Showing posts with label බුදු දහම | Buddhism. Show all posts

Monday, May 14, 2012
ප්‍රාතිහාර්ය කියන්නේ හැමෝම ආස කරන දෙයක්. මොන රටක වුනත් ඕනෑම මනුස්සයෙක් කැමතිම දෙයක් තමයි ප්‍රාතිහාර්ය කියන්නේ. ප්‍රාතිහාර්ය දකින්නට කැමති පිරිස් තමයි සමාජයේ වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් පිරිස් ඉන්නේ බොහෝම කලාතුරකින්. ඒ විතරක් නෙවේ. ප්‍රාතිහාර්ය ඉබේටම සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒත් ඒවාත් අර මුලින් කියපු ප්‍රාතිහාර්ය කරන මිනිස්සු වගේම දුලබ දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් සිද්ධ කලොත්, සිද්ධ වුනොත් ඒ වගේ දෙයක් ප්‍රාතිහාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් තිස්සේ කරන්නට බැරිව තිබූ දෙයක් යම් කෙනෙක් කලොත් ඒක ප්‍රාතිහාර්යයක් විදියට සමාජයේ ජීවත් වෙන මිනිසුන් තීරණය කරන්නට පෙළඹෙනවා. ඒක හරිම සාමාන්‍ය අර්ථ දැක්වීමක්. ඒත් විශ්වකර්ම ප්‍රාතිහාර්ය සිදු කරන මිනිස්සුත් සමාජෙ ඉන්නවා. හරියට දශක තුනක් තිස්සේ මේ රටේ තිබුණු යුද්ධෙ ඉවර වීම ප්‍රාතිහාර්යයක් විදියට සැලකීම.
නිකමට අපි මේ ප්‍රාතිහාර්ය ඉංග්‍රීසියට පරිවර්තනය කලොත් කියන්නේ "Miracle" (මිරකල්) කියලා. එහෙමත් නැත්නම් සමහර ප්‍රාතිහාර්ය "Magic" (මැජික්) කියලාත් කියන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණය නම් මිනිස්සු ඇයි ප්‍රාතිහාර්ය වලට මේ තරම් කැමති කියලා. මේ ප්‍රාතිහාර්ය දැකීමෙන් තමන්ට හරි අනුන්ට හරි සිද්ධ වෙන ඵ්හලය මොකද්ද කියලා තමයි ගැටළුව. පෙළක් වෙලාවට රටක ජනතාවට ප්‍රශ්ණ ගැටළු ඇති වෙලා තියෙන සමයක් වුනොත් රජයේ හරි සමහර පිරිස් හරි තමන්ගේ ජනප්‍රියතාව, ලාභ ප්‍රයෝජනය තකා රටවැසියන්ට ප්‍රාතිහාර්ය පෙන්වන්න උත්සාහ කරනවා. මේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ පෙන්වීම ගැන නම් නෙවෙයි. හැබැයි කාලේ හැටියට ඒ වගේ තරඟයක් දින්නොත් නම් ප්‍රාතිහාර්යයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ ලිපිය ලියැවෙන්නේ අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන්. මොකද ඔවුන් තරම් ප්‍රාතිහාර්ය පසු පස හඹා යන පිරිසක් මේ රටේ වෙනත් නැති තරම්. ලැබෙනා තැනකින් ඕනම කැප කිරීමක් කරලා ලබා ගන්න හැකි නම් අපේ බෞද්ධ ජනතාව ඕනෑම දෙයකින් රවටන්නට හරිම ලෙහෙසි පහසු පිරිසක් වෙලා දැන් බොහෝම කාලයක් ගත වෙලා.
බෞද්ධ නීති වල සඳහන් එක් කරුණක් තමයි භික්ෂූණ්ට ජනයා තමන් කෙරෙහි පැහැදවීමට හෝ බුදු දහමට නැඹුරු කර ගැනීමට ප්‍රාතිහාර්ය පෑම තහනම් වීම. එය මනාව පෙනෙනා අවස්ථා විදියට බුදු රජාණන් වහන්සේ විසින් යමා මහ පෙළහර කීප විටක් පමණක් පෑම සඳන් කරන්න පුළුවන්. ඒවා පෑවේ අනුන් තමන් කෙරෙහි පහදවා ගැනීමට යැයි යමෙක් පවසනවා නම් ඊට හොඳම පිළිතුර වන්නේ උන්වහන්සේ එම ප්‍රාතිහාර්යය පෑවේ මානය බිඳිමට හෝ, නොදැමිණු පුද්ගලයින් දමනය කිරීමට යන්නයි. තවත් එක් උදාහරණයක් හැටියට ගඟකින් එතෙරවීමට භික්ෂු සංඝයා පිරිවරාගෙන සිටියදී බුදු රජාණන් වහන්සේට එක් භික්ෂුවක් සෘද්ධියෙන් ගඟ එතෙර නොවන්නේ මන්දැයි විමසූ විට තොටියාගෙන් ගඟ තරණයට වැය වන මුදල කොපමණදැයි විමසා ලැබුණු පිළිතුරෙන් එවන් සෘද්දියක වටිනාකම අද වටිනාකමෙන් නම් සත පහක පමණ වටිනාකමක් බව පෙන්වා දෙන්නට යෙදුනා. මෙයින් පැහැදිළි වෙන්නේ බුදු රජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව දරා ඇති අදහසයි.
එහෙම නම් බෞද්ධයා ප්‍රාතිහාර්ය, විජ්ජා රස විඳීමට පුරුදු වුනේ කෙසේ ද? ඒවා පසුපස දුවන්නට හුරු වූයේ කෙසේ ද? පළමු හේතුව නම් අන්‍යාගම් පසුපස උදව් ඉල්ලා, බලාපොරොත්තු ඉටු කර ගැනීමට, නැති වූ දේවල් ලබා ගැනීමට, ලාභ සත්කාර ලැබීමට යාමයි. අනෙක් හේතුව විවිධ පුද්ගලයන්ගේ කටකතා, ප්‍රකශ හිස් මුදුණින් පිළිගෙන ඒවාට අනුගත වෙමින් මේවා දැකීමට ප්‍රිය කිරීම. විශේෂයෙන් ජ්‍යෝතිෂවේදීන් නින්දෙන් අවධිව ලෝකයටම කියා පාන ඔවුන් නින්දේ දී දකිනා මනෝ විකාරී සිහින වලට අනුව කරනා ප්‍රකාශ. මෑතකදී ද එවන් අවස්ථාවක් උදා වුනේ බුදු පිළිම වලින් රැස් විහිදෙන බවක් කියූ හෙයින්. වරක ද අපේ බෞද්ධ බැතිමත්, ශ්‍රද්ධාවන්ත ජනතාව වැස්සකටවත් ගොඩ නොවදින ගමේ පන්සලට දිව ගියේ එසේ බුදු පිළිම වලින් විහිදෙන බුදු රැස් දැකීමටය. නිතර බණ අසනා එවන් බොදු ජනතාවක් ඇත්තේ මෙරට පමණක් කියා සිතීම ද දුක්බර තත්ත්වයකි.
එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඇත්තෙන්ම ආශ්චර්‍ය, ප්‍රාතිහාර්ය දකින්නට අවශ්‍ය නම්, තමන් ඉවැරදිව ජීවත් වීම ම බෙහෙවින් ප්‍රමාණවත්. පන්සිල් රැකීම ම ඒ සඳහා ප්‍රමාණවත්. වචනයෙන් පිළිමයක් ඉදිරියේ සමාදන් නොවුනත්, තමන් තමන්ටම බොරුවක් වංචාවක් නොකර හිතෙන් එම පන්සිල් රැකීමට සිතා ගෙන ඒවා පිළිපැදීම ම බෙහෙවින් වටිනා දෙයක්. ඊට හේතුව ප්‍රාතිහාර්යය දකින්න ලැබෙන්නේ වෙන අන් යමෙකු හරහා හෝ අජීවී වස්තුවක් හරහා නොවීමත් ඒ තමන් තුලින් ම වීමත්. සායි බාබා පරළෝසැපැත් වූ විට හඬා වැළපුණු, දෙවියන්ගෙන් දරුවන් ලැබීමට, හොරු සෙවීමට, වශී බන්ධන කර ගැනීමට, පැතුම් ඉටු කර ගැනීමට දේවාල වලට ගොස් වැඳ වැටුනු ශ්‍රී ලාංකික බෞද්ධයිනි, බුදු රජාණන් වහන්සේ අනුව යමින් වෙන අන් අයගේ ආශ්චර්ය වලට ලොබ බැඳ ඔවුන්ගේ සරණ පතාගෙන ගිය ඔබ සැවොම බුදු දහමටත් බුදු රජාණන් වහන්සේටත් ප්‍රසිද්ධියේම අපහාස කළ ඇත්තෝ බව වටහා ගැනීම වැදගත් බව මතක තියා ගන්න.
Sunday, May 6, 2012
වෙසක් පුන් පොහෝ දිනය ඊයේ දිනයේදී උදා වුණා. ඒ සමග ම ඔබ සැමට ම නිවණ කරා සිත යොමු වන, දුරාචාරී සිත් ඇති නොවෙන, නිරන්තරයෙන් සිතේ සතුට පිරී තිබෙන, නිරෝගී, සුවපත් වූ ශ්‍රී සුභ නව බුද්ධ වර්ෂයක් වේවා කියාත් ප්‍රාර්ථනා කරනවා.
ඒ නිමිත්තෙන් මෙසේ පලවන ලිපිය ලිවීමට හේතු වන්නේ එක්තරා ආරවුලකට හේතු පාදක වුනු දේවල් කිහිපයක් නිසාවෙන්. ඒ බුදු දහම ආශ්‍රිතව සිදු වූ එක්තරා අනවශ්‍ය ආරවුලක්. මන්දයත් බුදු දහම යනු එක්තරා සීමාවකට යටත්ව තමන් දන්නා කරුණු පමණක් පදනම් කරගෙන බුදු දහම වැරදි ලෙසින් ග්‍රහණයට ගෙන සිටිනා අයද මේ සමාජයේ සිටිනා බැවින්. එහෙයින් මේ ලිපිය එවන් අයගේ මානසික මට්ටම් පිළිබඳව සිදු කෙරෙනා විචාරයක් ලෙසින් මෙසේ ලියැවෙන වගයි. මේ ලිපිය ලියන මා පාරිශුද්ධ බෞද්ධයෙකු නොවේ. නමුත් එවන් තත්ත්වයකට පැමිණීමට උත්සාහ කරන්නෙකු පමණි. ධර්මය ගැන දන්නා මනාව හසුරවන යම් යම් පුද්ගලයන් ඇසුරෙන් ලද දැනුම් සම්භාරයන් හේතුවෙන් සහ යම් වටිනා බෞද්ධ පොත් පත් කියවීම හේතුවෙන් ලද දැනුම මත මෙවන් ලිපියක් පල කිරීමේ අවශ්‍යතාවද මත ලියැවෙන්නකි මේ.
බුදු දහම තමන් වටහා ගන්නා, තමන්ට ඇසෙනා, තමන් දන්නා අයුරින් වැරදි කොණින් අල්ලා ගෙන අනුන්ගේ වැරදි හොයනා මිනිසුන් උන්මත්තකයන් මෙන් බොහෝ විට සමාජයේ හැසිරෙයි, බැණ වදියි. නිර්මල බුදු දහම යනු අනුන් ගැන, අනුන්ගේ වැරදි නොසොයා තමන් ගැන පමණක් සෙවීමට උපදෙස් දෙන දහමකි. ඒ මන්ද යත්, තමා කරනා දෙයෙහි පල තමාට මිස අන් අයෙකුට විඳීමට සිදු නොවෙන බැවින්. තමන් කරන්නේ යමක්ද, ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නන් කෙරෙහි ද්වේශ සහගතව හැසිරෙන බොහෝ අය මානසික ලෙඩුන් නොම වේ නම්, පාරිශුද්ධ බෞද්ධයන් විය නොහැක. දිනපතා බුදුන් වන්දනා කළ ද බද්ධ වෛරයන්, අනුන්ගෙන් සිදු වූ වැරදි, අතපසු වීම්, සිතා මතා කළ වැරදි හෝ දිනෙන් දින මතකයේ තබා ගන්නේ නම්, දිනකට තෙවරක් බුදුන් වන්දනා කළ ද ඉන් තමන්ට හෝ අනුන්ට සිදු වන යහපත ඒ ආකාරයෙන්ම සිදු නොවන්නේය. මන්දයත් කෙතරම් පිංකම් කළද, ද්වේශ සහගතව ක්‍රියා කරන්නන් වෛරය පතුරනවා විනා මෛත්‍රීය නොපතුරවන හෙයිනි. යම් පිංකමක් කළ යුත්තේ තමාගේත් අනුන්ගේත් සිත් තුල අවෛරී සිතුවිලි ඇති කරවමින් මිස, තමාගේ උතුම් බව සිතා අනුන් ද ඊට අනුගතව, ඊට බයාදුව, ඊට ගරු කල යුතු යැයි සිතා හෝ අණ කිරීමකින්, බල කිරීමකින්, ඝර්ජනා කිරීම් වලින් නොවේ. එවන් බිය වැද්දීම්, අණ කිරීම් ඇත්තේ හුදෙක් අන්‍යාගම් වල පමණකි; බුදු දහම තුල නොවේ.
තමන් ධාර්මිකව, සැදැහැ සිතින් යමක් කරන්නේ ද ඉන් තමන්ට සහ අනුන්ට අත් වෙන යහපත ගැන පමණක් සිතිය යුතුය; තමන්ට ලැබෙනා ලාභ ප්‍රයෝජන පිළිබඳ බලාපොරොත්තු නොතැබිය යුතුය. යමෙක් බුදු දහම වැරදි ලෙසින් අර්ථ දක්වයි නම්, බුදු දහමේ නාමයෙන් අනුන්ගේ සිත් රිදවයි නම්, තමන් පමණක් නිවැරැද්දක් කරයි කියා සිතා අනුන්ට දොස් පවරයි නම්, එයින් ලද හැකි පල විපාකයන් අනුන් නොව, තමන් ම තනිව අත් විඳිය යුත්තේය. කිමද යත් තමන් වැපිරූ දෙයෙහි අස්වනු තමන් විසින්ම නෙළිය යුතු බැවින්.
නිර්මාංශව යමෙක් සිටී ද එය ඔවුනොවුනගේ අන් සත්ත්වයන් කෙරෙහි ඇති අවිහිංසාවාදී ප්‍රතිපදාව, දයානුකම්පාව සහ සිතුවිල්ල නිසා විය හැකිය. එසේ නැතහොත් වෙනයම් අයෙක් වෙනුවෙන් හෝ වෙනයම් අයෙක් දෙස බලා තමන් විසින් ඇති කරගත් කැප වීමක් හෝ ප්‍රතිපත්තීන් නිසා ද විය හැකිය. එසේ ද නැතහොත් තමන් නිර්මාංශී යැයි අණ බෙර ගසා හෝ තමා ම පිරිස් අතරේ කියා ගනිමින් ගරු නම්බු නාම ලැබීමේ හෝ විශේෂ ප්‍රතිචාර ලැබේ යැයි සිතා සිදු කර ගන්නා පෞර්ෂත්ව වෙනසක් හේතුවෙන් ද විය හැකිය. නමුත් මස් මාංශ අනුභව කරන්නන් හෙලා දකිමින් ඔවුනට නිගා කිරීම බෞද්ධයෙකු සතු විය යුතු ගුණංගයක් නොවේ. හෙලා දකින්නේ නම් ආහාර වෙනුවෙන් සතුන් මරණා ස්ථාන සහ පුද්ගලයින් එවන් හෙලා දැක්වීමකට ලක් විය යුත්තේය. නමුත් සිදු වන්නේ අනෙකකි. මන්ද යත්, බුදු රජාණන් වහන්සේ විසින් මස් මාංශ අනුභව නොකළ යුතු යැයි දේශනාවේ කොතැනකදීවත් සඳහන් කොට නැති හෙයින්. ගිහියන්ට කෙසේ වෙතත්, පැවිද්දන් උදෙසාවත් එවන් දෙයක් අකැප යැයි දේශණා කර නොමැති වීම සැලකිල්ලට ගත යුතු කාරණයක්. මීට හොඳම උදාහරණය ලෙස දෙව්දත් තෙරුන් විසින් සංඝ භේද ආනන්තරීය පාප කර්මය සිදුවීමෙහිලා සම්බන්ධ, බුදුන්ගෙන් කළ ඉල්ලීම් පහ අතර, 'භික්ෂූහූ නියත වශයෙන් ම නිර්මාංශික විය යුතු' යැයි කළ ඉල්ලීමට බුදු රජාණන් වහන්සේගෙන්, 'කැමති නම් පරිභෝජනය කිරීමටත්, අකැමති නම් නොකිරීමටත් හැකි' බව දේශණා කොට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම දැක්විය හැකිය. එහෙයින් එවන් නීතියක් පනවා නැති බැව් අමතක නොකළ යුතුය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සිතා හෝ, කැමැත්ත පරිදි ගැනීමට ඉඩකඩ ඇත. වළකින්නේ නම්, අන් සතුන්ගේ ජීවිය තමා වෙනුවෙන් කැප කරනා සතුන් පිළිබඳව සානුකම්පිතව සිතා වැළකීම වඩා යෝග්‍ය වේ.
සමහර පුද්ගලයින් දහම් පොත් පත් කියවද්දී ඒවායේ සඳහන් කරුණු තමන්ගේ ජීවිතයට අදාල කරගෙන කුසල් වැඩීමේ වීර්ය වර්ධනය කර ගැනීමෙහිලා යොදවනවා විනා, අන් අයගේ වැරදි මේ මේ යැයි කියා මෙනෙහි කරයි. ඒ ඒ ධර්ම කරුණු තමන් හඳුනන පුද්ගලයින් විසින් බිඳ දමනා ආකාරය ගැන මෙනෙහි කරයි, ඒවා ගැන සිතින් තර්ක කරයි. ඒ ඒ ධර්ම කරුණු අදාළ පුද්ගලයින් සමග කතා බහ කිරීමේ දී, ඔවුන් සමග තර්ක කිරීමේ දී ඔවුනගේ වැරදි හුවා දැක්වීමට යොදා ගනියි. නමුත් ඒ කාලය තමන්ගේ වර්ධනයක් සිදු කර ගැනීමට නොයොදවයි, ලියැවී ඇති දෙයෙහි නිවැරදි අර්ථය වටහා ගැනීමට උත්සාහ නොකරයි. එක දහම් පුස්ථකයක් ධර්මය ගැන නොදත් අයෙක්, ධර්මය මනාව උගත් අයෙක් සහ ධර්මය උඩින් පල්ලෙන් දත් අයෙක් යන පුද්ගලයින් තුන් දෙනෙකු විසින් වටහා ගෙන ක්‍රියාවෙහි නංවනා ආකාර තුන් විදියක් වේ. මඳ වශයෙන් දත ද, ධර්මය මනා ලෙස හසුරවන්නේ නම්, ක්‍රියාවේ යොදවන්නේ නම් ඔහු නියමාකාර බෞද්ධයෙකි. නමුත් ගැටළුව නම්, තමන් පිළිබඳව තමන් නියමාකාරයෙන් ඇගයීමක් නොකිරීම සහ එසේ කිරීමට දැනුමක් ද නොතිබීමයි. එහෙයින් අද සමාජයේ බොහෝ බුදුවරු පහල වී ඇත, මග ඵල ලබා ඇති බව ප්‍රකටව පල කරන්නන් පහල වී ඇත. එවන් අය පිළිබඳව අප අනුකම්පාවෙන් බැලිය යුතුය.
සමහරෙක් පන්සල් වලට, භික්ෂූණ්ට දාන මානාදිය නිතිපතා කළ ද තම පවුල පිළිබඳව නොසිතයි, ඔවුනගේ සිත සතුටු කිරීමට උත්සාහ නොගනියි. දෙමාපියන්ට දොස් පවරයි, යහපත් චාරිත්‍ර මග හරියි, තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් පැහැර හරියි. එනමුත් දහම් පොත් පත් කියවයි, දානමානාදියට කැප වෙයි. මෙය ද ඔබ සතු විය හැකි තවත් ගුණාංගයක් විය හැක. නියමාකාර බෞද්ධයකු වන්නට මේ දෙපසේම යහපත් වූ වර්ධනයක් පැවතිය යුතුය. උගත් කම තිබුන ද, බුද්ධිමත්ව කටයුතු කළ නොහැක්කේ නම් එම පුද්ගලයා නිර්වස්ත්‍රව සමාජයේ සිටිනා පුද්ගලයෙක් වැනිය. එසේත් නැතහොත් බැළුමක් වැනිය. ඇතුලේ වාතයය, පිටත අලංකාර ආවරණයකි.
බෞද්ධයෙකු සතු එකම ඉලක්කය විය යුත්තේ හැකි තරම් මේ භවයේදීම සෝතාපත්තියට (සෝවාන් පලයට) ලඟා වීමට උත්සාහ ගැනීම පමණි. ඉන් මතු ඉදිරිය පිළිබඳව ඉන් පසුව සැකයක්, බියක් පවත්වා ගත යුතු නොවේ. අඩු තරමින් අනුන් ගැන වද නොවී තමන් පළමුව යහ මග යමින් අනුන් දෝශ දර්ශනයට ලක් නොකර ඒ මග අන් අයව ද කැටුව යාම පිළිබඳවත් අවධානය යොමු කිරීමයි වැදගත් වන්නේ. එසේ නම් මේ කියා ඇති දේවල් තමන් විසින් කෙතරම් සිදු කරන්නේ දැයි කියා වටහා ගෙන නිවැරදි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට මේ ජීවිත කාලය තුල වීර්ය කිරීම, ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් කර ගත හැකිය.

