Wednesday, August 11, 2010

ලංකාවේ ඉංග්‍රීසි භාශාවට ලැබෙන්නේ ඉතාමත්ම ඉහල ස්ථානයක්. කොටින්ම කියනවා නම් සිංහලෙන් වැඩක් කර ගන්නවාට වඩා ඉංග්‍රීසියෙන් වැඩක් පලක් කරවා ගැනීම පහසු මට්ටමටම ලංකාවේ ඉංග්‍රීසි භාවිතාව වැඩි වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඒක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. භාශාවක් හැටියට ඕනෑම කෙනෙක් ඉංග්‍රීසි භාශාව ඉගෙන ගත යුතුයි. එය හැසිරවීම කළ යුත්තේ ඊට අදාල සහ ඊට ගැලපෙන අවස්ථාවන් වලදී පමණක් වුණොත් වඩාත් වටිනවා.

නමුත් සමහරු සිංහල වචන දහයක් අතරට ඉංග්‍රීසි වචන පණහක් විතර අන්තර්ගත කරලායි කතා බහ කරන්නේ. ඇත්තෙන්ම භාශා සම්මිශ්‍රණය සිදු වීම ලංකාවේ පමණක් නෙවෙයි විදේශයන්ගේත් සිදු වෙනවා. නමුත් එහිත් සීමාවක් තිබිය යුතුයි. බැරි බැ
රියාවෙන් හරි යමෙක් සිංහල අතරට ඉංග්‍රීසි වචන ඔබ්බවමින් කරන කතාවකට වඩා සිංහලෙන්ම විතරක් කරන කතාවක් මොන තරම් නම් වටිනවද?

අද අපේ රටේ දේවල් බොහෝමයක් ගැරහීමට පාත්‍ර වෙලයි තියෙන්නේ. ඉන් විශේෂ ගැරහීමකට ලක් වෙලා තියෙන අංගයක් තමයි සිංහල භාශාව. කොටින්ම කියනවා නම් සම්මුඛ පරීක්ශනයකදී පවා සිංහල භාශාවට ලැබෙන්නේ ඉතාමත්ම පහල තත්ත්වයක්. ඒ හැමෝටම තම තමන් පය ගසා සිටින්නේ සිංහල භාශාවේ මව් බිම වෙන ශ්‍රී ලංකාවේ බව අමතක වෙලා ගිහින්.

අද අ
ධ්‍යාපනික ක්‍රමවේදයත් ඉංග්‍රීසි භාශාවටම නතු වෙලා. මෙයින් කිසිසේත්ම අදහස් කරන්නේ නෑ ඉංග්‍රීසිය අත හැරලා සිංහලෙන් පමණක්ම ඉගැන්වීම් කටයුතු සහ අධ්‍යාපනික කටයුතු සිදු විය යුතුයි කියලා. නමුත් මේ එක මිතුරෙකුට සිදු වුණ දෙයක්. නරකක් නෙවෙයි, හොඳ පණිවිඩයක්.

එක මිතුරෙකු යම් විශයකට අදාළ අධ්‍යාපණික වැඩසටහනක පදනම් පාඨමාලාව සාර්ථකව සිංහල භාශාවෙන් නිම කරා. ඔහුට ලකුණුත් ඉහලින්ම තියෙනවා. මේ මිතුරා ඒ වැඩසටහනේ මීලඟ කඩඉම එනම් මීලඟ පාඨමාලාව ඉංග්‍රීසි භාශාවෙන් කිරීමට සිතාගෙනයි සිටියේ. නමුත් මේ වැඩසටහනේ අධ්‍යක්ෂවරයාගෙන් ඔහුට ලැබුණු උපදේශය නම් ඉතාමත්ම වැදගත්. එනම් මීලඟ පාඨමාලාවත් සිංහල මාධ්‍යයෙන්ම කිරීම වඩා සුදු බවයි. මොකද පලමු පියවරේදී සිංහල භාශාවෙන් ඉගෙන ගෙන විභාගයට මුහුණ දීලා ඉතා ඉහල ලකුණු මට්ටමක් ගත්තා නම් අනිවාර්යෙන්ම මීලඟ අදියරත් සිංහලෙන්ම කිරීම සාර්ථක බව. කෙනෙක් යම් විශයයක් තමන්ගේ මව් භාශාවෙන් ඉගෙනීමෙන් ඒ විශයය හොඳින් ධාර
ය කර ගන්නට පුළුවන් වෙනවා වගේම භාවිතාවත් ලේසි වෙනවා. තෝරා ගන්නේ සිංහලද, ඉංග්‍රීසිද යන්න වැදගත් නොවන්නේ උගත් දෙය භාවිතාවට ගන්නට තියෙන හැකියාව, භාශාව මත රඳා නොපවතින නිසා බවත් ඔහු විසින් පවසා තිබෙනවා. සම්මුඛ සාකච්චාවකදී වුවත් භාශාවට වඩා යමෙකු උගත් දෙයත්, ඒ දේ භාවිතාවේ යෙදවීමේ හැකියාවත් පමණයි සැලකිය යුතු වන්නේ. භාශාවක භාවිතය වැඩි දියුණු කර ගැනීමටත් එය ඔප මට්ටම් කර ගැනීමටත් ඉංග්‍රීසි භාශාව උපයෝගී කර ගන්නවා නම් වඩාත් හොඳ බව මගේ මිතුරාට ලැබුණු උපදෙසුයි.

