Thursday, August 26, 2010

මේ කියන්න යන කතාව නම් මට මේ ලඟකදී මගේම යාළුවෙකුගෙන් අහන්නට ලැබුනු දෙයක්. හැබැයි ඇහුවම මට එක පාරටම හිතුනේ "අනේ හපොයි!" කියලයි. ඒ ඇයිද කියලා මේ ලිපිය කියවද්දී තේරුම් යාවි ඔයාලට. මේක එක විදියක ආගම් වෙනස් කිරීමක්. කිරීමකටත් වඩා කරන්නට සිද්ධ වීමක්. ඒත් ආගමක් වෙනස් කිරීම පිළිබඳව සලකා බැලිය යුතු දේවල් කීපයක්ම තියෙනවා. අන්න ඒ දේවල් සලකා බැළුවම නම් ඒ යාළුවා කී කතාවේ හැටියට අපරාධයක්.

මේකේ කතා නායිකාව වෙන්නේ ගැහැණු ළමයෙක්. ඇයගේ ඉගෙනුම සම්බන්ධයෙන් ඇය කරනා උපාධි පාඨමාලාවකදී ඇයට විදේශයක තියෙන විශ්ව විද්‍යාලයක ඉගෙනීමට යන්නට සිද්ධ වෙලා. නමුත් ඒක ක්‍රිස්තියානි එකක්. ඒ හින්දා මැය, ඇගේ ආගම වුනු බෞද්ධාගමෙන් මිදිලා ඒ දහම වැළඳගෙන. කිව යුතු තවත් දෙයක් තියෙනවා. මැයගේ මව බෞද්ධාගමිකයෙක් සහ පියා මුස්ලිම් භක්තිකයෙක්. කොටින්ම කීවොත් නම් එකම සංස්කෘතික මධ්‍යස්ථානයක් වගේ ගෙදරක් වෙලා ඇත්තේ
දැන්.

මට නම් කියන්න තියෙන්නේ ඉගෙනීම වෙනුවෙන් ආගම පාවා දීමක් විදියටයි. අපේ රටෙත් පෞද්ගලික අධ්‍යයන ආයතන තියෙනවා. නමුත් ඒවායේ ඉගෙන ගන්නට බෞද්ධයින්ට තහනමක් තවමත් උදා වෙලා නැහැ.

කෙටියෙන් කියනවා නම් උතුම් ධර්මයක් ඉවත දාලා අඳුරට ගිහින් කියලායි කියන්න තියෙන්නේ. මේක ඇත්තෙන්ම වෙනත් ආගම් වලට පහර ගහන්න ලියන ලිපියක් නෙවෙයි. ඒත් බෞද්ධයෙක් විදියට බුදු දහම අත හැරලා වෙන ආගමක් වැළඳ ගැනීම ගැන නම් කතා කළ යුතුමයි. ඒත් ඒ එයාලගේ කැමැත්ත. මේක පරිවර්තනය කිරීමක් නොවුනත් ඉගෙනීම වෙනුවෙන් පරිවර්තනය වීමක්. ලැබෙන ලාභ වාසි නිසා සිද්ධ කරන්නට වුනු දෙයක්.

විශ්ව විද්යාලයක බෞද්ධයින්ට ඉගෙනීමට අවස්ථාවක් නොලැබීම කියන්නේ ආගමික විශමතාවක් ඇතිව පැවතීමයි. යම් ආගමක උදවියට විශේෂ සැලකීම් ලබා දීමත්, තව ආගමකට, වෙනස්ව හෝ ඊට පහත්ව සැලකීම කතා බහට ලක් විය යුතු කාරණාවක්. මොකද මේ දේ අද අපේ රටේ විවිධ ක්‍රම වලින් රැකියා ස්ථාන වල සිද්ධ වෙනවා. නමුත් ආගම සම්බන්ධව නෙවෙයි. ගැහැණු පිරිමි බේදය වගේ දේවල්.

තමන් ඉන්න ආගමේම ඉඳලා අනිත් ආගම් වල ඉන්න අයට ලැබෙන වාසි සහ ප්‍රතිලාභ නොලැබෙනවා නම් ඒක මම දන්න හැටියට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වගේ දෙයක්. එහෙම වුනාම කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන්න පුළුවන්.

