Friday, August 20, 2010

මේ ලිපියේ මාතෘකාවට අදාළ වෙන ඉංග්‍රීසි වචනයේ තේරුම සමහර දෙනා තේරුම් ගන්නේ ඉංග්‍රීසියේ තියෙන තේරුමෙන්මයි. නමුත් මාතෘකාවත් එක්කම ගැලපුවාම ඒකේ අදහස වෙන එකක් බව පැහැදිලි වෙන්න ඕනේ. ඇත්තෙන්ම මොකද්ද මේ ජොයින්ට් කියන්නෙ? සාමාන්‍යයෙන් නම් තේරුම මූට්ටුවක් නැත්නම් පුරුකක් වගේ දෙයක්. ඒත් මේ කියන්නේ "ඉංග්‍රීසි බාසාවේ එන වචනයක් සහ අපි" ගැන නෙවෙයි. සමාජයේ සමහර දුරාචාරයට බැඳිලා ඉන්නා කීප දෙනෙක් කරනා දෙයක් ගැන. හැබැයි සමහරු මේ වචනය මෙහෙම දුරාචාරී වැඩකට පාවිච්චි කරන බවක්වත් දන්නේ නෑ. මමත් දැනන් හිටියේ නෑ මීට අවුරුදු දෙක තුනකට කලින්. නමුත් දැන් නම් හොඳට දන්නවා.

ජොයින්ට් විදියට මේ කියන්නේ ගංජා හෙවත් කංසා වලට. මත් ද්‍රව්‍යයක් කියලා දැන් නම් දන්නවා ඇති නේ ඔයාලා. මට මේ දේවල් පාවිච්චි කරන කිහිප දෙනෙකුත් ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා. ඒත් කවදාවත් පාවිච්චි කරල තියා කරන්න හිතලාවත් නැහැ.

මේවා සමාජයේ බෙදාහරින්නේ බොහෝමයක් වෙලාවට කොළඹට එපිට පළාත්වල ඉඳලා. සමහරු කොළඹ වැඩ කරාට පදිංචිය බොහෝ දුර ප්‍රදේශ වලයි. ඉතින් නෑගම් යන ඔය දුරාචාර වලට යොමු වුන උදවිය පැකට් විදියට මේවා අරන් ඇවිත් අප්‍රසිද්ධියේ පාවිච්චි කරනවා. ඇත්තටම මේ පැකට් පොලිතීන් වලින් ඔතපු නිකන් තණකොළ වගේ පිටතට පේන වේලපු කොළ ජාතියක්. දුර ගමන් යන බස් වල එහෙම යද්දී සෝදිසියෙන් ඉන්න වේවි. තමන්ගේ ගමන් මල්ලට මේ වගේ ගුලියක් වගේ පාර්සලයක් ඇවිත් තියෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් නිවෙස් වලදී නම් මේ වගේ දේවල් පාවිච්චි වෙනවා අඩුයි. බොහෝ වෙලාවට නේවාසිකාගාර, බෝඩිම් නිවාස, විනෝද චාරිකා ආදිය වලදී මිතුරන් රැසක් එකතු වෙන අවස්ථා වලදී තමයි මේවා පාවිච්චියට ගැනෙන්නේ. සමහර විට තමන්ගේම යාළුවෙක් බෑග් එකෙන් එළියට මේ පැකට් එකක් ගන්නකම් තමන් ඒ යාළුවාව මේ වගේ දුරාචාරයකට යොමු වෙලා ඉන්නවාය කියලා දැන ගන්න එකක් නෑ.

මේ ජොයින්ට් ගහන්නේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ. මොකද මම ඒ ගැන අමුතුවෙන් හොයන්න ගිහින් නොමැති වීමත්, එය කරනා හැටි දැක නොතිබීමත් නිසා. මා දන්නා තරමට පිච්චීමක් වගේ දෙයක් මාර්ගයෙන් එන දුම ආග්‍රහණය කරලායි මේ දේ කරන්නේ. මේ මට ඇසුන දේවල් වලින් මා නිගමනය කල දෙයක් විතරයි.

මේ දේවල් කරන අය කියන විදියට නම් මේ දේ කරාම තමන්ට හරියකට කෙලින් ඉන්නත් බැරි තරම්. ඒත් ඒ වගේ වෙලාවට කරන වැඩ නොහොත් මන්ද මානසිකත්ව ක්‍රියාකාරකම් ඒ ඒ අය අතරේම විහිළුවට තහළුවට නිතර පත් වෙන්නක්. මේ නිසා ඔවුනොවුන් ලබනා සහනය සහ සැපය නම් ඉතාමත්ම උපරිම එකක්. ඒත් සිහි විකල්ලෙන් ලබනා සැපයක්.

