Monday, August 30, 2010

බියර්. බියර් බීම ගැන මගේ මිතුරෙක් පල කරපු ලිපියකට මම පල කරපු අදහසක් මේවිදියට ලිපියක් විදියට එළි දක්වන හිතුවා වැඩි විස්තරත් සහිතව. කියවන අය තරහක් මරහක් ඇති කර ගන්න වුවමනා නෑ. මොකද මේ දේවල් හරිම සාමාන්‍ය වෙලා තියෙන නිසා මගේ ලිපියකින් ලෝකය කනපිට පෙරලෙන්නේ නැති නිසා.

මාත් බීල නැතුවම නෙවෙයි. ඒත් චුට්ටක්. හැබැයි ඒ බීවේ මොනාද කියලා කියන්න නම් දන්නේ නෑ. සමහර විට විස්කි වෙන්නත් ඇති. නිකන් රස බලන්න දිවේ ගා ගත්තා විතරයි පොඩි කාලේ. ඒ කාලයේ මම ගොඩක් ප්‍රියතාවෙකින් බීවේ වයින් විතරයි. ඒත් මිදි වයින්. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ දේත් දැන් බොන්නේ නෑ. නමුත් මම නම් දන්නේ නෑ ඒවායේ කොපමණ ප්‍රමාණයක් ඇල්කොහොල් තියෙනවාද කියලා. බියර් මීට වඩා වැඩි ඇල්කොහොල් ප්‍රමුඛතාවක් සහිත පානයක්. ඒක ඉතින් හැමෝම දන්නවා ඇතිනේ.

ඒත් අද කාලේ කොල්ලො ඕවා බීලා නටන පිස්සු වැඩ, විකාර, නැතිවන ලැජ්ජ බය දිහා දැක්කම ඕවට පුරුදු නොවී හිටපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා හිතෙනවා. කෝම නමුත් සමහරු බියර් වලට ඇබ්බැහි නොවුනට පාටියකදි හරි වීදුරුවක් තොල ගාන බව නම් දන්නවා. ඒත් ඒවායේ වරදක් පෙන්නල දුන්නත් වැඩක් නෑ. මොකද ඕවායෙන් ජීවිතේ නැති නොවෙන නිසා. ඒත් බිව්වම ශරීරයේ ක්ෂය වීමක් නම් අනිවාර්යෙන්ම තියෙනව. මොකද ඇල්කොහොල් අඩංගු නිසා.

කැමති අය බීපුදෙන්. නොබොන අය නොබීපුදෙන්. ඒත් නොබොන අයට බලෙන් පොවන්න යන්න එපා. මොකද එයාලා නොබොන්නේ ජීවිතේට ප්‍රිය කරන නිසා. බොන අය බොන්නේත් ජීවිතේට ප්‍රිය කරන නිසා. ඒත් ජීවිතේ දිහා ඒ ඒ අය බලන කෝණය එකිනෙකට වෙනස්. මේවට අපේ තරුණ තරුණියො හුරු පුරුදු වෙන්නේ මිතුරු ආශ්‍රයන් නිසා. බෝඩිම් ආශ්‍රිතව, විනෝද චාරිකා වලදීත්, මඟුල් ගෙවල්, මළ ගෙවල් වලදීත් නැතුවම බැරි දෙයක් විදියට ඇල්කොහොල් සහිත පාන ප්‍රචලිත වෙලා ගිහින්. හැමෝම මතට තිත තියන්න උත්සාහ ගන්නේත් ඒ නිසාම වෙන්නත් ඇති.

කොල්ලෙක් වුනාම බියර් එකක්වත් බීලා නැත්නම් ඌ නපුංසකයෙක් ගාණට වැටෙන රටක් මේක. රට විතරක් නෙවෙයි ලෝකෙම එහෙමයි හිතන්නේ. ඒත් ඒ දේවල් තම තම නැණ පමණ අනුව තම තමන්ගේ වාසිය, පෞද්ගලික හා තාවකාලික තෘප්තිය උදෙසා සිතා මතා ගත් දේවල් මිසක් ලෝක නීතියක් නෙවෙයි. මහා විශාල ධනස්කන්ධයක් පවුල් මට්ටමින් මේ දේවල් වලට යොදවද්දී ඉතින් දෙවියන්ගේම පිහිට නොපතා කොහොමද?

බේබදු කම පටන් ගන්නේ ඔය වගේ මූලික අඩිතාලමකින්. ඉස්සෙල්ලම බියර් බොනවා. යාළුවෝ විස්කි බොද්දි ඒකටත් හුරු වෙනවා. මොකද තිත්ත කට ගාලා හොඳට දිව හුරු වෙලා තියෙන හින්දා. ඊට පස්සේ ඉතින් මීලඟ පියවර විදියට පිළිවෙලින් අරක්කු, ගල් අරක්කු, වොඩ්කා, බ්ලැක් ඩැනියල් වගේ නා නා ප්‍රකාර ජාති මුළු සේසතම විකුණලා හරි අරන් බොන්න හුරු වෙනවා. ඉතින් සල්ලි බාගේ නැති වෙද්දි ණයටත් බොන්න ගන්නවා. පවුලක පරිහානිය වෙන්න පටන් ගන්නේ මෙන්න මේ විදියට.

