Sunday, August 1, 2010

මාතෘකාවෙන් නම් හිතෙන්නේ ටිකක් ජුගුප්සාජනක ගතියක් තමයි. මොකද ටිකක් වැඩිහිටියන්ට පමණයි වගේ මාතෘකාවක් නේ තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි මේ කියන්න යන්නේ මේ ඊයේ පෙරේදා සිද්ධ වුණ දෙයක්. සුපුරුදු හැටියට මට වුණු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම සිද්ධ වුන නෙවෙයි, සිද්ධ කරපු. මේ වගේ දේවල් ඉතින් අහම්බෙන් සිද්ධ වෙන්න විදියක් නැහැ නේ. මොකද මේක ඇඹල කතාවක් හින්දා.

ඔන්න ඉතින් මටත් ඔය කියන යාළුවාටත් අදත්, ඊයේ දිනේත් විභා
වලට ලියන්න සිද්ධ වුණා. ඒ වෙන විභාගයක් නෙවෙයි උපාධියේ අවසාන විභාගේ. මිනිහත් ලිව්වා. ඒක නෙවෙයි කියන්න තියෙන කතාව. මෙන්න මේකයි.

අපේ මේ අවසාන විභාගෙට අපේ ආයතනයෙන් සාමාන්‍යයෙන් නිවාඩු ඉල්ලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා විභාග වලට පාඩම් කරන්නය කියලා. ඕනෙ දවසක නෙවෙයි, විභාගයක් අත ලඟ නම් විතරයි. ඉතින් අපිට ලැබුණේ දවස් තුනක් විතරයි මෙහෙම පාඩම් කරන්නය කියලා. එයිනුත් එක දවසක් අපේ පින්තු සර්ගේ අවසාන කටයුතු වලට සහභාගී වීම නිසා දවසකින් භාගයක්ම පාඩම් කරන්න අවස්ථාවක් උදා වුණේ නෑ.

ඒක එහෙමයි කියමුකෝ. මගේ යාළුවා නම් උපරිම ප්‍රයෝජනේ අරගෙන තිබ්බා ඒ දවස් තුනෙන්. ඒ මෙන්න මෙහෙමයි. මිනිහා නැවතිලා ඉන්න බෝඩිම
අල්ලපු බෝඩිමේ හරි ගෙදර හරි සාමාන්‍ය පෙළ කරන වයසේ ගැහැණු ළමයෙක් ඉන්නවලු. ඔය නිවාඩු දවස් තුනේදී ඉතින් මිනිහා කොරලා තියෙන්නේ ඒ කෙල්ලත් එක්ක මුකුළු කර කර හාද වුන එකලු. පාඩුවකුත් නැහැනේ. ගෑණු ළමයෙක්නේ නේද? කොහොමෙන් කොහොම හරි මිනිහා කියන විදියට එයාට ආදරේ කරන්න නෙවෙයිලු ආශ්‍රය කරන්නේ. එයා කොහොමත් ගැහැණු ළමයින්ව හොයාගෙන ගිහින් යාළුවෝ ප්‍රමාය වැඩි කර ගන්න විතරලු ගැහැණු ළමයින්ව ආශ්‍රය කරන්නේ. ආදරේ කරන්නත් නෙවෙයි නම්, යාළුකමක් පවත්වන්න ඉතින්, පාඩමටත් වඩා වැදගත්කමක් තියෙන ඉතුරු වැඩේ මොකද්ද?

තමන්ට ඉන්න ගැහැණු යාළුවෝ ප්‍රමාණය ආශ්‍රය කරලා දැන හඳුන ගැනීම වරදක් නෙවෙයි. ඒත් ඉතින් කෙනෙක් අනන්ත අප්‍රමාණ විදියට ගැහැණු ළමයින් යාළුකමට විතරක් ආශ්‍රය කරන්නේ එක්කෝ හිතේ තියෙන ආශාවක් ඉශ්ට කර ගන්න වෙන්න ඕනි නැත්නම් මොළේ අමාරුවකට වෙන්න එපැයි. කොහොමත් ගෑණු දැක්කම ඇඟ නලියන, තොර තෝංචියක් නැතුව ගෑ
ණුන්ගේ අඟ පසඟ ගැන ලිංගිකාශ්වාදනීයව මෙනෙහි කිරීම ඔය වගේ ඇඹලයන්ගේ ගතියක් තමයි.

