Showing posts with label ආදරය | Love. Show all posts

Tuesday, March 19, 2013
I've been cheated by you since I don't know when
So I made up my mind, it must come to an end
Look at me now, will I ever learn?
I don't know how but I suddenly lose control
There's a fire within my soul
Just one look and I can hear a bell ring
One more look and I forget everything, o-o-o-oh
කෙදිනක සිට ඔබ මා රැවටූයේ දැයි නොදනිමි
එබැවින් මෙය අවසන් කිරීමට තීරණය කළෙමි
නමුත් මදෙස බලන්න, ඉන් මා යමක් ඉගෙන ගත්තා ද?
මට නොදැනිම මට මා පාලනය කර ගත නොහැක
මා සිත තුල ගින්නකි
එබැවින් එක් වරක් මදෙස බලන්න
තවත් එක් වරක් මදෙස බලතොත් මා සියල්ල අමතක කරමි
Mamma mia, here I go again
My my, how can I resist you?
Mamma mia, does it show again?
My my, just how much I've missed you
Yes, I've been brokenhearted
Blue since the day we parted
Why, why did I ever let you go?
Mamma mia, now I really know,
My my, I could never let you go.
මා නැවත යන්නෙමි
මා කෙලෙසක ඔබ දුරස් කරම්ද?
අහෝ ඔබ නැති පාලුව කෙතරම්දෝකියා පෙනෙනවා ද?
මාගේ හද බිඳී තිබූ බව ඇත්තයි
ඔබෙන් වෙන් වූ දා සිට සිටියේ ද සොවිනි
කිමද මා ඔබට යන්නට ඉඩ දුන්නේ?
නමුත් දැන් මා එය දනිමි
ඒ මට ඔබ දුරස් කළ නොහැකි නිසා
I've been angry and sad about the things that you do
I can't count all the times that I've told you we're through
And when you go, when you slam the door
I think you know that you won't be away too long
You know that I'm not that strong.

ඔබ කරනා දැයෙන් මා දුකෙන් සහ කෝපයෙන් තැවුනෙමි
මා කෙතරම් පැවසුවාද අප'තර කිසිවක් නැති බව
එවිට ඔබ දොර තදින් වසා ගිය විට
ඔබ බොහෝ දුරක් ය'තැයි මා නොසිතූයේ
මා දුර්වල බව ඔබ දන්නා නිසාවෙනි
එනමුදු එක් වරක් මදෙස බලන්න

Mamma mia, even if I say
Bye bye, leave me now or never
Mamma mia, it's a game we play
Bye bye doesn't mean forever
මා නැවත යන්නෙමි
මා කෙලෙසක ඔබ දුරස් කරම්ද?අහෝ ඔබ නැති පාලුව කෙතරම්දෝ
කියා පෙනෙනවා ද?මාගේ හද බිඳී තිබූ බව ඇත්තයි
ඔබෙන් වෙන් වූ දා සිට සිටියේ ද සොවිනි
මා අත හරිනුයි කීවද
කිමද මා ඔබට යන්නට ඉඩ දුන්නේ?
මෙය අප කරනා සෙල්ලමක් වැනිය
යන්නට කීවද එය සැම විට එසේම නොවේ
Mamma mia, here I go again
My my, how can I resist you?
Mamma mia, does it show again?
My my, just how much I've missed you
Yes, I've been brokenhearted
Blue since the day we parted
Why, why did I ever let you go
Mamma mia, now I really know
My my, I could never let you go

