බෞද්ධයන් වශයෙන් මූලධර්මවාදීන් හා සටන් කිරීමෙන් පලක් වෙන්නේ නෑ. ඔවුන් සමග සටන් කර වැඩකුත් නෑ. අපට ඇත්තේ එවැන්නන්ගේ ක්‍රියා බලාගෙන සිටීමත් නොවේ. ඒත් ඔවුන්ට හසු නොවන්නට අපේ බෞද්ධයාව අපි ආරක්ෂා කරගත යුතුයි. එවැන්නන්ගේ ගොදුරු නොවෙන තැනට බෞද්ධයා දැනුවත් කිරීම සහ ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමයි. ඒක වරදක් ලෙසින් දැකීම කොයි තරම් සාධාරණද කියලා ඔයාලාම තීරණය කරන්න. තමන්ගේ ජාතිය ආගම ආරක්ෂා කර ගැනීම බුදු දහමට පටහැනි දෙයක් නොවේ. තමන්ට තමන්ගේ පවුල ආරක්ෂා කර ගන්නට පුළුවන් නම්, තමන්ට තමන්ගේ රැකියාව ආරක්ෂා කර ගන්නට පුළුවන් උනන්දුවක් තියෙනවා නම් ඇයි අපිට බැරි තමන්ගේ ආගම ධර්මය ආරක්ෂා කර ගන්න? රැක ගන්න? මේ රටේ විතරක් පිවිතුරුව පවතින බුදු දහම අපිම රැක ගන්නට ඕනේ. ඒක වටිනවා නේද?
කෙනෙක්ට මේ පිවිතුරු භාවය පිළිබඳව සැක මතු වන්නට පුළුවන්. ඇයි මේ වචනය යෙදුවේ යන්න පිළිබඳව. පිවිතුරු කියන වචනය යොදන්න හේතුවක් තියෙනවා. අපේ රටේ බෞද්ධ ධර්මයේ පැවැත්ම පිළිබඳ පිරිහීම් සිද්ධ වෙලා තිබෙන බව විවිධ අවස්ථා වලදී උපසම්පදාව මෙරටට වෙනත් රටවලින් ගෙන ඒමෙන් පැහැදිලි වෙනවා වගේම බෞද්ධ ඉතිහාසයේත් සඳහන් වෙනවා. නමුත් ථේරවාදී බුදු දහම රැකිලා තියෙන්නේ මේ රටේ පමණක් කියලායි මම හිතන්නේ. කිසිම දෙයක් වෙනස් වී නැතැයි මම කියන්නේ නැහැ. අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. ඒත් ඒ බෞද්ධ දර්ශනය නෙවෙයි. එය වෙනස් විය නොහැකියි.
කතෝලික බැතිමතෙක් බුදු දහම රකින්නේ නෑ. ඉස්ලාම් භක්තිකයෙක් බුදු දහම රකින්නේ නෑ. වෙනත් ඕනෑම ආගමක භක්තිකයෙක් වුවත් එසේමයි. මේ රටේ සිංහල ජාතිය කියන කොටස පමණයි බුදු දහම රකින්නට ඉතිරි වෙලා සිටින්නේ. ලෝකයේ, සිංහල භාශාව ජාතික භාශාව වුනු එකම රට මේ රට පමණයි. මෙය ජාතිවාදය ලෙසින් හංවඩු ගැසීම සුදුසු නැත. අනිත් ආගම් වල උදවිය තම තමන්ගේ ධර්මය පිළිපැද හිටියාවෙ. ඒත් අපේ ධර්මය රකින්නට අපිට අයිතියක් තිබිය යුතුයි. ඇයි ඒ ගැන නොහිතන්නේ?
