Wednesday, August 11, 2010

මේ ලිපිය මම හිතන හැටියට යම් තාක් තරමකට කියවන හැම දෙනාගේම ගති ලක්ෂණ පිළිබිඹු කරන්නක් වේවි. මොකද මේ දෙයින් කියැවෙන්නේ ඕනෑම කෙනෙක් සතුව පවතින ගුණාංගයන් පිළිබඳවයි. කෙනෙක්ට මේ ගැන තර්ක ඉදිරිපත් කරන්නට පුළුවන් වගේම මේකට කෙලින්ම එකඟ වෙන්න හෝ නොවෙන්නත් පුළුවන්. ඒත් මේ ගැන දැන සිටීම වැදගත් කියලායි මම නම් හිතන්නේ.

ඇත්තෙන්ම මාතෘකාවෙන් කියැවෙන දෙයින් හැඟෙන්නේ කාන්තාවක් පිරිමියෙක් බවට පත් වීම හෝ පිරිමියෙක් කාන්තාවක් බවට පරිවර්තනය වීමක් ගැන නම් නොවෙයි. මොකද මෙයින් කියන්න යන දේ සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් සහිත දෙයක්. කොටින්ම කියනවා නම් එකිනෙකාගේ ගති ගු
වල හුවමාරු වීමක් පිළිබඳවයි.

ඕනෑම පුද්ගලයෙක් තුල කාන්තාවක් සහ පුරුශයෙක් ජීවත් වෙනවා කීවොත් එකඟ වෙනවාද? ඇත්තෙන්ම ඔව්. මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයින් ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්ව ඇත්තේ බාහිර ගති ලක්ෂණ හෝ හැසිරීම් සහ අභ්‍යයන්තර ක්‍රියාකාරීත්වයන් නිසා විය හැකියි. නමුත් සමස්ථයක් වශයෙන් ගතහොත් මේ බෙදුම්කරණයට අමතරව අපිට නොදැනෙන, වෙනත් විදියකින් කියනවා නම් අපේ දැනුවත් කමින් තොරව සිදු වෙන වෙනස් වීම් ගණනාවක්ම අපේ ගුණාංග වලින් ඉස්මතු වෙන අවස්ථාවන් බොහෝමයක්ම තියෙනවා.

ස්ත්‍රී ගුණාංග ගණයට හසු වන්නේ බොහෝමත්ම ලාලිත්‍යයෙන් යුතු ගති සහ හැසිරීම් රටාවන් නේ. ඉතින් මේ ස්ත්‍රී ගුණාංග ගණයට වැටෙන බොහෝ දේවල් සමාජයේ පවතිනවා. එකක් තමයි ආදරය, කරුණාව, දයාව, ඉවුම් පිහුම් වගේ දේවල් සහ ස්ත්‍රීන් අතින්ම පමණක් බොහෝමයක් වේලාවට සිදු වන ක්‍රියාකාරකම්. පුරුෂ ගුණාංග ගණයට වැටෙන්නේ දර දඬු බව, තරහව, සහ පිරිමින් අතින් පමණක් බොහෝ වේලාවට සිදු කෙරෙන වැඩ කොටස්.

මේ ගුණාංග මිශ්‍රණයක් හැම පුද්ගලයෙක් තුලම පවතිනවා. නමුත් අවස්ථාවේ හැටියට කාන්තාවකගෙන් පිරිමි ගතිගුණත්, පිරිමියෙකුගෙන් කාන්තා ගතිගුණත් ඉස්මතු වෙනවා. නමුත් ඒ ඉස්මතු වීමෙන් ඔහු හෝ ඇය කාන්තාවක් හෝ පිරිමියෙකු වශයෙන් නාමකරණයකට ලක් කරන්නට සමාජයට වැටහීමක් නෑ. මන්ද ඒ ඒ අයගේ ශාරීරික ගති ලක්ෂණ වල බලපෑම ඒ ඉස්මතු වෙන ගති ලක්ෂණ වල
වඩා බෙහෙවින්ම වැඩි වීම.

