මොන වැඩේ කොහොම කොයි පමණින් තිබුණත්, මේ මොහොතේදී අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒ නිසයි, පාඩම් කිරීමත්, අවසාන ව්‍යාපෘතියත් අතරමැද නවතලා මේ වගේ ලිපියක් මම පල කරන්න හරි හිතන්නේ.
මම බ්ලොග් කලාවට ආවත් මගේ ගුරුතුමන් බ්ලොග් කලාවේ නිරත වුණු බවක් මට අහම්බෙනුයි දැක ගන්නට ලැබුනේ. එදා ඉඳන් ඔහුත් මාත් අතරේ සිංහල භාශාව පිළිබඳවත් හොඳ මිත්‍රකමක් ගොඩ නැගුණා. තම තම නැණ පමණින් කියන්නේ ඔහුගේ දැවැන්ත බ්ලොග් අඩවියක්. ලිපි සිය ගණන් නිතර පළ වුණු එකම බ්ලොගය එය වෙන්න පුළුවන්. ඒ වගේමයි ප්‍රතිචාරත් එහෙමමයි.
තම තම නැණ පමණින් ලියන ඔහු නමින් කුමුදු ලාල් පින්තු ගුරු පියාණන්. ඒත් අපි දන්න කාලෙක ඉඳලා ඔහුව ඇමතුවේ පින්තු සර් කියලා. එහෙම කතා කරපු අපි හැමෝටම ඔහු සැලකුවේ සහෝදරයෙක්, මිතුරෙක්, මව්පියෙක් වගේම ලොකු ආදරේකින්. කෙනෙක්ගේ හැකියාවට අත දුන්නු, ඒ හැකියාව අගය කරපු ඔහු තරම් නිහතමානී පුද්ගලයෙක් තවත් මට මේ ලෝකයේදී හමු වෙලා නෑ. ඔහුගේ ඉගැන්වීම් හැකියාව වචනයෙන් කියල නිම කරන්න බැරි දෙයක්. හරිම සැහැල්ලුවෙන් කරපු ඒ ඉගැන්වීම් අපේ හිත් වලට හොඳින් කා වැදුනා. ඊටත් වඩා කරපු විහිළු. පංතියේ කෙනෙක්ට විහිළුවෙන් කතා කරත් ආයෙත් ඒ වගේ හඬක්, ඇමතුමක් අපේ දෙසවනට ලඟා වෙන්නේ නම් නැති තරම්.
පින්තු ගුරුතුමන්ගේ ගුරු හරුකම් මම ලැබුවේ 2007 වසරේ මාර්තු මාසයේ 26 වෙනිදා ඉඳන්. ඔහු තමයි මා ඇතුලත්ව හිටි අපේ ආයතනයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ සම්බන්ධීකාරක වුණේ. මම වැරදි නම් නිවැරදි කරන්න. එදා ඉඳන් මේ දක්වාම දැඩි මිත්‍රත්වයක් වගේම ගුරු භක්තියක් අපේ හිත් වල ඔහු පිළිබඳව තිබුණා.
සමහරු ඔහුට තිත්ත කුණුහරුපෙන් හොඳටෝම බැන්නා ඔහු නැති තැනදී. ඒත් අද ඒ අය දුක් වෙනවා නම් ඒ කිඹුල් කඳුලක් බවත් මතක් කරන්න ඕනෙ. ඒ අයම සමහර විට ඔහුගේ අවමංගල්‍ය මොහොතට සහභාගී වෙලා කන පැලෙන්න සුරාවෙන් සතුටු වේවි රෑ පුරාවටම. මොකද ඒ අයගේ හිත ඇතුලේ රැඳිලා තියෙන සංතෝසය නිසාවෙන්. ඔහුගේ වියෝවෙන් සතුටු වෙන පිරිසක් ඉන්නවා නම් ඒ ඔහුගෙන් බැනුම් අහපු හරි, සමච්චලයට ලක් වුණ හරි පිරිසක්ම විය යුතුයි. මොකද පින්තු ගුරුතුමන් ගුරුවරයෙක් බව ඔවුන් අමතක කරලා වැඩ කරපු නිසා.