මාතෘකා | Labels:
ආදරය | Love,
පරිවර්තන | Translations,
සංගීතය | Music,
සිංහල | Sinhala
Friday, May 11, 2012
අදත් අළුත් ලිපියකින් මම ගෙන එන්නේ තවත් ගීතයක අරුතක්. ඒ බටහිර ඉංග්‍රීසි ගීයක්. 70 දශකයේ ජනප්‍රිය වූ ඇබා සංගීත කණ්ඩායම විසින් ගායනා කරන්නට යෙදුන මේ ගීතය හඳුන්වා ඇත්තේ "Our Last Summer" (ගෙවී ගිය ගිම්හාන කාලය) යනුවෙන්. ශ්‍රී ලාංකික ඇබා ලෝලීන්ට වුවද නිතර අසන්නට නොලැබුණු ගීතයක් ලෙසින් මෙය හැඳින්විය හැක. මෙය 2008 දී තිරගත වූ ඇබා සංගීත සහ ගීත ඛණ්ඩ යොදා නිර්මාණය වූ "Mamma Mia!" චිත්‍රපටයේද අඩංගු වූ මනරම් තනුවකින් හා ලස්සන අදහසකින් යුතු ගීතයක්. එය මෙසේ මා විසින් පරිවර්තනය කොට මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා ඇති. මේ අරුතේ පහළින් පල කර ඇති ගීතයේ වීඩියෝ දසුන් ද රස විඳින්නට අමතක කරන්න කරන්න එපා.
The summer air was soft and warm
The feeling right, the Paris night
Did it's best to please us
And strolling down the Elysee
We had a drink in each cafe
And you
You talked of politics, philosophy and I
Smiled like Mona Lisa
We had our chance
It was a fine and true romance
ගිම්හාන කාලයේදී හමන සුමුදු උණුසුම් සුළඟ පැරීසියේ ගත කළ රාත්‍රියේදී අප බොහෝ හොඳින් පිනවූවා. එලිසීයේ ගමන් ගනිත්දී හැම ආපාන ශාලාවකදි ම අපි බීමක් ගන්න අමතක කළේ නෑ. ඒ අතරේදී ඔබ දේශපලනය, දර්ශනවාදය ගැන කතා කරද්දී මම මොනා ලීසා වගෙ හිනා වුනා. ඊට අපිට අවස්ථාවක් ලැබුනා. එය කදිම පෙම් කතාවක්.
I can still recall our last summer
I still see it all
Walks along the Seine, laughing in the rain
Our last summer
Memories that remain
මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. මාදැල් දිගේ ඇවිදිමින් වැස්සේ හිනැහෙමින් ගත කළ ඒ ගිම්හානයේ මතකයන් තවමත් රැඳී තිබේ.
We made our way along the river
And we sat down in the grass
By the Eiffel tower
I was so happy we had met
It was the age of no regret
Oh yes
අප ගඟ දිගේ ඇවිද ගොස් අයිෆල් කුළුණ අසබඩ තණනිල්ලේ ඉඳන් හිටියා. අප පසුතැවිලි නොවූ ඒ සමයේ අපගේ හමු වීම මට බොහෝ සතුටුදායක කරුණක් වූවා.
Those crazy years, that was the time
Of the flower-power
But underneath we had a fear of flying
Of getting old, a fear of slowly dying
We took the chance
Like we were dancing our last dance
ඒ උමතු වසරවල් අප ආදරෙන් ගත කළ කාලයයි. නමුත් හිත් ඇතුලෙන් අප ඉක්මණින් වයසට යාදෝයි බියක් වාගේම හෙමිහිට මරණයට ලං වේදෝයි බියක් පැවතිණි. අප ඒ ගැන සිතා ඉන් ප්‍රයෝජන ගත්තේ අපි අපේ අවසන් නැටුම නටන්නාක් මෙනි යන සිතුවිල්ලෙනි.
I can still recall our last summer
I still see it all
In the tourist jam, round the Notre Dame
Our last summer
Walking hand in hand
මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. නොටර්ඩෑම් වටා සංචාරකයින්ගේ තදබදය අස්සේ අතින් අත දෙමින් අපි ඒ ගතවූ ගිම්හානයේ දී ඇවිද ගිය හැටි තවමත් මතකයි.
Paris restaurants
Our last summer
Morning croissants
Living for the day, worries far away
Our last summer
We could laugh and play
පැරීසියේ ආපන ශාලා වල උදෑසන ආහාරයට ගත් බනිස් වලින් ඒ දිනය වෙනුවෙන් ජීවත් වූ, දොම්නස් ඉවතලා සිනහවෙන් කෙළිදෙලෙන් ඒ ගතවූ ගිම්හානය සිහිවේ.
And now you're working in a bank
The family man, the football fan
And your name is Harry
How dull it seems
Yet you're the hero of my dreams
බැංකුවක රැකියාව කරන, පවුලට ලැදි, පාපන්දු රසිකයෙක් වූ, හැරී නම් ලද ඔබ නීරස යැයි සිතෙතත් ඔබ තවමත් මගේ වීරයායි.
I can still recall our last summer...
මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. මාදැල් දිගේ ඇවිදිමින් වැස්සේ හිනැහෙමින් ගත කළ ඒ ගිම්හානයේ මතකයන් තවමත් රැඳී තිබේ.
මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. නොටර්ඩෑම් වටා සංචාරකයින්ගේ තදබදය අස්සේ අතින් අත දෙමින් අපි ඒ ගතවූ ගිම්හානයේ දී ඇවිද ගිය හැටි තවමත් මතකයි.
පැරීසියේ ආපන ශාලා වල උදෑසන ආහාරයට ගත් බනිස් වලින් ඒ දිනය වෙනුවෙන් ජීවත් වූ, දොම්නස් ඉවතලා සිනහවෙන් කෙළිදෙලෙන් ඒ ගතවූ ගිම්හානය සිහිවේ.
මාතෘකා | Labels:
ආදරය | Love,
පරිවර්තන | Translations,
සංගීතය | Music,
සිනමා | Cinema,
සිංහල | Sinhala
Sunday, April 22, 2012
ආයෙත් වතාවක් ලස්සන ගීතයක අරුත කියන්න මේ ලිපිය ලියන්නට හිතුවා. මේ ගීතය ඉන්දියානු චිත්‍රපටයක පැමිණෙන ගීතයක්. චිත්‍රපටය තමයි "ලාක්ශ්යා". ශන්කර් එහෙසාන් ලෝයි විසින් සංගීතය මුසු වුන මේ ගීතය නම් වන්නේ "කිත්නී බාතේන්" යනුවෙන්. එක්තරා තරුණයෙක් යුධ හමුදාවට බැඳිලා මුණ ගැසුණු විටෙකදී ඔහු ඔහුගේ පෙම්වතිය සමග සිතෙන් කරනා කතා බහක් ලෙසිනුයි මේ ගීතය ගලා යන්නේ. ලස්සන අරුතක් තියෙන නිසා මේ ගීතයේ තේරුම පරිවර්තනය කරලා පල කරන්නට සිතුන නිසාවෙන් මේ ආකාරයෙන් පල කෙරෙනවා. අදාල ගීතයේ චිත්‍රපටයේ අඩංගු රූප රාමු මෙන්ම මේ අරුතට අදාල වචන සහිත ගීතයත් ගීතයේ සිංහල අරුතට පහතින් පල කෙරෙනවා. චිත්‍රපටයේ අඩංගු ගීතයේ වචන වල වෙනසක් තිබුනත් පහත අදහස චිත්‍රපටයේ ඇල්බමයේ එන ගීතයට අනුකූලවයි. රස විඳීම ඔබට භාරයි.
කෙතරම් දේවල් මතකයේ සිතුවම් වෙලා තියෙනවද කියා ගන්නට,
ඒවා මම කෙසේ අමතක කරන්න ද? හදවතට කුමක් කියන්න ද?
කෙතරම් දේවල් කියන්නට තිබුනත් ඒත් ඒවා දෙතොල් අගදී නිහඬයි
දවසක ඒවාට සවන් දෙන්න, ඇයි ඒ ගැන අවධානයක් නැත්තේ?
ඇයි මේ කතාව සම්පූර්ණ නොවුනේ?
මේ දුරස් බව ඇති වුනේ කොහොම ද?
දෙදෙනාගේ ම හදවත් වල අසාමාන්‍ය දුකක් සැඟවිලා,
එය අඩු වේදෝ? කාටද කියන්න පුළුවන්?
දෙදෙනා ම වරකදී මේ ජීවිතේ සංධිස්ථානයක් පහු කලා
ඒක මොන වගේ පාළුවක් ද? කාටද කියන්න පුළුවන්?
මේ මොහොත කෙතරම් හුදෙකලා වෙලා ද?
පිටවෙන සුසුමත් එක්ක ම දුමාරයක් මැකිලා යන්නා සේ මේ දුරස් බව ඇති වුනේ කෙසේද?
කෙතරම් දේවල් මතකයේ සිතුවම් වෙලා තියෙනවද කියා ගන්නට,
ඒවා මම කොහොම අමතක කරන්න ද?
අද ඔබ මුණ ගැසුනායින් පසු පෙර දා ගත කළ මොහොත හදවතට සිහි වී
දෙනෙතින් කඳුළු පැන්නේ ඇයි? ඒත් දැන් කුමක් කියන්න ද?
ඔබව ඒ අයුරෙන් දුටුවාම හිතේ බලාපොරොත්තුවක් ඇති වුනා,
ඔබේ ආදරය ලබන්න, ඒත් දැන් කුමක් කරන්න ද?
අප පැමිණියේ කොහේට ද දැන් ?
හදවතේ ගමන් රිය හැරී බලන්නේ මේ දුරස් බව කෙසේ ආවාදෝ කියායි
කෙතරම් දේවල් කියන්නට තිබුනත් ඒත් ඒවා දෙතොල් අගදී නිහඬයි
දවසක ඒවාට සවන් දෙන්න, ඇයි ඒ ගැන අවධානයක් නැත්තේ?
කොයි තරම් දේවල් සිතුවම් වෙලා තියෙනවා ද මතකයේ කියන්න,
ඒවා මම කෙසේ අමතක කරන්නද? හදවතට කුමක් කියන්න ද?
මාතෘකා | Labels:
ආදරය | Love,
චිත්‍රපට | Movies,
පරිවර්තන | Translations,
සංගීතය | Music,
සිංහල | Sinhala
Monday, January 30, 2012
1972 එනම් 70 දශකයේදී ලෝක සංගීත ක්ශේත්‍රයේ අති දැවැන්ත නාමයක් ලොව පුරා පතුරවමින් එකතු වුන ඇබා සංගීත කණ්ඩායමේ ගීතයක් ගැනයි අද මගේ ලිපියෙන් මම පල කරන්නට යන්නේ. අදටත් ජනප්‍රිය බොහෝ ගීත අතුරෙන් මේ පල කිරීමට යන්නේ කාටත් අසන්නට නොලැබුන ඔවුන්ගේ සිත් ඇද ගන්නා සුළු මනහර ගීතයක් සහ එහි මට සිතෙනා අන්දමින් මවිසින් පල කරනා සිංහල තේරුමයි. "Slipping through my fingers" යනුවෙන් නම් වුනු මෙම ගීතය ඇබා සංගීත කණ්ඩායම විසින් නිම කර ඇත්තේ 1981 දී එනම් 80 දශකයේදී ඔවුන් විසින් නිකුත් කරනු ලැබූ "The Visitors" යන ගීත ඇල්බමය වෙනුවෙනි.
මෙම ගීතයේ සඳහන් වෙන්නේ මවක් තම දියණිය වේගෙන් උස් මහත් වීමත්, ඇය පාසල් යෑම නිසා දෙදෙනාටම එකට ගත කරන්නට ලැබෙන කාලය මඳ වීම පිළිබඳ එම මවගේ සිතේ ඇති වෙන කණගාටුව ගැනයි.
Schoolbag in hand, she leaves home in the early morning
Waving goodbye with an absent-minded smile
I watch her go with a surge of that well-known sadness
And I have to sit down for a while
පාසල් බෑගය ද අතින් ගෙන උදෑසනින්ම නිවසින් පිටවෙන ඇය, අත වනන්නේ බොහෝ දෑ මග හැරුණු බව හඟවන සිනාවකිනි. ඇය යන දෙස මා බලා සිටින්නේ, රළ පහරක් සේ පැමිණෙන සුපුරුදු වූ දැඩි කණගාටුවෙනි.
The feeling that I'm losing her forever - And without really entering her world
I'm glad whenever I can share her laughter - That funny little girl
ඇගේ ලෝකයට නොගොස් ඇයව සදහටම අහිමි වන්නා සේ දැනේ. ඒ හුරතල් කෙල්ලගේ සිනහව බෙදා ගන්නටවත් හැකි හැම විටකදිම ලැබීමත් එක්තරා සතුටකි.
Slipping through my fingers all the time - I try to capture every minute
The feeling in it - Slipping through my fingers all the time
මගේ දෑඟිලි වලින් ගිලිහෙන ඒ හැම මොහොතක්ම අල්ලා ගන්නට වෑයම් කරන්නේ, හැම මොහොතෙම මගේ දෑඟිලි වලින් ඇය දුරස් වෙන බව දනිමින්.
Do I really see what's in her mind - Each time I think I'm close to knowing
She keeps on growing - Slipping through my fingers all the time
ඇගේ හිත තුල ඇත්තේ කුමක්දැයි මා දැන ගන්නට ලං වෙතත්, ඇය මගේ දෑඟිලි වලින් නිතරම ගිලිහෙමින් උස් මහත් වෙමින් වැඩේ.
Sleep in our eyes, her and me at the breakfast table - Barely awake, I let precious time go by
Then when she's gone there's that odd melancholy feeling - And a sense of guilt I can't deny
නිදිබර දෑසින් අවදිව ඇයත් මාත් උදෑසන මේසය මතදී ගතවූ කාලය යන්නට ඉඩ දුන්නද, ඇය නිකම යාමෙන් අනතුරුව ඇත්තේ දුක්මුසු ස්වභාවයකුත් මා අතින් වරදක් වූවා දෝ යන හැඟීමකි.
What happened to the wonderful adventures - The places I had planned for us to go
Well, some of that we did but most we didn't - And why I just don't know
මා නුඹ හා යන්නට සැලසුම් කළ ඒ අපූර්ව වූ ගමන් වලට කුමක් සිදුවුනිද? ඉන් කීපයක් පමණක් අප ගියමුත් එවන් අවස්ථා ගිලිහුණ වාරයන් බොහෝ වූයේ කිමදැයි මා නොදනිමි.
Slipping through my fingers all the time...
Sometimes I wish that I could freeze the picture - And save it from the funny tricks of time
Slipping through my fingers...
සමහර වෙලාවට හිතෙනවා දෑතින් ගිලිහෙන ඒ සුන්දර අවස්ථා සිතුවමක් ලෙසින් නොයෙක් උපක්‍රම යොදා ගනිමින් නවතා ගන්නට හැකි වූවා නම් කියා...
පහලින් ඇත්තේ මේ සුන්දර වූ ගීතයේ වීඩියෝ පටයකි. එය ගායනා කරන්නු ලබන්නේ ඒ ඇබා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් විසින්මයි.
මාතෘකා | Labels:
ආදරය | Love,
පරිවර්තන | Translations,
සංගීතය | Music,
සිංහල | Sinhala
Saturday, March 19, 2011
මාතෘකාව දැක්කම නම් හැමෝටම හිතෙන්න පුළුවන් මේ ලිපිය හරිම අසභ්‍ය ගණයේ ලිපියක් වෙන්න ඇති කියලා. මොකද මාතෘකාවෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ වගේ දෙයක් කියලා හිතන නිසාවෙන්. ඇත්තෙන්ම ඒක එක අතකට නිවැරදියි. ඒ වගේම එක අතකින් වැරදියි. මොකද මේ කියන්න යන දෙය අසභ්‍ය දේවල් කරන අය වෙනුවෙන් ලියැවෙන ලිපියක්. මේ ලිපියට අදාළ වෙන මූලාශ්‍ර පහුගිය කාලයේදී නිතර අහන්න දකින්න ලැබුනා ඔයාලට මතක ඇති. විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔස්සේ වගේම අන්තර්ජාල සන්නිවේදන හරහාත් බොහෝමයක් දෙනාට දැක දැන ගන්නට ලැබුණු දෙයක් හැටියටයි මේ ගැන කියන්න තියෙන්නේ. කාර්යබහුලත්වය නිසාම මේ ලිපිය ලියන්නට සිද්ධ වුනේ ඒ ප්‍රවෘත්තිය බෙහෙවින්ම කියවුනු කාලයත් පහු කරලායි. ඒත් එයින් සිද්ධ වුනු හානිය හරි, හොඳකම හරි ගැනයි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ.
ලිපියේ මාතෘකාව දකිද්දී ඔයාලට හිතුන දේ යම් තරමක් නිවැරදියි. මේ මාතෘකාවට අඩංගු වෙන්නේ යම්කිසි බැන වැදීමකදී කියවෙන ආකාරයේ වචන කිහිපයක්. මේ වචන කිහිපය පහුගිය කාලයේදී සමහර නිවෙස් වලින්ම අහන්න ලැබෙන්නත් ඇති. සමහර විට ඔයාලගෙන් කාගෙ හරි ගෙදරකින්ම වෙන්නත් පුළුවන්.
ඇත්තෙන්ම මේ ලිපිය ලියැවෙන්නේ අන්න ඒ බැන වැදීම් වලට ලක් වුනු උදවිය පිළිබඳවයි. මෑතකදී ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනු එක්තරා ප්‍රවෘත්තියක් තමයි අසැබි, ලිංගික දර්ශන සහිත වීඩියෝ පට සහ චායාරූප වලට පෙනී හිටි කාන්තා, පිරිමි දෙපාර්ශවයේම ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කොට පොලීස් භාරයට පැමිණෙන ලෙසට කළ ප්‍රචාරය. මේ හේතුව නිසා සාධාරණය ඉෂ්ඨ වුනු වගේම තවත් අගාධයට ඇද වැටුණු බොහෝමයක් ඒ ඡායාරූප අතරේ ඉන්නට ඇති. මන්දයත් ඒ සියළුම පුද්ගලයන් මෙරට පුරවැසියන් වීමත් ඒවා රට පුරාම ප්‍රචාරය කිරීමෙන් ඔවුනොවුන්ට සිදු වන අපකීර්තිමත් වළාවෙන් ඈත් වන්නට කිසිසේත්ම ඉඩ ප්‍රස්ථාවක් මින් මතුවටත් නොලැබීම නිසා.
මේ වීඩියෝ පට වගේම ඡායාරූපයන් කැමරාගත කරන්නට හේතු වන කාරණා කීපයක්ම සඳහන් කරන්නට පුළුවනි. එක් කාරණාවක් මාගේ කලින් ලිපියකිනුත් සඳහන් කරන්නට යෙදුනා. ඒ තමයි අන්තර්ජාලය හරහා ස්කයිප් වැනි මෘදුකාංග ඔස්සේ සිදු වෙන වීඩියෝ ඇමතුම් මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන, වීඩියෝ පට ආශ්‍රිත ඡායාරූප මෙන්ම එකිනෙකා හුවමාරු කර ගන්නා අතිශය පෞද්ගලික ඡායාරූපයන්.
එම ලිපියෙන් නොකියවුණු කරුණු කාරණා බොහෝමයක් ගැනත් මෙතනදී මතක් කරන්නට පුළුවන්. එක් දෙයක් තමයි පෙම්වතුන් දෙදෙනෙකු හෝ ලිංගික වෘත්තිකයන් සමග හෝ ලිංගිකව හැසිරෙන අවස්ථාවන් වලදී ජංගම දුරකතන මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන, එම ලිංගික කාර්යයට සම්බන්ධ දෙපිරිසගේම කැමැත්ත පරිදි හෝ එක අයෙකුගේ පුද්ගලික කැමැත්ත මත හෝ, ද්වේශ සහගත පළිගැනීමක් නිසාවෙන් හෝ අන්තර්ජාලයට මුදා හැරීම වගේම සංයුක්ත තැටි මගින් සමාජය පුරා බෙදා හැරීම වගේ දේවල්. නමුත් සමහර අවස්ථාවන් වලදී එවන් අවස්ථාවන් වලදී ලබා ගන්නා ජංගම දුරකතන වීඩියෝ පට හෝ ඡායාරූප, තමාගේ නොදැනුවත්කමින් හෝ අනුදැනුමකින් තොරව වෙනත් පුද්ගලයන් වෙත සංසරණය වීම සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට හෝටල් කාමරයක මධුසමය ගත කරනා යුවලක් ජංගම දුරකතනයකින් ලබා ගන්නා ඡායාරූප, ඒ යුවලගේ අනුදැනුමකින් තොරව, ජංගම දුරකතනය පිළිබඳව අවධානය යොමුව නැති විටකදී හෝටල් කාමරය පිරිසිදු කිරීමට පැමිණෙනා පුද්ගලයින් අතට පත් වීම වගේ කරුණු. ඒ වගේම සහකරුවාගේ හෝ සහකාරියගේ දැනීමකින් තොරව හොර රහසේ ලබා ගන්නා වීඩියෝ දර්ශන පවා මේ කාරණාවට සම්බන්ධ වීම.
මේ වගේ ඕනෑම අවස්ථාවකදී සිදු වෙන්නේ අදාල පුද්ගලයන්ගේ තත්ත්වය සහ පැවැත්ම සම්පූර්ණයෙන්ම වතුරේ ගසා ගෙන යාමක් හා සමාන දෙයක්. මෑතකදී පල වුණු ප්‍රවෘත්ති ඔස්සේත්, ජනමාධ්‍ය ඔස්සේත් හෙළි කළ, ඒ ආකාරයෙන් පැතිරී ගොස් තිබුණු අසභ්‍ය වීඩියෝ පට වල පෙනී සිටි සමහර දෙනාගේ ප්‍රකාශයන් වල තිබුනේ ඒවා තමන් නොදැනුවත්ව ලබා ගත් දේවල් ලෙසටයි. කෙනෙකු බිය වද්දවා, කළ රූපගත කිරීම් පිළිබඳවත් අදටත් ප්‍රවෘත්ති විකාශයන්ගෙන් අසන්නට ලැබෙන දෙයක්. නොදැනුවත්කම නිසාවෙන් හෝ සිද්ධ වෙන අසම්මත ලිංගික හැසිරීම්, නානාප්‍රකාරයේ කණ්ඩායම්, ගණිකාවන් සපයන්නන් විසින් හොර රහසේ ඡායාරූපගත කරලා ඒ ඡායාරූප අදාල තරුණියට හෝ තරුණයාට පෙන්වා බිය වදා ඔවුන් සදාකාලික ලිංගික සේවකයන් බවට පරිවර්තනය කළ බවට පුවත් වල සඳහන් වුණු අවස්ථා ඔයාලටත් අහන්නට ලැබිලා ඇති.
දෙමාපියන් අමාරුවන් හරි හම්බ කල දේවල් උපකාරක පංති වලට යට කරලා ඒ පංති වලටත් නොගිහින් පෙම්වතුන් පෙම්වතියන් එක්ක හිතේ පදමට සැරිසරලා අන්තිමේදී තමන්ගේම කිට්ටුවන්තයින්ගේ ගොදුරු බවට පත් වෙලා මේ වගේ දේවල් වලට පැටලීමම එක්තරා පැතිකඩකින් ඒ අය ලබන දඬුවම විදියටත් අර්ථකතනය කරන්න පුළුවනි. මේ වගේ දෙවල් වලට ගොදුරු වෙන්න කලින්ම මේ ගැන හිතලා වැඩ කිරීම, මට, ඔයලාට වගේම මේ මුළු සමාජයේම ජීවත් වෙන හැම දෙනාටම හැම අතින්ම වාසිදායක වේවි. ඒ නිසාවෙන් වල්මත් බවෙන් දුරස් වෙන්න පුරුදු පුහුණු වීමයි වඩාත් යෝග්‍ය වෙන්නේ.

