Wednesday, July 28, 2010

අද දවසේදී, එනම් 2010.07.28 වන බදාදා දවසේ සවස් යාමයේදී මළ හිරු බැස යනවා සමගම අපේ සහෘදයාණන්, අපේ සොයුරාණන්, අපේ ගුරු පියාණන්, අපේ මිතුරාණන් අපව තනි කොට සදහටම මෙලොවින් සමු ගෙන මිහි තල මාතාව තුරුලේ නින්දට ගියේය. ඔහු ගැන නමින් නොකීවත් ඔහුගේ නම දැනටමත් ඔබ සැමගේම හදවතේ රැඳී ඇති බව සැකයක් නොවේ. අප අතරින් වෙන්ව ගියද ඔහු අපේ මතකයන් ගෙන ගොස් නැත. අපිට දුන් දායාද ගෙන ගොස් නැත. අපව තනි කර නැත. ඒ ඔහුගේ සිප් සතර අප වෙත ලැබී ඇටි නිසාවෙනි. ඔහු පැතුවේ යමක්ද, අපි ඒ දේ ඔහු නැතත් සපුරාලන්නට වග බලා ගත යුතුය. ඔහු අප ලඟ තබා ගිය දැනුමත්, අත්දැකීමුත් අපේ ජීවිත සාර්ථක කර ගෙන තවත් සිය දහස් දෙනෙකුගේ ජීවිත බබළවන්නට යොදා ගත යුතු වේ. මන්ද යත්, ඒ ඔහුගේ ආසාව නිසා.

ඔහු අද මෙලෙස මිහි මව තුරුලට යාමට විනාඩි කීපයකට උඩදී දර ගොඩක් මත වැතිර සිටියේ මෙසේයි. අපද කෙදිනක මෙලෙසම දර ගොඩක් මත වැතිර පරිසරයට එක් වන්නේ ලෝක ධර්මතාවය පසක් කර්නුවස්ය. එදිනට අපේ නමද බබලවන්නට අපි අපිම උත්සුක වෙමු. කෙදිනක හෝ අප රූප කායෙන් මිදුනත් අපේ චර්යාවන් දහසක් දෙනා හට සෙතක් සැලසීමට හේතු වන හොඳ මිනිසුන් කැලක් වන්නට අපි ඔහුට පොරොන්දු වෙමු. එයයි ඔහුගේ එකම අභිප්‍රාය.





අප හැර යාමට මොහොතකට පෙර සුසාන භූමියේදී ඔහුගේ සිරුර සැමගේ නෙත ගැටුණු ආකාරය...

12 පාඨක අදහස් | Comments:

C0de BlUe said...

:'(

indraj said...

දුටුවෙහිද බල්ලන් කන්න දුන් අත සපාකන ආකාරය .
අනේ මන්දා මෙහෙමත් මිනිස්සු

Teshan said...

ඒ මොකද්ද බොලේ ඒ? පැහැදිලි කරන සේක්වා...!!! :)

indraj said...

"taboo ගේ ලිපිය මෙහි විය"
අපිට මීට එරෙහිව කරන්නේ කුමක්ද?

mun ekka katha karala wedak neti nisaa oke comment ekak wath demme nette , oya blog eka karana ekaa ochchra sir ta gawrawa karanawanam mokadha owa delete nokale .

Teshan said...

ඔව් ඔව් මාත් මේ කියෙව්ව ඕක. මාර දුක හිතුනා, වගෙම තරහකුත් ආවා.
අපිට කෙන්ක්ගේ පැටිකිරියෙන් වැඩක් නෑ. මිනිහෙක් සමාජෙට ලෝකෙට වැඩක් කරලා ගියා නම් පැටිකිරිය කෙසේ වෙතත් හොඳ නම හැමදාටම පවතිනවා. දැන් ඕවා ගැන කතා කරත්, දුක් වුණත් වැඩක් නෑ. අපි දන්නවා අපේ සර් අපිට දීපු දැනුම ගැනත්, එය වෙනුවෙන් අපේ හිත් වල තියෙන ගෞරවය ගැනත්. ඒ නිසා ඔය ටැබූ හෝ වේවා කවුරු හරි වේවා පින්තු සර්ට බැන්නත්, ගැරහුවත් අපි පින්තු සර් ගේ හොඳ ගතිගුණ වගේම එයා පටන් ගත්තු වැඩත් ඉස්සරහට කරගෙන යන්න ඕනේ. අපි මොකටද නිකරුනේ අපතයන්ගේ කීම් වලට ලේ රත් කර ගන්නේ?

Teshan said...

