Wednesday, August 25, 2010

බොහෝ ආගම් වලට ආගමික දර්ශන වලට පදනම් වුණු මූලකෘතිය තමයි දේව වන්දනාව. අදෘශ්‍යමන දෙවි වරයෙක් පදනම් කර ගෙන ගොඩ නැගෙන විශ්වාස සහ භක්ති පූර්වක ක්‍රියාකාරකම් මත සහ ජනප්‍රවාද හේතු කොට ගෙනයි අදෘශ්‍යමාන දේව ප්‍රතිරූපයක් වටා ආගමක් ගොඩ නැගෙන්නේ යනු මගේ පුද්ගලික අදහස. ඒ විදියට ගොඩ නැගුනු හැම ධර්මයකම පෙන්වන්නේ නියතතාවත්, සුවතාවත්, සහ ආත්මයත් යන කරුණු තුනයි. මීට පරිබාහිරව ගොඩ නැගුනු විශ්වීය ධර්මය බුදු දහමයි. බුදු දහම ආගමක් නොවන්නේ එහි ඇති නොසෙල්වෙන සහ නිකැලැල් ධර්මය අතීත වර්තමාන සහ අනාගත යන කාලත්‍රයටම වෙනසක් නැතිව බලපාන කරුණු කාරණා රාශියකින් ස්වායංපෝශිතයක් බැවින්.

දෙවියන් විශ්වාස කළ යුතු බව ඇත්තක්. නමුත් දෙවියන්ගෙන් ආයු සැප බල වර්ණ බලාපොරොත්තු වීමක් බුදු දහමේ හැටියට පිළි ගන්න බෑ. මොකද දෙවියන් සිටිය යුත්තේ තම සිත් තුල වීමයි. ඇදහීමෙන් හෝ යැදීමෙන් හෝ කිසිවක් ලබා ගන්නට බැරි බව බුදු දහමේ කියවෙනවා. ඒ නිසා අද කාලයේ බොහෝ දෙනා හින්දු දෙවි වරු පසු පස වැඳ වැටෙමින් යන ගමන බෞද්ධයන් හැටියට තම ආගමට කරනා නිගාවක් ලෙසයි මම දකින්නේ. බුදු දහමේ කියැවෙන දෙවිවරු සිල්වතුන්ගෙන් පුණ්‍යානුමෝදනා ලබා සැපයට පත්ව නිවන් මගේ සිටිනා අයයි.

අපි පූජා කරනා කෙසෙල් ගෙඩි, රෙදි පිළි, පොල්, මල්, හඳුන්කූරු පලතුරු වලින් ඔවුනට කිසිසේත් පලක් වන්නේ නම් නෑ. මොකද දිව්‍ය භෝජන තියෙද්දී නරයන්ගේ ආහාර පාන වලඳනවා කියාත් වෙනත් විදියකින් සිතන්නට පුළුවන්. ඒ වගේ ආහාර පාන දිව්‍ය භෝජන පරද්දන්නේ කොහොමද? කොටින්ම කියනවා නම් අපි පූජා කරන පලතුරු වට්ටි නම් ඔවුනට අසූචි හා සමානයි.

මා දන්නා ආකාරයට සතර මහා දෙවිවරු ලෝකය සිසාරා සිල්වතුන් සොයමින් සැරිසරන බවත් ඔවුනගෙන් පිං අනුමෝදන් වී ඔවුනට ආරක්ශාව සලසන බවත් බුදු දහමේ සඳහන් වෙනවා. හැබැයි මේ සතර මහා දෙවිවරු කීවේ අපි බොහෝමයක් දෙනා හිතාගෙන ඉන්න හින්දු දෙවිවරු වෙන විෂ්ණු, කතරගම වගේ අය නම් නෙවෙයි. ඔවුන් වෛශ්‍රවණ, විරූපාක්ශ, විරූදක සහ ධ්‍රතාරාස්ත්‍ර (මා වැරදි නම් නිවැරදි කරන සේක්වා) නමින් හඳුන් වන සතර වරම් දෙවිවරු.

තම තමන් සිල්වත්ව දුරාචාරයෙන් ඈත්ව වැසීම දෙවියන් හා මිත්‍ර වීමට ඇති එකම ක්‍රමයයි. පන්සිල් රැකීම ඒකට හොඳ උපකාරයක්. දෙවියන් ආශිර්වාද කරනුයේ ඔවුනට ලං විය හැකි අයට පමණයි. දුරාචාරයේ යෙදී සිටිනා අය හෝ වැරදි දිවි පැවතුම් ඇති කෙනෙක් දෙවියන්ගෙන් උදව් උපකාර ඉල්ලා යැදීමක් කරනවා නම් හෝ එසේ උපකාර ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටී නම් හෝ එයින් සිසිදු පලයක් ඇති වන්නේ නැහැ. මන්දයත් අර පෙර කියූ කාරණාව නිසා.

අපි බෝධි පූජාවක් කරත් දෙවියන්ගෙන් හරි බුදුන්ගෙන් හරි ඉල්ලන්නේ ආයු, වර්ණ, සැප, බල, යසස කියන කාරණා පහෙන් අඩුම තරමේ එකක් හරි. නිවැරදි බුදු දහම අධ්‍යයනය කරොත් වැටහේවි බුදු දහම කියන්නේ යැදීම අනුමත කරන දෙයක් නොවන බවත්, ප්‍රාර්ථනාවන් ඉශ්ට කර ගන්න පුළුවන් ආගමක් නොවන බවත්. කෙනෙකුට සැපවත් ජීවිතයක් ලබා ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් බුදු දහමේ විස්තරාත්මකව ඇති නිසා දෙවියන්ගේ පිහිටක් බලාපොරොත්තු වන්නේ කුමටද?

3 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

සියලු අපල දුරුවෙන්න කියලා බෝගස් වල එල්ලන්නෙත්.....බොගහ මුලට වතුර දමා නිවන් පත්තන්නේත්.......බුදු පිළිමයකට අහාර පූජා කරන්නේත්.....භක්තිය නිසා නොවේද?......ඇත්තෙන්ම අද බෞද්ධයා දර්ශනයක් ආගමක් බවට පත් කරගෙන යැදීමට හුරුවෙලා.......ශ්‍රද්ධාව භක්තිය බවට පත්වෙලා.....:(

TeeRox said...

ඇත්ත... මොනා කරන්නද? හින්දු කෝවිලක බුදු පිළිමයක් නැටි තරම්. ඒත් පන්සලක අනිවර්ය අංගයක් තමයි දේවාලය. අනේ හපොයි. සියළු බෞද්ධයෝ මිත්‍යා දෘශ්ටියෙන් මිදෙත්වා.

ඔස්කා said...

කතාව ඇත්ත... ඔය ඉල්ලන ඉල්ලිලට මිනිස්සුන්ට මොනවයෙන් අඩු නොවෙයිද? කෙනෙකුට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන 5 ඕන නම් දානය පුරුදු කරන්න කියල බුදුදහමේ කියන්නේ.මිනිස්සුන්ගේ අනවබෝධයේ තරම තමයි..

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.