Sunday, August 8, 2010

මේ කියන්න යන්නේ කාගේත් හිතට හිතන්න දෙයක් ඉතුරු කළ දෙයක් ගැන. ඒ වගේම ඔයාලටත් මේ ගැන විවෘත අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද සමාජයේ කොයි තරම් නම් ඉතාමත්ම සාමාන්‍ය දේවල් වලට පවා නොලැබෙන සමානාත්මතාවක් තියෙනවද කියලා හිතන්න ඕනේ තැනක්.

මාතෘකාවේ තියෙන හැටියට මේක හරකෙක් ගැන විස්තරයක්. මට දකින්න ලැබුණු හිතට දුකක් ඇති කරපු සිදුවීමක්. නමුත් කිසිම අනතුරක් ගැන නම් නෙවෙයි. අනතුරකට පත් වුණ සතෙක් නිසා මිනිසුන්ගේ මානසික ස්වභාවයන් වෙනස් වුනු සිදුවීමක්.

පසුගිය දිනයකදී මම මගේ ඉගෙනීම් කටයුතු ඉවර කරලා හවස් යාමයේදී නිවස බලා එන අතරතුරදී මම පදිංචි ප්‍රදේශයේ මහ පාරේ මඳක් වාහන වැඩි ප්‍රමාණයක් එහා මෙහා යාමත් වැඩි වෙලයි තිබුණේ. කොටින්ම පාර පනින්න බලන් ඉන්න කෙනෙකුටවත් පාර පනින්න ඉඩක් දෙන්න වාහන වල උදවිය හිතුවේ නෑ.

මේ අතරතුරේදී තමයි ඔය කියන සිදුවීම වුනේ. එක හරකෙක් පාර පනින්න පාර අයිනට ආවා. හැබැයි ඒ හරකා සාමාන්‍ය හරකෙක් නෙවෙයි. වෙනස නම් තිබුණේ කකුල් තුනක් විතරයි. එක කකුලක් කළව ප්‍රදේශය ගාවින් ගැලවිලා ගිහින් තිබුණේ. නමුත් මේ දේ බොහෝම කාලයකට උඩදී සිදු වුන දෙයක්. ඒ කියන්නේ ඒ හරකා සුව තත්ත්වයක හිටියේ. මේ සතාත් පාර පනින්න පාර අයිනට අවිල්ලා පාර හරහා ඇවිද ගෙන ගියා.

පුදුමේ කියන්නේ මිනිහෙක්ටවත් පාර පනින්න වාහන නොනවත්වපු උදවිය දැන් අර සතා නිසා වාහන නවතල බලාගෙන ඉන්නවා. කොටින්ම වාහනයේ නලාවක්වත් නාද නොකර. මේ සතා බොහෝම අමාරුවෙන් නොන්ඩි ගගහා කකුල් තුනකින් පාර පැනලා අහවර වෙනකන්ම අර මිනිසුන් වාහන වලින් ඉඩ දීල බලාගෙන හිටියා. ඒ විතරක්ම නෙවෙයි, නවතන් හිටි වාහන ආයෙත් ගමන් ආරම්භ කරාම හැරි හැරී අර සතා දිහා බලමිනුයි ගියේ.

ඇත්තෙන්ම කෙනෙක් ආබාධයකට ලක් වෙලා අසරණ භාවයට පත් විය යුතුමද ඒ කෙනා ගැන යමක් සිතන්න? මේ ප්‍රශ්නෙට මම පිළිතුරු සොයනවා. අද කාළයේ මිය ගිය කෙනෙක් ගැන ගුණ වර්ණනා පවා සිදු වෙන්නේ ජීවත්ව සිටි කාලයට වඩා මිය ගිය පසු නේ. කෙනෙක්ට එදා ඒ සතාගේ කකුලට වග කියන්න සිදු වුනේ නැති නම් මේ සිදුවීම සිද්ධ වෙන මොහොතේ කී දෙනෙක් නම් ඒ සතාට වාහන වල නලාවලින් හේවිසි පූජා පවත්වන්න තිබ්බද?

අපි අසරණ විය යුතුමද කෙනෙක්ගේ අවධානය දිනා ගන්න? නැතිනම් අපි විහිළුවකට හෝ ලැජ්ජා වීමකට භාජනය විය යුතුමද සමාජයේදී උපකාරයක් ලබන්න? අපිට මේ සමාජයෙන් දෙයක් ඉබේම ලැබෙනවා නම් ඒ අසරණ වුනොත් ලැබෙන අනුකම්පාව හෝ නිකරුනේ ලබන අපහාසයන් විතරමද? මෙන්න මේ ප්‍රශ්න මත ඇති වුනා.

ඒ සිදුවීම එදා පාරේ සහ වාහන වලින් ගමන් කරපු අයගේ හිත් වලට හිතන්න යමක් ඉතුරු කරන්න ඇති. නමුත් ඒ සතා මේ තාක් කලක් කකුල් තුනකින් ඒ ප්‍රදේශයේම සැරි සරමින් ජීවත් වුනු බව දැක්කත් නොදැක්කා වගේ ගීය අය නම් කොපමණ ඇත්ද? මේ වගේ සිදුවීම් ගැන හිතන්න ඔයාලටත් ඉඩක් තියෙනවා. ඒ ගැන අදහසුත් ඉදිරිපත් කරන්න පුළුවන්.

සමාවෙන්න ඕනේ, මට ඒ සිදුවීමේ රූපයක් ගන්න නම් බැරි වුණා. ආයෙත් ඒ සතාව දැක්කොත් අනිවාර්යෙන්ම රූපයක් අරගෙන ඔයාලටත් පෙන්නන්නම්කෝ.

8 පාඨක අදහස් | Comments:

Indraj said...

කාගෙවත් අවධානය යොමු නොවන අසරණයන් කොපමණ ඇත්ද? සමාජයේ දී අපි කොතරම් අසරණ වෙන අවස්ථා තිබේද?
සමහර විට සමාජය දන්නෙ නෑ අපි අසරණ වෙලා කියල. ඔහොම තමයි ඔක්කොම දේවල් බාහිරින් ම බලන්න පුරුදු වුනාම වෙන්නෙ.

බැරිද ඔය සතාව ගෙදර ගෙනිහින් හදාගන්න වාහනේකට හැප්පිලා තවත් අසරණ වෙන්න පෙර?

පීවර් said...

පොඩි දෙයක් උනාට ලොකු පාඩමක් කියල දෙනව.

Thidas said...

gonthek neda? :D

TeeRox said...

@thidas: ow, habai oya wage neweyi... :D

TeeRox said...

@indraj: attenma arosh aiye harakawa gedara gena eka newei prashne. mata ita passe gedara inna bari wena eka. oyalage gedara ida tiyenawa nam ekkan yanna. no problem. :D LOL

Praසන්ன said...

වාහන නවත්තලා ඌ දිහා බලා‍ගෙන හිටපු එක හොදයි ඌව හප්පගෙන යන්නෙ නැතිව.

Indraj said...

ආහ් කොහොමද අඳුරගත්තෙ නාඳුනන කමෙන්ට් කරුවාව.ගෙදර නම් ඉඩ තියෙනවා බැරිද දක්කගෙන එන්න.

TeeRox said...

නොදන්නවා වගේ ඇඟෙව්වාට මම දන්න දේවල් ගොඩක් තියෙනවා.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.