තමන්ට ස්වයං පාලනයක් තියෙනවා නම් බියර් එකක් කලාතුරකින් බීවට වරදක් නෑ කියන්න පුළුවන්. ඒත් ඒක සාධාරනීකරණය කරන්න පෙළඹෙන්නේ නම් නෑ මම. හැබැයි අර කීවත් වගේ දොස්තර කෙනෙක් අරක්කු වීදුරුවක් ලෙඩෙකුට දවසකට බොන්න කියලා සීමාවක් පැනෙව්වාම බැරල් එකක් තරමේ වීදුරුවක් බොන එක නෙවෙයි ස්වයං පාලනය කියන්නේ. ඒ ඉතින් තම තමන් තමන්ගේ වාසියට පනව ගන්න සීමාවල්.

කොහොමින් කොහොම හරි මේ දේ කොච්චර සුළු දෙයක් වුනත් මිනිහෙක් වුනාම කාගේවත් අඟිල්ල තමන් දිහාට දික් නොවෙන ජීවිතයක් ගත කරනවා නම් තමයි වඩා හොඳ. බීමත් කම හෝ වේවා වෙන ඕනෑම දුරාචාරයක් වුනත් මේ දේ සාධාරණයි. මේ ලිපියට කී දෙනෙක් නම් බොන්න එපා කීව කියලා ඒකට විරුද්ධව අනම් මනම් කියලා අදහස් පල කරාවිද කියලා කියන්න නම් දන්නේ නෑ. මම මේ කිසි දුරාචාරයක් කරන්නට එපා කියන්නේ නෑ. මොකද මේ ලිපිය කියවන්න තරම් බුද්ධි මට්ටමක් ඇති ඈයො විතරක් මේ ලිපි කියවනවා ඇති කියලා මම හිතනවා. බුද්ධියෙන් හිතලා ඔයාලම තීරණයක් ගන්න. මොකද එක මිනිස් ජීවිතයක් හරි වටින නිසා.

11 පාඨක අදහස් | Comments:

Anonymous said...

උඹට ස්වයං-පාලනයක් නෑයි කියලා අපි මොනවා කරන්නද Machan.මද්‍යසාර ගැන කියනව නම් Beer වලට වඩා බොහොමයක් Wine වල ඇල්කොහොල් වැඩියි.ඔච්චරම දන්න මිනිහෙක් වෙලත් කාගෙවත් ඇඟිලි දික් කිරිලි ගැන ඔයතරම් හිතන්නේ මොන මළඉලව්වකටද?.තමන් අනුන්ට කරදරයක් නොවෙනවා නම් එච්චරයි නේ.උඹ බොන්නෙ නැති එක උඹේ වැඩක්.ඒත් අනිත් එවුන් බීලා පොඩි fun එකක් ගන්න එක ගැන කුහක විදිහට පිස්සු නටනවා කියලා නිර්වචනය කරන්න එපා...

Anonymous said...

ane palayan ban yana....uba baba.....

Teshan said...

මට ස්වයං පාලනයක් නැතුවා නෙවෙයි. එහෙනම් මමත් පිස්සෙක් වෙලා මෙලහකටත්. මම මේ ලිපියේ කොතනකදිවත් කීවේ නෑ බොන අය පිස්සෙක් කියලා. ෂ බොන්න එපා කීවෙත් නෑ. කැමති කට්ටිය බීපු දෙන්. කොහොමත් මම මධ්‍යසාර ගැන පරීක්ෂණ කරලා නෑ ඒවායේ කොයි තරම් ඒවා අඩංගුද කියන්න. මොකද මම වයින් බීවත් පුංචි කාලේ. නමුත් වෙරි වෙලා නම් නෑ. මේකයි මචන්, මට මම ගැන තියෙන විශ්වාඅසය පැත්තකින් තියමුකෝ. ඒත් ඔයාලාගේ හොඳට මිසක් තරහවකට නෙවෙයි එහෙව් දෙයක් කියන්නේ. කීවාය කියලා නහර පුප්ප ගෙන බෙරිහන් දෙන්න ඕනේ නෑ. පිළි ගන්න නොගන්න එක ඔයාලගේ තීරණයක්. මම වගේ වෙන ඕනෙම කෙනෙක් ඕකට විරුද්ධ වෙන්නත් පුළුවන්. එයාටත් ඔයාලා බනීවි. ඒත් අපි ඇත්ත දැන ගන්න එපැයි. මොකද මේ ලිපිය ඔයාලගේ හොඳටමයි ලිව්වේ.

