Wednesday, August 25, 2010

බඩුව. මේ වචනය අද කාලේ නම් අර්ථ කීපයක්ම ගන්න වචනයක්. බඩුව, භාණ්ඩය කියලත් හඳුන්වනවා. ඒ සම්මථ ආකාරය. ඒ වගේමයි බඩුව කියන වචනයට අසම්මථ අර්ථ දැක්වීමුත් තියෙනවා. ඒවා සමාජයේ කතා බහෙන් සහ ජන වහරෙන් ගොඩ නැගුණු දේවල්. කාන්තාවනුත් බඩුව කියලා හඳුන්වනවා. එහමත් නැත්නම් භාණ්ඩය. මේ වචනයේ ගැඹුරු අර්ථයක් තියෙනවා. හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් මේක හරිම පහත් අර්ථයක් තියෙන වචනයක්.

ඒත් දන්නවද මේ වචනය කාන්තාවකට මුලින්ම යෙදුවේ කවුද කියලා? ඒ අපේ බුදු රජාණන් වහන්සේ. යම්කිසි රත්රන් භාණ්ඩයක් හරි වටිනා කියන භාණ්ඩයක් හරි රකින්නා වගේම කාන්තාවත් ඒ හා සමානව රැකිය යුතුයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ කතාව අදටත් කොයි තරම් නම් සාධාරණද? අපි ගැහැණියකට, කාන්තාවකට බඩුව ලෙසින් ආමන්ත්‍රණය කරන්නේ කොයි තරම් නම් පහත් සිතුවිල්ලකින් වුනත් මේකේ නිවැරදි අර්ථය මීට අවුරුදු දෙදහස් පන්සියයකට එපිටදි උපමාවකට භාජනය වූවක්. ඒ, කාන්තාවක් සැමගෙන්ම ආරක්ෂා විය යුතු නිසා. කුඩා කාලයේදී දෙමාපියන්ගෙනුත්, විවාහ වුනාම සැමියාගෙනුත්, මහළු කාලයේදී දරුවන්ගෙනුත් ඇය ආරක්ෂාව ලැබිය යුතුයි.

අද සමාජයේ භාණ්ඩයක් ලෙසින් හඳුන්වන්නේ එක්කෝ ඇහැට කනට පේන කාන්තාවක්, නැතිනම් ගැණිකාවක්. එහෙමත් නැතිනම් ඉතින් ලිංගික සහචාරයේ යෙදීමට කැමැති කාන්තාවන්ට. මේ වගේ අයට නම් භාණ්ඩයක් හෝ බඩුවක් හෝ කීම මුලින් කී අදහසට අනුව කොයි තරම් නම් ගැලපෙනවාද කියලා හිතා ගන්නට පුළුවන් නේ.

අද අපේ සමාජයේ ගැහැණු පිරිමි අතරේ සිදු වන විවාහත් සාමාන්‍ය බැඳීමක් තත්ත්වයටම පත් වෙලා. විවාහයට පෙරදී පිරිමියෙකු සිදු කරනා කෙළිලොල් හා සල්ලාල ජීවිතය විවාහයෙන් අනතුරුව හෝ නැවතිය යුතු යන්න මගේ විශ්වාසයයි. මන්දයත් අවශ්‍ය සෑම අවශ්‍යතාවක් සඳහාම තමන්ටම කියා සහකාරියක් සිටීම හේතුවෙන්. නමුත් මේ දේට පරිබාහිරව, එහෙමත් නැතිනම් මේ සීමාව බිඳ හෙලා කටයුතු කරන උදවිය මා ආශ්‍රය කරලා තියෙනවා.

විවාහයට පත්ව සිටියත් තමන්ගේ බිරිඳට වඩා පෙනුමින් හා කාය සම්පත්තියක් හෙබි කාන්තාවන් ඇති තරම් සමාජ වෙබ් අඩවි හරහා හොයා ගන්න එක අද ඒ තරම් අපහසු දෙයක් නම් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, පාරෙ තොටේදී, බස් රියේදී, දුම්රියේදී හෝ එවැන්නියක් මුණ ගැසීමට ඇති හැකියාවකුත් තියෙනවා. සල්ලාල කම් හුරු පුරුදු ඇත්තන්ට නම් මේ වගේ අයත් එක්ක එකතු වීම විශාල ජයක් නොවෙයි. නමුත් තමන්ගේ බිරින්දෑවරුන්ගෙන් නොලැබෙනා දෑ නිසාවෙන් හෝ ඊට වඩා ස්වභා සෞන්දර්යෙන් හෙබි නිසා වෙන්නට ඇති වරදක් ලෙස නොසිතා හොර රහසේම අනාචාරී ක්‍රියාවන් වල නිරත වන්නේ.