මානව චර්යා | Human Behaviours,
සමාජීය | Social,
සිංහල | Sinhala
Tuesday, March 15, 2011
Skype කියන්නේ අපි කවුරුත් දන්න හඳුනන පරිගණක මෘදුකාංගයක්. අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝමයක් දෙනා එකිනෙකා සමග කතා බහ කරන්නට යොදා ගන්න හොඳම මෘදුකාංගයක් විදියටත් මේ මෘදුකාංගය ගැන කියන්න පුළුවන්. මේ වගේ දෙයක් පාවිච්චි කර ගැනීමෙන් වියදමත් අඩු කර ගන්නට පුළුවන්. ඒ දෙරටක ඉන්නා දෙදෙනෙකු අතරේ හොඳ වාචික වගේම රූපමය සම්බන්ධතාවකුත් පවත්වා ගන්නට හැකියාවක් වියදමකින් තොරවම වාගේ ලැබීම. දෙරටක නොවුණත් ලඟපාත ඕනෑම දෙපිරිසක් අතරේත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්, හොඳ සන්නිවේදන ක්‍රමයක් වෙලා තියෙනවා. ඒ, තාක්ෂණයට පිං සිද්ධ වෙන්නයි.
මේ ලිපියේ අන්තරගතයට Skype මෘදුකාංගයේ ප්‍රයෝජන ගැන නම් නෙවෙයි සඳහන් වෙන්නේ. මේක එක්තරා අත්දැකීමක්. ඒ මගේ යහළුවෙකුගේ නැගණියක් සම්බන්ධවයි. මගේම අත්දැකීමක් නොවුනාට යම්තාක් දුරකට මටත් මේ අත්දැකීමට මුහුණ දෙන්නට සිද්ධ වුනු නිසාවෙන් මේ ගැන ලිපියකින් පළ කරන්නට හිතුවා. ඊට අදාල පුද්ගලයන්ගේ නම් ගම් ප්‍රකාශ කිරීම සුදුසු නෑ කියලායි මම හිතන්නේ.
අද කාලයේ Skype තියෙන බොහෝමයක් දෙනාට මුහුණු පොතකුත් තියෙනවනේ. ඉතින් ඔය මුහුණු පොත හරහා සිද්ධ වෙන දේවල් ගැනත් මින් පෙර ලිපි කිහිපයකම කියවිලත් තිබුණා. ඒත් මේ Skype මෘදුකාංගය හරහා සිද්ධ වෙන දේවල් මුහුණු පොතින් සිද්ධ වෙන්න පුළුවන් බලපෑමටත් වඩා දරුණු දේවල්. බොහෝමයක්ම සිද්ධ වෙන්නේ පෙම්වතුන් අතරේ වීමත් මේ බලපෑම වැඩි වෙන්නට තවත් හේතුවක්.
Skype මෘදුකාංගයකින් හඬ වශයෙන් ලබා ගන්නට පුළුවන් දුරකථන ඇමතුමක් හැරුනාම වීඩියෝ මාර්ගයෙන්ද ඇමතුමේ දෙකෙළවරේ සම්බන්ධ පුද්ගලයන් හා සම්බන්ධ වෙන්නටත් හැකියාවක් ලබා දීලා තියෙනවා. ඒ වීඩියෝ, වෙබ් කැමරාවක් ආධාර කරගෙන. Skype පාවිච්චි කරන උදවිය නම් මේ දේ ගැන හුඟක්ම දන්නවා. මෙන්න මේ වීඩියෝ ඇමතුම් ආශ්‍රිතවයි අර මුලින් සඳහන් කළ බලපෑම වැඩි දේවල් කරන්නට සමහරු පෙළඹෙන්නේ. එහෙමත් නැතිනම් කාගේ හරි පෙළඹවීමක් වෙන්නත් පුළුවනි. ඒ තමයි එකිනෙකා නිරුවතින් හරි, අඩ නිරුවතින් හරි කැමරාවක් ඉදිරියේ අනිත් පුද්ගලයා හට දැක ගැනීමට පෙනී සිටීම. මේ දේ බොහෝ විට සිද්ධ වෙන්නේ ආදරය කරන ගැහැණු සහ පිරිමි ළමුන් අතරේයි.
කලින් ලිපියේ වගේම මේ ලිපියේත් මතක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි තම පෙම්වතා සමග ලිංගිකව එකතු වීම වරදක් කියා නොසිතනා තරමටම කාන්තාවන්ගේ මානසික තත්ත්වය පහළ වැටී තිබීම. ඒ වගේම කාන්තාවකගෙන් අනිසි ආශාවන් ඉෂ්ඨ කර ගැනීමට පිරිමින්ගේ හිත් දූෂණය වී තිබීම. සාමාන්‍යයෙන් තමන්ගේ පෙම්වතාගේ කැමැත්ත පරිදි කාන්තාවකගෙන් අනිසි ඉල්ලීමක් කරනවා නම් ඒ කාන්තාවට ඊට ප්‍රතිරෝධයක් දැක්වීමට හැකියාවක් ඇති විය යුතුයි. එවැනි ප්‍රතිරෝධයක් නොදක්වන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ ඇය ඕනෑම දෙයක් තම පෙම්වතා වෙනුවෙන් හෝ නාදුනන පුද්ගලයෙක් වෙනුවෙන් කරන්නට සූදානම් බවයි.
මේ දෙයි බරපතලකම තවත් වැඩි වන්නේ ඒ දෙය අන්තර්ජාලය හරහා Skype වැනි මෘදුකාංගයක් හරහා සිද්ධ වීමේදීයි. Skype මෘදුකාංගයෙන් සපයා තියෙන තවත් අංගයක් තමයි එවැනි වීඩියෝ ඇමතුමක යෙදී සිටිද්දී ඕනෑම මොහොතකදී ඒ ඒ පුද්ගලයාගේ තිරයේ පෙන්නුම් කරන වීඩියෝ දර්ශනයේ නිශ්චල ඡායාරූපයක් ඕනෑම අවස්ථාවක ලබා ගැනීමට හැකියාව තිබීමයි. මේ දේ හේතු කොට ගෙන ඕනෑම පුද්ගලයෙක් හට අනිත් පුද්ගලයාගේ අසභ්‍ය ඡායාරූපයක් ඕනෑම අවස්ථාවකදී ලබා ගන්නත්, ඒ රූපයේ උපකාරීත්වයෙන් ඕනෑම බිය වැද්දවීමක් හරහා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කර ගැනීමේත් හැකියාවක් තියෙනවා. එසේ නොවුනත් එහිදී මුහුණු සහිතව ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම ම තමන්ගේ පිරිසිදු චරිතය ඝාතනය විය හැකි අවදානම් තත්ත්වයක් වෙනවා.
අන්තර්ජාලය හරහා ලබා ගන්නා මේ වගේ වීඩියෝ ඇමතුමකදී අනෙකාගේ තෘප්තිය වෙනුවෙන් ඇඳුමක් ලිහන්නට පළමුව කිසි අයෙකු මේ ගැන හිතා බලා තියෙනවාද යන්නත් සැකයක්. මන්දයත්, මෑතකදී ජංගම දුරකතන මගින් පවා ලබා ගත්, පෙම්වතුන් අතරේ, ගණිකාවන් සමග සිදුවුනු ලිංගිකව එකතු වීම් සම්බඳ වීඩියෝ පටවල සිටි සැබෑ ජීවිතයේ නළු නිළියන්ගේ රූප, ජනමාධ්‍ය හරහා මුළු ලංකාවටම විවෘත වුනු නිසාවෙන්. අන්තර්ජාලය ඊටත් වඩා ප්‍රභල මාධ්‍යයක් බවත් අමතක කළ යුතු වන්නේ නෑ.
මා පෙර කිව්වාක් මෙන්ම මේ Skype සම්බන්ධ අත්දැකීම සිද්ධ වෙලා තිබුණේ වැඩිදුර ඉගෙනීමට විදේශගතව සිටි මාගේ මිතුරියකටයි. ඇය සම්බන්ධ Skype ඇමතුමේදී ලබා ගත් ඡායාරූප ඇතුලත් විද්‍යුත් ලිපියකට මගේ ඇස් යොමු වුණේ ඇගේ ඉල්ලීම පරිදි ඇගේ විද්‍යුත් තැපැල් ගිණුමෙහි රහස් වචනය නැවත සොයා දෙන ලෙස මගෙන් කළ ඉල්ලීමකදී එය සාර්ථක වීම හේතුවෙන්. කෙනෙක්ට සිතෙන්නට පුළුවන් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි කෙනෙකුගේ ගිණුමට හොරෙන් ඇතුල් වීම වරදක් බවත්, එහි තිබෙන ලිපි කියවීම වරදක් බවත්. නමුත් එහිදී කිව යුතු තවත් බරපතල දෙයක් නම් ඊට සම්බන්ධ පෙම් පලහිලව්ව මීට තෙවසරකට ආසන්න කාලෙකට ඉහතදී බිඳ වැටී තිබීමත්, ඒ පෙම්වතාගෙන් තවමත් ඇයට කරදර, හිරිහැර ජංගම දුරකතන හා Skype ඇමතුම් විදේශයට ලබා දීමෙන් සිදුවීමත් යන කරුණු නිසාවෙන්.
මේ වගේ දූෂිත හැඟීම් අවුස්සන්නට ඕනෑම අයෙකුට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊට වෙනයම් අයෙකු යොමු කර ගන්නටත්, පොළොඹව ගන්නටත්, පෙම් බස් වලින් රවටන්නටත් ඕනෑම කෙනෙකුට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ බව හොඳින් වටහාගෙන මිනිසුන් ලෙස බුද්ධියෙන් යුතුව ජීවත් වීම කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයටත් අත්‍යවශ්‍යයෙන්ම අද තිබිය යුතු දෙයක්. තාක්ෂණයේ දියුණුව යහපත් දේවල් වෙනුවෙන් පාවිච්චි නොකිරීම ම තමන්ගේ වළ තමන් විසින්ම කපා ගැනීමකට හේතුවක් වෙන බව මතක තබා ගත යුතු වැදගත් කාරණාවක්.