Shadow/හේමලයා said...

Well every decision has its cost. So its always up to the individuals to decide what's best for them. It's your decision at your own cost. After-all no one's gonna live forever right....:))......

Teshan said...

Yes. but it is our decision whether to live happily or not. We have paths for both. We have that much in our hands. We won't live forever, but we should at least try not to repent on the things that we did in our lives, in the future.

Anonymous said...

කවුද බන් නහර පිප්පුවෙ.මම කීවෙ ඇත්ත.Machan උඹ අකමැති නම් නිකා ඉඳින්.උඹට අමාරුවක් නැත්නම් පාඩුවෙ ඉඳින්කෝ.බොන්නේ නැති එක උඹේ වැඩක්.බොන එක බොන උන්ගේ වැඩක්.උඹ බීලත් නෑලු කවදාවත්. ඉතින් කොහොමද මිනිස්සු බොන්නේ ඇයි කියලා දන්නේ.කියපන්කෝ බලන්න ඔච්චර හොඳ නෑ කියලා දැන දැනත් මිනිස්සු බොන්නේ ඇයි ඕවා?මොකද්ද ඒකට හේතුව.පව්කාර කමද? බීම නෙමෙයි ඕනෑම් දෙයක් ඕනෑවට වඩා කරන්න ගියාම ඒක හොඳ නෑ තමා.ඒක සාමාන්‍ය දැනීම.උඹේ ලිපිය දැක්ක මට හිතිච්චි එක කීව.බර ගන්න නොගන්න එක උඹේ වැඩක්.Nothing Personal..අපි ගියා.....

dinesh said...

ගල්,පොල්,වයින්,විස්කි,වොඩ්කා,බියර්,කසිප්පු,ජොයින්ට්,ගෝල්ඩ් ලීෆ්,ෆෝරේස්,බීඩි,හෂීශ් ඔය සියලුම දේවල් පාවිච්චි කරල තියනවා.ගන්න ඕනැ තැන්වල ෆන් එක උපරිමයෙන් අරන් තියනව.මෙතන ඔබ සදහන් කරල තියනව වගේ "ස්වයං පාලනය"කියන එක තමන්ට තියනවනම් කිසි දේකට බය වෙන්න ඕනෙ නැහැ කියලයි මටනම් හිතෙන්නෙ.කොහොමත් වැදගත් ලිපියක්...

Mister Curiosity said...

ඕක දුරාචාරයක්ද නැද්ද කියන එකට වඩා ආකල්පවල කේස් එකක්.හැබැයි ඇර ගන්න තරම් වටින ටොපික් එකක් නම් නෙවෙයි...හික්ස්..

Teshan said...

@Anonymous
කිසිම තරහවකින් මම කතා කලේ නෑ යාළුවා. බොන්න හේතුද නැත්තේ අප්පා. හැරුනත් ඒකත් හේතුවක් නෙව. හිතුන දේ ගැන කෙලින්ම කියන්න යාළුවා. ඒක හොඳයි. මේ සාකච්චාවෙන් හොඳ තැනකට එන්න පුළුවන්. මොකද ඉතින් පොදු මාතෘකාවක් නෙව. ඒත් පුළුවන් නම් කියන්නකෝ බලන්න පිළිගන්න පුළුවන් සෞඛ්යාරක්ෂිත හේතුවක් බොන එක සාධාරනීකරණය කරන්න. මොකද ඔයත් බොනවා ඇති. නමුත් කනමදයෙක් නොවෙන්න පුළුවන්. බොන්නම ඕනේ නෑනේ යාළුවේ හේතුව නිර්ණය කරන්න. නේද?

@dinesh
ස්තූතියි මේ පැත්තට ආවට. ඔයා වගේ කෙනෙක් දන්නවා ඒවා වල රසේ ගැන. ඒත් යාළුවේ දැන්වත් ඕක නතර කරපන්. අපරාදේ උඹේ ජීවිතේ.

@Mister Curiosity
ස්තූතියි මේ පැත්තට ආවට. රණ්ඩු විය යුතු නම් නෑ තමයි අප්පා.

soosthi gune said...

You are an ass. dont talk about things you dont know. you become a bloody joke. average alcohol percentage of wine ranges from 12-18%, where as in beer it is around 2-8.

Your tone of writing is irritating, anoying. You seemed to be a pompous snobbish arrogant Ass.

Teshan said...

Thanks for reminding me some good words that i can use to describe yourself. as i have mentioned at the beginning of the post, I know that the alcohol percentage in beer is around 2-8% which i gotta know from my friend's post. So i don't think that the wine i used to drink those days was something that can be found in bars or shops. it is a home made thing. but it was tasty. is there any law that disallows talking about a subject without facts? i don't think so. i have once told in my post and also in comments that i don't mind you taking alcohol. it is up to you to decide that. this is my point of view and you needn't have to get angry for that.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.