටයෙන්ම දැක ගන්නට වේවි.

මෙහෙම පටන් ගත්තු ආදරයේ අඳුරු පැත්තකුත් තියෙනවා. ඒ බව මේ තරුණයාට දැන ගන්නට ලැබෙන්නේ ඇයගෙන්මයි. ඒ ඇයට ලේ පිළිකාවක් හෙවත් ලියුකේමියා රෝගී තත්ත්වය පැවතෙන බවයි. මෙය ඇසූ සැනින් ඔහුට එය පිළිගත නොහැකි වුවත් ඔහු එය සුව කිරීමට උදව් සොයා යන අන්දම කාගේත් ඇස් වලට කඳුළු ගෙන දෙන්නක්.

ඉතින් මොන ලෙඩේ කොහොම තිබුණත් මේ තරුණයා ඇයව තනි නොකර තවත් ආදරෙන් ඇය ලඟටම වෙලා රැක බලා ගන්නේ අර පියතුමා, නැතිනම් ඇගේ පියාගේත් අවසරය ඇතිවයි. ආදරය වෙනුවෙන්, තමන්ගේ සහකාරියගේ සතුට වෙනුවෙන්, ඇගේ බලාපොරොත්තු සහ ආශාවන් ඉශ්ඨ කරනා ආකාරය මේ චිත්‍රපතයෙන් මැනවින් පිළිබිඹු වෙනවා. ඒ කොහොමද කියලා මම සඳහන් කරන්නේ නෑ.

අවසානයේදී, ඇගේ මරණයට මාස කීපයකට උඩදී ඇයත් ඔහුත් විවාහ වෙන්නේ ඇගේ තවත් බලාපොරොත්තුවක් හා සිහිනයක් මල් පල ගන්වමින්.

ඉතින් මේ ආදර කතාව මම ඔයාලා හැමෝටම සොයා ගෙන බලන්නය කියලා යෝජනා කරන චිත්‍රපටයක්. මොකද හරිම සංවේගී දර්ශන රාශියක් තියෙන නිර්මාණයක්. ඕනෑම සංවේදී පුද්ගලයෙකුට මෙය නරඹද්දී ඇස් වලට කඳුලු පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ කොහොමද යන්න නරඹලාම දැන ගත යුත්තක්.



3 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

a lovely novel.....a typical teen film....sweet.....but it's crap......:D

Anonymous said...

මේ චිත්‍රපටයට පදනම් වූ නවකතාව සැබැවින්ම චිත්‍රපටයට වඩා අතිශයින්ම සංවේදීයි. Nicholas Sparks නැමැති ලෝ ප්‍රකට කතුවරයාගේ සෑම කතාවක්ම පාහේ මෙවන් සංවේදී හදවත් සංවේදීව ස්පර්ශ කිරීමට සමත් වෙනවා. මුළු කතාවම එක්තරා භාවනාවක් වගෙයි. යොවුන් ආදරය පසුබිම් කරගත් කතාවක් වුවත් ඒ තුලින් ලබා දෙන ජීවිතාවබෝධය මා කියවා ඇති වෙනත් පොතකින් ලැබී තිබේනම් ඒ එහි කතුවරයාම ලියූ 'The Notebook' කතාවෙන් පමණයි. එයත්, එය පදනම් කරගෙන තැනුණු චිත්‍රපටයට වඩා සිය දහස් ගුණයක් ඉදිරියෙන් තිබෙන නිර්මාණයක්.

Anonymous said...

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.