අද ලංකාවේ බොහෝ අංශ දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වගේම යටිතල පහසුකමුත් ඇති තරම් තියෙනවා. කොටින්ම සන්නිවේදන පහසුම මින් ප්‍රධාන තැනක තියෙනවා. ඒත් තියෙන සම්පත් නිසි ප්‍රයෝජනයට ගන්න තරම් දැනුමක් නැති කමත්, නිසි මග පෙන්වීමක අඩුපාඩුවත් නිසා අද අපේම මිනිසුන් බොහෝ අපහසුතා වලට පත් වෙලා තියෙනවා. අපිට එක පුද්ගලයෙක්ට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද මේ දේවල් නිසි පරිදි වුණා නම් මෙහෙම නොවෙන්න ඉඩ තිබීම නිසා.
අනික බේබදු කමට ඇබ්බැහි වුණ කෙනෙක් ඉන්න පවුලක ආර්ථික මට්ටම ඉතාමත්ම ශීග්‍ර මට්ටමකින් පහල යන්නේ බලා ඉද්දිමයි. එහෙම පවුලක දරුවන් හතර දෙනෙකු රැක බලා ගන්න තරමට තියා 'පාන්' කියා ගන්න බැරි අගහිඟතා ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ තත්ත්වය මුඩුක්කු වාසීන්ට වගේම ගම්බද ප්‍රදේෂ වල නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. මේ දේවල් ගොඩ නගන්න නම් හැමෝගෙම උදව් උපකාර අවශ්‍ය වෙනවා. අද ඒ අම්මා බැනුම් අහයි. කවදා හරි අපේ දරුවන්ටත්, අපිට එහෙම පාරේ විසික් කරලා යන්න සිද්ධ වෙන ආර්ථික අගහිඟයක් අපේ ජීවිත වල ඇති වුණොත් එදාට අපිටත් ඒ අම්මා ලැබූ බැනුම් අහන්න වේවි.
මේ වගේ දේවල් වලින් මාධ්‍ය ඇති තරම් බඩ පුරවා ගැනීම බොහෝ ඈත අතීතයේ ඉඳලම පැවතෙන්නක්. ඒ ගැන කථා කිරීම අනවශ්‍යයි. ආකල්පමය වෙනසක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. සුභ අනාගතයක් ලබන්න පුළුවන් ලේබල් එකකින්වත්, බැනර් එකකින්වත්, හිට්ලර් වරුන්වත් රට කරවීමෙන් නෙවෙයි. මේ රටේ ගොඩ නැගිල තියෙන නීති පද්ධතිය මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒත් ප්‍රශ්නේ ඒවා ක්‍රියාවට නොනැගීමයි. නැති වුණ දරුවාගේ ජීවිතයට වග කිව යුත්තේ ඒ මවගේ අසරණකම විතරක්ම නෙවෙයි, අධ්‍යාපනය හිඟ කම වගේම දරිද්‍රතාවයත්, මිනිසුන්ගේ ආකල්පමය පසු බෑමත්, අදාල අංශ නිසි ලෙස ක්‍රියා නොකිරීමත් තමා.
ඒ නිසා ඔය වගේ අවාසනාවන්ත දේවල් නැවතත් සිදු වීම අපිට වලකන්න අමාරුයි. අපි කවදාවත් මෙවන් විපත් දකින්නවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒත් ඒ දේවල් වල සීමාවකුත් තිබිය යුතුයි. මාධ්‍ය වල නොකී පමණට අනාවරණය නොවුණු දුක්ඛිත කතා තවත් මේ රටේ හැංගිලා තියෙනවා හැම අස්සක මුල්ලකම. ඒ අසාධාරණකම් වලට නීතියෙන් පිළිසරණක් නොලබාම අසරණයා අන්ත අසරණභාවයට පත් වෙන සමාජ පරිසරයකුයි ගොඩ නැගිලා තියෙන්නේ. මීට හේතුවත් අර මුලින් කීව සන්නිවේදන දුර්වලතා වගේම අධ්‍යාපනික අඩුලුහුඬු කම්. මේ හැම දෙයක්ම ගොඩ නැගුණු රටක් දකින්න, සාක්ෂරතාව සියයට අනූවක්ය කියල පම්පෝරි ගහන උදවිය ඉන්න තාක් කල් ඉඩක් ලැබෙන එකක් නෑ.
5 පාඨක අදහස් | Comments:
අපි හැමෝඅම ආකල්ප වෙනසක් ගැන නම් කියනවා...මොකක්ද ඕකට තියන මූලික පියවර....අවුරුදු ගානක් තිස්සේ දිගටම තිය තිය ආපු වැරදි පියවර හරි පැත්තට ගන්න කොහෙන් හරි පටන් ගන්න එපාය....
eeyeth eka ammakenek lamayinta wasa powala thibuna.
http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=7389:2010-08-06-08-06-49&catid=35:2008-10-13-08-30-14&Itemid=63
මළමිනීවාහින්යත් ඊයෙ ඒක රසකර කියන්න ඇති මයෙ හිතේ...නොදකිං....
ස්වර්ණද? නැත්නම් රූපද?
Goldවාහිනිය තමා....:).....
Post a Comment