මේ ලිපියෙන් මම අපේ බෞද්ධයන්ට කියන්න උත්සාහ ගන්නේ කිසිම හේතුවක් නිසා හෝ වේවා ලබන්න තියෙන වාසියක්, ටකරං කෑල්ලක්, කෑම බීම නිසා තමන්ගේ ආගම ධර්මය වෙනස් කරන්න එපාය කියලා. මොකද අපි බෞද්ධයන් විදියට ඒ වගේ ධර්මයක ආභාශය ලබන්නට ලොකු පිණක් අපට පිහිටලා තියෙනවා. ඒ බව බුදු රජාණන් වහන්සේති දේශණා කරලා තියෙනවා. නිර්වාණාවබෝධය අන්‍යගමිකයන්ට ලබන්න බැරි වන්නේ මිත්‍යා දෘශ්ටි පුරුදු පුහුණු කරන නිසාවෙන් බව. ඉතින් අපි තීරණය කළ යුතුයි වාසි වලට යටත්ව තම ආගම වෙනස් කරනවාද කියලා. හිතන්නට යමක් වගේම කතා බහ කරන්නට යමකුත් ඔන්න මම ඉතුරු කළා.

9 පාඨක අදහස් | Comments:

ඉලංදාරියා said...

ඔකනම් අද ඉයේ ඉදන් වෙන දෙයක් නෙවෙයි..

Shadow/හේමලයා said...

මෙහෙත් තියෙන්නේ ඔය ආගමික පාසල් එහෙම...හැමතැනම ඔහොම තමයි....අනික බුදු දහම කියන්නේ ආගමක් නෙවෙයි නේ....කරන්ඩ දෙයක් නැති කමට වෙන ආගමක් වැලඳ ගතු පලියට අබෞද්ධ වෙනවද?...

Teshan said...

උපාධියෙන් පස්සේ ආපහු බෞධ්ධ වේවි කියලා කියන්නත් බැහැනේ. අඩු තරමින් තමන්ගේ පියාගේ ආගම වැළඳ ගත්තා නම් තව සාධාරණයි කියල හරි කියන්න තිබ්බා. ඔව් ආගමක් නම් නෙවෙයි, දර්ශණයක් සහ ඕනෙම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් ඉගැන්වීමක්. අපි හැම ආගමකම කියලා තියෙන ඉගැන්වීම ඉගෙන ගන්න ඕනේ කියලයි මම හිතන්නේ. ඒකේ වරදක් නෑ. ක්‍රියාවේ යොදවන්න ලැබෙන ඉඩ කඩ මත අපි ඒ ආගමට හුරු පුරුදු වෙනවා. අන්තිමට තමන් හිටි ආගම මොකද්ද කියලත් අමතක වෙන්න පුළුවන් නේ මේ අලුත් ආගම නිසා. තම තමන්ගේ කැමැත්තනේ ඉතින්. ඒත් පුදගලයෙක්ට ආගමක් තියෙන්නේ ලේබලයක් විදියට නෙවෙයි. ආගමක් තිබීමෙන් තම තමන්ගේ හිත් ආධ්‍යාත්මික ගුණ වර්ධනයකට ඉබේටම යොමු වීමක් සිද්ධ වෙනවා. ඒත් හැම ආගමකම කියැවෙන්නේ එකම දෙයකුත් නෙවෙයි නේ. ඒ අතින් බුදු දහම ඉහල මට්ටමක පවතිනවා කියලයි මගේ අදහස.

Manik said...

මගෙ යාලුවෙක් එයාගෙ ආදරවන්තයාවම බඳින්න ඔනේ උන නිසා කතෝලික ආගමට හැරුනා, පල්ලියේදි විවාහ උනා. ඒත් එයා හැම වෙලාවෙම කියන්නේ මගේ ජීවිතයේ ප්‍රශ්නයක් ආවම මට ජේසු තුමාට කලින් බුදු දහම මතක් වෙන්නේ කියලා.හේමලයා කියපු විදියට කරන්න දෙයක් නැති කමට ආගම මාරු කලත් අබෞද්ධ වෙනවා කියන්න අමාරුයි.

Kanishka Dilshan said...

ඕකට කියන්නේ අවස්ථාවාදය. එහෙම අයට බෞද්ධ දර්ශනයෙන් ප්‍රයෝන ගන්න බෑ ඒකට බෞද්ධද අබෞද්ධද කියන එක වැදගත් නෑ. කොහොම උනත් තමන් කරගත්ත දේවල් වලට තමතමන් කරගහයි.