එසේ නම් කළ යුතුව ඇත්තේ අනුන්ගේ වැරදි දකිමින් ඒවා තමන්ගේ ධර්මඥාණයෙන් පමණක් නිවැරදි කිරීමට උත්සාහ කොට තමන් පමණක් නිවැරදි යැයි කියා ගැනීම හෝ හුවා දැක්වීම නොව ධර්මය යථා අයුරින් ම, නිසි ආකාරයෙන් මනා ලෙස අවබෝධ කර ගැනීම හා අධ්‍යයනය කොට ක්‍රියාවේ නැංවීමයි. බුදු දහම අවිහිංසාවාදි දහමකි. එබැවින් ප්‍රකෝපකාරීව ගැටළු විසඳීම බෞද්ධයින් හට සුදුසු නොවේ. අද සමාජයේ ආගම් අතර පවතින ගැටළු නිරාකරණය කිරීමට බෞද්ධයින් විසින් ක්‍රියා කරනා ආවේගශීලී ප්‍රතිපත්තිය සහ ක්‍රමවේදය අසහනශීලී බවක් ගනී. තමන් උපේක්ශා සහගතව බලා සිට ඒවාට නුවණ හසුරවමින් අන්‍යන් කෙරෙහි අද්වේශ සහගතව කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු මුල් අවස්ථාවේදී ම නිරාකරණය කර ගැනීමට හේතු පාදක වේ. බුදු රජාණන් වහන්සේද කිසිදු ගැටළුවක දී නොසැළුනි, කලබල නොවුණි. සියළු අපවාද, ගැරහීම් සියල්ලන්ගේම සාධුකාර මැද මැකී ගියේය. එසේ නම් බෞද්ධ අප හට එයින් අංශු මාත්‍රීය ප්‍රමාණයක් හෝ ක්‍රියාවේ යොදවන්නට නොහැක්කේ මන්ද? මේ බව මසැසින් නොව මනැසින් වටහා ගැනීමට මේ තෙමගුල ඔබ සැමට නිසි මාර්ගය පෙන්වත්වා!
Tuesday, April 17, 2012
හැමෝටම සෞභාග්‍යමත් සුබ නව වසරකට ආසිරි පතන ගමන්ම සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මගේ මුල්ම ලිපිය ගොඩක් කාලෙකට පස්සේ මේ විදිහට ලියැවෙන්නයි යන්නේ. මේක ගොඩක් කාලීන අවශ්‍යතාවයක් කියලා දැනුන නිසයි මේ ලිපිය මේ මොහොතේදී ලියන්නට තීරණය කළේ. ඒත් ටිකක් පහු වෙලා. මොකද මේ කියන්න යන දේ මම ලියනවාට වඩා ඇසිය යුතු දෙයක්. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්. විශේෂත්වය තමයි මේ සිංහල අලුත් අවුරුද්ද අපි උත්සවාකාරයෙන් සමරන සංස්කෘතිකමය විශේෂ උත්සවයක් නිසා. ඒ වගේම අපි සමරන බොහෝමයක් උත්සව ගැනත් මේ කියන්න යන දෙයෙහි ඇතුලත් වෙනවා. නිවැරදිව උත්සව සමරන්නේ මොන ආකාරයෙන්ද, ඒවා අර්ථවත්ව සැමරීම ඔවුනොවුන්ට වැදගත් වන්නේ මන්ද, සහ විවිධ දෘශ්ටි වලට යටත්ව බෞද්ධයින් දැඩිව එල්බ ගෙන සිටින නොයෙක් වැරදි ක්‍රමවේදයන් පිළිබඳව මෙහි අන්තර්ගත වෙනවා.
මේ ලිපියෙන් පල කරන්නේ මෑත ඉතිහාසයේ අප රටේ ඉහලින්ම වැජඹුණු ධර්ම කථිකයන් වහන්සේ නමක් විසින් පවත්වපු ධර්ම දේශණාවක් ගැනයි. ඒ අන් අයෙකු නොව ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. උන්වහන්සේ මීට වසර 15කට පමණ පෙර දේශණා කළ මේ ධර්ම දේශණාව අදටත් කෙතරම් අදාල වෙනවාද යන වග මේ පල කරන ධර්ම දේශණාවේ සඳහන් වෙන කරුණු මගින් හැම දෙනාටම අවබෝධ කර ගන්නට හැකියාවක් ලැබේවි. එම ධර්ම දේශණාවේ අඩංගු කරුණු වචනයෙන් ලිපියක් හරහා පල කරනවාට වඩා උන්වහන්සේගේම හඬින් ශ්‍රවණය කරනුවස් පහතින් එම දේශණාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් පල කරන්නට මම සිතුවා. විනාඩි 50කටත් අඩු එම දේශණාව අවසන් වන තුරු ශ්‍රවණය කරනා මෙන් මම මේ ලිපිය කියවන සියලුම සිංහල බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනවා. අවසානයේදී මේ සඳහන් වෙන කරුණු වලට එකඟ විය හැකි නම් තවත් ඔබ වැනිම සිංහල බෞද්ධයෙකු හට මෙය ශ්‍රවණය කිරීමට සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
Monday, February 27, 2012
මේ ලිපිය ලියන්නේ එක්තරා Gossip (ඕපාදූප) වෙබ් අඩවියක එක්තරා පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් පිළිබඳව පල කෙරුණු ලිපියක් සම්බන්ධයෙනුයි. ඒ වගේම ඒ ප්‍රකාශයන්ගේ හිස් බව සනාථ කිරීම සඳහායි. එය පවතී නම් එම ලිපියට මෙතනින් යා හැකියි. ඒ ලිපියට අමතරව එවන් ප්‍රකාශ පහුගිය කාලය පුරාවටම එවන් වෙබ් අඩවි වල පල වන්නට යෙදුනා. ඒ වගේම ඒවායේ අන්තර්ගතය පිළිබඳව මොන තරම් මට්ටමකින් එකඟ වෙන්නට හැකි ද යන සැකයත් පවතිනවා. මන්දයත් ඒ සඳහන් කරනා දෑ තුල පවතින පරස්පර විරෝධී බව සහ ඒවා හිස් මුදුනෙන් පිළිගන්නා, තාර්කික බුද්ධියට ඉඩ නොදුන්, මන්ද බුද්ධිකයන් වැනි පිරිස් තවමත් සමාජයේ සිටිනා බැවින් සහ එවන් පිරිස් පහසුවෙන්ම රැවටීමට සහ මෝඩයාට ඇන්දවිය හැකි බව මේ ප්‍රකාශ කරන්නන් දන්නා බැවින්.
ඉහත ලිපියේ ප්‍රකාශයන් කර ඇති තැනැත්තා නොදන්නා එක් කරුණක් වන්නේ බුදු දහමත්, හින්දු දහමේ එන විශ්ණු සංකල්පයේත් ඇති සම්බන්ධතාවක් නොමැති බව. අද බොහෝ නක්ෂත්‍රවේදීන්, දේවාල වල දේවගැතිවරුන් තමා වෙත එන සේවා දායකයන් හට අපල උපද්‍රව වලින් බේරී වැළකී සිටීමට පවසන්නේ, අනුදැන වදාරන්නේ බුදු දහමට අනුකූලව කල යුතු දෑයි. දාන මාන, බෝධි පූජා, පරිත්‍යාගයන් වැනි දේ ඉන් ප්‍රධානයි. ලෝක විනාශය ගැනත් පලවෙන අනාවැකි මේ දිනවල බොහෝ සේ දැක ගන්නට පුළුවන්. නමුත් ඒවායෙන් අතුරු ආන්තරාවක් සිදු නොවී සිටිමටත් එකම පිහිට පින් දහම් වල යෙදීම බව මෙවැන්නන් ප්‍රකාශ කරන්නට යෙදෙනවා. කෙසේ නමුත් බුදු දහමට අනුකූලව ජීවත් වන්නා, ජීවිතය හැඩ ගසා ගන්නා තැනැත්තා කවදා ලෝක විනාශය පැමිණියද බය වෙන්නේවත්, තැති ගන්නේවත් නැති තරම්. ඕනෑම වෙලාවක, ඕනෑම දෙයක් අතහැර දමා යන්නට එවන් අයට හැකියාව තිබිය යුතුයි. දෙවියන්ගේ අවශ්‍යතාවට අනුව පුවත්පත්, ජනමාධ්‍යයනට ප්‍රකාශ කරන්නට පෙළඹීමෙන් පෙනී යන්නේ මොවුන් දෙවියන්ගේ අතකොළු ලෙසින් හැසිරෙන බවත්, දෙවියන් හට තමා පිළිබඳ ප්‍රචාරයන් ජන මාධ්‍යයන්ට හෙළි කිරීමට, හඳුන්වා දීමට ඇති ආශාවක් ගැන නොවේද?
හින්දු දහම යනු සියල්ල නිත්‍යයි, සුඛයි, ආත්මයි යනුවෙන් කියා පාන දහමක්. එවන් දහමක මූලික ම දේව සංකල්පයක සිටින විශ්ණු දෙවියන්ගේ පණිවිඩ ලෝකයට කියා පාමින් සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි යනුවෙන් උගන්වන බුදු දහමෙන් විසදුම් ලබා දීම බුද්ධ ධර්මයට කරන නිගාවක් මෙන්ම එසේ විසඳුම් ලබා දෙන්නේ කෙසේද යන්නත් විමසුමට තුඩු දෙන කරුණක්.
ඉහත සඳහන් කළ ලිපියේ සඳහන් වෙන තවත් කරුණක් තමයි දෙවියන්ගෙන් ආරක්ශාව ලබන්නට දෙවියන්ට ගෞරවයෙන් යුතුව පුද පූජා සත්කාර කළ යුතු බව. එමෙන්ම ඔවුනට වන්දනා මාන කළ යුතු ආකාරය පිළිබඳවත්. නමුත් සත්ත්‍ය කරුණ නම් දෙවියන්ගේ ආරක්ශාව ලබන්නට පුද පූජා පැවැත්විය යුතු නැති බව. මීට හේතුව වන්නේ දෙවියන් ආරක්ශා කරන්නට පෙළඹෙන්නේ සිල්වතුන් පමණක් වීම. දෙවියන්ගේ වන්දන මානනයන්ට සිල්වතුන් පත් වන්නේ නම්, අප දෙවියන්ට වන්දනා මාන කරමින්, පුද පූජා පවත්වමින්, යදිමින් නොසිට දෙවියන්ට ලඟා වන්නට සුදුසු සිල්වතුන් ලෙසින් කටයුතු කිරීම වඩාත්ම වැඩගත් නොවන්නේද? එමෙන්ම දෙවිවරුන් ඒ ඒ දිව්‍ය විමානයන්ගේ දිව්‍ය සැප සම්පත් බුක්ති විඳිමින්, අමෘතය වන් රසැති දිව්‍ය ආහාර පාන ලබමින් ජීවත් වන තවත් එක් සත්ත්ව කොට්ඨාශයක් පමණි. නමුත් එවන් දිව්‍යමය සැප සම්පත්තීන් ලබනා පිරිසක් නරයින්ගේ පලතුරු වලින් පිරුණු පූජා වට්ටි, පූජාවන් බුක්ති විඳීමට, ඒවායේ සුවඳ ආග්‍රාහණය කොට තම කුසගිනි නිවා ගැණීමට මෙලොව සැරිසරයි ද? ඒවායේ රසවත් කොටස් ලෙව කන්නට මේ මනුෂ්‍ය ලොවට වඩියි ද?
මෙහි සඳහන් වුනු තවත් දෙයක් නම් දේවාල වල ස්ත්‍රෝත්‍ර කියන්නන්, පූසාරි වරුන්, දේව ගැතිවරුන් දෙවියන් සමග ගනුදෙනු කරන්නන් පිරිසක් බව. නමුත් ඇත්ත තත්ත්වය සලකා බලන්නේ නම් ඔවුන් අමනුශ්‍යයන්ගේ බලපෑම් වලට ලක් වුනු පිරිසක්. ඒ අමනුශ්‍යයන්ට අනාගතයේදී සිද්ධ වෙන දේවල් දකින්නට හැකියාවක් තියෙනවා වගේම ඒ ඒ සේවා දායකයින්ගේ මියගිය ඥාතීන්ගේ විස්තර දැනගෙන එම ඥාතීන් ලෙසින්ම රඟපා, රවටා ඔවුනට අවශ්‍ය දේවල් ඒ අය ලවා කරවා ගන්නටත් හැකි දක්ෂතාවක් පවතිනවා. දෙවියන් විදියට පෙනී සිටින්නේත් ඒ වගේම මළගිය ප්‍රේත කොට්ඨාශයි. මෙලෙස දෙවියන් දකින්නටවත් නුසුදුසු මෙවන් අය පාපතර, මළගිය, බලවත් හෝ අප්‍රාණික හෝ ප්‍රේතයින් හෝ අමනුශ්‍යයින්, දෙවියන් ලෙසින් වරදවා වටහා ගෙන ඔවුන්ගේ දෘශ්ටියෙන් ලෝකය දකිති, අනාවැකි කියති.
අනිත් දෙය නම් භික්ෂූහූ මාංශ අනුභව කිරීමත් ඒවා දන් ලෙසින් පිළිගැන්වීමත් අධාර්මික ක්‍රියාවක් ලෙසින් දක්වා ඇති කරුණ. බුදු රජාණන්වහන්සේ වුවද භික්ෂුවක් නිර්මාංශ විය යුතු ලෙසින් නීතියක් පණවා නැත. කොටින්ම දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම් පහේදිත් ඒ බව කියවෙද්දී කැමති නම් එයින් වැළකී ඉන්නටත් නො ඉන්නටත් හැකි බව දේශණා කර තිබෙනවා. එහෙයින් මස් මාංශ දන් වශයෙන් පිළිගැන්වීම හෝ වැළඳීම වරදක්, පාපතර ක්‍රියාවක්, අධර්මිශ්ඨ ක්‍රියාවක් වන්නට ඉඩක් නැත. නමුත් සතුන් ගැන අනුකම්පාවෙන් එයින් වැළකීමයි වඩාත් වැදගත් වන්නේ. ඒ හැර දානයට සතුන් රැගෙන විත් මරා සකසා පිළිගැන්වීමක් කිසිම ස්ථානයක සිදු වෙනවා යැයි සිතිය නොහැකිය. සිදු වේ නම් ඒ අල්ප වශයෙනි. විමසිය යුතු කරුණ නම්, ගිහි පූජ්‍ය පක්ෂ අධාර්මික වන්නට එකම හේතුව මෙය පමණක් නොවන බව. මෙය හුදෙක් ප්‍රකාශයක් ම පමණකි. මීට වඩා සැලකිය යුතු දරුණු පාපතර ක්‍රියා අද සමාජයේ ඕනෑ තරම් ගිහි පැවිදි දෙපිරිසම විසින් කරනු ලබයි.
අනිත් ප්‍රධානම කාරණාව එම දෙවිවරුන් පල කරනා අනාවැකියි. ඇත්තෙන්ම දෙවිවරු පහල වී සිටින්නේ රටක ජනාධිපතිවරු, විපක්ෂ නායකවරු, අගමැතිවරු, සමුළු, සිරගත වූවන් පිළිබඳව අනාවැකි පල කරන්න ද? මේ දෙවල් ප්‍රකාශ කළ සැණින් විශ්වාස කරන්නට තරම් අපේ මිනිසුන්ට අංශු මාත්‍රීය බුද්ධියක්වත් නොමැති වීම බෙහෙවින් කණගාටුවට පත් වීමට කාරණාවක්. මෙවැන්නන් ප්‍රකාශ කරන්නන්, පූසාරියන්, ගුරුකම් කරන්නන් හුදෙක් උන්මත්තකයන් බව වටහා ගෙන විසීම නුවණට හුරු වේ.

