Friday, July 2, 2010

මේ ශීර්ෂපාඨය දැක්කම කවුරුත් මේ ලිපිය බලන බව මම දන්නවා. මොකද ඉතින් බෞද්ධ විරෝධී මාතෘකාවක් නේ තියෙන්නේ. ඒත් මම දැන් මේ කියන්න යන්නේ මම අකමැති දෙයක් ගැන වගේම සමහරු හොඳයි කියලා හිතන දෙයක් ගැන.

මම කියලා තියෙනවනේ මම එක එක ජාතියේ යාළු මිත්‍රයෝ ආශ්‍රය කරන වග. කියල නැත්නම් දැන් හරි දැන ගන්නකෝ. ඒක ඉතින් මට විතරක්ම අදාල දේකුත් නෙවෙයි නේ. අපි හැමෝටම විවිධ පුද්ගලයන්ව ආශ්‍රය කරන්න වෙනව නේ.

මිනිස්සු බොහෝ දෙනා කැමති තමන්ට සතුටින් නිදහසේ ඉන්න ලැබෙනවාටයි. ඒ නිදහස, සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලැහැස්ති පිරිසකුත් ඉන්නවා; හොඳ පැත්තට වගේම නරක පැත්තටත්. මම දැන් මේ කතා කරන්න යන්නේ නරක පැත්තට ඕනෙම දෙයක් කරන්න ලැහැස්ති අය ගැන.

මගේ යාළුවෝ කීප දෙනෙක්ටම කියලා තියෙනවා බොන එක නතර කරන්නය කියලා. එයිනුත් සමහරු කනමදයො වගේ බොන අය. එයාලට නම් මම දෙතුන් වතාවක් කියල ඇති. ඒත් ඉන් මතුවට කියල වැඩක් නැති කමට කියල නෑ. ඒත් කලාතුරකින් බොන පිරිසකුත් ඉන්නව නේ. ම්ම්ම්... අවුරුදු ගාණකට වීදුරුවක් වගේ දා ගන්න අවස්ථාවක් ලැබුණහම. ඇත්තටම බියර් වීදුරුවක් බීවත්, අරක්කු
වීදුරුවක් බීවත් දෙකේම වැඩි වෙනසක් නෑ. මත් පැන් නේ මොනා වුණත්.

ගොඩාක්ම දුක මගේ කිට්ටුම හොඳම යාළුවෝ නිසා. එයාලා මීට කලින් බීල තියෙන බව නම් දන්නවා. ඒත් හරිම සුළුවෙන්. ඒත් ඉතින් යාළුවෙක් හැටියට මට පුළුවන් නම් එයාලව හරි කලාතුරකින් වෙන වැරැද්දෙන් ගලව ගන්න ඒක ලොකු දෙයක් නේ. ඇත්තෙන්ම කෙනෙක් වැරදි වලින් ඈත් වෙලා ඉන්න ඕනි, වැරැද්දක් කරන්න අවස්ථාවක් උදා වුණු වෙලාවකදියි. කවුරු හරි බොන කෙනෙක්ට බියර් වීදුරුවක් දීලා බීපන් කීවොත් නොබී ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක ත
යි ලොකුම හපන්කම. හිත කැමති දේවල් දෙන්න ගියොත් කොහෙන් නැවතෙයිද කියන්නත් බැහැ නේ.

ඔහොම ඉන්න මගේ කිට්ටුම යාළුවෙක්ට තව ටික දවසකින් තියෙන පාටියකට යන්න වෙලා තියෙනවා. එතෙන්දි නම් මධු විත බිංදුවක් තොල ගෑවෙයි කියලා එයාම මට කිව්වා. ඉතින් මට වැඩේට ටිකක් අප්සෙට්. මොකද ඒ වැඩේට මං විරුද්ධ නිසා. ඊටත් වඩා යාළුවෙක් කරද්දී දුකයි. මම ඉතින් එයාට පන්සිල් ගැනත් මතක් කරා. මොකද එයා නම් කියන්නේ එයා කිසිම වැරදි වැඩක් කරන්නේ නෑ කියලා. ඉතින් ඕක මතක් කරාම කියපි, සුරාමේරය ගැන තියෙන පන්සිල් පදයෙත් තියෙන්නෙ "මජ්ජපමා දට්ඨානා" එකෙන් කියවෙන්නේ, මද පමණින් ගත්තට වරදක් නැහැයි කියලාලු. "අද කාලෙ ගෑණුත් බියර් බොන එකේ මම ඔය බියර් වීදුරුවක් බිව්වට ප්‍රශ්ණයක් නෑනෙ." කියලාත් මගේන් ඇහුවා. මට ඉතින් එතනින් එහාට කියන්න දෙයක් ඉතුරු වුණෙත් නෑ. ඒ වගේම කලාතුරකින් උගුරක් බිව්වම ඇගට සිද්ධ වෙන හානියක් නැති බවත් කිව්වා. ඔන්න ඔහොමයි එයාගේ චින්තනය.