මම මේ ලිපිය ලියන්න හිතුවේ ඊයේ රාත්රියේදී. මේ ගැන අළුතින්ම ලිපියක් ලියන්න හිතුවේ ඔයාල හැමෝටම ගුරු භක්තිය ගැන කියන්න හිතාගෙනයි. ඒත් අද මේ වගේ විපතක් ඔහුට සිද්ධ වේවී කියලා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ.
අද, ඒ කියන්නේ 2010.07.25 වන දිනයේදී මගේ උපාධියේ අවසාන වාරයේ අවසාන පංතිය පැවතුනා. ඒ වේලාවේදී අපිට උගන්වමින් සිටි ගුරුතුමන්ට හදිසි පණිවිඩයක් ලැබුණා පින්තු සර්ව රෝහල්ගත කරලා කියලා. අද ගෙදර ආවමත් මගේ තාත්තා ඔහු ගැන අහම්බෙන් වගේ ඇහුවා "දැන් පින්තු සර් ඔයාලට උගන්වනවද?" කියලා. එහෙම කාලය සුපුරුදු විදියට ගත වුණා කියමුකෝ. අද හවස 8 ට විතර මගේම තවත් යාළුවෙක්ගෙනුයි ඔහුගේ වියෝව ගැන දැන ගත්තේ. දරා ගන්න බැරි දුකක් දැනුණා ඒ මොහොතේ.
ඉපදුණු හැමෝටම අනිවාර්යෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙන මරණයේ අත්දැකීමත් අවසානයේදී ඔහු අපිට බ්ලොගයෙන් නොකීවත් කියා පෑවා. මේ පොහොය දවසක්. ඇසළ පුන් පොහෝ දිනය. ඒ දිනයේදීම පින්තු ගුරු පියාණන් වාසනාවන්ත අවසානයකට මුහුණ දුන්නා කියලා හිතන්න පුළුවන්. ඒත් ඒ වියෝව මින් මතුවට පිරිමහන්න කිසි කෙනෙක්ට හැකි වෙයිදෝ කියලා සැකයක් තියෙනවා. ඔහුගෙන් තොරතුරු තාක්ෂණ දැනුම උකහා නොගත් අයෙක් ඉන්නවා නම් අපේ ආයතනයේම, ඒක හරිම අවාසනාවක්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ගුරුවරුන්ට අපි දෙවි වරු වගේ සැලකිය යුතු බවයි. අපිට වඩා අඩු දැනුමක් තිබුණත් ඒ ගුරුවරයෙක්ය කියලා හිතලා දැනුම අපේ දිහාට ඇද ගත යුතුයි. ගුරුවරයෙක්ට අපිට කරන්න පුළුවන් හොඳම ගරු කිරීම ඔහුගේ හෝ ඇයගේ උස මහත, කැත ලස්සන, දැනුමේ ප්‍රමාණය ගැන මනින්නේ නැතිව, ඔවුන් අපිට බැන්නත්, ගැහුවත්, අවවාද කරත්, අපේ දර දඬු කම අත හැරල ඔවුන්ගෙන් ඉගෙන ගෙන ඔවුනටත් වඩා දැනුමෙන් ඉහල තත්වයකට පත් වීමයි. ඒ දේ කළ දාට ගුරුවරයෙක්ට තියෙන අපේ ණයගැති බාවයෙන් නිදහස් වෙන්න අපට ඉඩක් ලැබේවි.
8 පාඨක අදහස් | Comments:
පින්තු සර් වෙනස්ම ආකාරයේ ගුරුවරයෙක් ඒ වගේ ගුරුවරයෙක් අපිට ආයෙත් හම්බවෙන එකක් නැ. ආයතනය ඇතුලෙ එවා බ්ලොග් එකේ දාන්න එපා මචන් ගෙයි ගිනි පිටතට දෙන්න හොඳ නැනෙ. ඕනි තැනක සත්තු ඉන්නවා. වැඩේ තියෙන්නෙ දැන් සත්තු වත්තක් වෙලා තියෙන එක. නවොද්‍යා ශිෂ්‍යත්ව වැඩ සටහනේ වැඩි බර ඇද්දෙ පින්තු සර් අද ආයතනය හොඳට දිව්වනම් ඔය බනින අය ඔහොම බනින්නෙ නෑ. මිනිස්සු දුවන්නෙ සල්ලි පස්සෙ එතකොට ඉතින් ගුරුවරු පේන්නෙ නෑ නොවැ. විව්‍රත ආරුක්කු පාසලෙන් ආව අපි අද යම්කිසි තැනකට ආවනම් එකෙ වැඩි ගෞරවය පින්තු සර් ටත් හිමි විය යුතුයි.