හිතන්න යම්කිසි පුරුශයෙක් ඉවුම් පිහුම් කරනවාය කියලා, නැතිනම් කෙනෙකුට ආදරය කරනවාය කියලා. මේ දේවල් කාන්තා හැසිරීම් රටාවන්. ඒ කියන්නේ කාන්තාවක් සතුව තිබෙන ගුණාංග. හිතන්න යම් ස්ත්‍රියක් නිවසේ විදුලි බල්බයක් මාරු කරනවා, නැති නම් වාහනයක් සෝදනවා වගේ අවස්ථාවක්. ඒ දේවල් පුරුශයින් අතින් සිදු වන කර්තව්‍යයන් සාමාන්‍යයෙන්. කාන්තාවක් තුල දර දඬු ගති තියෙනවා නම් ඇය තුල පුරුශ ගති ඉස්මතු වෙනවා. පිරිමියෙකු තුල ස්ත්‍රී ගති ඉස්මතු වෙනවා නම් ඔහු
ස්ත්‍රී ගති ගුණ ප්‍රකට වන ලෙස හැසිරෙන්නෙක් වෙනවා. නමුත් මේ දේවල් ඉතාමත්ම ස්වල්ප වශයෙන් හා අවශ්‍ය මොහොතේදී පමණක් ස්මතු වෙන නිසාවෙන් කිසිම මොහොතකදී කාන්තාවක් හෝ පිරිමියෙක් හට පුරුශයෙක් හෝ ස්ත්‍රියක් ලෙසින් හංවඩු ගැසීමක් සිදු වන්නේ නෑ. එය එසේ සිදු කළ නොහැක්කක්. මන්ද එය උපතින්ම ඕනෑම පුද්ගලයෙක් තුල ඇති වන ජානමය සංසිද්ධියක් නිසාවෙන්.

කෙනෙකු උප්පත්තියෙන් ලද ලිංගික ස්වභාවය අභිබවා විරුද්ධ ලිංගික හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවා නම් ඔහු හෝ ඇය සමාජයේ කැපී පෙනෙන සහ අවමානයට ලක් වන කොට්ඨාශයක් ලෙසින් නම් කෙරෙනවා. ඒ කෙලෙසද කියා මෙහි පැවසීම නොවැදගත් කියලා මම සිතනවා.

නමුත් මාතෘකාවට අදාලව යමක් කියනවා නම් ඕනෑම කෙනෙක් තුල කාන්තාවක් සහ පිරිමියෙකු ජීවත් වෙන බව තේරුම් ගත යුතුයි.

9 පාඨක අදහස් | Comments:

ස්වප්නා said...

එකඟයි

Indraj said...

ස්ත්‍රී ලක්ෂණ හා හැසිරීම් කෙසේ වෙතත් ඉවුම් පිහුම් ,රිය පැද වීම,ඇඳුම් මැසීම............... වැනි ක්‍රියාකාරකම් ස්ත්‍රී ක්‍රියාකාරකම්, පුරුෂ ක්‍රියාකාරකම් යනුවෙන් වර්ගීකරණය කිරීම අසාධාරණයි. එක් පාර්ශවයක් යම් ක්ෂ්‍රේත්‍රයකට වැඩ් වශයෙන් නැඹුරු වීමක් පමණයි ස්ත්‍රී පුරුෂ ලේබලය ඇලවීමට හේතුව මේ ක්‍රියාකාරකම් දෙපාර්ශවයටම අයිතියි නේද?.

Teshan said...

අන්න ඒ නිසාමයි කීවේ මේ හැසිරීම් රටාවන් සහ ගුණාංග දෙපාර්ශවයටම පොදුයි කියලා. මොකද හැම කෙනෙකුම තුල ගැහැණු පිරිමි ලක්ෂණ අන්තර්ගත නිසා. ඒ නිසාවෙන් මෙන්න මේවා ගැහැණු, මෙන්න මේවා පිරිමි ගතිගුණ විදියට තෝරා බේරා ගන්නට කෙනෙක්ට එක එල්ලේම හැකියාවක් නෑ. නමුත් ඕනෑම දෙයක් ගැන සාවධානව අවධානය යොමු කළොත් මේ බව පැහැදිලි කර ගන්න අමාරු වෙන එකක් නෑ. මම මේ ලිපියෙන් පිරිමින්ටවත්, ගැහැණුන්ටවත් අපහාසයක් කරන්න තැත් කළේ නැහැ.

