Sunday, July 25, 2010

කාලාන්තරයක් මුළුල්ලේ ඔයාලා හමුවට නවමු බ්ලොගයකින් සපැමිනි නමක් තමයි තම තම නැණ පමණින් කියන්නේ. ජීවිතේ අත්දැකීම් වගේම දැනුම් සම්භාරයක පුරුකක් බඳු වූ ඒ බ්ලොගය ගැන විස්තරයක් කීමට නෙවෙයි අද මම මේ ලිපිය ගොඩක් කාලෙකට පස්සේ මගේ බ්ලොගයේ පල කරන්නේ. හිතේ සඟවා ගත්තු ලොකු දුකක් වගේම වේදනාවකුත් එක්කයි.

සමහර විට මේ මාතෘකාව දුටු සැනින් ඔයාලගේ හිතේ ඇති වුණ සැකය වගේම හැඟීම මොකක්ද කියලා දැනටමත් හිතා ගන්න බෑ මට.

තම තම නැණ පමණින් බ්ලොගයත් සමග එකතු වෙලා හිටි ඔයාලා හැම දෙනාටම කිව යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ නම්, ඒ බ්ලොගය මින් මතුවට අළුත් ලිපි පෙළකින් ජීවමාන නොවෙන නිසා. මින් මනතට කවමදාකත් ඒ ලිපි පෙළෙහිත්, බ්ලොගයෙ
හිත් නිහඬතාවක් රැඳිලා තියේවි සදහටම.

මේ බ්ලොගයේ හිමිකරු වන මාගේ ගුරු භවතෙකු වන හා ජීවිතයට අත්දැකීම් සම්භාරයක් පුරවාලූ ඔහු, හදිසියේම අද දින, ඒ කියන්නේ 2010.07.25 දින, අප අතරින් සමු ගෙන ගොස් ඇති බව කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඔහුගේ නැණැස මින් මතු කිසි දිනකදී අපි ඔහුව ආමන්ත්‍රණය කළ නමින් අපට ආමන්ත්‍රණය කර අසා දැ
දැන ගන්නට ලැබෙන්නේ නම් නෑ.

ඔහු ඔහුගේ අනාගතය මනැසින් දුටුවාදෝ කියලා ඔහුගේ බ්ලොගයේ අවසන් ලිපිය කියවලා තේරුම් ගන්න. තම තම නැණ පමණින් - අවසන් ලිපිය


ඒත් අද, කාලය ඒ හැම දෙය
ටම හරස් වෙලා. සංසාරයේදී ඔහු අප හා ගත කළ කාලය සීමා වෙලා.

ගුරු පියාණෙනි...
ඔබට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඒත් ඉන් පෙර නැවතත් අපට සිප් සතර ඉගැන්වීමට මේ සසරේදී අප හා එක් වන්න.

6 පාඨක අදහස් | Comments:

චතුර.... said...

මම ඔය කියන අවසාන ලිපිය දැක්කා......
හරිම අහම්බයක් ඒක ...........
නමුත් එක අතකින් ඒක අහම්බයක් කියන්නත් හරිම අමාරුයි....
මරණය කලින් දුටුවා වගේ දෙයක් ඒක........
එතුමාට නිවන් සුව අත් වේවා!!!!!!!!
ජීවිතය අනියතයි මරණය නියතයි..............

මද්දු said...

මේක නන් හරිම කනගාටුදායක ආරන්චියක්...!
මාව හිරිවැටිලා ගියා..!
මම කවදාවත් දැක නොමැති වුවත් හිතෙන් ගරු කරන පුද්ගලයෙක්!
ඔබට නිවන්සුව!

දුමී said...

අපේ සදාදර පින්තු සර්, ඔබ තුමාට අමා මහ නිවන් සුව අත්වේවා !

Unknown said...

ආනේ........... පින්තු ස‍ර්!!!!!! මම සර් ව ඇස් දෙකට දැකල නැහැ. එ උනට සර් මගෙ ජීවිතෙට ගොඩක් දෙවල් දුන්නා.. මට හරිම දුකයි.... වචන නැ.

♠GaŋGster♠™ said...

මහු ගැන මා නොදන්නා මුත් ඔහු ගැන අනෙක් අය කියනා දේවලින් මට හැඟෙන්නේ ඔහු බොහෝම සුන්දර වූ මිනිසෙක් බවයි..

ජීවිතයේ අනිත්‍යය බව අපිට පසක් කරමින් අප අතරින් වෙන් වූ එතුමාට නිවන් සුව ලැබේවායි පතමි...

Hasitha Gunasinghe said...

‎"තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.