Thursday, August 26, 2010

මරණය අපි හැමෝටම පොදුයි. ඒත් ඒක ලඟා වෙනවට අපි කවුරුත් කැමති නෑ. මොකද අපි ජීවිත කාලය පුරාවටම හරි හම්බ කර ගත්තු දේවල් හැම දෙයක්ම අපිට අත හැරලා දාලා යන්න සිද්ධ වෙන නිසාවෙන්. හරි හම්බ කරාය කීවේ මුදල් හදල් විතරක්ම නෙවෙයි. දරු මල්ලන්, තමන් සහ තමන්ට ආදරය කරන්නන්, දේපළ ඉඩකඩම් වගේ දේවලුත් අයිතියි. අපිට මේ හැම දෙයක්ම දාලා යන්නට නොහිතෙන්නේ අපි ඒවට ලොකු බැඳීමක් තියෙන නිසයි.

පවුලේ කෙනෙක්ට වුනත් අපිව අත හැරලා පරලොව යන්නට සිද්ධ වෙනවා. ඒත් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ පවුලේ හැම දෙනාමත් එක්කම හැමදාම එකම විදියට කාලය ගත කරන්න නේ. ඒ අපි බැඳීම් වලින් උවමනාවටත් වඩා එකිනෙකා හා බැඳිලා තියෙන නිසා. ඒත් අපේම කෙනෙක් අපෙන් වෙන් වෙලා යද්දී තමයි දැනෙන්නේ මරණය කියලා දෙයක් අපිටත් ඒ වගේම සිද්ධ වෙන්න පුළුවන් නේද කියලා. සමහරු පිං දහම් කරන්නට හරි ආරම්භ කරන්නේ එවිටයි.

ප්‍රියයන්ගෙන් වෙන් වීමත්, අප්‍රියයන් හා එකතු වීමත් දුකක් බව නම් ඇත්තයි. ඒ බව අපි ඔයාලා හැමෝම අත් විඳලා ඇති. ඒ වගේමයි ප්‍රියයෙක් අපිව හැර දාලා යාමත් ඒ වගේමයි. ඒත් මේ දේ ගැන ඔයාලා හිතලා තියෙනවද? සමහර වෙලාවට අපේ ප්‍රේම සම්බන්ධයක් බිඳුනොත් ඊට හේතුව අපේ පෙම්වතිය හෝ පෙම්වතා වෙන අයෙක් වෙනුවෙන් අපිව අත හැරීම නම් අපිට ඒ ගැන හිත හදා ගන්නට හේතුවත් ඒකම බව. සමහර වෙලාව
මම මේ කියූ දෙය ඇත්තක් වෙන අවස්ථාත් තියෙනවා. මේ දේ මරණය සම්බන්ධවත් අපිට හිතන්නට බැරි ඇයි කියන එක මට තියෙන ප්‍රශ්නයක්. මොකද ඉතින් මේ දෙකේදිම නොසෑහෙන්න දුකක් අපේ හිත් වලට දැනෙන නිසා.

බැඳීම් අඩු කර ගන්න තරමට දුකත් අඩු කර ගන්න පුළුවන්. ඒක බුද්ධ දේශනයක්. කෙනෙක් අපෙන් වෙන් වෙලා යන්නේ තවත් අළුත් තැනකට. ඕනෙම වෙන් වීමක් දුක් සහිතයි හිතෙන් තියෙන බැඳීම වැඩි වෙද්දි. විශේෂයෙන් දෙමාපියන්, පෙම්වතුන්, සැමි
යා, බිරිඳ හෝ දරුවන් වෙන් වෙද්දී. ඒත්, අපිට දුකක් ඇති වෙන කෙනෙකුගේ මරණය, තවත් කෙනෙක්ට සතුටක් වෙනවා. ඒ ඇ‍යිද කියලා දන්නවද?

අපෙන් ඈත් වෙලා ගියාට ඒ කෙනා තවත් පවුලකට නොසෑහෙන්න සතුටක් ගේනවා කියලා අපිට හිතිලා තියෙනවද? මොකද මරණින් මතුවට ඔහු හෝ ඇය තවත් ජීවයක් ලබනවා වෙනත් මව් කුසක. ඒ බව දැන ගැනීම පවා ඒ මවට සතුටුදායක ආරංචියක් වෙනවා. හැබැයි ඒ අපිට දුකක් දුන්නු කෙනාමයි. අපිට ඒ ගැන හිතලා සතුටු වෙන්න හරි, නොසලකා හරින්නට හරි, සතුටු වෙන්නට හරි පුළුවන් නම් දුක තුනී කර ගන්න පුළුවන් නේද? මොකද, ඒ කෙනා අපෙන් වෙන් වුනත් අපි අතරෙම ඉන්න නිසා. සමහර විට මිනිස් ජීවිතයක් ලබලා නම් අපේම නෑයෙක්ගේ දරුවෙක් වෙන්නත් බැරි නෑ. ඒ වගේමයි ඉතින් සතෙක් වෙන්නත් පුළුවන්.

නිවන් දකින්න තරම් ගොඩක් දෙනාට පුළුවන් කමක් නැහැ නේ. ඉතින් මිය යන්නේ කවුරු වුනත් අනිවාර්යෙන්ම අපි අතරෙම ඉපදිලා ඉන්නවාය කියලා සුභවාදීව හිතන්න පුළුවන් නම් මරණය කියන්නේ තාවකාලික වෙන් වීමක් විතරයි කියලායි මගේ අදහස.

4 පාඨක අදහස් | Comments:

Indraj said...

මරණය දුකක් ,ඉපදීම සැපතක් කියන එක වැරදියි. ඉපදුන නිසානෙ මැරෙන්න වෙන්නෙ . එමනිසා ඉපදීම යනු දුකෙහි උපතයි.

TeeRox said...

ඉපදීම දුකේ උපත බව නම් ඇත්ත. නමුත් මැරෙද්දී අනුන්ට ඒ කෙනා දුකක් දුන්නට, නැවත ඉපදෙද්දී ඒ කෙනාම තවත් පිරිසකට සැපක් දෙනවා.

Indraj said...

හරි හරි සැපක් ගත්ත හින්දනෙ ඉපදෙන්නෙ. දැනුයි තෙරුනේ

TeeRox said...

සැපක් ගත්ත හින්ද ඉපදුනාට ඉපදෙද්දිත් නෑදෑයන්ට වගේම දෙමාපියන්ටත් සතුටක් නේ. :D

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.