ඒකෙන් මේකෙන් පැහැදිලි වෙන්නේ බොන අය පිරිමි බවත්, නොබොන අය ගෑණුන්ටත් අන්ත කොට්ඨාසයක් බවත් නේ. මේකට ඔයාලගෙන් කීයෙන් කී දෙනෙක් එකඟ වෙනවද, නැත්ද කියලා ඔයාලාම තීරණය කරන්නකෝ.

පුංචි උගුරක්, බේබදු කමක් දක්
වා ම අරගෙන යාවිද, නැතිද කියලා අපිට කවදාවත් විශ්වාසයකින් කියන්න බෑ. ඒ වගේම, යාළුවන් අතරෙදි උගුරක් හරි බීවම එයාල දැන ගන්නවා මෙයත් බොන්න පුළුවන් කෙනෙක් බව. ඉතින් ඔහොම යාළුවෙක් බලෙන් හරි ඇඟේ ගැහුවොත් "මචන් ටිකක් බීපන්" කියලා, බෑ කියන්න බැරි කමටත්, කලාතුරකින් උගුරක් බීවට වරදක් නැති එකටත්, ඉඳල හිටලා බීවට බේබදු නොවෙන නිසාත්, පන්සිලුත් තමන්ගේ සතුටට වෙනස් කරලා ඒක සාධාරනීකරණය කරන් ඉන්න හින්දාත් නොබී ඉඳියි කියලා හිතන්න පුළුවන් සීමාව ගොඩක් අඩුයි නේ.

මම නම් කවදාවත් කැමති නෑ මගේ යාළුවෙක් නරක දෙයකට යොමු වෙනවට. මොකද මම ආශ්‍රය කරන්න ගන්නේ හොඳ අය. මුලින් හොඳින් ඉඳලා පස්සෙ වෙනස් වෙනකොට ඉතින් දුක නැත්තෙ කාටද? ඒ නිසා ඔයාලටත් පුළුවන් නම් "මද පමණින් ගත්තට කමක් නෑ" කියල නොහිතා බොන උගුරක් හරි නවත්තන්න, තමන්ගෙ ජීවිතේ කර ගන්න ලොකු පිණක් වේවි ඒක.

6 පාඨක අදහස් | Comments:

RanDil said...

හරිම වටිනා ලිපියක් සහෝදරයා

Teshan said...

මම හිතුවෙ බොන කත්තිය හොඳට මට බනී කියලා. ඒත් එහෙම්මම නෑ නේද...

RanDil said...

මෙහෙමයි ඉතිං වැඩේ. මම ඔය විස්තර කොරලා තියෙන ඒව්වා බොන්නේ නැහැනේ. බොන කත්තිය නම් බනියිද නැද්ද මන්දා :D

Teshan said...

නොබොන අය නපුංසකද? අයි නොබොන අපිම විතරක් අනම් මනම් කතා අහන්නෙ?

RanDil said...

බොලේ මලේ එකක් මුලින් කියන්නම් මම සොයුරියක් හොඳේ. http://ranrandil.blogspot.com/ තමයි මගේ ගෙදර.

ඉතිං ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ නම්, බිව්වත් නැතත් ඒ වගේ කට්ටිය ඒ වගේමයි. නොබිව්වා කියලා ඒ වගේ නොවන කට්ටිය ඒ වගේ වෙන්නේ නැහැ. මේ කරුණ වෛද්‍ය විද්‍යාත්මකයි.

Unknown said...

මමත් ඔබ වගේම කටේ තියලත් නැති තියන්නෙත් නැති අධිෂඨානයේ තමයි ඉන්නේ. ගොඩක් අවස්ථා ලැබුනත් තවම නැමෙන්නේ නැතුව ඉන්න පුලුවන් වුන එක ගැන ලොකු සතුටක් තියෙන්නේ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.