Friday, July 9, 2010

මේක අළුත්ම අදහසක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් කවුරු හරි ඉදිරිපත් කරපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් මේ වගේ දෙයක අවශ්‍යතාවය පෙළක් වෙලාවට හැමෝටම වගේ ඇති වෙන්න ඇති. මොකද පාසල් කාලෙත් ඉවර නිසා ආයෙත් ඉගෙන ගන්න නොමිලේම අවස්ථාවක් උදා වෙන්නෙ ඉතින් මේ වගේ එකකින්ම නේ. ඔන්න ඉතින් ඔහොම කියලා මම මේ ආරම්භය ගන්න යන්නේ තවත් අළුත් ලිපියකට.

සින්ඩියේ වගේම ලාංකීය සිතුවිලි වලත් කීප දෙනෙක්ම පාඩම් මාලාවන් සිංහලෙන් ඉදිරිපත් කරනවනේ. ඔයාලත් ඒ පාඩම් වලට සහභාගී වෙන්න ඇති. ඇයි හත් ඉලව්වෙ මමත් පාඩමක් කොරනව නේ... මතකයි නේද මොකද්ද කියලා? ඔන්න ඉතින් මගේ පාඩම් මා
ලාවට හීනි ප්‍රචාරණයකුත් මේකෙන්ම දුන්න.

හරි හරි මම මේ කියන්නේ තම තමන්ගේ බ්ලොග් වලට ප්‍රචාරණයක් දෙන හැටියක් ගැන නෙවෙයි. මම මේ කියන්නේ ඔය තොරතුරු තාක්ෂණය ගැන පාඩම් මාලාවන් ඉදිරිපත් කරලා බ්ලොග් පිටු ලියන හැමෝටමයි. නරකද අපි කට්ටිය එකතු වෙලා අලුත්ම සින්ඩියක් පටන් ගත්තොත් තොරතුරු තාක්ෂණය උගන්වන? අළුත් ක්‍රමලේඛ බාසාවල් ගැන නම් කීයෙන් කී දෙනෙක් නම් ලිපි පල කරනවද. ඒ ලිපි එකතු කරලා, ඒ ලිපිත් යාවත්කාලීන වෙන සින්ඩියක අදහසක් අපේ සින්ඩිය කරන පිරිසට අදහසක් දැම්මොත් නරකද කියලත් හිතෙනවා. එතකොට ඉතින් ඔය තොරතුරු තාක්ෂණ පීඨයකට පය ගැහුවා වගේ තමා. තියෙන ලේසිය තමයි ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් වියදමක් නැති මාධ්‍යයක් වීම. අනික ඉතින් මේ වගේ අතත්‍ය වෙබ් පරිසරයකදි ඉගෙන ගන්න එකේ පොඩි ගැම්මකුත් තියෙනව නේ.

හැබැයි මේ උගන්වන බ්ලොග් ලිපි පළ කරන්න ඕනෙ සිංහලෙන් විතරමයි. අපිට අන්තර්ජාලෙනුත් ඇති පදම
ඉංග්‍රීසි ලිපි හොයා ගන්න පුළුවන් නේ. මේ වගේ දෙයක් ඇරඹුණොත් ඉතින් මව් භසාවෙන්ම ක්‍රමලේඛ පාඩම් කියවල සරලව ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි තව නීතියක් තියෙනවා. ලිපි සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ. කොටින්ම ජාවා ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඉගෙන ගන්න ලියැවෙන බ්ලොග් ලිපිය තොත්ත බබෙක්ටත් තේරුම් අරන් ඉගෙන ගන්න පුළුවන් විදියටම කෙරෙනවා නම් පංකාදුයි.

මේ වැඩේට කැමති අකැමැති කවුරුද කියලත් දැන ගන්න කැමතියි. "අතත්‍ය තොරතුරු තාක්ෂණ පීඨය" ක් අපි හැමෝම එකතු වෙලා පටන් ගනිමුද?

6 පාඨක අදහස් | Comments:

Kanishka said...

හි හි :D නරකම නෑ අදහස :D

C0de BlUe said...

මරු අයිඩියා එක අපිත් දෙන්නම්කෝ හෙල්ප් එකක් !!

Isuru Wijesinghe said...

මම ඔය වගෙ බ්ලොග් එකක් පටන් ගත්තා. ඒත් මගෙ වැඩත් එක්ක ඒක අතර මග නැවතුනා. අදහසනම් හොඳයි

මුදිතා said...

ඔන්න මමත් පටන් ගත්තා!!!
http://msprojectsinhalen.blogspot.com

Teshan said...

අන්න මරු. මේක නම් කාටත් වටින ප්‍රෝග්‍රෑම් එකක්. ඉගෙන ගන්න වටින එකක්. මටත් වැඩි ආසාවක් නැති ප්‍රෝග්‍රෑම් එකක්. එපා වුනේ බේස්ලයින් කරාට පස්සේ වෙනස් කරන්න ගියාම. හපොයි... කෝම හරි මම කැමතියි මේක හරියකට ඉගෙනගන්න.

Teshan said...

මම මගේ ව්‍යාපෘතියෙන් පස්සේ IT සින්ඩියක් හදන්නයි හිතාගෙන ඉන්නේ. බලමුකෝ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.