උඹ කියන විදිහට හා මට පේන විදිහට අයි ඩී. ඇස්. ඩී බැජ් වල ඉන්නෙ මහ චාටර්ම පොරවල් ටිකක් මම වැරදි වෙන්නත් පුලුවන්.
විබාගෙට ජය . vote for the extension for the project destration submission
මේක පබ්ලිෂ් කොරන්න එපා.
පබ්ලිශ් කරන්න එපා කීවත් නොකර බැරි කමටයි කරේ.
මොකද අපි ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නෑ.
ඇතුලෙ ගිනි පිටතට දෙන්න හොඳ නැති වුණත්, ඒකෙන් මිනිහෙක්ට සෙතක් වෙනවා නම්, තවත් මනුස්සයෙක්ට යහපතක් වෙනවා නම්, ඒකෙන් අත්දැකීමක් ලැබෙනවා නම්, අපිට මරන තර්ජන ආවත් අපි ඇත්තට මූණ දෙන්න බය විය යුතු නෑ.
අපි වරදක් නොකර සමාජයේ ජීවත් වුණොත්, අද අපි දුක් වින්දත් හෙට හොඳ ජීවිත ගත කරාවි.
ඒ පින්තු සර් වගේ හොඳ මිනිසුන්ගෙන් අපි ලබපු පන්නරය නිසාවෙන්ම.
පව්කාරයින්ට පවෙන් මිදෙන්න ගල් ගුහා අස්සෙ, මුහුදු පතුලෙ හැංගුණත් ගැලවීමක් නෑ. අනිවාර්යෙන්ම කළ පව් කම් වලට දඬුවම් ලැබේවි.
මොකද මේවා දැකලා තරහට අපිව මරලා "ඒ ප්‍රශ්නෙත් ඉවරයි" කියලා අත පිහිද ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම ස්වභාව ධර්මය ඒ අයට බුදු දහමට අනුව පිළිතුරු දේවි. එදාට ඒ අය අපා දුක් විඳිද්දී අඬන්න බල්ලෙක්වත් නැති බව කවුරුත් තේරුම් ගන්න ඕනේ.
අපි අද සමාජයේ හොඳ තැනක හොඳ තත්ත්වයක් අපේ දැනුමෙන්ම (සමහරු පස්ස පැත්ත දීලා තනතුරු අරන් ඉදිමිලා ඉන්න නිසා) තියා ගෙන ඉන්නේ මේ පාසල නිසාවෙන්. ඒ හින්දා අකුරක් හරි ඉගෙන ගත්තු ගුරුවරයෙක්ට, ගුරුවරියෙක්ට කිසිම වරදක් කියන්න මම පෙළඹෙන්නේ නෑ.
Lets do our dearest guru's funeral in a very good manner by participating that occasion. Further what we have to do is carry on his wonderful vision for several decades by in a way what we can. I left OpenArc computer school at 2005. Even today i remember his conversations regarding many aspects of the life and they are wonderful. he is one of the greatest teachers i had ever met in my life and according to the things he did during his life time i guess he is a very intelegent traveller in this samsaara. his journey will be a very short one either.
Great people with great memories in our hearts.
Thank you very much all the things sir.
Good Bye Dear Sir.
"ඔහුට නිවන් සුව අත්වේවායි පතමි"!!!!
ඔහු නැවැත් වු තැනින් අපි පටන් ගමු............!
kawuru hari dannawada php walin QR code generate karaganna.help ekak dennako
මම නම් ඒ ගැන දන්නේ නැහැ. ඒත් මේ කමෙන්ට් එක PHP පාඩමේදීම යොමු කරා නම් තමයි වටින්නේ. මොකද මේ අවස්ථාව කණගාටු අවස්ථාවක් නිසා.
Post a Comment