මාතෘකා | Labels:
බුදු දහම | Buddhism,
සමාජීය | Social,
සිංහල | Sinhala
Tuesday, February 14, 2012
මග ඵල ලාභීන් පිළිබඳව බොහෝ දෙනාගේ සිත් තුල පවතින්නේ සැකයක්. මන්දයත් ඔවූහූ සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීම බොහෝ සේ අපහසු බැවින්. නමුත් තමන් අතරේත් මෙවන් මග ඵල ලාභීන් සිටිය හැකි බව ඔබ දන්නවාද? අදටත් මේ රටේ විතරක් මාර්ග ඵල ලාභීන් බොහෝ සේ ඇත. විශේෂයෙන්ම දත යුතු කරුණක් වන්නේ මගඵල ලාභීන් තමන් මග ඵල ලබා ඇති බව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඒ බව සැඟවී යාම. එය දත හැක්කේ ඔවුන් කමටහන් ලබා ගන්නා ආරණ්‍ය වාසී කම්මට්ඨානාචාරීන් සමග ගැඹුරු සාකච්ඡාවන් පැවැත්වීමෙන් සහ ඔවුන් පවසනා දෑ විශ්වාස කිරීමෙනි. එමෙන්ම ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මාර්ග ඵලයන් ලබා ඇත්තේ යැයි කියා ගන්නා පුද්ගලයන්ද බොහෝ සේ ඇත. යතාර්ථය වැසී යන්නේ මේ මේ කරුණු හේතුවෙනි.
නමුත් ගැටළුව නම්, එසේ තමන් මාර්ග ඵල ලබා ඇත්තේ යැයි කියනා පුද්ගලයන්ගේ අනුගාමිකයින්ව ඔවුනට ඇප උපස්ථාන කිරීමට මිනිසුන් පෙළඹීමයි. ඒ වගේම එම මුග්ධයන්ගේ රැවටිලි ක්‍රියා හෙළි වීමත් සමගම මග ඵල ලාභීන් ඇති බව කීවත්, මෙන්න මේ මේ අය මග ඵල ලැබූ අය බව විශ්වාස කිරීමට පසුබට වීමත්, ඔවුන් කෙරේ සැක පහල කිරීමත්ය. එය සාමාන්‍ය තත්ත්වයක්. මන්දයත් වරක් රැවටුනු පුද්ගලයෙක් තවත් වරක් යම් සත්ත්‍යයක් වුවද විශ්වාස කිරීමට පැකිලීමයි. ඊට අමතරව යමෙක් මාර්ග ඵලයකට පත්ව ඇත් ද යන්න පිළිබඳව බාහිරෙන් දැක දැන ගැනීමට අපහසු බැවින් ද මෙවන් සැකයන් සාමාන්‍ය පුද්ගලයන් අතරේ හට ගනී. තවද ධර්මය පිළිබඳව මනා දැනුමක් නොමැති බවත් මේ දෙවල් පිළිබඳව වැරදි වැටහීම් ඇති වීමට හේතු කාරණා වේ. මේ උත්සාහය එවන් සැකයන්, වැරදි වැටහීම් කීපයකට පිළිතුරු සැපයීමටයි.
මාර්ග හා ඵල වශයෙන් ගත් කල නිර්වාණ ගමන සංධිස්ථාන 8කින් යුක්ත වේ. ඒ මාර්ග සිත් හා ඵල සිත් වශයෙන් ඵලයන් 4ත්, ඒ ඵලයන් වෙත ගමන් ගන්නා මාර්ගයන් 4ත්ය. මේ අට වැදෑරුම් සංධිස්ථාන වල ඉන්නා ඕනෑම පුද්ගලයෙක් ආර්යයෙක් ලෙසින් හඳුන්වන්නට පුළුවන.
සෝතාපත්ති (සෝවාන්) ඵලයට පැමිණි යමෙක් වේද ඔහු හෝ ඇය දරුණු පාපයන්ගෙන් මිදී, සතර අපායෙහි නොවැටී, මතු භවයන් 7ක් ඇතුලත අනිවාර්යයෙන්ම අර්හත්වයට පත්ව නිවන් අවබෝධ කර ගනී. මෙවන් ඇත්තෝ තමුන් සංසාරයට බැඳ තබන බැමි 10කින්, මුල් බැමි 3 වන සක්කාය දිට්ටි හෙවත් මම මගේ යන ආත්ම දෘශ්ටියත්, විචිකිච්ඡාව යන බුද්ධාදීන් සහ තෙරුවන් කෙරේ ඇති සැකයත්, සීලබ්බත පරාමාස යන වැරදි සීලයන්ගේ (කේන්දර, නැකැත්, නිමිති) සරණ යාම කියනා බැමි 3 සම්පූර්ණයෙන්ම බිඳ දමයි.
ඔවුනට කාමභෝගී දැහැමි ගිහි දිවියක් ගෙවීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් බොහෝ තරුණ වයසේදී සෝවාන් වූ විශාඛාව සහ අනේපිඬු සිටුතුමන් දැක්විය හැක. ඔවුහූ තවමත් තමා ලස්සනට සිටිය යුතු බව සිතයි, පිරිසිදුව සිටීමට සිතයි, ආදරය විඳියි, විවාහ පත් වී දරුවන් සදයි, චිත්‍රපට නැරඹීමට, ගීත ඇසීමට ප්‍රිය කරයි, තමා කැමති අහාර පාන ගැණීමට ද පසුබට නොවේ, අන්තර්ජාලයේ සැරිසරයි (මුහුණු පොතේ, විද්‍යුත් තැපෑල අඩවි වල, මිතුරන් හා කතා බහ කරයි, ගීත, වීඩියෝ දර්ශන, ඡායාරූප පල කරයි) . එනම් සාමාන්‍ය මනුශ්ෂ්‍යයෙකු කැමති සියළු දෑ කිරීමට කැමැත්ත පවතී. මන්දයත් ඔවුන් සතුව කාමරාඝ තවමත් පවතින බැවින්. නමුත් ඒවායේ නොඇලෙයි. ඕනෑම මොහොතක ඒවා ඇතෑරීමට තරම් ශක්තියක් ඔවුන් සතුව පවතී.
ඉහත කී බැමි 10න් මීලඟ බැමි 2 කාමරාඝ හා පටිඝයයි (ක්‍රෝධය). කාමරාඝ යනු හුදෙක් ලිංගික ඇසුරන්, ආශ්වාදයන් පමණක් නොව ඕනෑම සාමාන්‍ය මනුශ්ෂ්‍යයෙකුට ම පවතින සියළුම කාමයන් බවත් දැන ගත යුතුය. නමුත් සාමාන්‍ය මනුශ්ෂ්‍යයන්ට මෙන් බලවත් කාමයන් මොවුන් (සෝවාන් පුද්ගලයන්) සතුව නැති අතර සතර අපාගාමි වන අන්දමේ කාමරාඝ සහ පටිඝයන් ද නැත. එමෙන්ම ඔවුන් වෙන් කොට හඳුනා ගැනීම බොහෝ අපහසුය. එබැවින් සෝවාන් ඵලයේ පිහිටියෙකු පිළිබඳව ඔවුනට කාමයන් විඳීම කැපද යන ගැටළුව විමසීම නිෂ්ඵල වේ.
සකදාගාමී (සකෘදාගාමී) ඵලයට පත් යමෙක් වේද ඔහු හෝ ඇය එක් වරක් පමණක් මෙලොව උපදියි. බොහෝ සෙයින් මොවුන් කාමරාඝයන් සහ පටිඝයන්ගෙන් වෙන් වී ඇත, එනමුත් ඒ සම්පූර්ණයෙන් ම නොවේ. මේ අවස්ථාවේදී ඒවා බොල්, තුනී වී ඇත. මොවුන් බොහෝ සේ ප්‍රිය කරන්නේ භාවනානුයෝගීව කාලය ගත කිරීමටයි. එමෙන්ම තම පවුල් වලින් බොහෝ සෙයින් ඇලීම් රහිතව වෙසෙයි. දරු මුණුපුරන්, ස්වාමි පුරුශයන් හෝ බිරිඳ හෝ පවුල හෝ රැකියාව යන මේ දේවල් පිළිබඳව නොබැඳෙයි; ඒවා කෙරේ නොඇලෙයි; ඕනෑම අවස්ථාවක අත හරියි. ඒවායෙන් දුරස්ව සිත දියුණු කරමින් භාවනානුයෝගීව හෝ දැහැමිව කාලය ගෙවයි. එමෙන්ම ගිහියෙකු ලෙසින් විසීම ද අපහසු කරුණක් වේ. නමුත් ඇලීම් අඩු බැවින් ගැටළුවක් කර නොගනී. මක් නිසාද යත් කාමරාඝ හා පටිඝ බොල් වී ගොස් ඇති බැවිණි.
මේ නිසාවෙන් යමෙක් සකදාගාමී අයෙක් පිළිබඳව ඔහු හෝ ඇය නිසාවෙන් ඔවුනගේ ස්වාමි පුරුශයා හෝ බිරිඳ හෝ දරුවන් හෝ එම ආර්‍ය පුද්ගලයන් නිසාවෙන් අසරණ වන්නේ දැයි විමසයි නම්, ඊට දිය හැකි පිළිතුර වනුයේ, එම ස්වාමි පුරුශයා හෝ බිරිඳ හෝ දරුවන් හෝ පවුලේ සාමාජිකයන් හෝ කර්මානුරූපීව තමන්ගේ කර්ම ඵලයන් ගෙවීමක් වශයෙන් එවන් ආර්යයන් සමග විසීමට සිදු වී ඇත යනුවෙනි. එවන් ආර්යයන් සමග දුකසේ ගිහි ගෙය විසීමට සිදු වන්නේ නම් ඒ ඔවුන්ගේ කර්මයන් පල දීමක් ලෙසින් පැහැදිලි කර ගත යුතුය.
මග ඵල ලාභීහූ තමන් මේ මේ තත්ත්වයේ සිටින බවක් ප්‍රකාශ නොකරයි. කරයි නම් ඒ තම කම්මට්ඨානාචාරීන් හෝ අනුගාමිකයන් අතරේ පමණකි. එසේ නොමැතිව සාමාන්‍ය මිනිසුන්ට දැනුම් දේ නම් ඔවුන් සෝවාන් මාර්ගයේවත් පිහිටා නැති බව දත යුතුය. මන්දයත් එවන් ගමනක් යන තැනැත්තා ඒවා හෙළි නොකරන බැවින් හා සක්කාය දිට්ටිය දුරලමින් හෝ දුරු කර ඇති බැවින් හා සාමාන්‍ය මිනිසුන් ඒ ගැන අවබෝධයකින් නොබලන නිසාවෙන් හා උම්මත්තකයන් ලෙසින් හංවඩු ගැසීමට පෙළඹෙන නිසාවෙන්.
එසේ නම් අද සමාජයේ සිටිනා සිවුරු පොරවාගත් තමන් සකෘදාගාමී කියා ගන්නා, නැතහොත් ආරිය සිංහල ඇඳුම අඳිමින් සපත්තු දමා දුම්වැටි උරනා තමන් මෛත්‍රීය බුදුන් යැයි කියා ගන්නා, නැතහොත් තමන් සෝවාන් භාවය ලැබූ බව කියා ගන්නා ශාකසාර දන්තාලේප හා සබන් නිශ්පාදනායතනයක අධිපති වරයන් ගැන කිනම් කතා ද? ඔවුන් හුදෙක් ආර්‍ය මාර්ගයෙන් බොහෝ දුරින් වෙසෙනා අන්ත අසරණ වූ පුද්ගලයන් පමණකි.

අත්දැකීම් | Experiences,
බුදු දහම | Buddhism,
සමාජීය | Social,
සිංහල | Sinhala
Thursday, March 17, 2011
මෙම ලිපිය පෙර ලිපියට ඌණ පූර්ණයක් සපයනු වස් ලියැවෙන්නක්. ඒ වගේම පෙර ලිපියට පැමිණි පාඨක අදහස් වලට පිළිතුරු වශයෙනුත් දිග හැරෙන ලිපියක් ලෙසද සැලකිය හැක.
බුදු රජාණන් වහන්සේ කිරීමට අනුදැන වදාළ දෑ පිළිබඳව මෙන්ම නොකිරීමට අනුදැන වදාළ දෑ පිළිබඳවත් දේශණා කොට තිබෙනවා. ඒ අතරම, කිරීම හෝ නොකිරීම හෝ තමන් සිතැඟි පරිද්දෙන් කිරීමට බාධාවක් නැති බවටත් සඳහන් කර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් එය තුන් කල්හිම සත්ත්‍ය වනවා මෙන්ම එය අකාලික ධර්මයකුත් වෙනවා. ඒ අකාලික ධර්මයේ සඳහන් බොහෝමයක් දෑ තමන්ගේ නුවණින් යුතුව අවබෝධ කරගත යුතු, පැහැදිලි කරගත යුතු දෑයි. යමක් කරන්නට කලින් සිතා බැලිය යුත්තාක් මෙන් කරනා ඕනෑම දෙයක් පසුපස ඒවායේ විපාක හෝ ආනිසංස පැමිණේ.
බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නේ මිනිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් නිවැරදිව සිදු කරන්නේ කෙසේද යන්න පහදා දෙන්නට නොවේ. බුදු කෙනෙකුන් වැනි දුර්ලභ වස්තුවක් ලොවට පහල වන්නේ ලොවේ සදාකාලිකවම පවතින චතුරාර්‍ය සත්ත්‍ය ධර්ම නැවතත් ඉස්මතු කොට අවබෝධ කොටගෙන අන් සත්ත්වයන් කෙරේ දයාවෙන් යුතුව ඔවුන්ද මේ සංසාරයෙන් එතෙර කරවීම සඳහායි. ඒ ගමනේදී උන් වහන්සේ දේශනා කොට වදාළ බොහෝමයක් දෑ කිරීමෙන් ඇතිවන ආනිසංස හෝ විපාකත්, යම් යම් දෑ නොකිරීමෙන් ඇතිවෙන ආනිසංස හෝ විපාකත් සඳහන් කර තිබෙනවා. බුද්ධිමත් මිනිසුන් හෝ වේවා මෝඩ මුග්ධයින් මිනිසුන් වේවා, තිරිසනුන් වේවා, තම සිතේ ඇතිවෙන ඕනෑම ආශාවක් තෘෂ්ණාවක් ලෙසින් අර්ථ දක්වන්නට පුළුවනි. බුදු දහම අප අපේ ජීවිත වලට යොදා ගත යුත්තේ ආශාවන් පසු පස හඹා යන්නට නොව ආශාවන්ට ඇති ඇල්ම, ලොල් බව අඩු කර ගැනීමටයි. මෙම ආශාවන් ඕනෑම දේකට අදාළයි. ඕනෑම දෙයක් සම්බන්ධව ඇති වී නැතිවී යා හැකියි. ඒ සදාතනික සත්‍යයක් වන සියළු දේ අනිත්‍ය යන්න මොනවට පැහැදිලි වන අවස්ථාවක්.
මිනිසත් බවක් ලබා උපදින්නට ඇති හැකියාවත්, පහසුකමත් බෙහෙවින්ම අඩු බැවිනුත්, බුද්ධෝත්පාද සමයක සත් බවක් ලබා උපත ලැබීම ඊටත් වඩා දුර්ලභ කාරණාවක් බැවින් ඒ වකවානුව ඇතුලත තම ජීවිතය අර්ථවත් දේවල් සඳහා යොමු කිරීමයි වැදගත් වෙන්නේ. මන්දයත් සසර ගමන කෙටි නොවූවක් නිසා. දීර්ඝ වන සසර ගමන දුක් සහිත බැවින්, කටුක බැවින් එය කෙටි කර ගැනීමට කළ හැකි සියළු උත්සාහයන් දැරීමට මිනිස් ආයු කාලය නිමා වන්නට ප්‍රථමයෙන් කටයුතු කළ යුතුව තිබේ. අද විනෝද වී හෙට මියෙන්නට, අද ලැබිය යුතු සැප සම්පත් සියල්ල ලබාගෙන හෙට මිය යන්නට කැමති පිරිසක් වුවද කර ගන්නේ සසර ගමන කෙටි කර ගැනීමක් නොවේ දිගු කර ගැනීමක්. එයට තමන් උපන් දා සිට මැරෙන තුරාවටම කරන කියන සියළුම දෑ වල බලපෑම පවතී.
සසර බැඳ තබන සංයෝජන ධර්ම 10 ක් පිළිබඳව බුදු රජුන් දේශණා කොට වදාරා තිබෙනවා. බුදු දහම, ඒ බැමි 10 එකින් එක ලිහන්නට උත්සාහ දරනවා වෙනුවට ආශාවන් ඔස්සේ හඹා ගොස් තෘෂ්ණාව හරහා කෙලෙස් අන්ධකාරයේ තනි වන්නට මග පෙන්වන දහමක් නොවේ.
බුදු දහමේ විවාහයට පෙර ලිංගික ඇසුරක් පවත්වා ගැනීම හෝ නොගැනීම පිළිබඳව සඳහන් කිරීමක් සිදු වෙලා නැති වන්නට පුළුවනි. මාගේ දැනීමට අනුව, එසේ ප්‍රකාශ කිරීමත් වරදකි. නමුත්, බුදු දහම ලොව ඇති වීමටත් පෙර සිටම පැවති පෙහෙවස් සමාදන් වීම් හා අදාළ පංචශීලය බුදු රදුන් විසින් දේශණා කොට වදාළේ එය වැරදි වලින් මිනිසුන් ඈත් කොට තැබීමේ මූලිකම අඩිතාලම නිසා විය හැකිය. එයිනුත් තෙවැනියට සඳහන් ශික්ෂාව, විවාහයෙන් පසු තමන්ට අනයත් සහකරුවන් හෝ සහකාරියන් සමග කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකන ශික්ෂණය ඇති කිරීමට බෙහෙවින් උපකාරී වේ. නමුත් එහි ඇති එකම අර්ථය එයම පමණක් නොවන බව හොඳින් වටහා ගත යුතුය. එයින් සඳහන් නොකරන දෙය තුරුම්පුවක්, සහනදායී පිළිවෙතක් හෝ මාර්ගයක් කර ගැනීම සියළු දෙනාටම බොහෝ ලිංගික චර්යාවන් පහසුවෙන්ම සාධාරණීකරණය කරන්නට උපකාරී වන්නට ඇත. එනම් විවාහයට පසු අනාචාරයේ යෙදීම වරදක් බව දේශණා කොට තිබීම විනා විවාහයට පෙර අනාචාරයේ යෙදීම වරදක් බව දේශණා නොකොට තිබීම ලෙසින් වැරදි කොනකින් ධර්මය අල්ලා ගැනීමයි.
විපාක සහ ආනිසංස ගැන මැනවින් පැහැදිලි කර දී කළ යුත්ත සහ නොකළ යුත්ත තීරණය කිරීමේ නිදහස බුදු දහමින් මිනිසාට ලබා දී ඇත. ඕනෑම අයෙකුට බුදු දහම අධ්‍යයනය කිරීමට බාධාවක් නැත. ලිංගික ආශාවන් හෝ වෙනත් ඕනෑම ආශාවක් හෝ වේවා ඒ කුමන ආශාවක්ම ඇලීමක් දක්වා වර්ධනය වන්නට ගත වන්නේ ඉතාමත් සුළු මොහොතකි. බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්ත්ව සමයේදී සොළොස්වන වියෙහිදී විවාහ පත් වීමට ප්‍රථම, කාන්තාවන් සමග හෝ යශෝධරාවන් සමග රමණයේ යෙදුනු බවක් බෞද්ධ ඉතිහාසයේ හෝ, බුද්ධ චරිතයේ හෝ අට්ඨ කතාවල හෝ සඳහන් වී නැතැයි මා සිතනවා. යමෙක්, සොළොස් විය ලිංගිකාශාවන් සපුරා ගැනීමට සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතය උදාහරණයට ගන්නේ නම් එවන් තර්කයක් ඉදිරිපත් කිරීමට සුදුසු බුද්ධියක් ඔහු සතුව අනිවාර්යෙන්ම මඳ විය යුතුය; බුද්ධ චරිතය පිළිබඳව ඇති අවබෝධය හා දැනුම මඳ විය යුතුය. මන්දයත් සිද්ධාර්ථ කුමරුන් සොළොස්වස් විය සපුරන්නේ සියළු ශිල්ප ශාස්ථ්‍රාදීන්ගෙන් හෙබි රජ කුමරෙකු ලෙසිනි. අදට එම කරුණ අපට ආදේශ කර ගත හැකිද? නැතහොත් විදේශයන්ගේ සිටිනා සොළොස් විය සැපිරූ තරුණ තරුණියන්ට සම කළ හැකිද යන්න පිළිබඳව ගැටළුවක්ද පැන නගී.
"කාමේසුමිච්ඡාචාරා වේරමණී.." යන්න "නිවන් මග එලි කරන ආර්ය ධර්මය!" අඩවියේ ලිපියක විවරණය කොට ඇති පරිදි බුදු රජුන් විසින් දේශණා කොට ඇත්තේ,
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ ගාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද බ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි. මේ මාගේ තෙවෙනි සික්ඛාවයි” යන ලෙසිනි.
"බුදු සරණ අන්තර්ජාල කලාපය" ක විවරණය කොට ඇති පරිදි කාම මිත්‍යාචාරය සිදු වන්නට සැපිරිය යුතු කරුණු 4ක් ගැන සඳහන් කොට ඇත. ඒවා නම්,
1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය
ලිංගික ඊර්ෂ්‍යාවකින් පෙළීමට කිසිදු අවශ්‍යතාවක් මා හට නොමැත. ඒ මක් නිසාද යත්, වෛශ්‍යාවන් සමග නොමිලේම ලිංගික සේවනයන්ට මාගේ මිතුරන්ගෙන් මා ලද ආරාධනාවන් මා විසින් ප්‍රතික්ශේප කළ අවස්ථා බොහෝමයක් තිබූ නිසාවෙනි. ඊර්ෂ්‍යාවක් හට ගත යුත්තේ තමාට නැති, අනුන්ට ඇති සැපතක් හෝ වස්තුවක්, දායාදයක් තමන්ට නොමැති වීම හේතුවෙන් හිතේ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව හට ගන්නා සිතුවිලි හා ද්වේශයන් අරමුණු කොට ගෙනයි.
කරන කියන හැම දෙයකටම සිත පදනම් වන නිසාවෙන් කිසිදු දෙයක් බුද්ධ ධර්මයෙන් බැහැරව අර්ථ දැක්වීමට නොහැකි බවත් සිහියෙහි තබා ගත යුතුය. බුදු දහම යනු පරලොව සෙත සලසන ධර්මයක් පමණක් නොවන බවත් සිහි ගැන්විය යුතුයි. බුදු දහමට අනුව ජීවත්ව සිටිනා කාලය තුරාවට රැස් කරනා කුසලාකුසල කර්ම පරලොව තීරණය වන්නට පිටිවහලක් වේ. ඒ කුසලාකුසලයන් ගෙවන ජීවිතයද සාර්ථකව ගෙන යාමට උපකාරී වේ. එහෙයින් වඩාත්ම බුදු දහමේ සඳහන් වී ඇත්තේ මෙලොව ජීවිතය සැපවත් කර ගන්නා ආකාරය පිළිබඳවයි. මෙලොවදී වැපිරූ බීජයන්ගේ ඵලදාව මෙලොවදීත්, පරලොවදීත් ලබන්නට උදව් වෙන එකම දහම බුදු දහම පමණකි.

