Saturday, October 16, 2010

ලංකාව කියන්නේ තොරතුරු තාක්ෂණය අතින් අනිත් රටවලට සාපේක්ෂව ඉතාමත්ම පහළ මට්ටමක පැවතුණු රටක් කියන්නට පුළුවන්. ඒත් මේ තොරතුරු තාක්ෂණයේ නව පිමි බොහෝමයක්ම මෑත කාලයේදී දකින්නට හැකියාවක් ලැබුනා. තොරතුරු තාක්ෂණ උපාධි දරා ගෙන විශ්ව විද්‍යාල වලින් එළියට එන පිරිසගෙන් දකින්නට නොලැබෙන, තාක්ෂණ ලෝකයට වෙනත් විවිධ අංශ වලින් සේවයක් සිද්ධ වුනු කාලයක තමයි අපි දැන් මේ ජීවත් වෙමින් සිටින්නේ.

ඉක්ටා (icta - infromation and communication technology agency) ආයතනය හෙවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කාර්යංශය රටේ තොරතුරු තාක්ෂණය ඔප් නංවන්නට ඉතාමත් දැඩි වූ වෙහෙසක් ගන්න බව හැම අතින්ම පෙනීගෙන යනවා. නැණ සල වගේ අන්තර්ජාල පහසුකම් සලසන ස්ථාන රටේ හැම තැනකම බිහි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒවා පරිහරණය කරනා පිරිසත්, ලොකු කුඩා භේදයකින් තොරව ඒ වටා නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ කරුණු කාරණා නිසාවෙන් රටේ තාක්ෂණ දැනුම රටේ ජනතාව තුල වර්ධනය වීමක් ද පෙන්නුම් කරනවා.

මෑත භාගයේදී මෘදුකාංග සංවර්ධන ක්ශේත්‍රයේත් විශාල වෙනස්කම් කීපයක් සිද්ධ වුනා. මේ වෙනස්කම් ශ්‍රී ලංකාවේ අපිට ආඩම්බර වෙන්නට පුළුවන් කාටත් ප්‍රයෝජනවත් වෙන තොරතුරු තාක්ෂණික සංවර්ධිතයන්. උදාහරණයක් වශයෙන් කීවොත් යුනිකේත තාක්ෂණයෙන් සිංහල භාශාව ලේසියෙන් පහසුවෙන් ලිවීමට ක්‍රමවේදයක් ඇති කිරීමත්, ඊට අදාළ වන මෘදුකාංගයන් නිශ්පාදනයත්, දක්වන්න පුළුවනි. ඒ වගේම අන්තර්ජාතිකව නමක් දිනූ දැවැන්ත ආයතන වල මෘදුකාංග නිශ්පාදනයන්ගේ භාෂා අන්තර්ගතයන් අතරට සිංහල භාශාව ඇතුලත් කිරීමත් අමතක කරන්න බැරි හොඳ දෙයක්. විශේෂයෙන්ම මයික්‍රෝසොෆ්ට් ආයතනය නිපදවූ වින්ඩෝස් (windows) මෙහෙයුම් පද්ධතියේ විස්ටා (vista) වගේම සෙවන් (7 seven) මෙහෙයුම් පද්ධති වලට සිංහල භාශාව ඔබ්බවා තිබීම ගැනත් මතක් කරන්නට පුළුවනි.

ක්‍රීඩා ලෝලීන්ට නම් සුභ ආරංචියක් විදියට ලාංකීය දැනුම් සම්භාරයන් පිට රටට ගැති නොකරවමින් අදාළ දැනුම් සම්භාරයන් ලබා ගනිමින් නිපදවන සිංහල පරිගණක ක්‍රීඩාවන් ගැනත් නොකියාම බැරි තරම්. "කළම්බෝ රයිඩ්", "තොප්පිගල" වගේම "අබා" නමින් ත්‍රිමාණ සජීවීකරණ ක්‍රීඩාවන් නිශ්පාදනය කිරීම මීට හොඳ උදාහරණයන් වෙනවා. ඒ වගේම ජංගම දුරකතන වල සිංහල භාශාව අඩංගු කරවීමත්, ජංගම දුරකතන වලටම නිමවන ක්‍රීඩා ආයිත්තම්ගෙන් පවා මේ බව හොඳින්ම පැහැදිලි වෙනවා. ඉන් සියයට අනූවක්ම පිට රැටියෝ.

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයත් ලංකාවේ අනන්න්‍යතාවය තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ ඉහලින්ම තහවුරු කරන්නට උදව් උපකාර ලබා දෙන තවත් මිතුරෙක් වෙනවා. විදේශීය තාක්ෂණයට අනුකූලව සිනමා ශාලාවන් පවා නිර්මාණය කරන්නට නුදුරු අනාගතයේ අවස්ථාවන් උදා වෙන බවත් කියන්නට ඕනේ. ඒ සෑම දෙයක්ම තොරතුරු තාක්ෂණයේ පිහිටෙන් අපි ලද ජයග්‍රහණයන් වෙනවා.

තොරතුරු තාක්ෂණයේ මහිමයෙන් අද සිංහල බසින් කලාව ඔප්නංවන බොහෝමයක් දෙනා බ්ලොග් රචනා කරන්නටත් යෙදීම සිත් ඇද ගන්නා සුළු ප්‍රවණතාවයක් වෙලා. අපි ඔබ හැම දෙනාටම තොරතුරු තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන රටේ යම්තාක් දුරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට ඒ දැනුම යොදවන්නට නියමිත කාලය උදා වී ඇති බව අනිවාර්යෙන්ම කිව යුතුයි.

2 පාඨක අදහස් | Comments:

Geeth Nuwan said...

හොද ලිපියක්.

Vista, 7 වල විතරක් නෙවෙයි විවෘත මෘදුකාංගයක් වන UBUNTU වලත් සිංහල අඩංගු වෙනවා...

තාක්ෂණය අතින් ලංකාව තවතවත් දියණු වේවා !!

Anonymous said...

දැනට රජයේ ආයතන බොහෝමයක් එක් ජාලයක් වෙතට ගෙන ඇත.ලංකා රාජ්‍ය ජාලය නම් එම ජාලය මගින් අනාගතයේ ලංකාවේ රජයේ ආයතන මගින් සලසන සේවා ඔන් ලයින් ක්‍රමයට ලබා දීමට අරමුණු කර ඇත.තවදුරටත් ඒ ගැන දැනගැනීමට http://www.icta.lk/en/programmes/re-engineering-government/131-main-projects/240-lanka-government-network-project-lgn.html

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.