අත්දැකීම් | Experiences,
ආදරය | Love,
මානව චර්යා | Human Behaviours,
සමාජීය | Social,
සිංහල | Sinhala
Wednesday, October 20, 2010
මෑත කාලයකදි මට අහන්නට ලැබුණු මගේ හිත ගිය ලස්සනම ගීතයක් ගැනයි මම මේ ලිපියෙන් කියන්නට යන්නේ. tee දුටු ලොවට පසුගිය කිසිම ලිපියකින් ගීත ඇතුලත් නොකෙරුණත් මේ ගීතය ගැන නම් කියන්නමයි හිත යන්නේ. හැබැයි මේ ගීතයේ අයිතිය තියෙන්නේ මට නම් නෙවෙයි. ඒ අයිතිය හිමි වෙන්නේ නව පරපුරේ ගායක යුගලයකට. ඒ අපි කවුරුත් දන්නා භාතිය හා සන්තුශ් දෙපලටයි.
ආදරේ සම්බඳව ලියැවුණු මේ ගීතය අපි අතට එන්නේ ඒ දෙපලගේ අලුත්ම ගීත එකතුවත් එක්කයි. ඒ කියන්නේ 2010 වසරේදී නිකුත් වෙන සරා සිහින ගීත එකතුවත් සමගයි. ගීතයේ නම, "සඳ රෑ". අහපු ක්ෂණයකින්ම මේ ගීතය හිතට කා වැදෙන්නට තරමටම සරල සුගමතාවෙකින් ලියැවිලා තියෙනවා වගේම සංගීත නිර්මාණයත් ඉතාමත්ම සංයමයකින් යුතුව එකතු වෙලා තියෙනවා කියන්නට පුළුවන්.
ගීතය ඇහෙනා ආකාරයට එහි වචන අමුණන්නට ගත් උත්සාහයක් තමයි මම මේ ලිපියත් සමගම පහලින් එකතු කරලා තියෙන්නේ. මට දැනෙනා හැතියට මේ ගීතය අහන්නට හොඳම කාලය රාත්‍රී වෙලාවයි. බොහෝ විට මධ්යම රාත්‍රිය ගෙවුනායින් පසුව වෙන්නට පුළුවන්. ඒ මට දැනුණු හැඟීමක් විතරයි. ඒත් ගීතයේ අඩංගු තේරුමත් එක්ක ගීතය වඩාත් ගැලපෙන්නේ ඒ වගේ අවස්ථාවකට කියලායි කියන්නට පුළුවන්. ඔයාලත් අහල බලලාම තීරණය කරන්න ඒ කරුණ කොයි තරම් සාධාරණද කියලා. මේ තියෙන්නේ මුලින් මා ගත් උත්සාහයයි.
සඳ රෑ මගෙ දෑස මානේ පායා...
දැනුනා ඔය නීල දෑසේ සේයා...
මතකේ ඇත ප්‍රේම හීනේ චායා...
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා...
උතුරා සඳ රේණු පාවී ආවා...
දැනෙනා... හැඟෙනා... විඳිනා...
මේ හීනේ සේයා...
පායලා... මා ලයේ... ආදරේ... ගාවා...
තේරුනා... ආ කහේ... පාවෙනා... සේමා...
ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලං වෙලා... //
සඳ රෑ මගෙ දෑස මානේ පායා...
දැනුනා ඔය නීල දෑසේ සේයා...
මතකේ ඇත ප්‍රේම හීනේ චායා...
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා...
උතුරා සඳ රේනු පාවී ආවා...
දැනෙනා... හැඟෙනා... විඳිනා...
මේ හීනේ සේයා...
මා පැතූ... මා සිතූ... ආදරේ... දීලා...
මට සිහි වෙලා... රෑ පවා... ඈගෙ රූ... චායා...

Sunday, August 15, 2010
තමන් ආදරේ කරන අතරතුරේදී හදිසියේම තමන්ට තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාගෙන් දෝෂාරෝපණයක් එල්ල වුනොත් මොකද කරන්නේ? ඇත්තෙන්ම මේ වගේ සිදුවීම් නම් අනන්ත අප්‍රමාණව සමාජයේ සිද්ධ වෙනවා. කළ වරදක් නිසා හෝ නොකළ වරදක් නිසාවෙන් දෝෂාරෝපණ සිදු වීම නවත්වන්නට බැරි දෙයක්. ආදරය කියලා වෙනසක් නෑ. කොහොමත් සමාජයේදී වැඩ කරන නොකරන බොහෝමයක් දෙනාට දොස් පැවරීම මිනිසුන්, මිනිසුන්ය කියා හඳුනා ගැනීමේ ගති ලක්ෂණයක් බවටම පත් වෙලා.
හිතන්න තමන් ආදරේ කරන පෙම්වතා හෝ පෙම්වතිය තමන් නොසිතූ වෙලාවක තමන් නොකළ වරදකට තමන්ට දොස් පැවරුවාය කියලා. ඒ වගේ වෙලාවකට තමන් කොයි තරම් නම් අසරණ වෙනවාද කියලා ඒ වගේ දෙයක් සිද්ධ වුණු කෙනක්මයි දන්නේ. එක්කෝ කාගේ හෝ කේලමක් නිසා විය හැකියි. එක්කෝ හිතින් මවා ගත් මනස්ගාතයක් නිසාත් වෙන්නට පුළුවනි.
මේ වගේ වෙලාවල් වලදී සමහර විට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ නිදහසට කාරණා අසන්නට තැත් නොකරන්නට පුළුවනි. කොටින්ම, කියනා කිසිම දෙයක් පිළි නොගන්නටත් පුළුවන්. මේ වගේ සිදුවීම් බොහෝ විට සමාජයේත්, අපි අතරේත්, අපේ මිතුරන්ට පවා සිදු වෙලා තියෙන්නට පුළුවනි.
මේ විදියට ආරම්භ වෙන උභතෝකෝටික ගැටළු ආදරය අහිමි වීමෙන්, පෙම්වතුන් වෙන් වීමෙන් කෙලවර වෙන්නත් හැකියාවක් තියෙනවා. මේ වගේ වෙලාවන් වලට පුළුවන් තරමින් ඔහු හෝ ඇය සමග සුහදව කතා බහ කරන්නට මාර්ගය සලසා ගත යුතුයි. සිදුවී ඇත්තේ කුමක්දෝ කියා දැන නොගෙන දෝෂාරෝපණයක් එල්ල වීම තමන්ව නිකරුණේ සැක කිරීමක් හා සමාන දෙයක්. කවුද කැමති තමන් ආදරේ කරන කෙනා තමන්ව සැක කරනවට?
තරහවකින් ආරම්භ වෙන වචන හුවමාරුවක් සුහද කතා බහකට පෙරලා ගන්නට හැකියාවක් ලැබීමම මේ වගේ තත්ත්ව මග හරවා ගන්නට උදව්වක් වේවි. මා දැක තිබෙන බොහෝමයක් අවස්ථාවන් එසේ විසඳුනු ඒවායි. කෝපය සත්‍යය සඟවනවා කියලා කියන්නත් පුළුවනි. ඒකේ කිසි වරදක් නැතැයි සිතනවා. බොහෝ විට නිහඬව අසා සිටීම බොහෝ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයනවා.
නමුත් නැති වරදක් පිළි ගෙන නිහඬතාවයේ පසු වීම නොකළ යුත්තක්. එය කළ යුත්තේ නිසි කාලය ආ විටයි. ඒ කාලය තීරණය කල යුත්තේ ඔහු හෝ ඇය සංසුන්ව සිටිනා මොහොතකදී කියායි මට හැඟෙන්නේ. ඔයාලගේත් මේ වගේ සිදුවීම් වෙලා තියෙනවද?

