නමින්ම තේරෙනව ඇති නේ මම මේ මොන නාට්‍යය ගැනද කියන්නෙ කියලා. මේ තමයි අපේ ගොන් දෙපැයේ මුල්ම නාට්‍යය, මහ ගෙදර. මමත් මේක නම් දෙදහස් ගානක් හරි එක් දහස් ගානක් හරි වෙනකන් බැලුව වගේ මතකයි. අවසානෙ මොනා වෙනවද කියල දන්නෙත් නෑ.
මම දැන් නම් ඉතින් රූපවාහිණිය බලන්නෙ නෑ. දැන් ඉතින් ෆුල් ටයිම් පරිගණකය ඉස්සරහ තමයි. ඒත් ඉතින් මේක බලපු කාලෙ ගැනත් මතක් කරන්න එපැයි මම දැකපු දේවල්. මේව ගේ මෙගා ටෙලි මාලාවක් බලන එක ටිකක් විතර එපාම කරපු දෙයක්. මොකද ඉතින් දවස් පහේම යනව නේ. ඒත් ඉතින් එක දවසක් හරි බැලුවේ නැතත් අනිත් ඒවා වලින් නොබලපු දවස ගැන හිත ගන්න පුළුවන්. මේක ඉතින් ඉන්දියානු ටෙලි නාට්‍යයක් නිසා කවුරුත් බෙල්ල කඩන් බැලුව. ඒත මම නම් හිතන්නේ නෑ තාමත් ඒක විකාශනය වෙනවා නම් බලන්වා ඇති කියලා වැඩි පිරිසක්. මගෙ හිතේ වෙලාවලුත් වෙනස් කරලද කොහෙද.
මේකෙ තියෙන ලොකුම විහිළුව තමා ඒකෙ ඉන්න වයසක ආච්චි පරම්පරා පහක් හයක් විතරම ජීවත් වෙඡ්ඡ එක. මගෙ හිතේ වයස අවුරූ 500 ක් විතර ඇති. නැත්නම් ආලෝක වර්ශයක් වෙන්නත් පුළුවන්. කොටෛන්ම ඉතින් මහ ගෙදර ඇතුලේ පවුල් ඉන්නවා හැට හුටාහමාරක් විතර. මම හිතන්නේ ඒක හෝටලයක්ද කොහෙද. ඒ විතරක් නෙවෙයි ඉතින්, ඒ ගෙදර කට්ටිය ගෙදර ඉද්දිත් අඳින්නේ මගුල් ඇඳුම්. මගුල් කිව්වේ විකාර කියන අදහසෙන් නෙවෙයි. විවාහ මංගල උත්සව වලට අඳින ඇඳුම්. කොටින්ම නිදා ගන්නෙත් ඒව ඇන්න්හන්. හරීම අස්වාභාවිකයි නේද?
මේ කතාවේ වැඩිපුරම තිබ්බේ පවුල් වල ප්‍රශ්න ගැන. එක්ක ප්‍රේම සබදතා බිඳ වැටීම් නැත්ත උසාවි ගානෙ රස්තියාදු වෙන ඒවා. ඒ මොකද ඉතින් විවාහත් කැඩෙනව නේ. අනිත් ලොකුම විහිලුව තමයි මැරෙන මිනිස්සු ටික කාලෙකින් නැගිටින එක. තව දෙයක් තමයි කාලෙන් කාලෙට එකම චරිතෙ පුද්ගලයන් දෙතුන් දෙනෙක්ට කරන්න සිද්ධ වෙන එක. නළු නිළියො වැඩි වෙලාද මන්දා. ඉතින් මම ඒ කාලෙ මේක හරිම ආසාවෙන් බැලුවෙ මේකෙ තිබ්බ වර්ණවත් බව නිසාත් ඒකේ ඉන්න පිරිසත් දැකුම්කළු නිසාත් දෙබස් එහෙමත් හිතට වැඩෙන ලස්සනට හඬකවලා එහෙමත් තිබුණ නිසා. මොනා වුනත් ඉන්දියාවේ දේවල් ඉතින් ලංකාවේ දේවල් වලට වඩා මෙහේ විකිනෙනවනේ.
කොහොමෙන් කොහොම හරි ඔයාලත් මේක අනිවාර්යෙන්ම බලලා ඇති අඩු ගානෙ අහම්බෙන් හරි දවසක් හරි. දැන් ඉතින් ඕවා බලා වැඩක් නැති බව තේරුම් අරන් ඉන්න නිසා හොඳයි.
0 පාඨක අදහස් | Comments:
Post a Comment