Anonymous said...

ලිපිය ගැන හදවතින්ම සතුටුයි.ඒ මේ සම්බන්දව අවකාශය තුළ ඉතා සාර්ථකව කථා කළ එක පිළිබදව.

තීරණය පිළිබදවනම් කණගාටුයි... නමුත් කව්රුන් හෝ ඇයව දැනුවත් කළානම් එය ඉතා වැදගත් වේවි... පුළුවන්නම් ඒ පිළිබදව ටිකක් හොයලා බලන්න...

Anonymous said...

ඔය trend එක තියෙන්නේ අපේ වාගෙ දුප්පත් රටවල.most බටහිර රටවල අය දැන් බුදුදහමට නැඹුරුවක් දක්වනවා.නමුත් අපේ ඇති දුප්පත් කම(ඒකට අවස්ථාවාදය කියා කියන එක කොයිතරම් සාධාරණද කියන්න මම දන්නේ නෑ)අවස්ථාවන් හිඟකම නිසා මිනිස්සු මේකට පෙළෙඹෙනවා.Because ප්‍රායෝගිකව බැලුවොත් බෞද්ධයෙක් වෙලා Baඩගින්නේ මැරෙන්න කවුද කැමති.නමුත් වැඩේ කියන්නේ ඔය විදිහට ආගම්වලට ම්නිස්සු බන්දා ගත්ත කියා ඒ ආගම් දියුණු වෙනවාද කියන එකයි.yet again සැප සමපත් බලාගෙන ඉන්න මෙවැනි අය බුදු දහම හැරයාම එක අතකට බුදු දහමේ පැවැත්මටත් හොඳයි.මොකද බුදු දහම බලෙන් මිනිස්සු රඳවා ගෙන පව්ත්වාගත හැකි දර්ශනය්ක් නොවෙයි.....

Indraj said...

මූලධර්මවාදය කියන්නෙ ඔය වගේ ආගම් ව්‍යාප්ත කරන ව්‍යාපෘති වලට.
අධ්‍යාපන ආයතන වේශයෙන් එලියට පෙනුනට මූලික පරමාර්ථය ආගම ව්‍යාප්ත කිරීම.

පවු නේද එයා මූලධර්මවාදීන්ගේ ගොදුරක් වෙලා!

Teshan said...

@Anonymous
යම් තාක් දුරකට ඔබත් සමග එකඟයි. නමුත් එකඟතාව හෝ නැති කම කෙසේ වෙතත් බලෙන් වෙනත් ආගමකට හරවන්නට කරන තැතෙන් හැරෙන අය ගැන නම් කතා කරලා වැඩක් නෑ තමයි. ඒත් අපි උත්සාහ කළ යුත්තේ බෞද්ධයින්ව දැනුවත් කිරීමයි. මිල මුදල් වලට කෑදරව වෙනත් ආගමකට යාමට ඉඩක් නැති වෙන පරිද්දෙන් අපේ බෞද්ධයන් මනා ලෙස දැනුවත් විය යුතුයි. මේ ධර්මයේ වැදගත්කම, වටිනාකම, ලැබිය හැකි සැප සම්පත් මොනවාද යන්න පිළිබඳව එහෙම. අද අපේ රටේ බොහෝමයක් දෙනා බුදු දහම ගැන හරිම පටු විදියට හිතාගෙන ඉන්නේ. මොකද සැප ලබන්න බාධා වෙන ධර්මයක් විදියට හිතාගෙන ඉන්න නිසා. ඒත් මෙච්චර බණ කියන, අහන, පන්සල් එහෙම තියෙන රටේ බෞද්ධ ජනතාව තවමත් ආශාවන් පස්සේ පිස්සුවෙන් වගේ දුවනවා. ඒක නැති කරන්න නම් තම තමන් වගේම දේශකයන්ගේත් උනන්දුව කැපවීම අවශ්‍යයි. මේ ගැනත් ලිපියක් මම පල කරන්නම්.

@Indraj
ගොදුරක් වෙලාද නැත්ද කියලා නම් කෙලින්ම කියන්න බැහැ. ඒත් කියන්න ඕනේ ඒ වගේ විශ්ව විද්‍යාලයකට ගිය එකෙන් වක්‍රාකාරව ආගමට හරෙන්නට ක්‍රමෝපායක් හැදිලා කියලා.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.