රහස් වචනයක්, නැතිනම් රහස් සංකේතයක් කියන්නේ කෙනෙක්ට පෞද්ගලිකවම භාවිතා කරන්න තියෙන, වෙනත් කිසිම අයෙකු නොදන්නා, තමන්ටම කියාපු අංකයක් හෝ අකුරු පෙළක්. අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට මෙහෙම දෙයක් තියෙන්නට පුළුවනි. කොටින්ම විද්‍යුත් තැපෑල පරිහරණය කරන්නෙකුගේ ඉඳන් මුහුණු පොතේ කල් යවන උදවිය දක්වාම රහස්‍ය වචන භාවිතා කරනවා ආරක්ෂාව උදෙසා. ආරක්ෂාව විතරක්ම නෙවෙයි මේ වගේ දෙයක පරමාර්ථය. තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමත් මෙහෙම රහස් වචනයක් භාවිතා කරන්නට හේතු මූලයක් වෙනවා.
ආදරේ ගත්තොත් දෙදෙනෙකු අතරේ ඇති වෙන අන්‍යෝන්‍ය බැඳීමක්. ඒක හිත් වල බැඳීමකුයි මුල්ම අවධිය ගත්තොත්. ඒ කියන්නේ ආදරයේ මුල්ම අවධියේදී නම් හිත් වල බැඳීමක්. විවාහය දක්වා යනවා නම් ඊට වඩා තවත් බැඳීම් ඇති වෙනවා.
ආදරය කරද්දී දෙදෙනෙකු අතර ඇති වන විශ්වාසය ප්‍රධාන තැනක් ගන්නවා. ආදරයක් පවතින්නේ විශ්වාසය මත කීවොත් වඩාත් නිවැරදියි. එකිනෙකා ගැන අවිශ්වාස සහගත සිතුවිලි මතු වෙනවා නම් එතන ආදරයකටත් වඩා ඇති වෙන්නේ දුකක් වගේම තරහවක්. මේවා දුර දිග යාමෙන් සිද්ධ වෙන්නේ ආදරය කටු ගා දමන්නටයි.
ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දී අපි පාවිච්චි කරන විද්‍යුත් තැපෑල හෝ මුහුණු පොත වගේ සමාජ වෙබ් අඩවි වලට ඇතුල් වීමට යොදා ගන්නා රහස් වචනය තමන්ගේ පෞද්ගලිකත්වයට වගේම සියළු රහස් ගැබ් වුණු පරිසරයකට දොරගුළු විවෘත කරනවා.
සාමාන්‍යයෙන් ආදරය කරන අය අතරේ ඇති විශ්වාසනීයත්වය නිසාම එකිනෙකාගේ මෙවැනි රහස් වචන දෙදෙනා අතරේ හුවමාරු කර ගැනීම එකිනෙකා පිළිබඳ තියෙන විශ්වාසය තහවුරු කර ගැනීමක්. සමහරු නම් මේ දේට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ අකමැති අය ගැන කිව හැකි දේ බොහෝමයි.
තමගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තම සහකාරිය හෝ හසකරුවා දැන ගන්නවාට ඇති අකමැත්ත නිසාවෙන් විය හැකියි එක හේතුවක් වශයෙන් රහස් වචනයක් ඔහුට හෝ ඇයට නොදී සිටීම. තවත් දෙයක් තමයි ඇයට හෝ ඔහුට තමන්ව විශ්වාස නම් රහස් වචනයක් දැන ගෙන සෙවීමට සැක සහිත දෙයක් තිබිය නොහැකිය යන මතයේ සිටීම. එහෙමත් නැති නම් විශ්වාසය උඩ තමන්, ඔහුට හෝ ඇයට හොර රහසේ කරනා වැරද්දක් නොතිබීම නිසා එය ඔහුට හෝ ඇයට දීමට වැඩි උනන්දුවක් නොතිබීම.
ඔන්න ඔය වගේ කරුණු කාරනා නිසාවෙන් ආදරය කරන දෙපාර්ශවයන් අතරේ ගැටළු සහගත තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. කෙනෙක් හිතාවි ඔහු හෝ ඇය තමන්ගේ රහස් වචනය නොදැන්වීමට තරම් තමන්ව ඔහුට හෝ ඇයට විශ්වාස නැති වීම හෝ තමාට හොරෙන් ගත කරන රහස්‍ය ජීවිතයක් ඇතියැයි සිතීම. මේ වගේ සිදුවීම් ඇති තරම් සමාජයේ දකින්නට තියෙනවා විතරක් නෙවෙයි රහස් වචනයක් නිසා දෙකඩ වුණු පෙම්වතුන් පවා සිටිනවා.
ඇත්තෙන්ම රහස් වචනයක් පෙම්වතුන් අතරේ හුවමාරු කර ගැනීමෙන් එකිනෙකා අතර තියෙන විශ්වාසය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ගැන සැකයක් සිතීමට ඇති ඉඩ කඩ ඇහිරෙනවා. නමුත් රහස් වචනයක් හුවමාරු කර නොගත් පමණට ආදරයක් අහිමි වන්නට ඉඩ නොදිය යුත්තේත් තමන්ගේ සහකරු හෝ සහකාරියව විශ්වාස කළ යුතු නිසායි.
අන්තර්ජාලය කියන්නේ හොඳ නරක දෙකම ජීවත් වෙන නිවාස සංකීර්ණයක්. ආශ්‍රය කරන්නට ලැබෙන්නේ හොඳ, නරක දෙකින් කුමක්දෝ කියා තේරුම් ගැනීමටත් අපහසු පුද්ගලයන් ජීවත් වෙන නිවාස සංකීර්ණයක් වගෙයි. ඔන්න ඔය හේතුව නිසා අපි නොදැනුවත්වම අපේ පෙම්වතියගෙන් හෝ පෙම්වතාගෙන් දුරස් වන්නටත් ඉඩ කඩ වැඩියි. සමාජ වෙබ් අඩවි මීට හොඳ උදාහරණ තවමත් සපයනවා.
හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අන්තර්ජාලයේ විද්‍යුත් තැපෑල සේවයක් හෝ මුහුණු පොත වැනි සමාජ වෙබ් අඩවි නිසා හෝ ඒවායේ රහස්‍ය වචනයක් හෝ කේතයක් හේතු කර ගෙන තමන්ගේ ආදරය කවදාවත්ම බිලි දෙන්නට හිතන්නවත් එපා. මොකද විශ්වාසය නැති තැන ආදරයකුත් නැති නිසා. ආදරයත් විශ්වසයත් නැති තැන ඔය වෙබ් අඩවි වල වැදගත් කමකුත් නැති නිසා.

Saturday, August 14, 2010
ඔයාලා හැමෝම ආදර කතා කියවලා ඇති, බලලා ඇති. ඒත් මේ වගේ ආදර කතාවක් කවදාවත් බලලා තියෙනවද කියලා සැකයකුත් ඇති වෙනවා. මේ ලිපියෙන් කියන්නට යන්නේ ඒ වගේ අමුතුම ගණයේ චිත්‍රපටයක් ගැන. මට මේක නරඹන්න ලැබුණේ 2008 වසරේදී. හැබැයි මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2002 වසරේදී.
කොහොමින් කොහොම හරි මේ කතාවේ කියවෙන්නේ ආදරය ගැන. හැබැයි අවසානය කඳුලින් ඉවර වෙන ආදරයක්. මේ චිත්‍රපටය ගැන කියනවා නම් කිව යුතු වැදගත්ම දේ නම් කිසිම ලිංගික දර්ශනයක් ඇතුලත්ව නෑ, සිප ගැනීම් දර්ශන කීපයක් හැරුණු විට. ලිංගිකත්වයෙන් ඉවර වෙන ආදර කතාවක් සිනමාවට නංවනවාට වඩා මම මේ නිර්මාණය බෙහෙවින් අගය කරනවා. ඇත්තෙන්ම බැලූ හැම දෙනාම මේ කතාව අමතක කරන එකක් නෑ.
කතාවේ නම "A Walk to Remember". මගේ වචනයෙන් කියනවා නම් මතකයේ රැඳුණු ආදරයක් කීවොත් යම්තාක් දුරකට නිවැරදි වේවි. මේ කතාව ගෙතෙන්නේ එක්තරා විද්‍යාලයක කෙළිලොල් තරුණ පිරිමි ළමයෙකු හා කිසි කෙනෙකුගේ වැඩි අවධානයක් නොලත්, නිතර සමච්චලයට ලක් වෙන ගැහැණු ළමයෙකුත් වටා. ඒ කොහොමද කියලා මේ චිත්‍රපටය හොයා ගෙනම බැලිය යුත්තක්.
චිත්‍රපටය ආරම්භයේ ඉඳන්ම දකින්නට ලැබෙන්නේ මේ පිරිමි ළමයාගේ හිතුවක්කාර කෙළිලොල් ජීවිතයේ ක්‍රියාකාරකම් කීපයක්. නමුත් පාසලේ පැවැත්වෙන එක්තරා නාට්‍යයක පුහුණුවීම් අතරේදී තමයි ඔහුට අර ගැහැණු ළමයාට වඩාත් කිට්ටු වෙන්නට ඉඩ කඩක් ලැබෙන්නේ. ඇගේ පියා පල්ලියක පියතුමෙකු වන අතර මව ජීවතුන් අතර නැති, අහිංසක දියණියක්. ඒ නිසා පියාගේ අනු දැනුම ඇතිවයි බොහෝ දේවල් කරන්නේ.
කොහොම හරි අර මුලින් කියපු නාට්‍යයේ පුහුණු වීම් කටයුතු වලට උදව් ගන්නට අර පිරිමි ළමයා මේ ගැහැණු ළමයාගේ නිවසට පැමිණියත්, පසුව ඔහුගේ මිතුරන් සිදු කරන සමච්චලයක් නිසා එයත් ඔහුට අහිමි වෙනවා. කොහොමින් කොහොම හරි නාට්‍ය දිනයේදී මේ දෙදෙනාගේ ජවනිකාවෙදි මේ දෙපළගේ හිත් වල බැඳීමක් ඇති වෙනවා. එදායින් පසුව මේ කෙළිලොල් තරුණයා අර තරුණියත් සමග ආදරයක් පටන් ගත්තත් ඔහුගේ මිතුරන්ගෙන් ඊට ගැරහීම් වගේම අපහාසත් ලැබෙනවා. ඒ කොහොමද කියලා චිත්‍රපටයෙන්ම දැක ගන්නට වේවි.
මෙහෙම පටන් ගත්තු ආදරයේ අඳුරු පැත්තකුත් තියෙනවා. ඒ බව මේ තරුණයාට දැන ගන්නට ලැබෙන්නේ ඇයගෙන්මයි. ඒ ඇයට ලේ පිළිකාවක් හෙවත් ලියුකේමියා රෝගී තත්ත්වය පැවතෙන බවයි. මෙය ඇසූ සැනින් ඔහුට එය පිළිගත නොහැකි වුවත් ඔහු එය සුව කිරීමට උදව් සොයා යන අන්දම කාගේත් ඇස් වලට කඳුළු ගෙන දෙන්නක්.
ඉතින් මොන ලෙඩේ කොහොම තිබුණත් මේ තරුණයා ඇයව තනි නොකර තවත් ආදරෙන් ඇය ලඟටම වෙලා රැක බලා ගන්නේ අර පියතුමා, නැතිනම් ඇගේ පියාගේත් අවසරය ඇතිවයි. ආදරය වෙනුවෙන්, තමන්ගේ සහකාරියගේ සතුට වෙනුවෙන්, ඇගේ බලාපොරොත්තු සහ ආශාවන් ඉශ්ඨ කරනා ආකාරය මේ චිත්‍රපතයෙන් මැනවින් පිළිබිඹු වෙනවා. ඒ කොහොමද කියලා මම සඳහන් කරන්නේ නෑ.
අවසානයේදී, ඇගේ මරණයට මාස කීපයකට උඩදී ඇයත් ඔහුත් විවාහ වෙන්නේ ඇගේ තවත් බලාපොරොත්තුවක් හා සිහිනයක් මල් පල ගන්වමින්.
ඉතින් මේ ආදර කතාව මම ඔයාලා හැමෝටම සොයා ගෙන බලන්නය කියලා යෝජනා කරන චිත්‍රපටයක්. මොකද හරිම සංවේගී දර්ශන රාශියක් තියෙන නිර්මාණයක්. ඕනෑම සංවේදී පුද්ගලයෙකුට මෙය නරඹද්දී ඇස් වලට කඳුලු පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ කොහොමද යන්න නරඹලාම දැන ගත යුත්තක්.

