Monday, July 5, 2010

මම මේ කියන්න හදන්නේ මම කරන සහ ඉදිරියටත් කරගෙන යන දෙයක් ගැන. ඒ මගේ යාළුවෙක් ගැන. කොටින්ම කියනවා නම් මගේ හොඳම මිත්‍රයා. මේ යාළුකමට දැන ගොඩක් කාලයක් ගත වෙලා. ඒත් මොන ප්‍රශ්නෙ ඇති වුණත් ඒ යාළුකම බිඳිලා නෑ. ඇති තරම් රණ්ඩු වෙනවා, ගහ මරා ගන්නවා, සැප දුක වචනෙන් හරි බෙදා හදා ගන්නවා. ඔන්න ඔහොමයි ඒ යාළුකම ගත වෙන්නේ.

මේ යාළුවාගේ ගොඩක් වියදම් වලට සල්ලි දෙන්නේ මම. මොකද මුලින්ම මෙයාට රස්සාවක් තිබුණෙ නැති නිසා. දැන් නම් තියෙනවා රස්සාවක්, ඒත් ලැබෙන පඩිය නම් ටිකක් මදි එයාට. ඉතින් ඒ යාළුවා වෙනුවෙන් මට මම හරි හම්බ කරපු මුදල් හදල් දෙන එක ප්‍රශනයක් වෙලා නෑ මට. ඒත් ඒක නම් එයාගෙ හිතට බරක්. ඒ මොකද මම දෙන මුදල් හදල් එයා ණය විදියට බාර ගන්න හින්දා. ඒත මම ණයක් විදියට නෙවෙයි ඒ දේවල් දෙන්නේ. ඒත් මම විශ්වාස කරන විදියට නම් සල්ලි වලට වඩා මනුස්සකම තමයි ජීවිතේ වටිනම දේ. මුදල් හදල් නම් අපිට කවදා හරි හම්බ කර ගන්න පුළුවන් නේ. ඒත් හිතන්න, ආදරයක් හරි, මිත්‍රත්වයක් හරි සල්ලි වලට යට කරනවා කියන්නේ කොච්චර පහත් වැඩක් ද?

මම ඒ විදියට ඒ යාළුවාට සලකන එක මගේ හිතට ලොකු සැනසිල්ලක්. එක අතකට එක මනුස්සයෙක්ව හරි දුක් විඳින එකෙන් ගලවා ගන්න පුළුවන් වෙන එක කොච්චර නම් දෙයක්ද? කොටින්ම අවුරුදු 3 ක් තිස්සේ හරි හම්බ කරපු දේවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මම එයාට දීලා තියෙනවා ඉගෙන ගන්නත්, මාසික වියදමටත්, ඇඳුම් පැලඳුම්, ආහාර පාන වලටත්. මොකද මෙයා ඉන්නේ බෝඩිම් නිවාසයක නිසාත්, ගෙදරින් වියදම් නොලැබෙන නිසාත්.

මීට අවුරුදු දෙකකට විතර ඉහතදී මම හරි හම්බ කරපු දේවල් තවත් කෙනෙක්ට දෙන්න මම ටිකක් ලෝභ වුණා. මොකද මම ඉතිරි කරන්න කැමැත්තක් දක්වපු නිසා. ඒත් දැන් නම් එහෙම හැඟීමක් නෑ හිතේ. එක අතකට හිතක එහෙම ලොකු වෙනසක් ඇති වීම ම ලොකු දෙයක්. අඩු ගානෙ පිණක් හරි ලබන්න පුළුවන් නේ. ඇත්තෙන්ම ඒ මුදල් හදල් මගේ ලඟ තිබ්බත් වැඩි ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. වැඩිම වුණොත් ලොකු ගාණක් ඉතුරු වෙලා තියේවි. ඒත් ඒ දේවල් ප්‍රයෝජනයක් ඇති කෙනෙක්ට දීලා ඒ කෙනාගේ දුක අඩු කරලා සතුටින් තියන්න පුළුවන් නම් ඒක කොයි තරම් නම් වටිනවද?

ගෙදරට හිඟන්නෙක් එද්දි හැංගුන මම, අද මගේ සන්තකේ තියෙන හැම සතයක්ම පාහේ යාළුවෙක්ගේ යහපත වෙනුවෙන් කැමැත්තෙන්ම දෙන්න හිත හැදුනා වගේම ඔයාලටත් එහෙම හිතක් හදා ගන්න උත්සාහ කරන්න පුළුවන්ද?

5 පාඨක අදහස් | Comments:

ඉලංදාරියා said...

ඔය යාලු කම සදාකල් ‍රැකේවා.....
ඔය පින්බර සිතුවිල සදාකල් තියෙවා..

වසනාවන්..අනාගතයක්

ඉලංදාරියා said...

ඔය යාලු කම සදාකල් ‍රැකේවා.....
ඔය පින්බර සිතුවිල සදාකල් තියෙවා..

වසනාවන්..අනාගතයක්

Teshan said...

මමත් ඒ ප්‍රාර්ථනාව එහෙම්ම ම කරනවා...

වැඩ බැරි දාස said...

මට නම් යාලුවො වැඩිය නැ වාසියට උදව්වක් ගන්න තමා ගොඩක් යාලුවො ඉන්නෙ හොඳම යාලුවො ඉන්නෙ බොහොම අතලොස්සයි කරදරේ වැටුනම කවුරුත් නැ තම පිහිට තමාම තමා.
තමන්ගෙ අනාගතය හදා ගන්න යාලුවන් ව රවට්ටල කඩේ යවන අයත් ඉන්නවා. මම මේ එ වගේ යාලුවෙකුට කඩේ යන ගමන් ඉන්නෙත් කමක් නැ ඌට වත් හරියයිනෙ..........

Teshan said...

අපි කාට හරි උදව් කරන එක නවතන්න හොඳ නෑ. කවදා හරි දවසක බැරි වෙලාවත් අපිටම ඒ කෙනා වල කැපුවත් තරහ ගන්නවත්, අපි එයාලට කරපු දේවල් ගැනවත් පසු වදන් සපයන්න ඕනෙ නෑ. අපි මැරෙන්න කලින් හරි අපිට අනිවාර්යෙන්ම හොඳක් සිද්ධ වේවි. මොකද අපේ සිතුවිල්ල හොඳ නිසා.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.