Monday, July 5, 2010

මම මගේ ජීවිතයේ අකමැතිම දේවල් ගොඩාක් තියෙනවා. මේ දේට ඔයාලත් අකමැති ඇති. එක අතකට මේක නිසා මම පුද්ගලිකවම දුක් වුණ අවස්ථාවන් වගේම තරහ ගිය අවස්ථාවලුත් තියෙනවා.

මම මේ කියන්න යන දේ දුරකථන සම්බන්ධ දෙයක්? ඔයාලට හිතා ගන්න පුළුවන්ද එහෙම කීවම? හ්ම්ම්... මෙන්න මේකයි ඒ මම අකමැතිම දේ දුරකථන සම්බන්ධව. දුරකථනයක් ගැ
ම නෙවෙයි මේ කියන්න යන්නේ. දුරකථන ඇමතුම් සම්බන්ධවයි.

අපි තවත් කාට හරි තමන්ගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගනිද්දී ඒ කෙනා තවත් ඇමතුමක ඉන්නවා දකිද්දී මට නම් ටිකක් අප්සෙට් යනවා. මොකද ඉතින් ඉඳලා හිටලා හරි කාට හරි කතා කරන්න හිතුවම ඒ කෙනත් ඒ වෙලාවෙම වෙනත් දුරකථන ඇමතුමක ඉන්න එකෙන් අපි සැදී පැහැදී හිටපු කතා බහවලුත් ඒ විදියෙන්ම අපිට ඉන් පස්සට කර ගන්න බැහැ නේ.

මේක තවත් හිතට ලොකු දුකක්, අපහසුතාවක් වෙන්නේ තමන් ආදරේ කරන කොටයි. හිතන්නකෝ ඔයාලා අතරේ ආදරේ කරන කවුරු හරි ඉන්නවා නම් තමන් ආදරේ කරන කෙනාට ඇමතුමක් ගනිත්දී "Waiting ..." කියන සංඥාව දකිද්දී දුකක් වගේම තරහකුත් ඇති වෙනවද, ඇති වෙලා තියෙනවද කියලා මීට කලින්.

ඇත්තෙන්ම ඉතින් ආදරේ කරද්දි නම් කවුරුත් කැමති තමන් වෙනුවෙන්ම කැප වුණු කෙනෙක් ඉන්නවා නම් තමයි. එහෙම වුනත් සමහර වෙලාවට අර වගේ අවස්ථා වලදී ඉවසීම කියන දේ නම් සීමාවෙන් එහාටත් යනවා. මොනවා කරන්නද ඉතින්. මමත් ඉතින් පුළුවන් තරම් ඒ ඉවසීම රැක ගන්න තමයි උත්සාහ කරන්නේ.

ආදරේ කරද්දි නම් ඒ දේ නිතර සිද්ධ වුණොත් හිතේ සැක පහල වෙන්නත් පුළුවන් ඉතින්. මොකද ඉතින් ආදරේ කරන කෙනා ගැන අවිශ්වාසයක් ඇති වෙන එක එච්චර හොඳ දෙයක් නොවෙන නිසා. ඒත් ඉතින් අපේ හිත් වල ඇති වෙන සැකය, අවිශ්වාසය පෙළක් වෙලාවට නිශ්ඵල එකක් වෙන්නත් පුළුවන්. මොකද තමන්ගේ සහකාරයට හරි සහකාරියට හරි යාළුවෝ නෑදෑයො එහෙමත් ඉන්නවනේ. එයාලගෙන් ලැබෙන දුර ඇමතුම් වෙන්නත් පුළුවන් නේ. අනික තමයි ඒ කෙනා බෝඩිම් නිවාසයක් ඉන්නවා නම් ඉතින් තත්වය එහෙම්මම වෙන්නත් පුළුවන්. ඒ වගේමයි අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. මොකද බෝඩිමක ඉන්න හින්දා.