මානව චර්යා | Human Behaviours,
සමාජීය | Social,
සිංහල | Sinhala
Monday, December 20, 2010
එක ගෙදරක මළ බතක් ඉදෙද්දී තවත් ගෙදරක කිරි බතක් ඉදෙන බව ඔයාලා නිකමටවත් හිතුවද? නැහැ නේද? ඇත්තටම මේ ලෝකයෙ දුක සැප කියන අටලෝ දහමේ එන අංග දෙක සමබර වෙන්නේ මෙන්න මේ විදියතයි. මළ බතක් ගෙදරක ඉදෙන්නේ කෙනෙක් පරලොව ගියාමයි. ඒත් එක්කම ඒ පරලොව ගිය කෙනා අළුත් ජීවිතයක් ලබනවා තවත් ගෙදරක. ඒ තැම මනුස්ස වාසයක් නම් කිරිබතක් ඉදෙන එක සතුටුදායක දෙයක් වෙනවා. අපෙන් වෙන් වෙන හැමෝම අපෙන් වෙන් වෙන්නේ මිය යන නිසාම නෙවෙයි. අමනාපකම් නිසාත් අපෙන් සමහරු ඈත් වෙනවා. ඒ ඈත් වීමෙත් දුක සැප දෙකම අන්තර්ගත වෙලා තියෙනවා. හිතන්න ආදරේ කරන කෙනෙක්ට තමන්ව එපා වෙලා දාලා ගියා කියලා. ඒ කෙනා යන්නේ තනියම වුනත්, ටික කාලෙකින් ඒ තනිකම ඒ කෙනාට නැති වෙනවා. ඒ මොකද එයාගේ ජීවිතයට තවත් කෙනෙක් සම්බඳ වෙන නිසා. ඒත් අපි කරන්නේ, අපිව දාලා ගිය අය වෙනුවෙන් ජීවිත කාලෙම අඬ අඬා ඉන්න එක නේද? සමහර විට අපේ ජීවිතෙනුත් වන්දි ගෙවන්න සිධ්හ වෙන අවස්ථාවල් රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයක් නැරඹුවාම හොඳට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම ටෙලි නාට්ය, චිත්‍රපට වලිනුත් ඒ බව දකින්නට පුළුවන්.
මේ හැම දෙයක්ම තාවකාලික වෙන් වීම් විතරයි. ඒ තාව කාලික වෙන් වීම් වලදී හිතට දැනෙන දුක සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඒ සුළු මොහොත පැයක්, දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් වෙන්නටත් පුළුවන්. වෑදගත්කම තියෙන්නේ ගත වෙන කාලයේ නෙවෙයි, තමන් කොයි තරම් දුරකත තමන්ගෙන් ඈත් වෙන දේ කෙරේ බැඳිලා තියෙනවාද කියන දේයි. මොකද බැඳීම වැඩි වෙන තරමත ගැලවීම අපහසු වෙන නිසා. හිතන්න මෙහෙම, අපි ගම් බෝතලයකින් ගන්න ගම් වලින් කොළ දෙකක් අලවනවාට වඩා වැඩි ඇලවීමේ හැකියාවක් තියෙන හාකොබොන්ඩ් වගේ දෙයකින් තමයි කැඩුනු බිඳුණු දෙයක් අලවන්නේ. ඒත් මේ කොයි ඇලවීමත් තාවකාලික විසඳුම් විතරයි.
අපි බැඳීම එක්ක එකතු වෙද්දී ජීවත් වෙනවා කියලා හිතුවට, බැඳීම් එක්කම අපිත් වයසට යන එකයි ඇත්තටම සිද්ධ වෙන්නේ. අපි උපන් දවසේ ඉඳලාම බැඳීම් ගොන්නකට දාවයි උපදින්නේ. මුලින්ම දෙමාපියන්ගේ බැඬීම, ඉන් පස්සේ සහෝදර සහෝදරියන්ගෙ, නෑයන්ගේ, අසල්වැසියන්ගේ, පෙම්වතුන් පෙම්වතියන්ගේ, දරුමල්ලන්ගේ ආදී වශයෙන් තමයි. මේ බැඳීම් වල්ට උපේක්ෂාවෙන් ඇලීමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද බැඳීමේ තරමින් තමයි වියෝවේ දුක්මුසු බව තීරනය වෙන්නේ. ඔය මොන බැඬීම කොහොම සිද්ධ වුනත් අනිත්මටම සිද්ධ වෙන මරණය කියන වියෝවට ඕනෑම කෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එදාට අපිත් එක්ක බැඳීම් ඇති කරගෙන ඉන්න, හිටපු කිසි කෙනෙක්ගේ සහය අපේ මීලඟ භවය සුභ හෝ අසුභ වෙන්නට උදව්වක් වෙන්නේ නම් නැති තරම්. මොකද තමන් හිසට තමන්ගේ අතම සෙවනැල්ලක් වෙන නිසාවෙන්.
මරණය ගැන ගොඩක් දෙනා දකින්නේ අසුභවාදී විදියටයි. ඒ මොකද තමන් ජීවිතේදී විඳපු සැප සම්පත් මරණය කියන සීමාව වෙනකන් විතරක් විඳින්නට සිද්ධ වෙන නිසාවෙන්. ඒ නිසා සමහරු හෙට මැරුණත් අද ජොලි කරලා කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒත් හෙට අපිව භාර ගන්න කොහේවත් කවුරුවත් නැති වෙන්නට පුළුවන්. කොටින්ම ඉපදෙන්නට මිනිස් කුසක්වත්. මනුසත් බව ලැබීම ලොකු පිණක්. ඒ විතරක් නෙවෙයි බුද්ධෝත්පාද සමයක මිනිසත්බව ලබාගෙන ඉපදෙන්නට ලැබීමත් ලොකු පිණක්. එයිනුත් බෞද්ධයෙකු වීම තවත් ලොකු පිණක්. මොකද මරණයේ සීමාව සැබෑම සීමාවක් විදියට පහු කරන්නට පුළුවන් එකම ධර්මය බුදු දහම නිසාවෙන්. ඒ කිව්වේ මරණයේ සීමාවෙන් ඔබ්බේ තියෙන ලෝකයක් නැති, ලෝකයේම අවසාන සීමාව වෙන නිර්වාණය කියන වැට කඩුල්ල පනින්නට උදව් වෙන එකම දහම බුදු දහම නිසාවෙන්.
බැඳීම හේතුවෙන් අපිට අවසානයෙදී ලැබුණු කිසිම දෙයක් නැති තරම්. මොකද ඒ හැම බැඳීමකම අවසානය කඳුළු විලක් විතරක් නිසා. එහෙව් කඳුළු වැගිරුමකින් තොර වුණු බැඳීම් ලිහිල් වුණු මරණයකට මුහුණ දෙන්න අපි කවුරුත් පුරුදු වෙන්නට ඕනේ. අපිට ලංව ඉන්න ගොඩක් දෙනා අන්තිම හුස්ම පිට කරන්න අවුරුදු ගාණක් තිබියදීම අපෙන් නොයෙක් හේතූන් නිසා ඈත් වෙන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නම් නෙවෙයි. ඒ හිත් අමනාපකමක් නිසා හරි, ආරවුලක් නිසා හරි, සමාජ විරෝධී වැදක් නිසා හරි වගේ කුමක් හෝ අතපසු වීමකින් හරි, වැරදි හැසිරීමකින් හරි නිසා වෙන්නට පුළුවනි. මේ හැම දෙයක්ම පන්සිල් බිඳීමට ගොනු කරන්න පුළුවන් කියලා කීවොත් වැරදෙන්නට ඇති ඉඩ කඩ බොහෝ අඩුය.
බැඳීම අඩු තැන දුක නැති බව තේරුම් ගන්න පුළුවන් කමක් දැන් තියාම ඇති කර ගන්නට අවශ්‍ය වෙන්නේ තමන් හැරදා යන උදවිය තවත් අයෙක් සතුටු කරනා නිසාවෙනි. එවන් අය වෙනුවෙන් හඬා වැළපීමෙන් පලක් නැති තරම්ය. තමන්ගේ වෑයමින් අවසන් සීමාව පහු කරන්නට මේ පෝය දවසේදී තීරණය කරන්නට පුළුවන් නම් වඩා සුදුසු වෙනු ඇත. එවිට මළ බතත් කිරි බතක් වනු ඇත.

නාසා ආයතනය පවසන පරිදි නම් නෙවෙයි ආයෙමත් ලෝකෙට හඳ පායන්නේ නැත්තේ. ඇත්තටම හඳ නොපායා තිබුනොත් ලෝකය මොන වගේ වේවිද? දවල් කාලයේදී ඉරෙන් දෙන උණුසුම තුනී කරන්නේ රෑට පායන හඳෙන්. ඒත් මේ ලිපිය ලියන්නට ඇත්තම හේතුවට, වැදගත් කමට විශේෂ තැනක් අයිති වෙනවා මේ කාලය ඇතුලතදී.
දෙසැම්බර් මාසයේ දොළොස් වෙනිදා කියන්නේ බෞද්ධ අපි කාටත් අමතක නොවෙන විශේෂ දිනයක්. මේ විශේෂත්වය සතුටු වෙන්නට පුළුවන් විශේෂත්වයක් නම් නෙවෙයි. එදා තමයි අපිට පායපු හඳ, අපිට නොපෙනී ගියපු දවස. හරියටම කියනවා නම් ලංකාව උඩින් හැමදාමත් පායපු හඳ මින් ඉදිරියටත් නොපායන්න තීරණය වුනු දවස. මේ දවස මගේ ජීවිතේට තවත් වැදගත් දවසක් වෙනවා. සතුටු වෙන්න පුළුවන් දවසක් විදියට ඒ දවස උදා වුනත් අන්තිමට අවසාන කරන්න වුනේ හිතේ මේ නිසා දුකකුත් තියාගෙන. සතුටක් දැනුනා නම් ඒ, මගේ සාමාන්‍ය පෙළ විභාගයේ අවසාන දවස වීම හේතුවෙන්.
මෙහෙම කියන කොට කාට කාටත් තේරුම් ගන්නට පුළුවන් මේ ලිපිය මොන දෙයක් එක්ක සම්බන්ධද යන වග. ඇත්තෙන්ම එදා ආයෙත් නොපායන්නට ඉරණම තීරණය වුනු ඒ පුර හඳ ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. දශක තුනකට ආසන්න කාලයක් පුරාවටම ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් හඬ නැගූ මෑත භාගයේ හිටි එකම යතිවරයාණන් වහන්සේ හැටියට ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන කියන්නට පුළුවන්. මොකද ජාතියේ නැගීම වෙනුවෙනුත් පරිහානියට පත් වෙමින් තිබුණු බුදු දහමේ විවිධ පැතිකඩ ගැන ඉබාගාතේ, මිත්‍යාදෘෂ්ඨීන් පස්සේ දුවන සිංහල බෞද්ධ ජනතාවගේ ඇස් පාදන්නට ලංකා ධරණි තලයට පහළ වුනු සිංහ නාදයක් වැනි උන්වහන්සේගේ දේශන කෞශල්‍යයේ නිහැඬියාව අද අපට තදින්ම දැනෙන කාරණාවක් වෙලා.
හදිසියේ අභිරහස් විදියට සිද්ධ වුන උන්වහන්සේගේ අපවත් වීම අද වෙද්දී හැම දෙනාටම පාහේ අමතක වෙලා ගිහින්. ඒත් ඒ ගැන පිහිටවපු කමිටුවෙන් යම් තාක් දුරකට ඒ සම්බන්ධව කරුණු හෙළිදරව් කරගෙන තියෙන බවත් කිව යුතු දෙයක්. මේ ලිපිය අවසානයේදී ඒ ගැන සොයා ගැනුනු වීඩියෝ පටයකුත් මම මේ ලිප්යෙන් ඔයාලට පෙන්වන්නටයි හිතුවේ. උන්වහන්සේ ආරම්භ කළ මාර්ගයේ ගිය බොහෝ තරුණ පිරිස්, උන්වහන්සේගෙන් අනතුරුව උන්වහන්සේගේ සිංහ නාදය තුරුම්පුවක් කරගෙන රට නගන්නට ඉදිරියට ආ අතලොස්සක් පමණ දෙනා ගැන අවධානය යොමාගෙන සිටියේ, මින් මතුවට රටේ බෞද්ධාගමේ චිරස්තිථිය වෙනුවෙන් ඒ අතලොස්සක් දෙනා කටයුතු කරාවි යන බලාපොරොත්තුවෙනුයි. ඒත් සිද්ධ වුනේ ඒ අනුගාමී අතලොස්සත් නරා වලකට ඇද වැටුනා හා සමාන දෙයක්.
කොහොම නමුත් අද සෝම ස්වාමීන් වහන්සේගේ හෙවනැල්ල ආයෙමත් මේ රටින් මැකිලා යන්නට පටන් අරගෙනයි තියෙන්නේ. සමහර සිවුරු පොරවාගත් ඉලන්දාරී, වෙළෙන්ඳන් නා නා ප්‍රකාරයේ දේවල් රටේ බෞද්ධ ජනතාවට හුරු පුරුදු කරමින් ඉන්න බව මාධ්‍ය වලින්ම පෙනෙන්නට තියෙන කාරණාවක්. ඉන් එකක් තමයි මහායාන දර්ශනයේ එන බෝධිසත්ත්ව වන්දනාවට මිනිසුන් හුරු කරවීම. මේ ගැනත් කලින් මට ලිපියක් පල කරන්නට අවස්ථාව උදා වුනා. ඒ වගේම සෝම හිමියන් තරයේ ප්‍රතික්ෂේප කරපු බුදු දහමට අලලපු හින්දු දේව ඇදහිල්ල වගේම හින්දු දේව විශ්වාසය, අද තවමත් ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප කර නැති වීමත් මතක් කරන්නට ඕනේ දෙයක් වෙලා. මොකද උන්වහන්සේලා විසින් හැම බණක් අවසානයේදීම හින්දු දෙවි වරුන්ගේ නම් පවසමින් ඒ අයටත් පිං අනුමෝදන් කරවන්නට අමතක නොකිරීම හේතුවෙන්.
පන්සිල් රැකීමෙන් ආරම්භ වෙන ආර්ය මාර්ගයේ ගමන් කිරීමයි උන්වහන්සේ සිංහල බෞද්ධයන්ගෙන් බලාපොරොත්තු වුනේ. ඒ අතරේදී රට ජාතිය වෙනුවෙන් හඬක් නගන්නටද උන් වහන්සේ ගත් වෑයම සුළුපටු කර සලකන්නට කොහෙත්ම බැරි තරම්. ඒ බව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී ඔයාලා හැමෝටම දකින්නට ලැබෙන්න ඇති රැස් වෙලා හිටි සෙනඟින් වගේම වැගිරුණු කඳුළු ගංගා වලින්ම.
සෝම හිමියන්ගේ හෙවනැල්ල අද ලංකා ධරණි තලයට නොවැටුණාට උන්වහන්සේගේ අඩි පාරේ යන ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේලා රැසක් ඉන්නා බවත් මතක් කළ යුතුයි. කොටින්ම සෝම ස්වාමීන් වහන්සේගේ දේශන ශෛලියෙන්ම, ඒ හඬින්ම ධර්මය දේශණා කළ හැකි යතිවරයාණන් වහන්සේලා දෙනමක්ම දැනට වැඩ වාසය කරනවා. මටත් උන්වහන්සේලාගේ ධර්ම දේශනයන් අහන්නට ලැබිලා තියෙනවා. ඒ රූපවාහිනියෙන් වගේම ගුවන් විදුලියෙන් විකාශය වුණු ධර්ම දේශනා වලින්. කොහොම නමුත් කණට ඇහෙන ශබ්ධ රසයට වඩා මනසට වැටෙන ධර්ම රසයයි ධර්ම දේශනාවකින් ලැබිය යුත්තේ. ඒ නිසා සෝම සමිඳානන්ගේ මතකය මේ දෙසැම්බරයේ ආයෙමත් මතු කරන්නට මේ ලිපිය උදව්වක් වෙන්නට ඇතැයි මම හිතනවා.
සෝම ස්වාමීන් වහන්සේගේ රුසියාවේදී සිදුවූ අබිරහස් අපවත්වීම පිළිබඳව කරුණු සෙවීමට පත් කළ කමිටුවෙන් ඉදිරිපත් කළ වීඩියෝ පටය.

Sunday, December 5, 2010
මීට කලින් පළ වුනු ලිපියේ සඳහන් වුනේ මෑතකදී නිකුත් වුනු චිත්‍රපටයක් ගැන නේ. ඉතින් ඒ ලිපියේ අග භාගයේදී හිතන්නට යමක් ඉතුරු වුනා නම්, ඒ හා සම්බන්ධව යමක් පවසලා තියෙනවා නම් ඒ ගැන කතා කරන්නටයි මේ ලිපියෙන් අදහස් කරන්නේ. ඒ ලිපිය ඔයාලා කියෙව්වා නම් ඒකේ සඳහන් කරලා තියෙනවා බුදු රජාණන්වහන්සේ ගැනත්. මේ ලිපියේ මාතෘකාව ගැන කියද්දී නම් අවතාර පිළිබඳව කියන, අදෘශ්‍යමාන බලවේග හා සම්බන්ධ දෙයක් ලිපියක් නොවෙන බව පහුගිය ලිපියෙන් දැන ගන්නට ඔයාලට පුළුවන් වේවි.
අවතාර්වරයෙකු කියන්නේ ආධ්‍යාත්මීය බලයෙන් භූත හතර නම්‍යකරණය කරන්නට පුළුවන්, එහෙමත් නැත්නම් දමනය කළ හැකි පුද්ගලයෙක් හැටියටයි පසුගිය ලිපියෙන් සඳහන් වුනු කතාවේ කියැවෙන්නේ. භූත ලෙසින් මෙහිදී හඳුන්වන්නේ බුදු දහමේ සඳහන් වෙන පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ කියන සතර මහා භූත රූපයනුයි. මා මුලින් සඳහන් කළ කතාවේ මේ සතරට ලැබී ඇති අර්ථයන් වඩාත් පැහැදිලි වන්නේ ඒවාට යොදා ඇති වචන වලින්. ඒ, භූමිය (Earth), ජලය හෝ දිය (Water), ගිනි හෙවත් අග්නි (Fire) සහ වායු (Air) වශයෙන්. මේ හතර බුදු දහමේත් මීට වඩා අර්ථ නිරූපණයන්ට බඳුන් වෙලා තියෙනවා. නමුත් බුදු දහමින් පෙන්වා දෙන අර්ථ දැක්වීම ඉතාමත්ම ගැඹුරුතාවකින් සහ හරයකින්ද යුක්තයි.
අවතාර්වරුන් පුනරුප්පත්තිය ලබන පිරිසක්. ඔවුන් පහළ වන්නේ සැලකිය හැකි කාල පරාසයක් ඇතුලතදීයි. එහෙමත් නැතිනම් ඔවුනගේ ක්‍රියාකාරීත්වය ආරම්භ වන්නේ වර්ෂ ශතකයක් තුලදී පමණ බවත් හිතන්නට පුළුවනි. බුදු කෙනෙකුන්ගේ පහළ වීමකට වඩා අවතාර්වරුන්ගේ පහළ වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවන්නේ ඔවුන් පුනරුප්පත්තිය ලබනා නිසාවෙන් විය හැක. මන්දයත්, බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නට ගත වෙන කාල පරාසය වර්ෂ ශතකයක් නොව වර්ෂ අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් තරම් දක්වා වත් දීර්ඝ වන නිසාවෙනි. ඊට හේතු වන්නේ බුදුවරුන් නිර්වාණයට පත් වීමයි.
බුදුවරයෙක් ලොවට පහළ වන්නේ ලෝකවාසීන්ට ධර්මය දේශණා කොට චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරවා ඔවුන්ව යහ මගට ගෙන ආර්ය ප්‍රතිපදාවේ පිහිටුවීමට උපකාර කිරීම සඳහායි. ඒ වගේම බුදු රජාණන් වහන්සේ නමක් සතුව අපරිමිත, සැසඳුමකට ලක් කළ නොහැකි අයුරේ ශක්ති ප්‍රමාණයක් සහ හැකියා කෞශල්‍යයක් අන්තර්ගතව පවතී. බුදු කෙනෙකුන්ගේ ගුණ සමුදාය පිළිබඳව කතා කර අවසන් කළ නොහැකි යැයි පවසන්නේද එනිසාවෙන්. එමෙන්ම ලෝකයේ අසරණ වන්නන් හටත්, යහමගට ගත හැකි යමෙක් වේ නම් ඔවුනටද පිහිට වීම බුද්ධ චරිතයේ එන තවත් වැදගත් ගුණාංගයක් වෙනවා. ඒ වගේම උදාහරණයක් ලෙසින් ගෙන හැර පෑවොත්, රෝහිණී ගංගාවේ ජලය වෙනුවෙන් පැවති සටන, චූලෝධර මහෝධර සටන සහ තවත් ආකාරයේ දෙකඩ වීම් ආදීය පවා උන්වහන්සේගේ ආශ්චර්යයෙන් මැඩ පැවැත්වීමටද උන්වහන්සේට හැකියාව තිබිණ.
අවතාර්වරුන්ද ලෝකයට පහල වන්නේ ලෝකයේ සමබරතාව රැකගෙන අසරණ පුද්ගලයන්ට පිහිට වී අසාධාරණයට විරුද්ධව නැගී සිට එය සමථයකට පත් කිරීම සඳහායි. නමුත් මොවුනගේ ශක්ති සම්පන්නභාව කිසි විටෙකත් බුදුවරුන්ගේ ගුණ සහ ශක්ති සම්පන්න භාවයට අංශු මාත්‍රයකින්වත් සම කළ හැකියාවක් නැති බවත් කියන්නට ඕනි. නමුත් මෙහිදී යොදාගෙන ඇති සංකල්ප වල සමතාවක් පැවතීම විශේෂත්වයක් ලෙසින් දකින්නට පුළුවන්. ඉහත සඳහන් කළ ආකාරයට ලෝකයේ යම් රාජධානියක් අභිභවා යමෙක් නැගී සිටීමට තැත් කිරීමේදී සිදු වන මිනිස් සහ දේපළ සංහාරයන් මැඩලීමට අවතාර්වරුන්ගේ සහය ලෝකවාසීන් බලාපොරොත්තු වෙයි.
බුදු රජාණන් වහන්සේලා හට ප්‍රාතිහාර්‍ය පෑමේ විශේෂ හැකියාවක් ඇති නමුදු එය අනවශ්‍යාකාරයෙන් ප්‍රයෝජන ලැබීමට යොදා නොගන්නා උත්තම කොට්ඨාශකයකි. එය නිවැරදි අවස්ථාවේදී, නිවැරදි ආකාරයට අවබෝධයෙන් යුතුව හසුරවීම ඔවුන් සතු හැකියාවක්ද වෙනවා. එවන් ප්‍රාතිහාර්‍ය පෑ අවස්ථා පිළිබඳව බුද්ධ චරිතයේ සඳහන් වනවා. මින් ප්‍රධානතම ප්‍රාතිහාර්‍ය ලෙසින් හඳුන්වන්නට හැකි වන්නේ බුදු රජුන් අහසට නැග යමා මහ පෙළහර පෑම නැමැති ප්‍රාතිහාර්‍ය සිදු කිරීමයි. මෙවන් ප්‍රාතිහාර්‍යයන් පෑමට හැකි ලොව එකම පුද්ගලයා බුදු කෙනෙකුන් පමණකි. මෙහිදී උන්වහන්සේ එකම අවස්ථාවකදී ශරීරයෙන් ගිනි සහ ජලය පිට වනවාක් මෙන් පෙන්වීම එම ප්‍රාතිහාර්‍යයයේ ස්වභාවයයි. මෙය සිදු වන්නේ චිත්ත ක්ෂණ එකකට පසු අනික වශයෙන් නොගිණිය හැකි කුඩා කාලයකදී ඇති කරමින් නැති කරමින් පවත්වා ගැනීමයි. වඩා හොඳින් පැහැදිලි කරනවා නම් එක් චිත්ත ක්ෂණයක් පවතින්නේ නොගිණිය හැකි තරම් කුඩා කාලයක් පමණක් වීමත්, එක් අවස්ථාවකදී ගින්දර පිට වීම හා අනෙක් අවස්ථාවේදී ජලය සිරුරෙන් පිට වෙන ලෙසින් විදහා පැම කෙටි කළකදී දිගින් දිගටම සිදු වීම හේතුවෙන් ජලයත් ගින්දරත් එකම මොහොතේ පිටවන්නාක් මෙන් දිස් වීම මෙම ප්‍රාතිහාර්‍යයේ ඇති සුවිශේෂී ලක්ෂණයයි. එමෙන්ම අහසට නැග සිටීම පවා ආධ්‍යාත්මික ශක්තියෙන් සහ අධිශ්ඨාණයෙන් යුතුව සිදු කිරීම බුදු වරුන් සතු ප්‍රාතිහාර්‍ය ගුණ ශක්ති හැකියාව නිරූපණය කරන්නක්.
අවතාර්වරුන් මේ ආකාරයේම නොවූවත් මීට වෙනස් අන්දමින් මේ පදාර්ථ හෙවත් භූත රූපයන් හසුරුවීම සිදු කරයි. නමුත් ඒ තමන්ගේ මෙන්ම අනුන්ගේද යහපත උදෙසා විය හැකියි. මොවුනට වාතය, ජලය, පස් හෝ භූමිය සහ ගින්දර අවශ්‍ය ආකාරයට හසුරුවමින් නොයෙකුත් වැඩ සිදු කිරීමට හැකි ආධ්‍යාත්මීය ශක්තියක් පවතී. නමුත් මේවා ප්‍රාතිහාර්‍යයන් ලෙසින් නොව සැබෑ වශයෙන් පදාර්ථයේ හැසිරවීමක් ලෙසින් දකින්නට පුළුවනි. නමුත් එම කතාවට අනුව එය මිත්‍යාවක් ලෙසින්ද සැලකිය හැකි වන්නේ එවන් පුද්ගලයන් ලොව නොමැති හෙයිනි. නමුත් මානසික ශක්තිය උපයෝගයෙන් යකඩ හැඳි නවනා පුද්ගලයින් අපට දකින්නට ලැබී තියෙනවා. ඒ සත්‍ය ලෝකයේදී මානසික ශක්තියෙන්ද, දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන්ද යන්න පිළිබඳව තවමත් සැක සහිතයි.
ඉතින් මේ ලිපියෙන් සඳහන් වූයේ බුදුවරුන්ගේ ගුණ හැකියාවන් සංකල්පයක් ලෙසින් අවතාර්වරුන් නිර්මාණය සඳහා යොදා ගෙන ඇතිද කියන පුද්ගලික විමසීමක් මත පමණක් බවත් මතක් කරන්නට ඕනේ. මන්දයත් බුදුවරුන් හා සැසඳිය හැකි වන්නේ තවත් බුදුවරයෙක් පමණක්ම නිසාවෙනි.