කෙනෙක් බොන්නට පුළුවන්. කෙනෙක් සිගරට් බොන්නට පුළුවන්. වාසිය තකා මේ දෙකම සාධාරිනීකරණය කරන්න සමාජයේ ඕනෙම කෙනෙක්ට පුළුවන්. ඒත් ඔය දෙකෙන් ඕන එකක් කරනා කෙනෙක්ට ජොයින්ට් ගැසීම තවත් මහා ලොකු වීර කමක් වනවා මිසක අවදානමක් බව වැටහෙන්නේ නම් නෑ. ඇත්තෙන්ම ඒ වගේ දෙයක් තේරුම් ගන්න වැටහීමක් තියෙනවා නම් ඔය දහ ජරාව පාවිච්චි කරන්නේ නැහැ නෙ ඉතින්.

එදා වේල කාලා බීලා ඉන්න සල්ලි බාගේ නැති උදවිය මේ ඕනෑම දුරාචාරයක් කරන්නට සතියක්, මාසයක් කාලා බීලා ඉන්න තියෙන වැටුප නාස්ති කරද්දී මට, මම ගැන ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා. මොකද මම මගේ මුදලින් අනුන්ට උදව් කරන නිසා. ඒත් ඉතින් සමාජයේ ඉන්න දුරාචාරී පුද්ගලයන් සමාජයෙන් ඈත් කරන්න නම් අපිට බැහැ. ඒක ඔවුනොවුන් තේරුම් ගන්නා කාලය එන කොට ජීවිතේ හොඳම හරිය සහ මුලින්ම විනාශ කරගෙන අවසන් කරගෙනත් ඉඳීවි. මොනා කරන්නද?

8 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

Simple fact. if you like it you can use it. if you don't just don't.Thats my code of living.I've been with people who does this..they are no demons. just humans.Its their choice.Right or wrong...who are we to judge.I think people should learn to mind their own business...and do what they won't or what they feel correct rather than criticizing what others do.

Anonymous said...

ජොයින්ට් එකේ සැප නොදනිත් මෝඩ දුදනෝ !!!!

Teshan said...

@Shadow/හේමලයා:
Why? cant we criticize something if we don't like it? is that beyond the culture or forbidden the law? we should at least try to stop others doing bad things. What's the point of living without minding the things that are happening around us? Do you think that the things we like are always correct and accepted by the society? say, we may like murdering because we like it but nobody accepts it. we cannot judge anything. but we can point out the things that are unacceptable by the law, culture or society.

@Anonymous:
ජොයින්ට් පාවිච්චි කරන අය පමණක් ඒ සැප අත් විඳින එකයි ඇත්තේ තවත් හොඳ මනුස්සයෙක්ව ඒ දේට ඈඳා නොගෙන. මොකද තමන් කරන පව අනුන්ටත් පටවන්න ඔය වගේ ඈයො හොඳින් දන්නවා නේ...

Anonymous said...

ඇත්ත කියපන් උඹ joint ගහලා තියෙනවාද?.නැත්නම් කොහොමද හොඳ Naරක කියන්නේ.ඇයි ඒක හොඳ නැති වෙන්නේ.මේක නිකම් චාටරේට නෙමෙයි ඇත්තටම අහන්නේ?...
අනිත් සීන් එක Naම් මිනිස්සුන්ට ඇත්තටම උදව් කරන අය ලෝකෙටම කිය කියා කරන්නේ නෑ...තමන්ගෙ පම්පෝරිය ගහන්නෙත් නෑ...

"වැදි බණ"

Teshan said...

අපෝ නෑ. මම ඕවා කරන්නේ නම් නෑ. අනික මොකටද අප්පා...? හොඳ වැඩ කරන එක ලෝකෙටම කීවය කියලා වරදකුත් නෑ නේ? මොකද ඒවා හොඳ වැඩ නේ යාළුවා... උදව් කරපු අයයි, උදව් කරපු මමයි විතරක් ඒ ගැන දැන ගත්තාම මදැයි... නරකද යාළුවා මගේ ලිපි වල කියලා තියෙන දේවල් ගැන විතරක් අදහස් පළ කරනවා නම්? මොකද මම මේ ලිපි ලියන්නේ කතා බහට ලක් කරන්න මිසක මගෙත් එක්ක තරහක් ඇති කර ගන්න කියලා නෙවෙයි. මේවා පිලි ගන්නවා නම් එහෙමයි නැත්නම් මෙහෙමයි කියලා හොඳ අදහසක් පල කරලා ගියා නම් වටිනවා නේද නිකන් ගහ මරා ගන්න වගේ කතා නොකර?

sreen said...

thrilokkka wijaya pathram sinhala name

Anonymous said...

අනේ කාලේ වනේ වාසේ. මේකේ තියෙන සැප දන්නවනම් ඔහොම කියනවා තියා කියන්න හිතන්නෙවත් නෑ......

Teshan said...

ඔය තාවකාලික පුංචි වින්දනේ නිසා නොදැනුවත්වම තමන් තමන්ටම කර ගන්න හානිය නිසා අනාගත පරපුරත් පුස්. ඒ නිසා කරන අය තම තම කැමැත්ත පරිදි කරාට කම් නෑ. මේ ලිපිය හැදෙන අයට නිවැරදි මගක් පෙන්නලා දෙන්න ලියපු එකක්.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.