ඒකම තමයි මගේ මේ ලිපියට එහෙම මාතෘකාවක් හිතලම දැම්මේ. ඔයත් ඒ වගේ ඇඹලයන්ගෙන් කෙනෙක්ද?

5 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

ලෝකය විවිධාකරයි...මිනිස්සු විශමාකාරයයි.....මට හොඳ දේ තවත් එකෙකුට නරකයි...සමාජ සම්මතයන් අපිම හදා ගත්තුවා නෙව...අනික ඇබ්ලෙයා වුනත් සම රිසියා වුනත් ඒක උන්ගේ අයිතිය නෙව....බොහෙ වෙලාවට ඕක මොළයේ හා පෞරුශත්වයේ ප්‍රශ්නයක්....ලින්ගිකාස්වාදය ගැන කියනවා නම් අපිත් තව්ත් එක් සත්ත්ව කොට්ඨාසයක් නෙ...ඉතින් වෙලාවකට තිරිසනෙක්ම තමා...බය නැති එකා එලිපිට කරනවා...අනික් උන් හ'න්ගං ඉන්නවා...කවුද හරි වැරදි..No කතා No සිනා...:D...

Teshan said...

අපි මිනිස්සු වෙලා ඉපදිලා තියෙන්නේ තිරිසන්නු වගේ හිතට එන පළියට නටන්න නෙවෙයි නේ. අපි ඒ ගැනත් හිතන්න එපැයි. ඒකනේ අපි මෙච්චර දුරක් තිරිසන්නු නොවී ඇවිත් තියෙන්නේ. එළිපිට කරත් හංගන් කරත් වැරැද්ද වැරැද්දමයි කියලා මම කලින් වතාවෙදිත් කිව්ව නේ. තුන් වෙනි සිල් පදයකුත් තියෙන්නේ මිනිස්සුන්ට තිරිසන්නු නොවී බේරිලා ඉන්න නෙව.

Shadow/හේමලයා said...

ඇත්ත....ඒක එහෙම වුනයි කියලා අපි ඒගැන කලබල වෙලා පළක් නෑ....ආශාවන් ප්‍රහීන කරන එක ලේසිවැඩක් නෙවෙයි නේ...ඉතින් එහෙම අයත් ඉන්නවා....ඒක ගැන අපිට කරන්න දෙයක් නෑ...මොකද ඒක අවබෝද කරගත යුත්තේ අපිම නිසා....අනික හැමොම මිනිස්සු වුනාට උසස මානසික මට්ටම් වල නෑ.....ඔවුන්ට හැකි පමනින් අවබෝධ කර ගැනීමට උපකාර කෙරීම හැර අපට කල හැක්කේ කුමක්ද?

Nimesh said...

මම හිතන්නේ තවත් නමක් කියන්න පුලුවන් පැණියා කියල. මොක කිව්වත් සමාජයේ හැම තැනකම වගේ ඇඹලයෙක් දෙන්නෙක් ඉන්නවමයි. එක පහත් ආශාවක් ඉටු කර ගන්න අවුරුදු ගනන් දඟලන එවුනුත් ඉන්නවා. හොඳම දේ උන්ට පැහැදිලි කරනවට වඩා උන්ට අහු වෙන මෝඩයින්ට උන්ගේ හැටි කියල දෙන එකයි.

Teshan said...

ඒක නම් ඇත්ත. මේ පණිවිඩේ දෙන්න ඕනි ගෑණු ළමයින්ට. අද කාලෙ මුහුණු පොතේදි කතා කරාම නැමෙන අය කොච්චර නම් ඉන්නවද? ඒ ගැන නම් කතා කරල පලක් නෑ සහෝදරයා. කරන් යන අය කරගෙන ගියාවෙ. ඒත් දුක පැණියන්ට පැණි හලන්න ඉඩ දෙන ඒ පැණි රස කර කර කන ගෑණුත් ඉන්න එක. ඕනෙම කෙනෙක්ගේ වල් පැත්ත එළියට ගන්න දක්ෂ අය ඉන්නව නේ. ඒ මාර්ගෙන් තමයි ගොඩක් දෙනා ඉහේ කෙස් ගාණට ගෑණු එක්ක ලිංගික සන්තර්පනයේ යෙදෙන්නෙ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.