Teshan said...

දෙමව්පියන්ගේම ජාන වල එක් වීමෙනුයි ඕනෙම ජීවියෙක් හැදෙන්නේ. ජීව විද්‍යාත්මකව කියනවා නම් ඒ එක් එක් ජාන යුග්මයේ X හා Y ලෙසින් තියෙන්නේ මව හා පියාගේ ජාන‍යි (වැරදි නම් නිවැරදි කරන සේක්වා). ඉතින් කෙනෙක් තුල මේ දෙපාර්ෂවයේම ලක්ෂණ පිළිබිඹු වීම පුදුම වීමට කාරණාවක් නෙවෙයි.

Shadow/හේමලයා said...

මෙතැන තියෙන සමාන හා වෙනස කම් ගැන මතුපිටින් කීවටම හිතාගන්න අමාරුයි...මානසික විග්‍රහයක් ඕනෑවෙයි නේද?ඉවුම් පිහුම් ගැන හෝ ඇඳුම් මැසීම වාගෙ ඒවානම් පිළිගන්න අමාරු තර්ක...ඒවා ගොඩක් කාලයක් තිස්සේ අපි දැකලා දැකලා එහෙමමටි කියලා ලේබල් කරගෙන ඉන්න ඒවා....ලිපියේ මූලික හරය වන ගැනු පිරිමි ලක්ෂණ මුහුවීම ගැන කතාව හරියටම හරි....උදාහරණ නම් පිළිගන්න අමාරුයි.....

Teshan said...

මේ උදාහරණ පිංතු සර් අපිට කියපුවා තමා. අනික ඒවා වල වැරැද්දකුත් මම නම් දකින්නේ නෑ. මේවා වර්ගීකරණයක් කළ යුතුත් නෑ. අපි දකින හැම දේම ඇත්තත් නෙවෙයි නේ. ගැහැණු ගතියක් පිරිමින්ට එනවා කීම වැරදි කොනින් අල්ලා ගන්නට එපා.

Shadow/හේමලයා said...

මම හිතන්නේ ඔබ දකවා ඇති කරුනු සියල්ලම stereotyping ගණයට වැටෙන එවා...මම නම් මනෝ විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නෑ...නමුත් "මානව සම්බන්දතා වලදී ප්‍රතික්‍රියාදකවන ආකාරය, වේගය සම්බන්ද ආකල්පය,ගණිතමය සංකල්ප, පීඩනයට මූණ දෙන ආකාරය, හැඟීම ප්‍රකාශ කරන ආකාරය, ප්‍රීතිය ප්‍රකාශ කරන ආකාරය, යම් යම් තේමාවන්ට දක්වන ප්‍රතිචාරයන්"..ගැන අවදානය දක්වලා කතා කොලොත් වඩත් සාධාරණ නිගමනයකට එන්න හැකිවෙයි කියා හිතනවා...මේ මගේ මතය..keep up the gd wrk......

Shadow/හේමලයා said...

අපෝ මොන වැරදි කොනක්ද?...මම කිව්වෙ ඔය දක්වා ඇති උදාහරණ කිසිම වෙනසක් පෙනවනට සමත් නොවෙන බවයි...ඔබට කැමති මතය ඔබ ගන්න...කිසිම ප්‍රශ්නයක් නෑ...නමුත් ගැණු පිරිමි වෙනස් කම් සමාන කම් ගැන පොඩ්ඩක් කියවලා බලන්න....සැහෙන දේවල් තියෙනවා ඉගෙන ගන්නට...

Teshan said...

ඇඬීම මීට හොඳ උදාහරණයක්. සාමාන්‍යයෙන් පුරුශයන් කෙතරම් දුකකදී වුවත් අඬන්නට මැලි වන්නේ එය ලැජ්ජාවට කාරණාවක් වගේම ඒක කාන්තාවන්ට පමණක් ඔබින දෙයක්යැයි සිතන නිසා. නමුත් ඇඬීම පිරිමියෙකු කරනා විටදී ඔය කියන ගති හුවමාරුවක් සුදු වෙනවා. ඒත් ඇඬීමෙන් පිරිම්යෙකුට අවමානයක් නම් සිදු වෙන්නේ නෑ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.