Sunday, October 3, 2010

මේ ලිපිය අපේ බෞද්ධ ජනයා, පාඨකයන් වෙනුවෙනුයි. මේක අදාළ වෙන්නේ මේ ලිපිය කියවන ඔයාලගෙන් බෞද්ධ වෙන අයට විතරයි. අනිත් අයත් මේ දේ කියවලා විවෘත අදහස් කියන්නට පුළුවනි. මොකද මේ කියන්නට යන දෙයින් සමහරෙක්ගේ හිත රිදෙන්නත් පුළුවන් නිසාවෙන්. නමුත් මේ දේ කියන්නේ කාටවත් පහරක් එල්ල කරන්නවත්, කාටවත් නරකක් කරන්න හිතා ගෙනවත් නෙවෙයි.

අපි කවුරුත් දන්නවා බෞද්ධයින් හැටියට කාලාන්තරයක් මුළුල්ලේම අපේ බෞද්ධ කම අපි විනාස කරගෙන තියෙන අය කියලා. සමහර විට අපි දන්නේවත් නැති තරමින් අපි අපේ බෞද්ධ කම යට කරගෙනයි ජීවත් වෙන්නේ. මේකට හේතුව වෙන්නේ අපි වැටිල තියෙන අගාධයේ ගැඹුර ගැන තේරුම් බේරුම් කර ගන්නට පවා අපේ මානසික තත්ත්වය අපිට ඉඩක් ලබා නොදීම. ඒ වගේම ඒකට ඌණපූර්ණයක් වශයෙන් කියන්න පුළුවන් තවත් දෙයක් තමයි අපේ අදහස් වගේම ආකල්ප වලින් අපි ඇත්ත පිළි ගන්නට අපිව පෙළඹවීමෙන් වැළැක්වීම.

බෞද්ධයන් වශයෙන් හින්දු දෙවි වරු ඇදැහීම ගැන කීප වතාවක්ම මම මගේ ලිපි වලින් කියුවා මතක ඇති ඔයාලට. ඒත් මේ හින්දු දෙවිවරු වටා බැඳී තියෙන සංකල්පමය වටපිටාව ගැන සමහරු දන්නේත් නැති තරම්. දෙන නිසා "දෙයියෝ" කියලා හඳුන්වන්නත් පුළුවන්. ඒත් අපි ඉල්ලනා තරමටම අපිට ඕනෑ දේවල් දෙවියන් විසින් අපිට මේ කාලය තුලදී ලබලා දීලා තියෙනවා නම් අපිට කිසිම කරදරයක් දුකක් නැතිව සතුටින් ජීවත් වෙන්නට ඉඩක් කඩක් තියෙන්නට ඕනේ නේද? ඒත් අද ප්‍රශ්ණයක් ගැටළුවක් හිතේ නැති කිසිම බෞද්ධයෙක්, හින්දු භක්තිකයෙක් ඉන්නවද? මේ ලෝකේ හැමදාමත් අපේ පස්සෙන් ආපු එකම දේ අපි කරපු කර්මයි. ඒ නිසාවෙන් අපිට නොයෙක් නොයෙක් ගැටළු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා එක අතකින්. මේ හැම දේටම මුල අපි කළ කී දේවල් මිසක සර්ව බලධාරී දෙවි කෙනෙක්ගේ බල පැවැත්මට සිද්ධ කෙරුනු දෙයක් නෙවෙයි.

විෂ්ණු දෙවියන් එක අවස්ථාවකදී දරුවන් හත් දෙනෙකුන් මැවූ බව ජනප්‍රවාදය සඳහන් කරනවා. එතැනට උමා සහ ඊෂ්වර පැමිණි බවත් ඒ එක්කම සඳහන් වෙනවා. දරු සෙනෙහස නිසා උමාවන් මේ දරුවන් හත් දෙනාම එකට එකතු කරලා බදා ගත්ත බවත් ඉන් පුංචිම දරුවා ඉවත් වෙලා ගිය බවත් කියැවෙනවා. ඉතින් අර අනිත් දරුවන් හය දෙනා එක් අයෙක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ තිබූ ආකාරයෙන්ම මුහුණු හයකුත්, අත් දෙක බැගින් දොළසකුත් වශයෙන් එකතු වෙලා තියෙනවා. ඒවා ඒ ආකාරයෙන්ම පිහිටියා නම් අපිට තවත් හිතන්නට දේවල් කොයි තරම් නම් මේ දෙයින් මතු වෙනවාද? පිරිමි දරුවන් නිසා තව තවත් අවයවත් තිබූ අයුරින්ම තියෙන්නට ඕනේ අනිත් දේවලුත් ඒ විදියටම තිබුණා නම්.

මේ වගේ සංකල්ප ගොඩ නගන්නට යාමෙන් තේරුම් යන දෙයක් තමයි විෂ්ණු හෝ කතරගම හෝ යන දෙවිවරු හින්දු දෙවි වරු බව. ඒ වගේම අපි බාර හාරකම් කරන මේ දෙවිවරු බෞද්ධයින් විසින් වැඳුම් පිදුම් ලැබිය යුතු දෙවි වරු නොවෙන බවත් අපි සිහියට නගා ගතු යුතුයි.

බෞද්ධ දේව සංකල්පය කියන්නේ කාගේවත් කෑම බීම මත යැපිල ආශිර්වාද කරන කොට්ඨාශයක් නෙවෙයි. මේ ගැන මඳක් සිතිය යුතුයි. හින්දු භක්තිකයන් ඔවුනගේ දෙවිවරුන් වැඳ නමස්කාර කරපුවාවේ කියලා හිතලා ඇයි අපිට බැරි බෞද්ධ දර්ශණයට පටහැනි දෙයක් පසු පස හඹා යමින් සැප, ආශිර්වාද බලාපොරොත්තු වෙන්නේ? සියළුම බෞද්ධයන් මේ ගැන සිතා බැළිය යුතුයි.

5 පාඨක අදහස් | Comments:

Jehan said...

ඕව ඒ කාලෙ මෝඩ මිනිස්සුන්ට ආගම් භක්තියක් ඇති කරන්න කියපු ගොන් කතා ආයු බෝං!!

ඔහොම කතා ඕනි තරම් බෞද්ධ පත පොතෙත් තියෙනවා...
නිවන, අපාය, නරකාදිය, තිස් තුන් කෝටියක් දෙවියන්, ප්‍රාතිහාර්යය ආදි දේවල් ගැනත් හිනා යන කාරණා මතු කරන්න පුලුවන්.

අපි කරන්න ඕනි කිසිම ආගම්කට ගැරහීම/හිනාවීම නොවෙයි.

TeeRox said...

ඇත්තෙන්ම මේ අපේ අන්ධ බෞද්ධයන්ගේ ඇස් පාදන්න ලියූ ලිපියක්.

TeeRox said...

නිවන, ප්‍රාතිහාර්ය, දෙවියන් ගැන බුදු දහමේ සඳහන් කිස්ම දෙයක් හිනා යන කාරණා නෙවෙයි. ඒවා බොරු කරන්නට උත්සාහ ගැනීමත් අකුසලයක්. මොකද නිර්මල ධර්මයකට මේ ලෝකෙ තියෙන්නේ බුදු දහම විතරක් නිසා.

Indraj said...

මොකද උනේ ආරන්චියි යන්තම් ?

TeeRox said...

ඒක යට ගිය දවස් වල දිග කතාවක් අනේ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.