ඉන්ද්‍රජ් නොහොත් ඉන්ද්‍රජිත් වෙන්න ඕනෙ නම...
ඔබ තුමා R.B. ව හඳුනන්නේ කොහොමද?
මිනිහා නම් මගේ බ්ලොග් එකේ හොඳ කතා නායකයෙක්.
නම නොකීවට මම සමාජයේ දැකපු ගොඩක් දේවල් වල හිමිකරු ඔහුයි. :)

Indraj said...

R.B ව දැනගත්තෙ P.K හරහ . මම හිතුවෙත් ඔබතුමා ලියන්නෙ R.B හෝ P.k ගැන තමා කියල.

මම හිතන්නෙ නෑ ඔබතුමාට මා කවුද කියල උපකල්පනය කරගන්න පුලුවන් කියල

Teshan said...

R.B. සහ P.K. මගේ වැඩ පොළේ ගජ යාළුවෝ නම් තමයි.

මොන අකුරෙන් නම කොහොම පටන් ගත්තත්, අනිමට අපිට "ම" යන්නෙන් පටන් ගන්න වචනෙට තමයි යන්න වෙන්නේ මිතුරෝ. එදාට සතුටෙන් ඒ දිහාවට යන්න කෙනෙක්ව වරදකින් ගලව ගන්න පුළුවන් හැම උත්සාහයක්ම මම මගේ බ්ලොග හරහා ලියනවා.

කෙනෙක්ගේ වැරැද්දක් වැරැද්දක් හැටියටම පෙන්නලා ලෝකෙටම පණිවිඩයක් දෙන්න පුළුවන් නම් ඒකෙන් මට සතුටක් ලබන්න පුළුවන්. මම වැරදි කරන අයගෙන් ඉල්ලලා තියෙනවා ඇති තරම්, ඕවා කරන්න එපා, කවද හරි දුක් විඳින්න වෙද්දී ලබපු සතුටවල්, ලඟින් හිටි කවුරුත් ලඟ නැති වේවි කියලා. ඒත් වැඩක් වුනේ නම් නෑ. ඒ ඉතින් ඒ ඒ අයගේ ධෛවය තමා. එක අතකට පව් ඒ හැමෝම. මට වරදකින් ගලවා ගන්න බැරි නිසා යාළුවෙක් වෙලත්. ඒ නිසයි මේ ලිපි කියවන කවුරුන් හෝ වරදකින් වැළකුණොත් මට සතුටක් වෙන්නේ.

සමහර විට මගේ ඒ යාළුවෝ මේවා දැකලා මගෙත් එක්ක තරහ වෙලා වෛරක්කාරයෝ වේවි. ඒත් ඇත්ත කියලා මැරෙන එක, බොරුවෙන් ජීවත් වෙනවට වඩා වටිනව නේද මිතුරේ?

Indraj said...

ඒක සහතික ඇත්ත. ඒ ගොල්ලන්ට පසුව හෝ සත්‍ය වැටහෙනු ඇත. මිත්‍රයෙකුගේ සැබෑ යුතුකමත් වරද පෙන්වාදී නිවැරදි කිරීම නොවැ. ඒක පිලිගන්නෙ නැත්නම් මොනව කරන්නද? ඒක ඒ ගොල්ලන්ගෙ පෞද්ගලික මතයනෙ.

අර 'ම' කතාව නම් තේරුනේ නෑ. මම එන්නම්කො ඔබගේ තැනට හමුවන්න වෙලාවක් තිබුනොතින් .

Teshan said...

"ම" යන්නෙන් පටන් ගන්න වචනෙ = මරණය

ප.ලි.
පින්තු සර් වගේ උතුම් කෙනෙක්ටත් ඔහොම දෙයක් වුණ එකේ මට ඔහොම දෙයක් වෙන එක අහන්නත් දෙයක් ද? වැඩි විස්තර ඕනෙ නෑ, බුදු හාමුදුරුවන්ට වුණු දේවල් ගැන හිතුවම අපිට වුණ දේවල් නිකන් දූවිලි ගානයි නෙව.

ඒක නෙවෙයි, කැමති නම් ඔයාගේ ඇත්ත නම කියනවද? පබ්ලිෂ් නොකර ඉන්න වග බලා ගන්නම් අනිවාර්යෙන්ම...

Unknown said...

මම පින්තු සර්ගෙ ගෝලයෙක් නෙවෙයි. ඒත් සර්ගෙ බ්ලොග් එක කියවලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගුරුතුමාණනි, ඔබතුමා නිවනින්ම සැනසෙත්වා!

Teshan said...

අපේ අන්දරේ මහත්තයත් එහෙනම් පින්තු සර්ව දන්නවා...

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.