ඉතින් මම කියන්නේ කාටත්, තමන් අමතන්නේ කාට වුණත්, එයා වෙනත් ඇමතුමක ඉද්දී "Waiting" සංඥාව වැටුනොත්, තරහ නොගෙන, දුක් නොවී ඉවසන්න කියලායි. මොකද හිතේ තියෙන විශ්වාසය විශ්වාස කරන තරමට තමන්ට සතුටින් ඉන්න පුළුවන් කාලය වැඩි
යි. හිතෙන් මවා ගත්තු හරි, හිතා ගත්තු වැරදි වැටහීම් නිසා හරි අනිත් කෙනා ගැන වැරදි මානසිකත්වයක් ගොඩ නාගා ගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් රණ්ඩු සරුවල් නොවී, දුක් නොවී ඉන්න පුළුවන් ආදරේ කරද්දිත්.

මමත් හැම අතින්ම දැන් නම් ඉවසනවා ඉස්සරටත් වඩා. තරහ අරගත්තම අපිට පේන හැම දේම අපේ තරහ වැඩි වෙන දේවල් මිසක් සතුටු හිතෙන දේවල් නෙවෙයි නෙ. ඒ වගේමයි දුකේදිත්. යාළුවෙක්ට කතා කරන්න උත්සාහ ගත්තත් ඔය දේ වුණොත්, ඉවසන්න පුළුවන් නම් හොඳයි. මොකටද නිකන් ප්‍රශ්න වවා ගන්නේ. ඉවසන තරමට සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණයත් වැඩියි.

6 පාඨක අදහස් | Comments:

Anonymous said...

ඕයි. කෝල් වේටිං තියෙනකොට අනිත් කෙනා දැනගන්නවනෙ තමුන්ට අහවලාගෙන් කොල් එකක් දැන් එනවා කියල. පිස්සුද හැටිද.

All about Mobile Phones said...

ඉවසන දනා රුපු ‍යුධයට ජය කොඩිය කියලා කියන්නෙ නිකං නෙමෙයිනේ

Teshan said...

@Anonymous
ඒක මාත් දන්නවා ඕයි. ඒත් මම මේ කියන්නෙ කෝල් එකක් ගන්න කොට එහෙම දෙයක් දකිද්දි මල පනින සීන් එකක් ගැන.
මෙහෙම කොමෙන්ට් කරන්න වුනාට සමා වෙන්න. ආපු විදියෙන්මයි මාත් පිළිතුරු දුන්නේ.

@All about Mobile Phones
That is true. Im practicing it... :)

Mr.Ekenma said...

මොනා උනත් කතාව නම් ඇත්ත :) ඉවසන එක තමයි හොඳම දේ.. මමත් ඔය Call Waiting වලින් පඩම් ඉගනගෙන තියනව :)

Anonymous said...

මටත් මේ කියන ප්‍රශ්නෙ කාලෙකට ඉස්සෙල්ලා බරපතල විදියට තිබුනා.ඇත්තම කියනව නම් ඒ නිසාම ගොඩක් දේවල් නැති වුණා.සාමාන්‍යයෙන් මම තරහා යන කෙනෙක් නෙමෙයි.ඒත් Call Waiting වෙනවා කියන්නෙ නම් මට ඉවසන්නම බැරි දෙයක්.
දැන් නම් ඒකට ටික ටික පුරුදු වෙනවා.ඒත් ඒ නිසා නැති වුණ දේවල් ලබා ගන්න බෑනේ...
මටත් කියන්න තියෙන්නෙ ඉවසන්න ඕනි කියලා තමා.නැත්නම් Call Waiting වෙන වෙලාවට වඩා පස්සෙ ගොඩක් දුක් විදින්න වෙනවා...
මේ ලෝකෙ මට තරම් කාටවත් Call Waiting වෙලා නැතුව ඇති :D

Teshan said...

මටත් එසේමයි සබඳ... :(

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.