මේ උපදෙස දී තිබෙන්නේ ජාත්‍යන්තර මානව සම්පත් කළමණාකරණ සම්මේලනයට පවා සහභාගී වුණු අයි.පී.එම්. ආයතනයේ ආචාර්‍ය වරයෙක්.

ඉතින් මෙන්න තවත් හිතන්නට දෙයක්. තමන්ට වැදගත් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඔප මට්ටම් කර ගත්තු පිට කරවරයක්ද? නැත්නම් අවශ්‍ය මොහොතේදී පමණක් පාවිච්චි කළ යුතු ආයුධයක් වශයෙන් ඉංග්‍රීසිය භාවිතා කිරීමත්ද කියන එක හිතන්නට ඔයාලට භාරයි.

ඕනෑම භාශාවක් එහි පරතෙරටම යාමට කළ යුතු ක්‍රියාකාරකම් හතරක් තිබෙනවා. සිංහල භාශාවෙදි නම් මේ හතර අපි ලාංකිකයන් නිසාවෙන්ම නොදැනුවත්වම උපන් දා සිටම කරනවා. ඒ කියවීම, ලිවීම, ඇසීම සහ කථා කිරීමයි. මේ හතර හොඳින් පුහුණු පුරුදු කර ගැනීම ඕනෑම භාශාවක් චතුරව භාවිතා කිරීමට උදව් වෙනවා.

නමුත් මොන භාශාව කොහොම ඉගෙන ගත්තත්, තමන්ගේ මව් භාශාවට දැනට පවතිනවාට වඩා ඉහළ මට්ටමක් අපි හැමදෙනාම ලබා දිය යුතු වෙනවා. මොකද අපි ශ්‍රී ලාංකිකයන් බැවින්.

2 පාඨක අදහස් | Comments:

Anonymous said...

සිංහල බස හැදිලා තියෙන්නේ අනෙකුත් බාසාවන් වාගේම විවිද බාසාවන් සමග සංසර්ගයේ යෙදීමෙන්. ඉංගිරිසියෙන් කතා කරන අය, ඉංගිරිසිය වචන පහකට සංස්කෘතිය, ප්‍රංශ, ජර්මන්, රුසියානු, ලන්දේසි, ලතින් වචන පහලවක් විස්සක් විතර දානවා වාගේම අපිත් සිහලයෙන් වචන පහක් කතා කරනකොට වෙනත් බාසාවලින් වචන පහලවක් විස්සක් විතර දානව. භාශාව සිංහල වචනයක් නොවෙයී, කලිසම සරම මේසය පාං සහ තාච්චියත් සිංහල නොවෙයි, කොටින්ම කියනවානමෙ අපේ අප්පේ "කක්කත්" සිංහල වචනයක් නොවෙයී. ඇමරිකාවේත් කියන්නේ කක්කා. ජාන, තාක්ශනය වාගේම බාශාවත් අනෙක්වා සමග සංසර්ගයේ යෙදීමේ සීමාවක් තිබිය යුතු නැහැ.

පස් වරක් චක්කරයට අඩු තැනැක් නොලැබුනා සේ, සම්මුක පරීක්ෂනයන්ගේදී සිංහලට අඩු තැනක් ලැබිලා නැහැ. ඉංගිරිසියට වඩා වැඩි ලකුනු ලැබෙන්නේ, ඕනෑම රැකියාවකට අදාල හැකියාවකට වැඩි තැනක් සම්මුක පරීක්ෂනයකදී ලැබිය යුතු නිසායී.

මම හිතන්නේ නැහැ කාටවත් අපි ඉන්නේ ලංකාවේ බව අමත වෙලා ඇතැයී කියලා.

මව් බසින් යමක් ඉගනීම පහසු බව නම් සම්පූර්ණ ඇත්තයී.

Shadow/හේමලයා said...

ඉංග්‍රීසි භාෂාවෙන් විශයක් ඉගනගැනීමේ ඇති එකම වාසිය නම් පරිශීලනය කලහැකි ලිපි ප්‍රමාණය වැඩි වීම හා ඒවා සොයා ගැනීමට ඇති පහසුවයි.....

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.