Friday, August 13, 2010
මේ ඉදිරිපත් කරන්න යන්නේ ඔයාලට පොඩි යෝජනාවක්. හැමෝටම අදාල කර ගන්න නම් අමාරු වෙයි. මොකද ඉතින් මාතෘකාවේ කියල තියෙන හැටියට නම් යම් කොට්ටාශයකට විතරක් අදාල කර ගන්න පුළුවන් යෝජනාවක්.
වැල් වටාරම් නැතුව කියනවා නම් ඉතින් ආදරේ කරන, බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝටමයි මේ පුංචි යෝජනාව. ආදරේ කියන්නේ හැමෝම ලබන්න කැමති කරන්න කැමති වටිනා කියන දෙයක් නේ. ඉතින් මේ දේට යෙදිලා ඉන්න අයම තමයි ඒකේ රසය වගේම රඟේ දන්නෙත්. ඒ වගේමයි සිතුවිලිත් බොහෝමයක් ඇති වෙන මාතෘකාවක් තමයි ආදරය කියන්නේ.
ඉතින් මේ ආරාධනාව එහෙම අයටයි. නරකද ඔයාලා අතරේ ඉන්න එහෙම අය ආදරේ ගැන වෙන් වුණු කවි බ්ලොගයක් පටන් ගත්තොත්. ඇත්තෙන්ම සිංහල භාශාවෙන් බ්ලොග් කරන ඔයාලට අලුත් මග පෙන්වීමකුයි මේ කරන්නේ. තවත් කලා අංශයකට යොමු වෙනවා නම් ඒකෙන් හොඳක් සිද්ධ වෙන්නේ තමන්ට වගේම බ්ලොග්කරණයට නේ.
ඉතින් පොඩි උදාහරණයක් තමයි මම මේ ලිපියෙන් ඔයාලට දුන්නේ. තමන්ගේ ආදර කතාව දැනට පවතින හෝ, නැති වුන හෝ, ඉදිරියට කරන්නට සිතා ගෙන ඉන්න හෝ ආදර කතාවක් වෙන්නට පුළුවන්. ඒ දේ අලලා කවි එකතුවක් ඔයාලාට බ්ලොගයක් හරහාම එළි දක්වන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. අද කාලයේ ආදර කතාවල් නව කතා වශයෙන් පොත් වලින් ඇති තරම් මිල දී ගන්නත් තියෙනවා. ඒත් කතාවක් විදියට ලියැවෙන කවි පෙළක් කියවන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්.
මමත් මේ වගේම කවි බ්ලොගයක් හරහා උත්සාහයක් ගත්තා. ඒ "නිශා පෙම් හසරැල්" කියන කවි එකතුව. ආදරයක් සම්බන්ධයෙන් ලියැවෙන කවි එකතුවක්. හැබැයි එකිනෙක සම්බන්ධතාවයක් තියෙනවා. මගේ මේ බ්ලොග හරහා ඔයාලට ඒකත් බලන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔන්න මුදල් නොගෙවා ප්‍රචාරය කරපු දැන්වීමකුත් මම පල කරා මගේ කවි බ්ලොගය ගැන.
ආදරය විතරක් නෙවෙයි, ඕනෙම මාතෘකාවක් යොදා ගෙන කතාවක් විදියට ලියන්නට පුළුවන් නම් කියවන කෙනෙකුටත් ආසාවෙන් කියවන්නට හිතේවි. මොකද අද සමාජයේ වැඩි දෙනා කවි කියවන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසා.
උත්සාහයක් දීලා බලන්න. වරදින එකක් නෑ. තමන්ගේ සිතුවිලි කවි හෝ නිසදැස් විදියට එළි දක්වන්න. ඒකෙන් ඔයාලා තුල තියෙන, ඔයාලා නොදැකපු, අඳුන ගන්නට බැරි වුනු තවත් දක්ෂතාවක් ඔප් නැංවේවි.

බ්ලොග | Blogs,
සිංහල | Sinhala
Friday, July 9, 2010
මේ ලිපිය ලියන්නේ සමහර අය කරන කියන දෙයක් තමයි. සමහරුන්ට නම් මේ වගේ දේවල් ලොකු හපන් කම් විදියට සලකන්නත් පුළුවන්. ඒත් ඉතින් මේ දේවල් නිසා අසරණ වෙන වගේම රැවටීමට පත් වෙන කොට්ඨාශයකුත් ඉන්නවා.
මාතෘකාවෙ හැටියට නම් ඉතින් කියන්න යන්නෙ අසම්මත සම්බන්ධතාවක් ගැන තමයි. මේකත් මම ආශ්‍රය කරන අයගෙන් මම ලබපු අහල තියෙන අත්දැකීමක් මිසක් මගේම අත්දැකීමක් නම් නෙවෙයි. මොකද ඉතින් මට ඔය වගේ දේවල් කරලා චරිතයේ කැළලක් ඇති කර ගන්න ඕනෙ නැති නිසා.
මේක කියවන බොහෝමයක් දෙනාගෙන් පිරිමි පාර්ශවයේ අයට පෙම්වතියන් ඇති. එයිනුත් පිරිසක් තමන්ගේ පෙම්වතියට ලොකු ආදරයක් දක්වනවා වගේම රැකවරණයකුත් සලසනවා යම් විදියකට. ඒ විතරක්ම නෙවෙයි හිතකින්වත් වරදක්කරන්න හිතන්නෙ නැති වෙන්නත් පුළුවන්. මම මේ කිව්වේ, වෙන කාන්තාවන් පස්සේ නොයන දෙයක් ගැන.
ඒත් ඉතින් පෙම්වතියො ඉන්න තවත් පිරිසක් ඉන්නවා තමන්ගේ පෙම්වතියගෙන් හැම දේම බලාපොරොත්තු වෙන්න බැරි. බලාපොරොත්තු වුණත් ඒවා ඒ විදියටම නොලැබීම නිසා හරි, පොඩ්ඩක්වත් නොලැබී යාම නිසා ම හරි, ඉල්ලන්නත් බැරි නිසා හෝ වෙන්න පුළුවන්. ඒ අය ඉතින් වැරදි මාර්ග වලින් සතුට ලබන්න පෙළඹෙන උදවිය බොහෝමයක් වෙලාවට. ඔය හේතුව නිසා තමන්ගේ ඇඟේ පතේ හිරි ඇර ගැනිමට හරි, ආශාවන් ඉශ්ට කර ගන්නය කියලා වෙනත් කාන්තාවො පස්සේ යාම අනිවාර්යෙන්ම මේ සමාජයේ සිද්ධ වෙන දෙයක්. ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට වලින් දකින් හැම දෙයක් ම වගේ සැබෑ ජීවිතේදිත් සිද්ධ වෙන බව දැන ගන්න ඕනෙ.
මම මේ ලිපියෙන් කියන්නේ තමන්ගේම පෙම්වතියක් ඉද්දී වෙනත් කෙනෙකුට ආදරය කිරීමවත්, වෙන අයෙක් එක්ක ආදර සම්බන්ධතාවක් පවත්වා ගෙන යාම ම නෙවෙයි. ඒකත් අදාල කර ගන්න පුළුවන්. ඒත් මේක හුදෙක්ම ලිංගික අවශ්‍යතා සහ ආශාවන් ඉශ්ට කර ගැනීමේ අරමුණින් කාන්තාවන් එක්ක එකතු වෙන කොට්ඨාසයක් ගැනයි. කොටින්ම ගණිකාවන් මුණ ගැහෙන එක හරි, නොමිලේ ඒ වගේ අවශ්‍යතා සපුරන කාන්තාවන් පවා අද කාලෙදි නම් මුහුණු පොතිනුත් හොයා ගන්න පුළුවන් නේ.
ඔය වගේ සිද්ධියක් මට මේ ලඟකදීත් අහන්න ලැබුණා. ඉතින් ඒ කෙනා ආදරේ කරන කෙල්ල ඉතින් ලොකු රැවටීමකට පත්වෙන අවස්ථාවක් ඉතින් ඇස් පනා පිටම තියෙනවා. කවදා හරි විවාහ වුණත් කොල්ලන්ගේ ආශාවන් සපුරා ගැනීමේ තරගයෙන් කොල්ලන් ඈත් නොවේවි කියලා හිතන්න අමාරුයි මේ වගේ දේවල් දකිද්දී.
කෙනෙක්ට තමන්ගේ පෙම්වතියගෙන් නැවතිලා ඉතිරි හැම දෙයක්ම එයාගෙන්ම බලාපොරොත්තු වෙන්න බැරි තරමටම පිරිමි සමාජය පිරිහිලා තියෙන්නේ ඇයිද කියලා වෙලාවකට කලකිරීමකුත් ඇති වෙනවා. ඇයි මනුස්සයෙක්ට සාධාරණ වෙන්න බැරි? ඇයි මනුස්සයෙක්ට හොර බොරු වංචාවකින් තොරව ජීවත් වෙන්න බැරි? ඕවා නොකරන පිරිමි නපුංසක ගණයෙද? ඇත්තෙන්ම වැරදි නොකරන හෝ, ආශාවන් අත් හදා නොබලන පිරිමි, පිරිමි නෙවෙයිද? ඔය මම වගේ කෙනෙක් අහන ප්‍රශ්න ටිකක්. මේක කොල්ලන්ට විතරක් ම අදාල කර ගන්නත් බෑ. මේක කෙල්ලන්ටත් අදාලයි. ඒත් කොල්ලන්ට කෙල්ලන්ට වඩා නිදහසකුත්, පරිස්සම් කර ගන්න නම්බුවකුත් නැති නිසා ලං කර ගන්න අවදානමත් වැඩියි.
කොල්ලො තෝර ගන්න කෙල්ලන්ටත්, කෙල්ලන්ට ආදරේ කරන, නොකරන කොල්ලන්ටත් හිතන්න දෙයක් ඔන්න. ඇයි අපි ජීවිතේ නාස්ති කර ගෙන ජීවත් වෙන්නේ?