ජාතිය කියන දේ බුදු හාමුදුරුවෝ දෙවිදියකින් විස්තර කරා. එක අර්ථයක් තමයි ඉපදීම කියන එක. ඒක දුකට හේතුවක්. අනිත් තේරුම තමයි ජන කොට්ඨාසයක් කියන එක. ඒකට කුලයක් කියලා නම් කරන්න බැහැ. ශාක්‍ය වංෂිකයන්ට බුදු හාමුදුරුවෝ විශේෂ වරප්‍රසාද දීල තියෙනව එම වංශිකයෙක් පැවිදි දිවියට ඇතුලත් වීමට සැපිරිය යුතු අංග සඳහා. ඒ බුදු රජුන් ශාක්‍ය වංශිකයෙක් වීම හේතුවෙන් තම ජාතියට කළ ගරු කිරීමක්. ලිච්ඡවීන්ගේ සප්ත අපරිහානීය ධර්ම බුදුන්ගේ ප්‍රශංසාවට ලක් වුනා. මේ බුද්ධ චරිතයෙන් ගන්න පුළුවන් උදාහරණ බුදු හාමුදුරුවෝ ජාතිය පහත් කරලා කතා නොකල වගට. මෙහෙම කීවම කෙනෙක් කියන්නට පුළුවන් බුදුන් විසින් ජාතියක් උසස් කොට සැලකුවාය කියලා. එය එසේ වරදවා වටහා ගත යුතු නැත. මන්දයත් එය තමන් උපන් ජාතියට විශේෂ වරප්‍රසාදයක් ලබා දීමට බුදුන් විසින් කළ තීරණයක් මිසක උසස් කොට සැලකීමක් නොවන නිසා.
අප තුල පිරිහී ඇති ස්වයං විනයට වග කිව යුත්තේ අපිමයි. තම තමන්ගේ පුද්ගලිකවම පිහිටුවා ගන්නා විනය මත සමාජයේම විනය රඳා පවතිනවා. මොකද මිනිහා හදන්නේ නැතිව රට හදන්න බැරි නිසා. තමන්ගේ ජාතිය, ආගම ආරක්ෂා කර ගන්න එක ජාතිවාදය කියලා කියන්න බැරි බව මම පෙරදීත් කීවා. තමන්ගේ ආගම හෝ ජාතිය පමණක් තිබිය යුතුයි කීවොත් නම් ඒක ජාතිවාදය වෙනවා. අන්න ඒ නිසයි ලේ වැගිරීම් ඇති වෙන්නේ.
තමන්ට තියෙන වටිනා සම්පතක් ආරක්ෂා කර ගැනීම වරදක් නෙවෙයි. ඒකෙන් කාටවත් හානියක් සිද්ධ වෙනේ නැත්නම් ඒක වැරද්දක් වෙන්නට බැහැ නේද? අනෙකුත් ජාතින් තමන්ගේ ආගම ධර්මය රැක ගන්නට බුදු පිළිම පවා විනාශ කරත් අපි එහෙම වෙන්නට උවමනා නැත්තේ අපේ ආගම දහම අවිහිංසාව වගේම නිවුනු දහමක් නිසයි.
3 පාඨක අදහස් | Comments:
ඒත් අපි එහෙමද?.මහා මිනිස් සංහාරයකට පස්සේ ජීවිතේට කාල නෑ වගෙ කිරිබත් කාපු අපි ගැනද මේ කියන්නේ...:).
heeeeeeeee :)
ඔව් අපි ගැන තමයි. අපිවත් හදෙමු... කවද හරි අපේ ළම්යින්ටත් මේවාට කර ගහන්න වෙයි නෙව. උන්ට හොඳ යමක් කර ගහන්න අපි හොඳ දෙයක් හදලා තියෙන්න එපැයි...
@Anonymous: මේ කියන කිරිබත් කෑම ගැන මගේ අදහස මම මෙතනදි දක්වන්න යන්නේ නෑ. ඒත් මතක් කරන්න ඕනේ, ඒ කිරිබත් කාපු උදවිය ඒ දේ කළේ මහා මිනිස් සංහාරයකට පස්සේ නෙවෙයි, මහා මිනිස් සංහාරයක් කරපු, මිනිසෙකු ලෙස උපත ලැබුවත් මිනිස්කම හැඳිනුවේ නැති පාපියෙකුගේ අවසානයෙන් පසුව බව. ඔවුන්ගේ අදහස ඒ අවසානය සැමරීමද, නැතිනම් එයින් පස්සේ උදා වන රටේ සාමය සැමරීමද කියලා ඒ එක් එක්කෙනාගෙන් අහලා තමයි අපිට දැනගන්න වෙන්නේ.
Post a Comment