Sunday, October 10, 2010
සමහර විට බොහෝමයක් බෞද්ධයන් දන්නේ නැතිව ඇති මේ දේ ගැන. මොකද මේ ලිපියේ මාතෘකාව අපේ බෞද්ධ ජනතාවට බොහෝමත්ම වටින කාරණාවක් වෙන නිසාවෙන්. ඒත් චාරිත්‍රයට හරි නැත්නම් පුරුද්දට හරි පරම්පරාවෙන් හරි දායාද වෙලා තියෙන දැනුමක් නිසා පිළි ගන්න දෙයක් වෙලා.
බෞද්ධයන් හැටියට අපි දන්න දෙයක් තමයි බුදු රජාණන් වහන්සේ අපේ රටට තුන් වතාවක් ම වැඩම කළ බව. ඒ පළමු වරට මහියංගනයටත්, දෙවෙනි වතාවෙදි නාගදීපයටත් සහ තුන් වෙනි වතාවෙදි කැළණියටත් යනාදී වශයෙන්. මේ වැඩම වීම් සිද්ධ වුනේ මේ ප්‍රදේශ වලට පමණක් නම් නෙවෙයි. ඒ බව අපිට සුපුරුදු ගාථාවකින්ම දැන ගන්නට පුළුවන්. "මහියංගනං නාගදීපං කළ්‍යාණං පදලාංඡනං..." ආදී වශයෙන් කියැවෙන ගාථාව බෞද්ධ බොහෝ දෙනා දන්න කියන ගාථාවක්. මේ ගාථාවෙන් කියැවෙන්නේ බුදු රජාණන් වහන්සේ අපේ රටට වැඩම කළ අවස්ථාවන් වලදී වැඩ සිටි අපි පූජණීයත්වයෙන් සළකන ස්ථාන දහසයක් ගැන. මේ ගාථාව අපි හඳුන්වන්නේ සොළොස්මස්ථාන වන්දනා ගාථාව කියලායි. ඒ, බුදු පා පහස ලද ස්ථාන දහසයක් ගැන කියැවෙන නිසාවෙන්.
මේ ගාථාවෙන් කියවෙන එක ස්ථානයක් ගැනයි මේ ලිපිය ලියන්නට හේතු පාදක වුනේ. මොකද අපේ බෞද්ධයින් යන වැරදි මාර්ගයකින් ගලවා ගන්නට පොඩි හරි උදව්වක් වේවි කියන හැඟීමෙන්. මිත්‍යා ධර්ම පස්සේ අන්ධ භක්තිකයන් වගේ අපේ බෞද්ධයින් දුවන දිවිල්ලෙන් ඔවුන්ව ගලවා ගන්නට අංශු මාත්‍රයකින් හරි මේ ලිපිය උදව් වේවි කියලා මම හිතනවා.
මේ ගාථාවේ එක ස්ථානයකදී කියවෙනවා "...තථා කාඡරගාමකං..." කියලා ස්ථානයක් පිළිබඳව. මේ තැන මොකද්ද ඇත්තටම. මේ තමයි අපේ රටේ දකුණු පළාතේ තියෙන කතරගම කියන ප්‍රදේශය. ඒ කියන්නේ "කාඡරගාම" හෙවත් කතරගම කියන්නේ බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයට පත් වුණු උතුම් පුද බිමක්. මේ කතරගම ප්‍රදේශයේ ආගමික දර්ශණ දෙකොට්ඨාසයකට අදාල ආගම් දෙකක පූජා ස්ථාන දෙකක් ඉදි කරලා තියෙනවා. එකක් තමයි බෞද්ධ සිද්ධස්ථානයක් වෙන කිරි වෙහෙර. ඒ බුදු රජුන්ගේ වැඩමවීම සනිටුහන් කරනුවස් ඉදි වුනු ස්ථූපයක්. අනිත් අතට හින්දු භක්තිකයන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් ඉදි කරනු ලැබූ කතරගම දේවාලය. මේ පූජා භූමි දෙකම පිහිටලා තියෙන්නේ කතරගම ප්‍රදේශයේ.
නමුත් තියෙන ගැටළුව නම්, බෞද්ධයින් වැඳ පුදා ගන්නට මුලින්ම යන්නේ කිරි වෙහෙරටද යන්නයි. හින්දු භක්තිකයින් කිරි වෙහෙර වඳින්නට පැමිණෙනවාද යන්නයි. බෞද්ධයෙක් කතරගම යා යුත්තේ කිරි වෙහෙර වන්දනා කිරීමට මිසක කතරගම දේවාලය වන්දනා කරන්නට නම් නෙවෙයි. අපේ රටේ බිහි වුන තවත් එක් සංස්කෘතික පසුබිමක් බැලීමට යනවා කියන අරමුණින් කතරගම දේවාලය බැලීමට යාම වරදක් නෙවෙයි. ඒත් පුද පූජා, බාර හාර පැවැත්වීමට කතරගම දේවාලයට යාම කිසිසේත්ම අනුමත කළ නොහැක්කක්. බුදු රජාණන් වහන්සේ වැඩම කළ ස්ථානයක් වන්දනා කිරීමට යනවාය කියනා හැඟීමෙන් කතරගම යන කෙනෙකුන් හට කුසලානිසංස රැස් වෙනවා වගේම, කතරගම දේවාලය වන්දනා කිරීමට යන අරමුණින් කතරගම යන බෞද්ධයිනට ඒ දිහාවට තබනා පියවරක් පාසාම අකුසල කර්ම රැස් වෙනවා.
ඊට හේතුවක් තියෙනවා. බුද්ධ දේශනයේ හැටියට බෞද්ධ දර්ශනය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ශණය මත පදනම් වුනු ධර්මයක් වීමත් හින්දු දහම නිත්‍ය, සුඛ, ආත්ම මත පදනම් වුනු දහමක් වීමත්, බුදු දහම වැනි නිර්මල දහමක සිට බුද්ධ දේශනාවට නමස්කාර කරමින් හින්දු දහමේ ගැතියන් වීමට යාම හේතුවෙන් බුදු රජාණන් වහන්සේ හට කරන නිගාවක් වෙන නිසාවෙන්. "කතරගම යමු" කියන වහාම බොදුනුවෙකුට මුලින්ම මතකයට එන ස්ථානය කතරගම දේවාලය නම් ඒ ඔහු කර ගන්නා තවත් අකුසල කර්මයක් වෙනවා.
මගේ කලින් ලිපි කිහිපයකම මම සඳහන් කළා බාර හාර පුද පූජා පැවැත්වීමෙන් කිසිවක් ලබන්නට කරන ඉගැන්වීමක් බුදු දහමේ නොමැති බව. එය එසේ නම්, කතරගම දේවාලයේ සිටිනා දෙවි වරුන්ගේ ආශිර්වාදය ලබන්නට බුදු රජාණන් වහන්සේ වැඩි පුද බිම අමතක කරන්නට තරම් බෞද්ධයන්ගේ හිත් මිත්‍යා දෘශ්ඨීන්ට මොන තරම් නම් යට වෙලාද යන්න ගැන දෙවරක් සිතිය යුතු කරුණක් වෙලා තියෙනවා. ඒ නිසා බෞද්ධයෙකු කතරගම යා යුත්තේ කිරි වෙහෙර වැඳීමට මිසක කතරගම දේවාලයේ ඉන්නා දෙවියන්ගේ බැල්මට හසු වීමට නොවෙන බව මතක තියා ගත යුතු වෙනවා. ඒ නිසා බෞද්ධ කම රැක ගන්නට මිත්‍යා අන්ධකාරයෙන් ගැලවෙන්නට අපේ බෞද්ධ හැමට නුවන පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Saturday, October 9, 2010
පවුලක් පුංචි වෙන තරමටම නඩත්තුවත් ලේසි පහසු දෙයක් වෙනවා කියලා සමහරෙක්ට හරිම ලේසියෙන් කියන්න පුළුවන් වේවි. මොකද මේ සංකල්පය දැනට ක්‍රියාත්මකව පවතින්නේ චීනය, ජපානය වගේ ජනගහණය අධික රටවල නේ. ඒ නිසා ඒ රටවල රජය විසින්ම පවුල් සංස්ථාවේ වැඩීම පාලනයට පත් කරලායි තියෙන්නේ. ඒ රටවල් පැත්තකින් තිබ්බොත් අපේ රටේත් ඔය කාරණාව යම් කාලයකින් පස්සේ මුල් බැසගෙන තියෙන සංකල්පයක් වෙලා.
මේ වගේ සංකල්ප ගොඩ නැගීමට වගේම ඒවාට අනුකූලව පවුල් සංස්ථාව නිර්මාණය කරන්නට බොහෝ දෙනාට හේතු වෙන එක ප්‍රධාන කාරණාවක් තමයි ජීවන බර වැඩි වීම. එහෙමත් නැති නම් උවමනාවක් නැති වීම. මීට අමතරව සංස්කෘතිකමය වෙනස්කම් පවා වක්‍රාකාරයෙන් මීට හේතු භූත වෙනවා කියන්නට පුළුවනි. ඒ බටහිරින් පැමිණි කුඩා පවුල් ක්‍රමය නිසාවෙන්.
ඇත්තටම අද මේ රටේ පවුලක් ගත්තොත් ඒ පවුලේ බොහෝ විට තුන් දෙනෙක්ගෙන්, හතර දෙනෙක්ගෙන් විතරක්ම සීමා වෙනවා. මේ පුද්ගල ප්‍රමාණයෙන් ආච්චී සහ සීයා කියන පුද්ගලයන් ඉවත් කළ යුතු බව මතක තියා ගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. අද කාළයේ පවුලක් බොහෝ විට දරුවන් එක්කෙනෙක්ගෙන් හෝ දෙන්නෙක්ගෙන් පමණයි සමන්විත වෙන්නේ. මේක ඒ පවුලේ නඩත්තුවට ලොකු පහසුවක් වෙන්නට පුළුවනි. ඒත් ඒක විවිධ කාරණා හේතුවෙන් අභාග්‍ය සම්පන්න දෙයකුත් වෙනවා.
පවුල් වල ප්‍රශ්ණ ඇති වෙන්නටත් මේ ආකාරයේ පවුලක කුඩා කම හේතු පාදක වෙනවා. විශේෂයෙන්ම දරුවන් අතරේ උද්ගත වෙන ප්‍රශ්ණ නිසා. මේවා දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලකදී විසඳන්නට ඔවුනොවුන් අතරට කිසිවෙකුගේ මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැති තරම්. ළමා අවධියේ ඉඳන්ම දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලක එකිනෙකා අතරේ ඇති වෙන වරප්‍රසාධ සඳහා වෙන සටන්, එකිනෙකාට ඉර්‍රශ්‍යයා කිරීම් වැඩි මහළු වෙද්දීත් ඒ ආකාරයෙන්ම දකින්නට පුළුවන්.
ඒත් මීට දශක කීපයකට පෙර හිටි අපේ ජනතාව පුංචි පවුල රත්තරන් කියලා නම් හිතුවේ නෑ. ජීවන බර කොයි තරම් වැඩි වුනත් දරුවන් පස් හය දෙනෙක් අවමයේ තබා ගෙන දුසිමකටත් වඩා උපරිමයක් කරා ගිය අවස්ථාවන් අපේ ආච්චිලා සීයලාගෙන්ම අහන්නට අපට ලැබිලා තියෙනවා නේද?
මේ වගේ කුටුම්බයක් ඒ කාලයේ විතරක්ම නෙවෙයි, එහි වාසය කළ දරුවන් මේ වන විටත් එකමුතුව එකිනෙකා සමග සහයෝගයෙන් ආදරයෙන් ජීවත් වෙනවා කීවොත් පිළිගන්න අමාරු කාරණයක් වේවි බොහෝ දෙනාට. ඒත් ඇත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් වුනු දෙයක්. මේ වගේ විශාල පවුලක සතුට, සමගිය දශක ගණනාවක් ගත වුනත් මේ දක්වාමත් නොකැඩී නොබිඳී පවතින දෙයක්. මේ වගේ දරුවන් පස් හය දෙනා ජීවත් වෙන පවුලකදී ඔවුන් එකිනෙකා අතරේ ආරවුල් ඇති වුනත් අනිත් සහෝදර සහෝදරියන්ගේ මැදිහත් වීම නිසාවෙන් ඔවුනොවුන් අතරේ ඇති වෙන තරහ මරහ වල පැවැත්ම ඉතාමත් කෙටි කාලීනයි. එකිනෙකා උදව් කර ගැනීම වගේ දේවල් ඇති තරම් මේ වගේ පවුල් වල දකින්නට පුළුවන්. එකෙකු වැටෙද්දී ඔහුට හෝ ඇයට වැටෙන්නට ඉඩ නොදී ඔසවා තබා ගන්නට එකිනෙකා අතරේ තියෙන ලේ බැඳීම බෙහෙවින්ම ඔවුනට උපකාරී වෙන දෙයක්.
එවැනි පවුල් වල දෙමාපියන් නොකා නොබී දරුවන්ට ලබා දෙන සැප සම්පත් පසු කාලයකදී ඒ හැම දරුවෙකුගෙන්ම ඒ දෙමාපියන් හට අනිවාර්යෙන්ම ලැබෙනා බව සමාජයේ වෙසෙන බොහෝමයක් එවැනි පවුල් වලින් දකින්නට පුළුවන් දෙයක්. ඒත් අවාසනාවකට අද ලොකු පවුල රත්තරන් කියනවා වෙනුවට පුංචි පවුල රත්තරන් කියන සංකල්පය අපේ රටේ පවුල් සංස්ථාවට තදින්ම කා වැදිලා තියෙන අභාග්‍ය සම්පන්න කරුණක් වෙලා.
අද පවුල් වල දකින්නට ලැබෙන්නේ එක දරුවෙක් හෝ දෙන්නක් විතරමයි. තනියම ඉන්නා දරුවෙකු දකින ලෝකය හරිම ආත්මාර්ථකාමී ලෝකයක් කියන්නට පුළුවන්. ඒ වගේම සමාජයේ ඇසුරින් කුඩා කාළයේදීම ඈත් වූවෙකු වෙන්නත් පුළුවන්. මොකද සහෝදර සහෝදරියන් හත් අට දෙනෙකු ඉඳීමම ඔවුන් එකිනෙකාට සමාජය නිවස තුලදීම දකින්නට ලැබෙන අවස්ථාවක් නිසා. දෙදරු පවුල් පිළිබඳව කියන්නට ඇත්තේද ඒ වගේම දෙයක්.
මේ කාරණාව වැඩිපුරම බලපා තියෙන්නේ සිංහල බෞද්ධ ජනතාවටයි. ඇත්තෙන්ම මුස්ලිම් පවුලක දරු මල්ලන් පස් හය දෙනෙක් අඩු තරමින් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ජාතිය අනිවාර්යෙන්ම වැඩෙමින් පවතිනවා. නමුත් අපේ සිංහලයන්ගේ පවුල් වල දරුවන් දකින්න ලැබෙන්නේ එක්කෙනෙක්, නැත්තන් දෙන්නෙක්, එහෙමත් නැත්තන් කිසිම කෙනෙක් නැතිව. මේ නිසා සිංහල ජාතිය කෙමින් කෙමින් වර්ධනයේ දුබලතාවක් පෙන්වනවා කියන්න පුළුවනි.
මේ හැම කාරණාවක්ම සලකලා බැලුවාම තෙරුම් ගන්නට උවමනා වෙන්නේ පුංචි පවුලක් ගොඩ නැගීම රත්තරන් හා සම කළ නොහැක්කක් බවයි. ඒ නිසා මළකඩටත් අන්ත පුංචි පවුලෙන් මිදීමයි මින් ඉදිරියට කළ යුතු වෙන්නේ.