Monday, July 5, 2010
මම මගේ ජීවිතයේ අකමැතිම දේවල් ගොඩාක් තියෙනවා. මේ දේට ඔයාලත් අකමැති ඇති. එක අතකට මේක නිසා මම පුද්ගලිකවම දුක් වුණ අවස්ථාවන් වගේම තරහ ගිය අවස්ථාවලුත් තියෙනවා.
මම මේ කියන්න යන දේ දුරකථන සම්බන්ධ දෙයක්? ඔයාලට හිතා ගන්න පුළුවන්ද එහෙම කීවම? හ්ම්ම්... මෙන්න මේකයි ඒ මම අකමැතිම දේ දුරකථන සම්බන්ධව. දුරකථනයක් ගැනම නෙවෙයි මේ කියන්න යන්නේ. දුරකථන ඇමතුම් සම්බන්ධවයි.
අපි තවත් කාට හරි තමන්ගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගනිද්දී ඒ කෙනා තවත් ඇමතුමක ඉන්නවා දකිද්දී මට නම් ටිකක් අප්සෙට් යනවා. මොකද ඉතින් ඉඳලා හිටලා හරි කාට හරි කතා කරන්න හිතුවම ඒ කෙනත් ඒ වෙලාවෙම වෙනත් දුරකථන ඇමතුමක ඉන්න එකෙන් අපි සැදී පැහැදී හිටපු කතා බහවලුත් ඒ විදියෙන්ම අපිට ඉන් පස්සට කර ගන්න බැහැ නේ.
මේක තවත් හිතට ලොකු දුකක්, අපහසුතාවක් වෙන්නේ තමන් ආදරේ කරන කොටයි. හිතන්නකෝ ඔයාලා අතරේ ආදරේ කරන කවුරු හරි ඉන්නවා නම් තමන් ආදරේ කරන කෙනාට ඇමතුමක් ගනිත්දී "Waiting ..." කියන සංඥාව දකිද්දී දුකක් වගේම තරහකුත් ඇති වෙනවද, ඇති වෙලා තියෙනවද කියලා මීට කලින්.
ඇත්තෙන්ම ඉතින් ආදරේ කරද්දි නම් කවුරුත් කැමති තමන් වෙනුවෙන්ම කැප වුණු කෙනෙක් ඉන්නවා නම් තමයි. එහෙම වුනත් සමහර වෙලාවට අර වගේ අවස්ථා වලදී ඉවසීම කියන දේ නම් සීමාවෙන් එහාටත් යනවා. මොනවා කරන්නද ඉතින්. මමත් ඉතින් පුළුවන් තරම් ඒ ඉවසීම රැක ගන්න තමයි උත්සාහ කරන්නේ.
ආදරේ කරද්දි නම් ඒ දේ නිතර සිද්ධ වුණොත් හිතේ සැක පහල වෙන්නත් පුළුවන් ඉතින්. මොකද ඉතින් ආදරේ කරන කෙනා ගැන අවිශ්වාසයක් ඇති වෙන එක එච්චර හොඳ දෙයක් නොවෙන නිසා. ඒත් ඉතින් අපේ හිත් වල ඇති වෙන සැකය, අවිශ්වාසය පෙළක් වෙලාවට නිශ්ඵල එකක් වෙන්නත් පුළුවන්. මොකද තමන්ගේ සහකාරයට හරි සහකාරියට හරි යාළුවෝ නෑදෑයො එහෙමත් ඉන්නවනේ. එයාලගෙන් ලැබෙන දුර ඇමතුම් වෙන්නත් පුළුවන් නේ. අනික තමයි ඒ කෙනා බෝඩිම් නිවාසයක් ඉන්නවා නම් ඉතින් තත්වය එහෙම්මම වෙන්නත් පුළුවන්. ඒ වගේමයි අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. මොකද බෝඩිමක ඉන්න හින්දා.
ඉතින් මම කියන්නේ කාටත්, තමන් අමතන්නේ කාට වුණත්, එයා වෙනත් ඇමතුමක ඉද්දී "Waiting" සංඥාව වැටුනොත්, තරහ නොගෙන, දුක් නොවී ඉවසන්න කියලායි. මොකද හිතේ තියෙන විශ්වාසය විශ්වාස කරන තරමට තමන්ට සතුටින් ඉන්න පුළුවන් කාලය වැඩියි. හිතෙන් මවා ගත්තු හරි, හිතා ගත්තු වැරදි වැටහීම් නිසා හරි අනිත් කෙනා ගැන වැරදි මානසිකත්වයක් ගොඩ නාගා ගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් රණ්ඩු සරුවල් නොවී, දුක් නොවී ඉන්න පුළුවන් ආදරේ කරද්දිත්.
මමත් හැම අතින්ම දැන් නම් ඉවසනවා ඉස්සරටත් වඩා. තරහ අරගත්තම අපිට පේන හැම දේම අපේ තරහ වැඩි වෙන දේවල් මිසක් සතුටු හිතෙන දේවල් නෙවෙයි නෙ. ඒ වගේමයි දුකේදිත්. යාළුවෙක්ට කතා කරන්න උත්සාහ ගත්තත් ඔය දේ වුණොත්, ඉවසන්න පුළුවන් නම් හොඳයි. මොකටද නිකන් ප්‍රශ්න වවා ගන්නේ. ඉවසන තරමට සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණයත් වැඩියි.

මේ මාතෘකාව අනුව හිතන අයත් ඕනෙ තරම් මේ ලෝකෙ ඉන්නවා. වැඩිය හිතන්න යන්න එපා. ඔයාලා ආශ්‍රය කරන අය අතරම මෙහෙම හිතන අය ඕනෑ තරම් ඇති. එහෙම අයත් අපි ආශ්‍රය කරන්න ඕනෙ ලෝකෙ හරියටම දකින්න. මොකද අපි ලබන අත්දැකීම කෙලින්ම අපිම අත් විඳින අත්දැකීම් වලට වඩා ප්‍රභල නොවෙන්න පුළුවන්. අපි නරකක් නොකර හිටෛ පමණින් ලෝකෙ මොන වගේද දකින්න බෑ. මොකද අපි ලෝකෙ දකින්නෙ අපි කැමති විදියට නිසා. අපි ලබන්න, දකින්න කැමති ලෝකය ඇත්තටම දකින්න ලැබෙන්නේ හාත් පසින්ම වෙනස් විදියට නිසා අනිත් හැම දෙයකින්ම අපි අපේ මානය හොඳට අත්දැකීම් වලින් පුරව ගන්න ඕනෙ.
මේ ලිපියත් එහෙම අත්දැකීම් ගැනයි. ආදරය කරන කීයෙන් කීදෙනෙක් නම් තවත් සම්බන්ධතා පවත්වන් යනව ඇත්ද? මේ ප්‍රවණතාවෙ ගොඩාක්ම තියෙන්නෙ, නිදහස වැඩි, අවදානම අඩු, පිරිමි ළමයින් අතරේ තමා. මොකද එයාලා ගැහැණු ළමයින් සෙල්ලම් බඩු කියල හිතන නිසා. ඔව්. ඇත්තෙන්ම සෙල්ලම් බඩු වගේ හැසිරෙන්න කැමති ගැහැණු ළමයිනුත් ඉන්නවා නම් තමා. අපි ඉතින් එයාලව විශේෂ නම් වලින් එහෙම හඳුන්වනවනේ. ඒත් ඇයි පිරිමි ළමයෙක්ව එහෙම හඳුන්වන්නෙ නැත්තේ? ඒකත් ප්‍රශ්නයක් තමා.
මට ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා පණ වගේ තමන්ගේ කෙල්ලට ආදරේ කරන පිරිමි ළමයි. ඒත් ඒක ඇත්තම ආදරයක් නෙවෙයි බලාගෙන යන කොට. මොකද ඒ ආදරේ එහෙම වුණාට, එයාලගේ ලිංගික රසාස්වාදනයට නම් එයාලා වෙනත් ගැහැණු ළමයින් හොයන එක නවත්වලා නැති නිසා. එක දෙයකින් සතුටු වෙන්න බැරි මේ වගේ අය නිසා අනාගතේදී ඉතින් පිරිසිදු ගෑණියෙක්ව හොයා ගන්නවත් ලැබෙයිදෝ කියලත් සැකයක් තියෙනවා මගේ හිතේ.
මේ පිස්සුව තියෙන්නේ පිරිමි ළමයින්ට විතරක්ම නෙවෙයි. ගැහැණු ළමයින්ටත් ඒ වගේම තියෙනවා. මොකද මට අහන්න ලැබිලා තියෙන සිද්ධීන් එක්ක ගත්තම ගැහැණු ළමයින්ව වුණත් හරිම ලේසියෙන් අදාළ වැඩේට නැඹුරු කර ගන්න එක අද කාළේ මහා ලොකු වික්‍රමයක් නෙවෙයි තවදුරටත්. මුහුණු පොතේ වගෙම අනිත් සමාජ සම්බන්ධතා වෙබ් අඩවි වල ඉන්න ගැහැණු ළමයින් තමා මේවට ලේසියෙන්ම ගොදුරු වෙන්නෙ. ඒත් ඉතින් එයාලගේ අකමැත්තක් නැත්නම් අපි මක් කොරන්නද?
කොටින්ම එක කෙල්ලෙක්ට තවත් කොල්ලෙක් පණ වගේ ආදරේ කරද්දී, ඒ කෙල්ල වෙනත් කොල්ලෙක්ගෙන් ලිංගික ආශ්වාද ලබන කතාවකුත් මට ඇත්තටම අහන්න ලැබිලා තියෙනවා. මේ බව දැන දැනත් අර කොල්ලා ඒ කෙල්ලට ආදරේ කරන්නේ ඉතින් ඒ කොල්ලා ඒ කෙල්ලට කොච්චර නම් ආදරේ ඇතිද කියලත් හිතෙනවා.
අපි ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ රැවටීම්, බොරු, වංචා වලින් පිරුණු ලෝකෙක. කාටවත් තමන් පිරිසිදුයි කියලා හර්ද සාක්ෂියට බොරු කරන්න බෑ. විවාහක දරු මල්ලන් ඉන්න කාන්තාවො පවා පිට තරුණ කොල්ලන්ගේ වින්දනය වෙන හැටි මට අහන්න ලැබිලා තියෙනවා. ඉතින් එහෙව් එකේ තරුණ කෙල්ලන් ගැන කවර කතාද?
අන්තිමටම කාගෙ කාගේ හිත් වල ඇති වෙන්නේ කලකිරීමක් විතරයි ඉතින්.