මේ ලිපිය එහෙම කරන අයට නම් නෙවෙයි. මොකද මේ වගේ ලිපියක් දුටු පමණින් එවැන්නන් යහ මගට ගන්නවා කියන්නේ අත දරුවෙක් ලවා අලියෙක්ව අදිනවා වගේ වැඩක් නේ. කවුරුන් හෝ එවැනි දෙයකට හුරු වෙලා ඇති නම් විවාහය අසාර්ථක කර ගන්නට හොඳම විදියක් නිසායි මේ ලිපිය ලියලා ඒ අයට මතක් කරලා දුන්නේ. මේ දේවල් කරන්න කරන්න ම තමන්ගේ ආයු කාලය වැඩි වෙනවා. හැබැයි මිනිස් ලොවේදි ගත කරන ආයු කාලය නම් නෙවෙයි, නිරයේ.

8 පාඨක අදහස් | Comments:

Hero said...

boru kiyanna epa yako

Shadow/හේමලයා said...

විවාහ ජීවිතය.....මේක බොහොම සංකීර්ණයි....දෙපැත්තක් තියෙනවා.....මානසික තෘප්තිය ශාරීරික තෘප්තිය.....දෙකින් එකක් හරි නොලැබෙන කොට මේක අසාර්ථකයි.....සමහරු ඒත් ඒ මත්තෙම එල්බගෙන ඉන්නවා...සමහරු හැර යනවා....කොයික හරිද වැරදිද....පිළිතුර සාපේක්ශයි.....බොහෝ අය ඉතින් ඒ නොලැබෙන සුවය පිටින් හරි සොයන්න පෙලඹෙනවා.....

හැබැයි වචන ගැන කියනවානම්....ඒවා මිනිසාගේම නිර්මාණ....ඉතින් හොඳ නරක් කියලා කොහොම ලේබල කොරන්ඩද.......

Teshan said...

@Hero:
පේතවත්තූපකරණය කියවන්න...

@Shadow/හේමලයා:
එහෙනම් දික්කසාද විය යුතුයි. ඒත් ආශාවන් පස්සේ හඹා ගිහින් ලැබෙන තාවකාලික සැපයක් නිසාවෙන් ජීවිත කීයක් නම් අසරණ වෙනවද? කරද්දී කිසිම බරක් පතලක් නොතේරුනත් ප්‍රතිපල ලැබෙද්දී පසුතැවිලි වෙන්නත් වෙලාවක් නැති වෙන්ඩ පුළුවන් නේද?

Abeetha Edirisinghe said...

හොද අදහසක්.... හැම දේකම දෙපැත්තක් තියෙනවා....

Hero said...

මචන් පෝස්ට් එකේ හරයක් තියෙනවා.. නමුත් බුදුහාමුදුරුවෝ ගැන තියෙන එක අයින් කරපන්

Teshan said...

ඒ දෙය සත්ත්‍යයක් නිසයි දැම්මේ. උන්වහන්සේට අගෞරව කරන්න හිතලා නෙවෙයි යාළුවා.

අරුණ වීරසිංහ said...

"කුඩා කාලයේදී දෙමාපියන්ගෙනුත්, විවාහ වුනාම සැමියාගෙනුත්, මහළු කාලයේදී දරුවන්ගෙනුත් ඇය ආරක්ෂා විය යුතුයි."

ආරක්ෂා විය යුතුයි නෙවෙයි ආරක්ෂාව ලැබිය යුතුයි ලෙස වෙනස් විය යුතුයි...

Teshan said...

@අරුණ වීරසිංහ
හරි ඔන්න වෙනස් කලෝ...ස්තූතියි කීවට.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.