Wednesday, October 6, 2010
දරු සම්පත කියන්නේ ඕනෑම දෙමාපියෙක්ටම වටිනාම සම්පතක්. ඒකේ වටිනාකම කියා නිම කරන්නටත් බැරි තරම්. ඒක එහෙම වුනත් දරු සම්පත අසම්පතක් වෙන දෙමාපියනුත් සමාජයේ දකින්නට ලැබෙනවා. මේ ලෝකයේ උපත ලබන්නට බලා සිටින දරුවන් පවා ලෝකයෙන් තුරන් කරන දෙමාපියන් මේ ලෝකයේ අනන්ත අප්‍රමාණව සිටිනවා. වැඩි දුරක් ගැන හිතනවට වඩා මේ ලංකාවේම ඒ වගේ පිරිස් දකින්නට ලැබෙනවා. දුගී දුප්පත් කම නිසාවෙන් හෝ වේවා, අසරණ කම නිසා හෝ වේවා, ලැජ්ජාව නිසාවෙන් පුංචි දරුවන්ගේ ගෙල සිඳින්නට මව් පියවරු උත්සාහ ගන්නේ මොන තරම් නම් පාපිෂ්ඨ සිතුවිල්ලක් හිතැ'තිවද කියලා වෙලාවකට සිතෙනවා.
කාමය වරදවා හැසිරීම කියන සිල් පදය බිඳ හෙලීම මේ වගේ දරුවන්ගේ ජීවිතය නැති වන්නට එක් කාරණාවක් වෙනවා. කාන්තාවක් තම සැමියාගෙන් පරිබාහිරව වෙනත් පුරුෂයෙක් සමග සම්බන්ධ වීම හෝ පුරුෂයෙකු තම බිරිඳගෙන් පරිබාහිරව වෙනත් කාන්තාවක් සමග සම්බන්ධ වීම මේ කාමය වරදවා හැසිරීමට ගැනෙන ප්‍රධාන කාරණාවක්. යමෙක් ඒ විදියෙන් ලබන කායික තෘප්තිය ඒ මොහොතේදී පමණක් ලබනවා කියලා සිතන්නට අමාරුයි. මන්දයත් ඒ මානසිකත්වය ඉතාමත් දූෂිත සිතුවිලි සමුදායක් නිරන්තරයෙන් තමන්ගේ සිතට අරමුණු ඇති කරවීමයි. ඒ කොහොම වෙතත් ඉන් අනියමාකාරයෙන් ඇතිවන ප්‍රතිඵලය ජීවිතයත් මරණයත් අතර පොර බදින්නට සිදු වෙන දරුවෙකු විය හැකියි.
ඒ කරුණ පැත්තකින් තිබ්බොත් මේ මොන යම් හැසිරීමකින් හෝ උපත ලබන දරුවන්ගේ ජීවිත වලට වග කියනුයේත් ඒ ඒ කාන්තාවන් සහ පුරුෂයන් විසින්මයි. ඒත් දරුවෙකුට උපත ලබා දෙන එක මොන තරම් අපහසු කාරණාවක්ද කියලා නිකමටවත් හිතලා නැතිව ඇති.
සමහර දෙනෙක් දේව ඇදහීම් හෝ ආගම් විශ්වාස කරනවා වෙන්නට පුළුවනි. ඒ බොහෝමයක් ආගම් වල සර්ව බලධාරී දේව මූලික ඉගැන්වීමක් තමයි සිදු කෙරෙන්නේ. සියල්ල මැවූ සහ මවන එකම තැනැත්තා දෙවියන් බවයි ඒවායේ සඳහන් කෙරෙන්නේ. එහෙම නම්, දෙවියන් වහන්සේ ගැහැණියකගේ කුසෙහි දරුවෙකු ඇති කරනවා නම් ඒ දරුවා දෙවියන් විසින් මවන ලද්දක් විය යුතුයි. ඒත් අද සමාජයේ වාසය කරන එවන් කාන්තාවන් දෙවියන් වහන්සේ එසේ මැවූ දරුවන් කී දාහක් නම් තමන්ගේ කුසෙන් ඇද එළියට දානවාද කියලා හිතලා තියෙනවද? නැහැ නේද? දෙවියන් දුන් දෙයක් කුසෙන් ඇද විසික් කරන්නට පුළුවන් කමකුත් තියෙන්නට බෑ නේද? එහෙම නම් දෙවියන්ගේ මැවීම් විනාශ කරන අයෙකුට දෙවියන්ගේ දඬුවම් ලැබිය යුතුමයි නේද?
දෙවියන් වහන්සේ දරුවන් ලබා දෙනවා නම්, දෙමාපියන්ගේ එකතු වීමක් ඇත්තෙන්ම අවශ්‍ය වෙන්නේ නැති තරම්. ඒක එහෙම නම්, ඕනෑම කෙනෙකුට දරු සම්පතක් ලබන්න හැකියාවක් තියෙන්නට ඕනේ. එහෙම නම් අනිවාර්යෙන්ම දරුවෙක් ලබන්නට දෙමාපියන්ගේ එකතු වීමක් තිබිය යුතු බව පැහැදිලි කරුණක් වෙනවා. එකතු වීම විදියට අදහස් කරන්නේ ලිංගිකව එකතු වීමෙන් සිදු වෙන සංසිද්ධීන් හා අභ්‍යන්තරිකව ඉන් පසුව සිදු වෙන ක්‍රියාදාමයනුයි. ඒ එකතු වීමෙන් විතරක් ම දරුවෙකු ලබන්නට හැකියාවක් නෑ. මන්දයත් ඒ මව ඊට සුදුසු කාලයක සිටිය යුතු වීමයි. ඒ කරුණ සම්පූර්ණ වූවත් විඥ්ඥාණයක් මව් කුසේ ඇති නොවුනෝතින් අළුත් ජීවයක් එතන හට ගන්නේ නෑ. ඇත්තටම මොකද්ද මේ විඥ්ඥාණය කියන්නේ?
මේ විඥ්ඥාණය හැම සත්ත්වයෙක් සතුවම පවතින දෙයක්. එහෙම නම් අන්න ඒ විඥ්ඥාණය මව් කුසක ඇති වෙන්නට, තවත් සත්ත්වයෙක් මරණයට පත්ව රූපය අත් හැරිය යුතුයි. මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්. සත්ත්වයෙකු සතුව නාම සහ රූප යනුවෙන් කොටස් දෙකක් තියෙනවා. නාම යටතට ගැනෙන්නේ වේදනා, සංඥා, සංකාර සහ විඥ්ඥාණ කියන හතරයි. මේවා රූපයක් සමග බැඳී ඇති නිසා සත්ත්වයෙකු නිර්මාණය වෙනවා. රූපයෙන් නාමය වෙන් වූ කළ මරණය සිද්ධ වෙනවා. ඒ නාමයට අඩංගු විඥ්ඥාණය තමයි මරණ මොහෝතේදී හිතේ ඇති වුණු අරමුණු අනුව ඒ අරමුණු වලට ගැලපෙන මව් කුසක හට ගන්නේ.
හිතන්න යම් පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය පුරාවටම ගොනෙකු මෙන් සිතන්නේ මතන්නේ නැතිව කටයුතු කරනවාය කියලා. ඔහු තමන්ගේ ජීවිතේදී කරන බොහෝමයක් වැඩ කරන්නේ ඒ සතාගේ ආකාරයටමයි. ඒ නිසා සිතේ ඇති වෙන අරමුණු සියල්ලම පාහේ ගොනෙකුගේ වාගෙයි සිද්ධ වෙන්නේ. ඔහු මිය යන්නේ යම් මොහොතකද, ඒ මොහොතේත් තමන් පුරුදු කළ ගොං පිළිවෙත් වලට අනුකූලව හිත අරමුණු වෙලා තියෙනා නිසාවෙන් මරණින් පසුව විඥ්ඥාණය එළදෙනෙකුගේ කුසේ එළ්බ ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා වසු පටවෙකුගේ ප්‍රතිසන්ධිය එහෙමත් නැති නම් උප්පත්තිය සිද්ධ වෙනවා. තමන් පුරුදු පුහුණු කරනා යම් ආකාරයක් වෙනවා නම් ඒක මරණ මොහොතේදී මීළඟ භවය මොන ආකාරය ගත යුත්තක්ද කියන එක තීරණය වෙන්නට බෙහෙවින්ම උපකාරී වෙනවා. ඒ නිසා සිහියෙන් මිය යා යුතුයි.
ඔය හරිම සරල විදියට දරුවෙකුගේ උපත විස්තර කරන්න පුළුවන් විදියක්. බුදු දහමේදී ගැඹුරට යද්දී මීට වඩා සවිස්තරාත්මක පැහැදිලි කිරීම් හමු වේවි. කුස පිළිසිඳ ගන්නා දරුවෙකුගේ උප්පත්තිය දරුවෙකු කුසෙන් මරා එළියට විසි කරන්නාක් තරම් පහසු නොවෙන බවත් තේරුම් ගන්නට ඕනේ කාරණාවක්. දෙවියන් වහන්සේ විසින් මවන ලද්දක් ලෝකයේ තියෙනවා නම් මේ ලෝකයේ මව් පියන්ගේ අවශ්‍යතාවක් නැතිවම දරුවන් උපත ලබන්නට හැකියාවක් ඇති විය යුතු නමුත් මව්පියන් මේ ලෝකයේ හට ගෙන තිබීමෙන් පැහැදිලි වන්නේ දෙවියන්ටත් දරුවන් මැවීමට උදව් කරන්නේ මව්පියන් බවයි. දෙවියන්ටත් වඩා ඒ උතුම් මා පිය ගුණය රකින මව් පියවරු සමාජයේ තව තවත් ඇති විය යුතුයි.

Tuesday, October 5, 2010
ඕනෑම ආගමක් අදහන පුද්ගලයෙක් අධ්‍යාපනය ලබනා කාලය තුලදී අනිවාර්යෙන්ම යා යුතු තැනක් තමයි දහම් පාසල කියන්නේ. ඒත් අද කාලයේ ළමයින්ගෙන් කීයෙන් කී දෙනාටද දහම් පාසල් අධ්‍යාපනයක් ලබන්නට ඉඩක් කඩක් ලැබෙන්නේ. මේ ගැන සලකා බලන කොට ඉතින් බොහෝමයක් වෙලාවට දහම් පාසල් අධ්‍යාපනය ලබන්න තියෙන ලොකුම බාධකය ළමයින්ගේ ආගමට දහමට වැඩි රුචියක් නොතිබීමත්, උපකාරක පංති වල බලපෑමත් නිසාවෙන්. තව දෙයක් කියන්නට ඕනේ. දෙමාපියන්ටත් මේ සම්බන්ධයෙන් දෝශාරෝපණයක් එල්ල කරන්නට සිද්ධ වෙනවා. මොකද දරුවෙකුගේ ආධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් කුඩා කළම ගත යුතු තීරණයක් විදියට දරුවෙක්ව දහම් පාසල් අධ්‍යාපනයට යොමු නොකිරීමත් තවත් හේතුවක් විදියට පෙන්වන්නට පුළුවන් හින්දා.
දහම් පාසල අදාළ වෙන්නේ බෞද්ධ දරුවන්ට විතරක්ම නෙවෙයි. මම දන්න හැටියට මුස්ලිම් දහමේත්, පල්ලි මගින් ඉරිදා දින වලදී දහම් පාසල් පවත්වනවා. ඒවා සමහර විට ගුරුවරුන් නිවෙස් වලටම ගිහින් කරනා ධර්මය ඉගැන්වීමක්, ඒ වගේම කුරාණය කියවන්නට හුරු කිරීමක් ද වෙනවා.
මේ ලිපිය ලියැවෙන්නේ අපේ දහම් පාසල් ගැනයි. ඒ කියන්නේ සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන බෞද්ධ දහම් පාසල් ක්‍රමය ගැනයි. ඉරිදා දින වලදී පැවැත්වෙන මේවාට බොහෝ සිසු දරුවන් පිරිසක් සහභාගී වෙනවා දකින්නටත් පුළුවන්. නමුත් මේ දහම් පාසල් වලට යාමෙන්ම දහම් පාසලකින් සිද්ධ වෙන්නට ඕනෑ කරන වැඩ කටයුතු සිද්ධ වෙනවාද කියන එක ටිකක් සැක සහිතයි.
මමත් දහම් පාසල් අධ්‍යාපනය අවසාන කළ අයෙක්. ඒ දෙවෙනි ශ්‍රේණියෙන් ආරම්භ කරපු දහම් පාසල් අධ්‍යාපන ගමන අවසන් කරේ අවසාන ශ්‍රේණියේ දහම් පාසල් අවසාන විභාගයට මුහුණ දීමෙන් අනතුරුවයි. මේ විභාගය දහම් පාසල් ජීවිතයේදී නම් සාමාන්‍ය පෙළ විභාගය හා සමාන දෙයක්.
අද බොහෝමයක් දහම් පාසල් වල විශය අනුබද්ධ ඉගැන්වීම් වලට අමතරව බෙහෙවින්ම තියෙන්නේ විශය පරිබාහිර ක්‍රියාකාරකම් රාශියක්. මාසික සභා රැස්වීම්, කලා උළෙලවල්, ශිෂ්‍ය නායක දින, ත්‍යාග ප්‍රධානෝත්සව සහ වාර්ෂිකව පවත්වන තරඟ සහ විභාග. මේවායින් වාර විභාග කියන දේවල් හැරෙන්නට අනිත් සියළුම දේවල් ලෞකික තෘප්තිය වැඩි කරවන, නැටුම් ගැයුම් වැයුම් සහ හැල හැප්පීම් වලින් යුතු ක්‍රියාකාරකම්. ඇත්තෙන්ම දහම් පාසලකින් සිද්ධ විය යුතු ධර්මාවබෝධය ලබා දීම නිසි ආකාරයෙන්ම මේ හරහා සිද්ධ වෙනවාද කියන එක තමයි ලොකුම ගැටළුව.
මාසික සභා රැස්වීම් වලදී පැවැත්වෙන ගී ගැයීම්, නර්තන ඉදිරිපත් කිර්‍රිම් වගේම නාට්‍ය පෙන්වීම ඇත්තෙන්ම දහම් පාසලකට අදාළ නොවන කාරණා කීපයක්. මහා සභා රැස්වීමකින් සිදුවිය යුත්තේ ගැටළු නිරාකරණය කර ගැනීම් වැනි දේ වුනත් අද ඒ දේ සිද්ධ වෙන්නේ රැස්වීමක අමතර අංගයක් හා සමානවයි. කාලයෙන් කාලයට පැවැත්වෙන තරඟ තවත් එක්තරා අනවශ්‍ය දෙයක්. පාසල් ජීවිතයේදී දරුවන් මුහුණ දෙන තරඟකාරී ලෝකය දහම් පාසල් ජීවිතයේදීත් විඳින්නට සිද්ධ වීමෙන් එකිනෙකා අතර ඇති වෙන ගැටීම්, වෛරය සංසිඳවන, ගැටුම් වළකන දහම් පාසල නැමැති ස්ථානයේත් ඇති වෙලා තියෙනවා. මේ දේවල් වලට බොහොම දීර්ඝ ඉතිහාසයකුත් තියෙනවා.
මේ සියළු විකාර වලින් තොරව ගැඹුරු දහම් කරුණු මෙන්ම විශයානුබද්ධව සහ විශය නිර්දේශයට අනුකූල වෙමින් ඉගැන්වීම් කටයුතු සිද්ධ කෙරෙන එකම දහම් පාසලක් ගැන මට අසන්නට ලැබිලා තියෙනවා. ඒ දහම් පාසල සිසු දරු දැරියන් අති විශාල ප්‍රමාණයක් දහම් දැනුමෙන් ස්වයංපෝෂිත කරනා මහරගම ප්‍රදේශයේ සිරි වජිරඥාණ ධර්මායතනයේ පැවැත්වෙන දහම් පාසලයි. මේ වගේම තවත් දහම් පාසල් සමාජයේ පවතින්නට පුළුවන්. නමුත් සොයා ගන්නට, නැතිනම් හඳුනා ගැනීමට අපහසුයි. මම තවමත් කණගාටු වෙන එක දෙයක් තමයි ඒ දහම් පාසලෙන් ධර්මය ඉගෙනීමට හැකියාවක් නොලැබී යාම. ඒ පිළිබඳව දැන ගන්නට පවා ලැබුනේ අවසාන විභාගයෙන් අනතුරුව වීම තවත් දෙයක්.
බුදු දහම පිළිබඳව පාසලෙන් බෞද්ධ දරුවෙකුට ලැබෙන දැනුමෙන් එහා ගිය අති විශාල දැනුම් සම්භාරයක් දහම් පාසලක් හරහා දරුවෙකුගේ ජීවිතයට එකතු වෙනවා. සමාජයේ පවතින විවිධ ගැටළු වලට බොහෝ විට කුඩා කාලයේ ඉඳලාම ලබන දහම් පාසල් අධ්‍යාපනය ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ඒ අධ්‍යාපනය හරවත් මෙන්ම ධර්මඥාණය වඩවන දෙයක් වෙනවා නම් සමාජයේ සදාචාර වර්ධනයටත්, බොහෝ විට දුරාචාර උපුටා දැමීමටත් හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා මින් මතුවටවත් අපේ මතු පරම්පරාවේ පුරුක් නිවැරදි, විකාර වලින් තොර වුනු හරවත් දහම් පාසලක් වෙත යොමු කරනවා නම් මතු පරම්පරාවේ අනාගත දර්ශනය මීට වඩා යහපත් වෙනවා නො අනුමානයි.

Sunday, October 3, 2010
මේ ලිපිය අපේ බෞද්ධ ජනයා, පාඨකයන් වෙනුවෙනුයි. මේක අදාළ වෙන්නේ මේ ලිපිය කියවන ඔයාලගෙන් බෞද්ධ වෙන අයට විතරයි. අනිත් අයත් මේ දේ කියවලා විවෘත අදහස් කියන්නට පුළුවනි. මොකද මේ කියන්නට යන දෙයින් සමහරෙක්ගේ හිත රිදෙන්නත් පුළුවන් නිසාවෙන්. නමුත් මේ දේ කියන්නේ කාටවත් පහරක් එල්ල කරන්නවත්, කාටවත් නරකක් කරන්න හිතා ගෙනවත් නෙවෙයි.
අපි කවුරුත් දන්නවා බෞද්ධයින් හැටියට කාලාන්තරයක් මුළුල්ලේම අපේ බෞද්ධ කම අපි විනාස කරගෙන තියෙන අය කියලා. සමහර විට අපි දන්නේවත් නැති තරමින් අපි අපේ බෞද්ධ කම යට කරගෙනයි ජීවත් වෙන්නේ. මේකට හේතුව වෙන්නේ අපි වැටිල තියෙන අගාධයේ ගැඹුර ගැන තේරුම් බේරුම් කර ගන්නට පවා අපේ මානසික තත්ත්වය අපිට ඉඩක් ලබා නොදීම. ඒ වගේම ඒකට ඌණපූර්ණයක් වශයෙන් කියන්න පුළුවන් තවත් දෙයක් තමයි අපේ අදහස් වගේම ආකල්ප වලින් අපි ඇත්ත පිළි ගන්නට අපිව පෙළඹවීමෙන් වැළැක්වීම.
බෞද්ධයන් වශයෙන් හින්දු දෙවි වරු ඇදැහීම ගැන කීප වතාවක්ම මම මගේ ලිපි වලින් කියුවා මතක ඇති ඔයාලට. ඒත් මේ හින්දු දෙවිවරු වටා බැඳී තියෙන සංකල්පමය වටපිටාව ගැන සමහරු දන්නේත් නැති තරම්. දෙන නිසා "දෙයියෝ" කියලා හඳුන්වන්නත් පුළුවන්. ඒත් අපි ඉල්ලනා තරමටම අපිට ඕනෑ දේවල් දෙවියන් විසින් අපිට මේ කාලය තුලදී ලබලා දීලා තියෙනවා නම් අපිට කිසිම කරදරයක් දුකක් නැතිව සතුටින් ජීවත් වෙන්නට ඉඩක් කඩක් තියෙන්නට ඕනේ නේද? ඒත් අද ප්‍රශ්ණයක් ගැටළුවක් හිතේ නැති කිසිම බෞද්ධයෙක්, හින්දු භක්තිකයෙක් ඉන්නවද? මේ ලෝකේ හැමදාමත් අපේ පස්සෙන් ආපු එකම දේ අපි කරපු කර්මයි. ඒ නිසාවෙන් අපිට නොයෙක් නොයෙක් ගැටළු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා එක අතකින්. මේ හැම දේටම මුල අපි කළ කී දේවල් මිසක සර්ව බලධාරී දෙවි කෙනෙක්ගේ බල පැවැත්මට සිද්ධ කෙරුනු දෙයක් නෙවෙයි.
විෂ්ණු දෙවියන් එක අවස්ථාවකදී දරුවන් හත් දෙනෙකුන් මැවූ බව ජනප්‍රවාදය සඳහන් කරනවා. එතැනට උමා සහ ඊෂ්වර පැමිණි බවත් ඒ එක්කම සඳහන් වෙනවා. දරු සෙනෙහස නිසා උමාවන් මේ දරුවන් හත් දෙනාම එකට එකතු කරලා බදා ගත්ත බවත් ඉන් පුංචිම දරුවා ඉවත් වෙලා ගිය බවත් කියැවෙනවා. ඉතින් අර අනිත් දරුවන් හය දෙනා එක් අයෙක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ තිබූ ආකාරයෙන්ම මුහුණු හයකුත්, අත් දෙක බැගින් දොළසකුත් වශයෙන් එකතු වෙලා තියෙනවා. ඒවා ඒ ආකාරයෙන්ම පිහිටියා නම් අපිට තවත් හිතන්නට දේවල් කොයි තරම් නම් මේ දෙයින් මතු වෙනවාද? පිරිමි දරුවන් නිසා තව තවත් අවයවත් තිබූ අයුරින්ම තියෙන්නට ඕනේ අනිත් දේවලුත් ඒ විදියටම තිබුණා නම්.
මේ වගේ සංකල්ප ගොඩ නගන්නට යාමෙන් තේරුම් යන දෙයක් තමයි විෂ්ණු හෝ කතරගම හෝ යන දෙවිවරු හින්දු දෙවි වරු බව. ඒ වගේම අපි බාර හාරකම් කරන මේ දෙවිවරු බෞද්ධයින් විසින් වැඳුම් පිදුම් ලැබිය යුතු දෙවි වරු නොවෙන බවත් අපි සිහියට නගා ගතු යුතුයි.
බෞද්ධ දේව සංකල්පය කියන්නේ කාගේවත් කෑම බීම මත යැපිල ආශිර්වාද කරන කොට්ඨාශයක් නෙවෙයි. මේ ගැන මඳක් සිතිය යුතුයි. හින්දු භක්තිකයන් ඔවුනගේ දෙවිවරුන් වැඳ නමස්කාර කරපුවාවේ කියලා හිතලා ඇයි අපිට බැරි බෞද්ධ දර්ශණයට පටහැනි දෙයක් පසු පස හඹා යමින් සැප, ආශිර්වාද බලාපොරොත්තු වෙන්නේ? සියළුම බෞද්ධයන් මේ ගැන සිතා බැළිය යුතුයි.