ඇත්තම ආදරේ තියෙන්නේ පෙනුමෙ නෙවෙයි කියලා මම කලින් ලිපියෙත් කියන්න ඇති. හරි මේ ලිපියටත් බලපාන්නේ ඔය සාධකේම තමයි. හිත් වල තියෙන ඇත්තම ආදරේ ඔයාල කවුරු හරි විඳල තියෙනවද? මේකට තත්‍ය ආදරය කියන්නත් පුළුවන්.
ඇත්තෙන්ම දෙන්නෙක් ආදරේ කරද්දී ඒ දෙන්නා හිත් වලින් කොයි තරම් එකට බැඳිලා තියෙනවද කියන එක මත මේක අත් විඳින්න පුළුවන්. ඒ වගේ අත් වින්ද අවස්ථාවලදී හිතට දැනෙන සතුටත් කියලා නිම කරන්න බැරි තරම්.
ආදරේ කරන දෙන්නෙක් අතරේ තියෙන ආදරය හමුවීම මතවත්, දුරකතන ඇමතුම් වලින් කතා කරන විනාඩි ගාන අනුවවත් තීරණය වෙන්නෙ නෑ නේ. එහෙම තීරණය වෙනවා නම් එතන ඇත්ත ආදරයක් නැති තරම්. මුණ ගැහෙන්න අවස්ථාවක්වත් නොලැබි මාස ගාණකට එක වතාවක් විතර මුණ ගැසීම් සිද්ධ වුණත් ආදරයේ අඩු වීමක් නොවෙන අයව මම පුද්ගලිකවම දැකලා තියෙනවා. මොකද ඒ අයගේ ප්‍රශ්න මා එක්ක එයාලා කියන නිසාත්, මගේ හොඳම යාළුවන් නිසාත්.
මාසෙකට එක වතාවක්, නැත්නම් මාස කීපයකට එක වතාවක් විතරක් මුණ ගැහෙන්න සිද්ධ වුණොත් ආදරේ කරන කාලෙකදි හිතට මොන තරම් දුකක් ඇති වේවිද කියලා ඔයාලට හිතන්න පුළුවන් ද? අමාරුයි නේද? ඒත් දුරකතනෙන් හරි සම්බන්ධ කර ගන්න පුළුවන් නම් ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. ඒත් ඉතින් ඔන්න බිල එහෙම ඉහටත් උඩින් වැඩි කර ගන්න එපා.
හිත් වලින් තියෙන බැඳීම ගැන අත්හදා බලන්න පුළුවන් අවස්ථාවක් තමා දුරකත්න ඇමතුමක් දීම. ඔයාල කාට හරි අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවද තමන්ගේ සහකාරිය හෝ සහකරුවාට අමතන මොහොතේදීම ඒ කෙනාගෙන් තමන්ට ඇමතුමක් ආ අවස්ථාවන්? එක්කෝ තමන් එයාට අමතද්දී එයාගේ දුරකථනය කාර්ය බහුල වෙලා ඊට මිලි තත්පර කීපෙකින් එයාගෙන්ම ඇමතුමක් ආව අවස්ථා මතක තියේද? ඒ කියන්නේ දෙන්නටම එකම මොහොතේ එකිනෙකාට කතා කරන්න හිතිලා කියන එක නේ.
තමන් ආදරේ කරන කෙනාව තමන්ගේ ලඟින්ම තියා ගන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ තමන්ගේ හිතේ බලයෙන්. තමන් ආදරේ කරන කෙනාව පිංතූරෙකින් හරි නිතර බලෙනවා නම්, එයාව තමන් ලඟම ඉන්නවා කියල හිතලා එයා වෙනුවෙන් හිතෙන් ආදරේ දෙනවා නම් ලඟ නැති වුන්ත් ලඟ ඉන්නවා වගේ තමා. කොච්චර රණ්ඩු සරුවල් ඇති වුණත්, තරහ නොගෙන ඒවත් විසඳ ගෙන ආදරේ අඩුවකුත් කර නොගෙන ඉන්න පුළුවන් මානසිකත්වයක් හදා ගත්තොත් ආදරේ සුන්දර වෙයි. ඒත් ආදරේ තරම් වේදනාකාරී කිසි දේකුත් මේ ලෝකේ නැති බවත් මතක තියා ගන්න වෙයි.
මේ ක්‍රමය සිහින සැබෑ කර ගන්න එක විදියක්. ඒ වගේම තමන්ගේ අරමුණට ජීවිතේ කවදා හරි ලං වෙන්න පුළුවන් විදියක් හැටියටයි මම දකින්නේ. මානසික ලෙඩෙක් වගේ නොවී සාමාන්‍ය දෙයක් විදියට ඒ ගැන හිතන්න. ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියන්නාක් වගේ ඇබ්බැහි වීමක් වෙන්න එපා ආදරේ කරන කෙනාට. මොන ප්‍රශ්න ආවත් ආදරේ අඩු කරන්න එපා. කවදා හරි තමන් තනි වුනත් තමන් වරදක් කරලා නැති නම් ඒකම තමන්ට සතුටු වෙන්න හේතු වෙයි.

තමන්ගේ හිතේ ඇඳුනු කෙනාව තමන්ට මුළු ජීවිත කාලෙටම ආදරේ කරන්න ලැබුණොත් කොහොම වෙයිද? ඇත්තෙන්ම ඒ තරම් සතුටුදායක දෙයක්, වාසනාවක් තවත් ජීවිතේට තියෙනවද කියලත් හිතෙනවා. පුද්ගලයාගෙන පුද්ගලයාට තමන්ගේ ආදරේ හොයා ගැනීමේදී හිතේ ඇති වෙන ආසාවන්, කැමැත්තන් සහ ආකර්ෂණයක් එකිනෙකට වෙනස් වෙනවා. අද දැක්ක කෙනා වෙනුවෙන් හිතේ ඇති වෙන ආකර්ෂණය හෙට ඒ කෙනාටම නැති වෙලා වෙන කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුළුවන්. ඔය දේ අද කාලේ කාගේත් හිත් වල තියෙන පොඩෛ දුර්වල කමක්. බාහිර පෙනුමට සිද්ධ වෙන ආකර්ෂණය තාවකාලික දෙයක් කියලායි මට හිතෙන්නේ. ඒත් අභ්‍යන්තරේට ඇති වෙන ආදරයට, කැමැත්තට පිට ඔපේ බලපාන්නේ නෑ.
තරුණ තරුණියො ආදරේ කරන්නේ සමහරක් වෙලාවට කෙනෙක්ගේ බාහිර පෙනුමට විතරක්ම වෙන්නත් පුළුවන්. ඒ බාහිර පෙනුම තමන්ව ඒ කෙනා දිහාට ආකර්ෂණය කර ගන්න, ඇදලා බැඳලා තියා ගන්න ගොඩක් හේතු වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඔය වගේ දෙයක් ආදරයක් පටන් ගනිද්දි නම් ගොඩක් වැදගත් වෙනවා. තමන්ව ආකර්ෂණය නොවෙන කෙනෙක් එක්ක මුළු ජීවිත කාලෙම ගත කරන්න කවුරුත් අකමැතියි. ඒත් මේකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ මොකද ඒ ඒ අය හිතන පතන විදිය අනුව.
මුලින්ම ආදරයක් ඇති වෙන්නේ පෙනුමට. ඊට පස්සේ දැන අඳුන ගෙන, කතා බහ කරල එහෙම පවත්ව ගෙන යන ආදරේදි එකිනෙකාව නැතිව ඉන්න බැරි තැනකට එනවා. ඒ වගේ වෙලාවකදි විවාහයක් සිද්ධ වෙන්නත් පුළුවන් ඉතින්. බැරි වෙලාවක් ආදරේ කරන දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි මූණ විකෘති වුණොත් ආදරේ බිඳිල යන්නත් බැරි නෑ. එහෙම වෙන අවස්ථාවන් නැතුවම නෙවෙයි. ඒත් පෙනුමට ආදරේ කරලා පටන් ගන්න ආදරේ දළු දාල වැඩුනට පස්සේ පෙනුම නැති වුනත් ජීවිත කාලෙම පවතින් ආදරයනුත් නැතුවාම නෙවෙයි.
මුලදි තියෙන ආදරේ විවාහයෙන් පස්සේ නැති වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා අද කාලෙ නම්. මම මගේ ගුරුවරයෙක් ලියන බ්ලොගයක කියෙව්වා ඔහුගෙ මිතුරෙක් විවාහ වෙලා දරුවන් නොහදා බිරිඳත් එක්ක ආදරෙන් කල් ගෙවනව කියල. මොකද දරුවන් ලැබුණම සමහර විට ඒ දෙන්නා අතරේ තියෙන ආදරේ අඩු වෙන්න පුළුවන් නිසා වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් තුන්සිය හැට පස් දවසෙම උදේ වැඩට ගිහිල්ලා රෑට ගෙදර එන විව්වහක යුවලවලුත් ඉන්නවා ආවට පස්සේ කාල බීල රූපවාහිනිය ඉස්සරහා කාලෙ ගත කරලා නිදා ගන්න. ඒ අය අතරේ ඇති මහා ලොකු ආදරේකුත් නැති තරම් වගේම දරුවො හදන්න බැරි කමකුත් නැති තරම්. ඒත් බැඳලා අවුරුදු දහයක් ගත වෙලා තිබුණත් දරු සුරතල් බලන්නවත්, දෙමව්පියන්ට මුණුපුරු, මිණිපිරි සුරතල් බලන්නවත් ඉඩක් ලැබෙන්නෙත් නැති වෙලා.
පෙනුමින් පටන් ගන්න ආදරේ පවත්වන් යද්දි කවදාවත් පෙනුම පසුවට නැති වුණත් දාල නොයන ආදරයක් කර ගන්නවා නම් ගොඩාක් වටිනවා. මොකද අපි අපිම දන්නවානේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය කොහොම ප්‍රසන්න පෙනුමකින්ද අපිට මුණ ගැහුනෙ කියලා. ඒත් තමන්ට ගත කරන හැම තත්පරයෙම මතක් කරලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක්ව හොයා ගත්තොත් ගත කරන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න පුළුවන් කම ලැබෙයි. හැබැයි මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒ මොකද ලස්සන වැඩි වෙන තරමට පරිස්සම් කළ යුතු ප්‍රමාණයත් වැඩි නිසා. ඔය හේතුවෙන් ප්‍රශ්ණ ඇති වෙන්නත් පුළුවන් නේ. එහෙම ඇති නොවෙන හොඳ විශ්වාසයක් මුලදිම ගොඩ නගා ගත්තොත් අනාගතේ වගේම ජීවිතෙත් මල් වේවි.

Sunday, June 27, 2010
ආදරේ කියන දේ කාගෙ කාගේත් ජීවිතයට ගොඩාක්ම වැදගත් දෙයක්. සමහරුන්ට ආදරේ නැතුව බෑ. සමහරුන්ට ආදරේ තිබුණත් වැඩක් නෑ. තවත් සමහරෙක්ට ආදරෙන් කිසිම වැඩක් නෑ. ඒත් ආදරේ කරපු හැමෝම දන්නවා ඒක මොන තරම් රසවත්ද කියලා. ඒ වගේම කොයි තරම් වේදනාකාරීද කියලත්.
ආදරේ ලබන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. තමන්ට ගැලපෙන ආදරයක් අද කාලෙ හොයන එක කළුනික හොයන්නා වගේ. මොකද අවංකව ආදරේ කරන අය ගොඩාක් අඩු නිසා. ගැහැණු ළමයින් ගැන නම් පොඩි හරි විශ්වාසයක් තියා ගන්න පුළුවන් වුනත් පිරිමි ළමයින් ගැන නම් ඒ වගේ විශ්වාසයක් තියා ගන්න බැහැ. මොකද ගැහැණු ළමයෙක්ට වඩා පිරිමි ළමයෙක්ට තියෙන සීමා මායිම් වල අඩු කමත්, නිදහසේ වැඩි කමත් හේතුවෙන්.
ජීවිතේ විඳලා තියෙන හැම දුකකටම වඩා ආදරේ කරද්දී දැනෙන දුක, වේදනාව ගැන කියන්න වචන නැති තරම්. තමන්ගේ ජීවිතේදී මරණීය මොහොතකදී පවා දැනිල තියෙන දුක වේදනාව ගැන පොඩ්ඩක් මතක් කර ගත්තොත්, ආදරේ කරනා අතරතුරේදී දැනෙන සතුටටත් වඩා දුක අර කීව මරණීය වේදනාවටත් වඩා දරුණුයි. ආදරේ කළ හැමෝම ඒ ගැන දන්නවා ඇති අනිවාර්යෙන්ම. ඒත් කියමනක් තියෙනවා ආදරේ වෙනුවෙන් කැප කරන කිසිම දෙයක් අපතේ යන්නේ නෑ කියලා. ඒක එහෙම්මම වෙනවා නම් හොඳයි. මොකද ආදරේ නාමයෙන් ජීවිතෙත් දෙන අය ගැන අපි අහලා තියෙනවා නෙ. කෙනෙක්ට පුළුවන් වුනොත් ආදරයක් බලාපොරොත්තු නොවී හැකි උපරිමයෙන්ම ආදරේ කරන කෙනාට ආදරේ දෙන්න, හිතෙන් හරි, ඒක වටෛනා ආදරයක් වෙනවා කියලයි මගේ හැඟීම.
ආදරයක් පවත්වන් යද්දී කෙනෙක් මැරි මැරී ඉපදෙන වාර ගණන අනන්තයි අප්‍රමාණයි. ඒ හැම මරණයකදීම දැනෙන දුක් දොම්නස් හැම දෙයක්ම, අර හැම ඉපදීමකදී ම මැකිල යනවා. ඒත් කාටද පුළුවන් වෙන්නේ ඒ දුක ලේසියෙන් අමතක කරලා දාන්න?

Subscribe to:
Posts (Atom)