Saturday, October 2, 2010
මේ ලිපියේ වැදගත්කම ගැන ඔයාලට තව ටික දවසකින්ම තේරුම් යාවි. මේ ලිපිය පසු දවසකදී ලියන්නට හිතාගෙන හිටියත් මේ ලිපිය එළි දැක්වීම මේ තරම් ඉක්මණින්ම සිද්ධ කරන්නට සිද්ධ වුනේ හදිසියේ දකින්නට ලැබුණු දෙයක් නිසාවෙන්. ඒ රූපවාහිණියෙන් දැකපු දෙයක් හින්දා. මේ දේ මේ තරම් ඉහළින්ම දකින්නට ලැබේවි කියලා හිතුවේ නෑ. නමුත් නොහිතපු විදියට තමයි මේ හැම දෙයක්ම මේ තරම් ඉක්මණින්ම සිද්ධ වෙමින් තියෙන්නේ.
මම මේ දැකපු රූපවාහිණී වැඩසටහන විකාශය වුණේ ප්‍රසිද්ධ රූපවාහිණී නාළිකාවක. මේ නාළිකාවේ ලාංඡනයේ ඉන්නේ ලස්සන කුරුල්ලෙක්. මෙහෙම කිව්වම ඔයාලට තේරෙනවා ඇති මේ මොන නාළිකාවද කියලා. ඇත්තෙන්ම මේක නාළිකාව ගැන ගැටළුවක් නෙවෙයි; විකාශය වුනු වැඩසටහනේ ගැටළුවකුත් නෙවෙයි; වැඩසටහනේදී ප්‍රචාරය ලැබුණු දේ ගැනයි.
මේ වැඩසටහනේ තිබුණේ ඉතාමත්ම වැදගත් ශාස්ත්‍රීය ස්වභාවයක් පසුගිය කාලයේදී. ඒත් මේ වැඩසටහන විකාශය වුනේ බොහෝ විට පොහොය දවස් වල විතරයි මම දන්න විදියට. ඉතින් කොහොමින් කොහොම හරි මේ වැඩසටහන මේ දවසේත් විකාශය වුනා. මේ වැඩසටහනට පැමිණෙන්නේ එකම ස්වාමීන් වහන්සේ නමක්. ඇත්තෙන්ම කියනවා නම් හරිම ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක්. විවිධ ධර්ම ගැටළු විසඳමින් ගෙන ගියපු මේ වැඩසටහනේ මීට කළකට ඉහතදී ශාස්ත්‍රීය ගතියක් තියෙනවාය කියලා මම කිව්වේ ඔන්න ඔය ගැටළු විසඳීමේ ලස්සන නිසාමයි. බොහෝ දුරට විද්‍යාවෙන් වගෙම බුදු දහමෙනුත් විවිධාකාරයේ ගැටළු නිරාකරණය වුනේ.
කාලයාගේ ඇවෑමෙන් මේ වැඩසටහනෙන් ඒ ස්වාමීන් වහන්සේ අතින් මෛත්‍රීය බුදුන් ගැන බොහෝ දේවල් ප්‍රකාශ කෙරුණා. ඒ විතරක් නෙවෙයි ඒ වැඩසටහනේ මාර්ගයෙන් මෛත්‍රීය බෝධිසත්ත්ව වන්දනාව පිළිබඳවත් පුදුමාකාර ආකාරයේ ඇල්මකින් ප්‍රකාශයන් ඉදිරිපත් කරා පමණක් නෙවෙයි ඒ හරහා බැතිමතුන් විශාල පිරිසක් උන් වහන්සේ වටා එක් රොක් කර ගන්නටත් අවස්ථාවක් ලැබුනා කීවොත් නිවැරදියි.
ඇත්තෙන්ම බෝධිසත්ත්ව වන්දනාව පැවතෙන්නේ මහායාන බුදු දහමේ බව දන්නා අය දන්න කාරණාවක්. මේ දෙයින් උන්වහන්සේ අදහස් කරන්නේ හින්දු දෙවි දේවතාවන් වටා බෞද්ධයන් එක් රොක් වීම වළක්වලා මතු බුදු වෙන මෛත්‍රීය බෝධිසත්ත්වයන් හට වන්දනා නමස්කාර කරන්නට ඒ බෞද්ධයන්ට හුරු කරවීමයි. අදහස හොඳ දෙයක් වුනත් මේ දේ දැන් අති උග්‍ර තත්ත්වයකට පත්වෙලා. බුදු රජාණන් වහන්සේ ගැන කිසිම සඳහනක් නැති තරමටම මෛත්‍රීය බෝධිසත්ත්වයන්ට කරන පුද පූජා පවා පැවැත්වෙන තත්ත්වයකට පත් වෙලා.
කොටින්ම ඒ වෙනුවෙන් වෙනම භූමියක වන්දනා ස්ථාන පවා ඉදි කරලා තිබුණා ඒ රූප රාමු වල. කතරගම දේවාලයේ තේවාවන් කරනා ආකාරයටම වගේ මේ බෝධිසත්ත්ව දේවාලයේත් පුද පූජා පැවැත්වෙනවා. අඩු තරමින් ඒ බෝධිසත්ත්ව කුටියට ඇතුල් වන්නට පේ නොවූ අයෙකුට ඉඩක් නොලැබෙනා තරමටම ඒ දේ අති උතුම් ආකාරයෙනුයි පවත්වා ගෙන යන්නේ.
අපි දන්න බුදු දහම අනුව බුදු රජාණන් වහන්සේ යනු කෙනෙක්ට දකින්න පේ වීමකින් තොරව ඉඩක් කඩක් ලැබුනු උතුමෙක්. සුනීත සෝපාක වගේ දුගඳ හමන අසරණයින් දකින්නට පවා බුදුන් වැඩම කරවූයේ ඔවුන් පේ වී ඇතිද නැතිද යන වගක්, උසස් පහත් බවක් සිතා නොවෙන බව අපි කවුරුත් දන්න කාරණයක්. මේ සිද්ධ වෙන මෛත්‍රීය බෝධිසත්ත්ව වන්දනාව දැන් හිස ඔසවමින් අපේ නිර්මල ථේරවාදී බුදු දහම අනුගමනය කරනා බෞද්ධයින් මහායාන දර්ශනය වෙන වක්‍රාකාරයෙන් යොමු කරවීම රටේ නමක් දිනූ ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු නොකළ යුත්තක්.
හැම දෙනාටම වාසනාව උදා කරන චරිතයක් විදියට සලකන "ලාෆින් බුද්ධ" කියන මහායාන චරිතයටත් මෙහිදී විශේෂ ස්ථානයක් එහිදී උන්වහන්සේ විසින් ලබා දෙනවා. අපේ පන්සල් වල සමහර දේවාල පවත්වන් යන්නේ ඒ පන්සලේම හාමුදුරුවන් වගේ දෙයකුයි මෙයිනුත් සිද්ධ වෙන්නේ. මිත්‍යා දෘශ්ඨීන් වලට යොමු කරවීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මෙය සොයා බැලිය යුතු කරුණක් වෙනවා වගේම බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයක් ඉදිරියට මතු වෙන බවත් අපේ බෞද්ධ ජනතාවට මේ ලිපියෙන් කියන්නට කැමතියි.
ඒ හැම බෞද්ධයෙක්ටම කියන්න උත්සාහ කරන්නේ, දිනූ නමක් ඇති ස්වාමීන් වහන්සේ නමකගේ දේශණාවට ඇහුම්කන් දෙනවද, නැතිනම් ලොව්තුරා අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත සද්ධර්මය අනුගමනය කරනවාද කියන ප්‍රශ්ණාර්ථය ඉතුරු කරමින් මේ ලිපිය මෙතනින් අවසන් කෙරෙනවා.

Sunday, September 26, 2010
ඔයාලා බෞද්ධ අය නම් අනිවාර්යෙන්ම එක වතාවකදි හරි ධර්ම දේශණාවක් අහන්න ගිහින් ඇති. එහෙම හරි ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් හෝ ධර්ම දේශණා අහලා තියෙනවා නම් මේ ගැන හිත යොදවන්න නැතුව ඇති. මේ කියන්න යන දේත් මම සහභාගී වුනු ධර්ම දේශණා ගණනාවකදිම මට අහන්න ලැබුණු දෙයක්. හැබැයි හැම තිස්සේම කියන දෙයක් නම් නෙවෙයි, ධර්ම දේශණාව අවසානයේදියි මේ දේ අහන්නට ලැබෙන්නේ.
සාමාන්‍යයෙන් ධර්ම දේශණයක් අවසන් වේගෙන එද්දී ඒක අවසාන කරන්නේ ධර්ම දේශණය කරන යතිවරයාණන් වහන්සේ විසින් දෙවියන්ට, මළගිය ඥාතීන්ට පිං පමුණුවලා එහෙම නෙ. ඉතින් ඔන්න ඔය වගේ පිං දීම් ආදිය ඉවර වෙනවාත් එක්කම දේශකයාණන් වහන්සේලාගේ කටින් පිට වෙන දෙයක් තියෙනවා. ඒ තමයි "මේ පිං අනුමෝදන් වීමෙන් දෙව් බඹ සැප ලබා අවසානයේ අමා මහ නිවන් සුව ලැබේවා" කියන ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාව ධර්ම දේශණයේ පුණ්‍යානුමෝදනාවත් එක්ක විවිධ හැඩ වලින් විවිධ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා යොදා ගන්නවා. සමහර විට පුරුද්ද නිසාවෙන් වෙන්න ඇති.
ඒත් මේ සමාජයේ ජීවත් වෙන කීයෙන් කීදෙනෙක් නම් නිවන් මාර්ගයට පැමිණිලා ඇත්ද කියලා ඔයාලා කවුරුවත් හිතලා තියෙනවද? ඇත්තෙන්ම පන්සිල් වත් නොරකිද්දී නිවන් මාර්ගය අවබෝධ කර ගන්නට උත්සාහ දරන උදවිය අද සමාජයේ කොයි තරම් නම් අඩු වෙලාද. හැමෝම එක පිම්මේ, නැත්නම් හැල්මේ දුවනවා එක එක දේවල් පස්සේ. ආධ්‍යාත්මීය දියුණුවක් ගැන හිතන්නට සමහර උදවියට මතක් වෙන්නේ මැදිවියෙන් මහළු වියට පා නගනවාත් එක්කමයි.
හරි ඒ කතාව අපි ටිකකට පැත්තකින් තියමුකෝ. සුපුරුදු විදියට මම මුලින් කීවාක් වගේ අවසාන වෙන ධර්ම දේශණාවකදී අපි කතාවට ලක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ කතාව මෙන්න මේ විදියට කීවොත් වඩා නිවැරදියි. අපි නිවන් මාර්ගයේ යන අතරතුරේදී මගදී දිව්‍ය ලෝකයක ගොඩ බැහැලා ඇති තරම් සැප විඳලා ආයෙත් එතනින් බ්‍රහ්ම ලෝක වලත් ගොඩ බැහැලා ඒවායෙනුත් ගන්න තියෙන දේවල් අරගෙන අන්තිමටම නිර්වාණය කරා යාමක් වගේ අදහසක් දෙන දෙයක් නේ. හරියට අපි විනෝද චාරිකාවක් යද්දී අතරමගදී ලස්සන තැනක් බලලා කන්න බොන්න නවත්තනවා වගේ දෙයක් නේද? ඇත්තෙන්ම ඕකෙන් සිද්ධ වෙන්නේ අපේ සසර ගමන තවත් දික් වෙන එක නේද? සමහර විට මේ කියන වචන වලින් පිළිබිඹු වෙන අදහස මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්.
ඒ තමයි, යමෙක් පියවර වශයෙන් නිවන් මගේ යද්දී හමු වෙන නැවතුම් පොළවල් හතරක් තියෙනවා. මාර්ග ඵල කියන්නේත් මේවා. දැන් බලයි මොනාද ඒ කියලා. ඒ තමයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් කියන නැවතුම් පොළවල් හතර. මේ එක එක නැවතුම් පොළවල් වලදී අපේ සංසාර චක්‍රයේ කෙටි වීම් සිද්ධ වෙනවා. මින් පළමු නැවතුම් පොළ ගැන අපි කවුරුත් දන්නා කියන කරණීය මෙත්ත සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියැවෙනවා. ඔයාලා නිකමටවත් හිතුවද එහෙම දෙයක් ගැන මෛත්‍රීය කරන හැටි කියවෙන පිරිතක ඇතිය කියලා? බොහෝ දෙනෙක් ඒ ගැන නොදන්නවා ඇති.
දස සංයෝජන ධර්ම කියලා කොටස් දහයකින් යුක්ත අපි සංසාරයේ සැරිසැරීමට උදව් වෙන දෙයක් තියෙනවා. මේ දේවල් මුල ඉඳන් එකිනෙක නැති කරලා දැමීමෙන් අපි අර කලින් කීව මාර්ග ඵල එකින් එක පඩි පෙළක් නගින්නාක් වගේ අපිව ඉහලට එසවෙනවා. සෝවාන් වුනු කෙනෙක් දුගති වල නොඉපිද භවයන් හතක් ඇතුලතදී අනිවාර්යෙන්ම නිවන් අවබෝධ කරනවා. මේ වගේ ඒ ඒ මාර්ග ඵල තත්ත්ව සපුරද්දී බ්‍රහ්ම ලෝක වල උපත ලැබීම, රූපා'රූප ලෝක වල උපත ලැබීමාදී වශයෙන් බුදු දහමේ සඳහන් වෙනවා. සමහර විට මේ ගමනේදි අතරමගදී කියැවෙන ඒ දේවල් ගැන වෙන්නත් පුළුවන් අර මුලින්ම මම කියූ කාරණාවෙන් සඳහන් වෙන්නෙත්. ඒත් ඇහෙන හැටියට නම් තේරුම් යන්නේ නිවන් දකින්න කලින් හැම සුගතියෙන්ම සැප ලැබීමේ අරමුණක් වගේ දෙයක්.
කොහොමින් කොහොම හරි බුදු දහම, සැප ලබන්න එපා කියපු දහමක්, ඉගැන්වීමක් නෙවෙයි. නමුත් නිවන් අවබෝධ කරන්නට නම් කියාපු දහමක්. ඒත් අතරමගදී දිව්‍යලෝක වලදී නැවතිලා සැප ලැබීම නොලැබීම තීරණය වෙන්නේ අපේ කර්ම ශක්තියට අනුකූලව බව මතක තියා ගන්නට ඕනේ. ධර්ම දේශකයන් වහන්සේලාත් මේ වගේ දෙයක් කියන්නට කලින් ටිකක් කල්පනා කරලා බැලීම වටින කියන දෙයක්.

Monday, September 20, 2010
මම මගේ කලින් ලිපියෙන් කියලා දෙන්නට උත්සාහ ගත්තේ මම අනුගමනය කරපු පිරිත් ගාථා පාඩම් කර ගන්න, එහෙමත් නැතිනම් මතකයේ තියා ගන්න ක්‍රමයක් ගැන. ඉතින් ඔය වගේ මතක තියා ගත්තු පිරිත් ගාථා ඛණ්ඩ අපි පැත්තකින් තියමුකෝ. හැබැයි එහෙම්මම ඒවා පැත්තකින් තියන්න බෑ. මොකද මේ කියන්න යන දේ ඒවාටත් ඒ විදියටම අදාල නිසා.
නිවසේ හෝ වේවා ඉන් පිටතදී හෝ වේවා බෞද්ධයෙක් නම් බුදුන් වඳින, වඳින්නට සිද්ධ වෙන අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදරදී බුදුන් වඳිද්දී නම් නිතර නිතර ගාථා කියන්නට අවස්ථාව උදා වෙනවා. ඒත් අපි කල්පනා කරලා තියෙනවද අපි කාලයක් තිස්සේ කියාගෙන ආපු ගාථාවල් අපි ඇත්තටම හරියටම උච්ඡාරණය කරනවද කියලා? නැහැ නේද? සමහර විට සිහි බුද්ධියෙන් ගාථා කියන කෙනෙක් වුනත් මේ වැරැද්ද කරන්න පුළුවන්. සිහි බුද්ධියෙන් ගාථාවක් කියනවයි කියලා මම අදහස් කරේ ගාථා අනුපිළිවෙල වරදන්නේ නැතිව කියන එකට. ඔයත් එක්කම තේරුම මෙනෙහි කිරීම වක්‍රාකාරයෙන් හිතන්නත් පුළුවන්. තමන් හිතුවට තමන් හරියි කියලා තමන් හරියටම හරි නොවෙන්න පුළුවන්.
අපි සමහර විට බුදුන් වඳිද්දී චාරිත්‍රානුකූලව කාලයක් තිස්සේ කියාගෙන යන නිසා ඉබේම කට පාඩම් වෙලා. ඒත් අපි කාලයක් තිස්සේ වැරදියට මේවා කියන්න පුරුදු වෙලා තිබුණොත් ලොකු වැරැද්දක්. හැබැයි අපි බුදුන් වඳිද්දී කියන ගාථා වලින් සියයට අසූවක්ම පාහේ බුද්ධ භාශිත නෙවෙයි කියලායි මම විශ්වාස කරන්නේ. ඒ අනිත් හැම ගාථාවක්ම පසු කාලීනව ඇති වුන ගාථා වෙන්න ඕනේ. මොකද බුදු හාමුදුරුවෝ උන්වහන්සේට කවදාවත් මල් පහන් තියලා පූජා පවත්වන්න කියලා කොහේදි වත් දේශණා කරලා නැති නිසාවෙන් ඒ පූජාවන් පවත්වන්න ගාථා ධර්මත් උන් වහන්සේ විසින් දේශණා කරලා නැති නිසා.
බුදු කෙනෙක් ලෝකයට පහල වෙන්නේ තමන්ට මල් පහන් පූජා කරමින් ඉන්න හැටිවත්, පන්සිල් රකින හැටි කියලා දෙන්නවත් නොවන බව අපි මතක තියා ගන්නට ඕනේ. බුදු කෙනෙක් ලෝකයට පහල වෙන්නේ ලෝකයේ යටපත් වෙලා තියෙන පරම සත්ත්‍යයක් ගැන අවබෝධය සියළු දෙනාගේ හිත සුව පිණිස ලඟා කර දෙන්නයි. ඒ නිසා අපි කරන පුද පූජා වලින් උන් වහන්සේට සිද්ධ වෙන යහපතක් නම් නෑ. නමුත් අපි ඒවා කරන්නේ හිතේ ශ්‍රද්ධාව වර්ධනය කර ගන්නයි. ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීමෙන්ම යහ මාර්ගයේ යන්නට මාර්ගය උදා කර ගන්නත් පුළුවන් වෙනවා.
පිරිතක් හෝ වේවා මේ වගේ බුදුන් වඳින ගාථාවක් හෝ වේවා අපි නිවැරදිව උච්ඡාරණය කරන්නට ඕනි හේතුවක් තියෙනවා. ඒ ඒවා පාලි භාශාවෙන් ඇති නිසා අකුරක හරි වරදකින් වෙනස් තේරුම් ඇති වෙන්න පුළුවන් නිසා. උදාහරණයක් විදියට හරිම සුලභ වැරැද්දක් ගැන කියන්නම්.
මියගිය ඥාතීන්ට පිං දෙන කොට කියන ගාථාව "ඉදංවෝ ඥාති නං හෝතු සුඛිතා හොංතු ඥාතියෝ" කියලා තමයි හැමෝම පටන් ගන්නේ කියන්න. ඒත් මේකේ අග කොටසින් "ඥාතියෝ" කියලා කොටසක් පාවිච්චි වෙනවා. ඇත්තෙන්ම මේක "ඥාතයෝ" කියලයි නිවැරදි වෙන්න ඕනේ. අපේ සිංහල බාසාවේ කොටස් පාලි කොටස් අතරේ තියෙන්නෙ බැහැනේ. ඒත් අපි හිතනවා ඥාතීන්ට පිං දෙන කොට ඒ ගැන සඳහන් වෙන හින්දා ඥාතියෝ කිව්වම හරි කියලා. එහෙමත් නැත්නම් මේක පුරුද්දට කියවෙන නිසා.
ඒ වගේම මම කලින් ලිපියේ සඳහන් කරපු රතන සූත්‍රයේ අවසන් කොටස් "ඉදම්පි බුද්ධෙ / ධම්මෙ / සංඝෙ රතනං..." ආදී තුන් ආකාරයකින් එක එක ගාථාවේ වෙනස්ව යෙදෙනවනේ. අන්න ඒ කොටස් නිවැරදි ගාථාවෙදි නොකියා වැරදි අවස්ථා වලදී යොදා ගන්න එක තමයි අනිත් මම දැකපු වරද. එතකොට බුදුන්ගේ ගුණ දම් ගුණ විදියටත්, සඟුන්ගේ ගුණ බුදු ගුණ විදියටත් වගේ විවිධ වැරදි තේරුම් ඇති වෙනවා. අපි නොහිතුවාට මේක අපි ගොඩක් අවධානයෙන් අවබෝධයෙන් කියන්න ඕනේ දෙයක්. මොකද මේක නම් බුද්ධ භාශිතයක් නිසා.
මේ දේවල් අපි මතකයේ තියා ගෙන හරියට ගාථා උච්ඡාරණය කරන්න දැන්වත් පටන් ගමු. හැබැයි මේ දේ කිව්වේ හැමෝටම නෙවෙයි. ගාථා කියන, කියවන අයට විතරයි. පොඩි වරදකින් හරි සිද්ධ වෙන තේරුමේ වෙනස ගාථාවකට ලොකු පාඩුවක් කරන නිසා, ඒ වගේම අපිටත්.

Sunday, September 19, 2010
බෞද්ධයෙක් වුනාම අඩුම තරමින් බොහෝ දෙනෙක් දන්න කියන තුන් සූත්‍රයවත් දැන ගෙන ඉන්න එපැයි. මොකද ඔය තුන් සූත්‍රයෙන් තමයි සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශණයකුත් පටන් ගන්නේ. පරිත්‍රාණ කියන්නෙත් පිරිත් වලටම තමයි. ඔය කියන තුන් සූත්‍රයට අයිති වෙන්නෙ මොනාද ඇත්තටම? ඒ තමයි මහා මංගල සූත්‍රයයි, රතන සූත්‍රයයි, කරණීය මෙත්ත සූත්‍රයයි. සාමාන්‍යයෙන් බෞද්ධයෙක් හැටියට මේ පිරිත් තුන අඩුම තරමින් මතකයෙන් කියන්න හරි පුරුදු පුහුණු වෙන්නට ඕනෑ තේරුම දැන ගෙන නොහිටියත්. හැබැයි ඕනෑම දෙයක තේරුම දන්නේ නැතිව කට පාඩමින් කරන එකේ ප්‍රතිඵලයකුත් නෑ කියලා මතක තියා ගන්න වෙනවා.
කොහොම හරි මේ කියන්න යන්නේ මම පිරිතක් මතක තියා ගන්න අනුගමනය කරපු ක්‍රමයක් ගැන. මේක හැමෝටම උත්සාහ කරල බලන්නත් පුළුවන්. සමහර විට ඕනෙම සූත්‍රයකට යොදා ගන්නත් පුළුවන් වේවි. ඒ ගැන නම් මට විනිෂ්චයක් දෙන්න බැහැ. මොකද මම මේ ක්‍රමය පාවිච්චි කරේ එක පිරිතක් පාඩම් කරන්නයි. ඒ රතන සූත්‍රය. ඒත් මේ ක්‍රමය මට නම් තුන් සූත්‍රයේ තියෙන අනිත් සූත්‍රයන් දෙකත් මතක තියා ගන්නට ක්‍රමයක් විදියට යොදා ගන්නට පුළුවන් වුනා.
මහා මංගල සූත්‍රයත් එහෙන් මෙහෙන් අහලා, ඇහිලා ඒ වගේම දහම් පාසලේදිත් ඉගෙන ගත්තු නිසා යම් තාක් දුරකට මතක තිබුණා. කරණීය මෙත්ත සූත්‍රය නම් ගොඩක් දෙනා දැනටමත් දන්නවා ඇති. ඒ එම සූත්‍රය නිතර ඇහෙන නිසාවෙන්. ඒ වගේම වැඩිහිටියන්ගේ අනුදැනුමෙන් අපිත් සැරින් සැරේ කියලාම පුරුදු වෙලා තියෙන නිසාවෙන්. ඒත් රතන සූත්‍රය නම් මට මතක තියා ගන්නට පුළුවන් කමක් තිබුණේ නෑ. මොකද ඒ වෙනකොට මම ඒ සූත්‍රය කියවලාවත් නොතිබුණ නිසා.
කොහොම හරි ගෙදර බුදුන් වඳින වේලාවේදී මේ තුන් සූත්‍රය සජ්ඣායනය කරන්න පුරුද්දක් ඇති වුනා. අන්න ඒ නිසා රතන සූත්‍රය මතක තියා ගන්න පුළුවන් වුනා. ඒකට මම යොදා ගත්තු ක්‍රමයයි මේ කියන්න හදන්නේ. මේ ක්‍රමයම අනිත් සූත්‍ර දෙකටත් මම ඒ වගේම යොදා ගත්තා. මොකද අමතක වෙලා තිබුණ තැන් හරියටම මතකෙන් කියන්න වෙන නිසා පොතක්වත් නොබලා.
මම මුලින්ම කළේ රතන සූත්‍රය බලා ගත්තු පොතේ ඒ සූත්‍රය පිටු කීයක තියෙනවාද කියලා මතක තියා ගත්තා. හැබැයි මේ පොත වෙනස් කරේ නෑ දවසින් දවස. අපි පිටුවක් පෙරලද්දි කලින් පිටුවේ ගථා කොච්චර තිබුණද කියලා මතක තියා ගත්තා වගෙම ඊලඟ පිටුවේ කීයක් තියෙනවද කියලාත් මතක තියා ගත්තා. හැබැයි ඉලක්කමක් හැටියටම නෙවෙයි, නිකන් ඡායාවක් විදියට. මේක මතක තියා ගන්න පුළුවන් වුනේ මේ පිරිත දෙතුන් පාරක් කියවලා.
ඊට පස්සේ මතක තියා ගත්තා මේ සූත්‍රයට ගාථා ඛණ්ඩ කීයක් තියෙනවාද කියලා. මතක හැටියට දහ හතක්. මීලඟට මතක තියා ගත්තේ ඒ හැම ගාථාවකම කීය ගානෙ පේලි තියෙනවාද කියලයි. මේ හැම දෙයක්ම ඡායාවක් විදියට හිතේ මවා ගන්න පුරුදු කර ගත්තාම හරි ඉලක්කමක් විදියට නැතුව. ඉන් පස්සේ මම මතක තියා ගත්තේ මේ හැම ගාථාවේම මුල් වචනෙත් එක්ක මීලඟ වචනෙ.
රතන සූත්‍රයේ විශේෂත්වයක් තියෙනවා. ඒ හැම ගාථාවේම අගට "ඉදම්පි බුද්ධෙ / ධම්මෙ / සංඝෙ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු" කියලා පේලි දෙක බැගින් බුද්ධ, ධම්ම, හෝ සංඝ යන ගුණයන් ප්‍රකාශ වීමක්. මේ හැම ගාථාවකම අගින් මේ කියන පාඨයේ තේරුම තමයි "මේ කියන ලද ගුණයන් බුද්ධ රත්නයට අඩංගු බව හෝ ධම්ම රත්නයට හෝ සංඝ රත්නයට අඩංගු බව" යනාදී විදියට එක එක ගාථා වල තියෙනවා. මේ කොටස හැම ගාථාවකම තියෙන නිසා හරිම ලේසියෙන් මතක හිටිනවා.
ඊට පස්සේ මතක තියා ගත්තා කී වෙනි, කොයි කොයි ගථාද බුද්ධ රත්නයට අදාල, ධම්ම රත්නයට අදාල, සංඝ රත්නයට අදාල කියලා. ඔන්න ඔය ටික මතකයි කියන්නේ බොහෝ දුරට පිරිත ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලායි. මීලඟට ගථාවක මුල් පේළිය මතක තියා ගන්න. ඊට පස්සේ කලින් වගේම දෙවෙනි පේලියේ මුල් වචනය මතක තියා ගෙන ඉදිරියට කියන්න තියෙන වචන ටික මතක් කර ගන්න.
මේ ක්‍රමය සතියක් කරොත් රතන සූත්‍රය යම් තාක් දුරකට මතක තියා ගන්නට පුළුවන් වේවි. ගොඩක්ම වැදගත් වෙන්නේ හිතේ ඇඳ ගන්නා ඡායාවන්. වචනින් වචනෙ මතක තියා ගන්න මුලින්ම දඟලන්නේ නැතිව පිරිතක් ලේසියෙන් මතක තියා ගන්න මේවා තමයි අපිට උදව් වෙන්නේ. පිරිතේ ගාථා කීයක් තියෙනවද කියලා මතක තියා ගන්න එක මෙහෙම විදියකටත් උදව් වෙනවා. අපි ගාථාවෙන් ගාථාව කියද්දී කියන්නට තියෙන ගාථා ගණන එකින් එක අඩු වෙනවා. ඒ බව සිහියේ තියා ගෙන අඩු කර ගෙන යන්න. එතකොට හිතට සැහැල්ලුවක් එනවා වගෙම හිතෙනවා "හම්මෝ තව මෙච්චරයි නේ තියෙන්නේ..." කියලා.
මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. මට නම් අනිත් සූත්‍ර දේශණා දෙකටත් මේ ක්‍රමය උදව් වුනා. මේ මගේ ක්‍රමයක්. හැමෝටම හරි නොයන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරලා ප්‍රතිඵල මටත් කියන්න ඔයාලා.

Tuesday, September 7, 2010
සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අතරේ උන් වහන්සේ වැඩ හිඳීමෙන් මුළු සංඝයා වහන්සේලාටම දාන මාන කටයුතු වලින් කිසිදු අඩුවක් සිදු වෙලා නෑ. මෙන්න මේ කාරණාව නිසා සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන භික්ෂුවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ.
මේ අපි දන්නා ශාසන ඉතිහාසයේ එන උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ වෙන අවස්ථාවක්. නමුත් මේ ගුණය පෙරටු කරගෙන අද අපේ බෞද්ධ ජනතාව කරන්නේ කුමක්දෝ කියා සිතා ගන්නට අමාරුයි. මන්දයත් ආහාර පාන ලැබීමේ ආශාවෙන් හෝ භව භෝග නොඅඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් සීවලී මහ රහතන් වහන්සේගේ රූපයට කරනා ගෞරව මානනයන් නිසාවෙන්. දේවාලයකට ගොස් දෙවියන්ගෙන් යමක් ඉල්ලා ගැනීම හා සමාන බලාපොරොත්තුවකුයි මේ දෙයිනුත් වක්‍රාකාරයෙන් සිද්ධ වෙන්නේ.
ඔයාලා කවුරුවත් දැකලා තියෙනවාද, නැතිනම් ඔයාලගේ නිවෙසක හරි දැකලා තියෙනවාද සීවලී පිංතූරයක් හැරුණු කොට සැරියුත් මහ රහතන් වහන්සේගේ රූපයක් හරි මුගලන් මහ රහතන් වහන්සේගේ රූපයක් එල්ලා තියෙනවා? මොකද සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන්ගෙන් අගතැන්පත් භික්ෂුව නිසා විභාග වලට මුහුණ දෙන ඕනෑම කෙනෙක් මුන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නට එපැයි. ඒත් එහෙම නෑ නේද? අද ඒ වෙනුවට ගණ දෙවි රූපයට නේ නමස්කාර කරන්නේ. හරි අපි ඒ කතාව පැත්තකට දාමුකෝ.
ආනන්ද තෙරණුවන් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිර්වාණයෙහි පිහිටියත් උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික තනතුරේ තැබූ හෙයින් උන් වහන්සේගේ රූපයක් නිවසක දකින්නට ලැබිලා තියෙනවාද? නෑ නේද? අර වගේම විභාග ලියනා අයට මේ තෙරුන්ගේ ආශිර්වදයත් ලබන්නට හැකි වේවි රූපයක් එල්ලා තැබුවොත්.
මේ අපි නොහිතන දෙයක්. ලාභයක් ප්‍රයෝජනයක් රූපයක් එල්ලූ පලියට ලැබෙන්නේ නම් නෑ. බුද්ධ රූපයකට වුණත් ඒ හැඟීමෙන් කරන පුද සත්කාර වල කිසිදු ඵලයක් ලැබෙන දෙයක් නොවූවත් ශ්‍රද්ධාව නිසාවෙන් යම් තාක් දුරකට මිත්‍යාවෙන් මිදීමට උපකාරයක් වේවි.
ඇයි අපි සීවලී මහ රහත් තෙරුන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ? ඒක සමානාත්මතාවය බිඳ හෙලීමක් නේද? ඇයි අපිට සීවලී මහ රහත් තෙරුන්ගේ හෝ වේවා යම්කිසි භික්ෂු රුවක් තබාගෙන මුළු මහත් අරහත් භික්ෂූ පරපුරටම කරන නමස්කාරයක් විදියට එවැනි හැඟීමකින් නමස්කාර කරන්නට බැරි? ගෙදරට කෑම බීම ලැබෙනා නිසා සීවලී රහත් තෙරුන් හට නමස්කාර කරන්නේ නම්, දාඩිය මහන්සියෙන් දෙමාපියන් හෝ ඔබ හෝ හරි හම්බ කරනා දෙය නිශ්ඵල දෙයක් නේද?
දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපිට ආහාර පාන භව භෝග ලැබීම හෝ හොඳ රැකියාවකින් හොඳ වැටුපක් ලැබීම කියන සංකල්පය මේකෙන් ඉස්මතු වෙනවා නේද? ඔව්, එක අතකට මේ දේ ඉස්මතු වෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි බුදු රජාණන් වහන්සේගේ ගුණයන්ටත්, මහා සංඝයාගේ ගුණයන්ටත් නමස්කාර, පුද පූජා, ගෞරව දැක්විය යුතු වෙන්නේ ආධ්‍යාත්මීය වශයෙන් අප තුල ඇති කර ගත යුතු ගුණ වර්ධනය කර ගැනීම සඳහා මිසක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙන බව අනිවාර්යෙන්ම මතක තබා ගන්නවා නම් වඩාත් සුදුසු බවයි මගේ මතය නම්.

Monday, September 6, 2010
බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තියෙනවා වගේම ඇහිලාත් තියෙනවා. මොකද ඇහුවට පවක් සිද්ධ වෙන්නේ නැති නිසා.
විවිධාකාරයේ බණත් තියෙනවා. එක එක තාලෙට කියන ඒවා. මේ අතරින් බණක අර්ථය වෙනස් වෙනස් ආකාර වලින් දනවන්නට ඒ ඒ ධර්ම දේශකයන්ට පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව මත තමයි ධර්ම දේශණාවක හොඳ නරක බව ශ්‍රාවකයන් තීරණය කරන්නේ.
මෙන්න මේ වගේ කියන බණ වර්ග අතරින් කවි බණට විශේෂ තැනක් හිමි වෙනව. ඒ ගීත රාවයක් හෝ කවියක තාලයෙන් සහ තනුවක් උපයෝගී කරගෙන දේශණා කරන නිසාවෙන් ඒ දේශනාව අසන්නට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන නිසා. දේශණයක් අහන් ඉන්නවාට වඩා ගීතයක් අහන එක හිතට වගේම ගතටත් වෙනසක් දනවන දෙයක් නේ.
ඒත් දන්නවාද දෙයක් ගැන? අද අපි කවි බණ දේශණා වලට සහභාගී වුනාට, දේශක වරු ලස්සනට සමාජ සිද්ධියක් හරි ජාතක කතවක් හරි කවි බණකින් තාලෙට සංගීතමය ස්වරූපයකින් කීවට බුදු හාමුදුරුවෝ මේ ගැන ධර්මයේ දේශණා කරලා තියෙන්නේ මොනවාද කියලා?
බුදු රජාණන් වහන්සේ ධර්මයේ, බුදු දහමේ පරිහානිය සිද්ධ වෙන ආකාරය සඳහන් කරද්දී මේ දේ ගැනත් සඳහනක් කරලා තියෙනවා. අනාගතයේදී ධර්මය ගීත ආකාරයෙන් කියන්නට පටන් ගන්න බවත්, මිනිසුන් අභිධර්මය වැනි දෑ ඉගෙනීමට දක්වන කැමැත්තට වඩා අර ගීතමය ස්වරූපයෙන් කියැවෙන බණ අසන්නට දැඩි කැමැත්තක් ඇති කර ගන්නා බව. ඒ වගේම කසාවත වෙනුවට සුදු සිවුරු හැඳගත් පිරිස් බුද්ධ ශාසනයේ ඇති වෙන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුනු කිසිම දෙයක් මේ තාක් කාලයකට වැරදීවත්, බොරු වෙලාවත් නැති නිසා මේ කියූ දෙයත් අද වෙන කොට සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවට පත් වෙලා හමාරයි නේද? සුදු පාට සිවුරු ඇඳගත් පිරිස් පවා අද ශාසනයේ ඉන්නා බව දැන ගන්නට ලැබී තිබෙනවා.
ඉතින් මේ කවි බණ කියන්නේ නිකන් වැදි බණ හා සමාන දෙයක් හැටියටයි සලකන්නට වන්නේ. සාමාන්‍යයෙන් උපසම්පදා ලද භික්ෂුවකට ගී රාවයකින් ධර්මය දේශණා කිරීම අකැප දෙයක් බවටයි සඳහන් වෙන්නේ. ඒ බව මට දැන ගන්නට ලැබුණේ මගේ මිතුරෙකුගෙන්.
වර්තමානයේදී ධර්ම දේශණයක අන්තර්ගත වෙන්නේ බොහෝ විට ජාතක කතාවක් හරි, සමාජයේ සංසිද්ධියක් හරි, සාමාන්‍ය බුද්ධ චරිතය අලලා සිදු වෙන කතාවක් පෙරටු කරගෙන සිද්ධ කෙරෙන දේශණාවක්. නමුත් අභිධර්ම කොටස් පැහැදිලිව දේශණා කරනා අවස්ථා බෙහෙවින් දුර්ලභයි. අද රටේ වැඩ වසනා භික්ෂූණ්ගෙන් ප්‍රසිද්ධ රැල්ලේ පසු වෙන භික්ෂූහූ බොහෝමයක් දෙනා දේශණාවට බඳුන් කරන්නේ ඔන්න ඔය ආකාරයේ මාතෘකා සහ කවි බණ ආදියයි. කවි බණ දේශණාවෙහි දක්ෂ දේශක වරුන් පවා ඇති තරම් ශාසනයේ සිටිනවා.
කාලයාගේ ඇවෑමෙන් බුද්ධ වචනය ඇත්තක් බවට පත් කරමින් අද කවියෙන් බණ කීමත්, ඒවා ඇසීමට ශ්‍රාවකයන් ප්‍රිය වීමත් ප්‍රවණතාවක් වෙලා තියෙනවා. නියම සද්ධර්මය බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් ඈත් වීගෙන යන්නට පටන් අරගෙන තියෙන්නේ ඔය දේවල් සමාජයට ආ දා ඉඳන්මයි. ඒ මීට වසර ගාණකට පෙරදීයි. කතා බහට ලක් කරන්නට දෙයක් මේ.

Subscribe to:
Posts (Atom)