Thursday, July 15, 2010

මම ඔයාල හම්බ වෙන්න ටික දවසකින් මේ ආයෙත් එන්නේ. ඒත් තවත් අළුත් දෙයක් කියන්න හිතන්. ඇත්තෙන්ම අළුත්ම දෙයක් නෙවෙයි. කලින් කියපු දෙයක ඉතිරිය තමයි මේකෙන් කියන්න තියෙන්නේ. මොකද කලින් කතාව මතු සම්බන්ධ වෙන්නේ මේ ලිපියත් එක්ක කීවොත් වඩා නිවැරදියි.

මම ඔයාලට කලින් වතාවකදි ලිපියකින් කිව්වා මතකද මගේ හොඳම යාළුවෙක් කාලෙකට පස්සේ උත්සවයකදී සමහර විට මත්පැන් පානය කරන්න පුළුවන් කියලා. සමහර විට කරන්න ඉඩක් නොලැබෙන්නත් පුළුවන් අවස්ථාවෙ හැටියට. ඒත් ඉතින් කිසිම විශ්වාසයක් නැහැනේ. මොකද මම එතන ඉන්නෙ නැති නිසා.

ඔන්න ඉතින් ඒ දවස අද හෙටම උදා වෙනවා. යාළුවෙක්ව සිද්ධ වෙන්න යන වරදකින් ඈත් කරන්න තියෙන අවස්ථාවක් මට මග හැරෙන්නයි යන්නේ. ඒ මොකද යාළුවගේ තියෙන හිතුවක්කාර හැසිරීම ම තමයි.

ඕක ගැන මම ආයෙත් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරා. ඒත් ආයෙමත් වැඩක් වුණේ නෑ. අන්තිමට මට ආයෙමත් කන පුරා අහ ගන්නත් වේවිදෝ මන්දා ඔය නිසා. ඇත්තෙන්ම මම ඉල්ලීම් කරනව ඒ දේ නොකර ඉන්න බැරි කමක් නෑ නේද කියලා. ඒත් ඒ ගැන කතා කරන එකටත් දැන් තහනම් නියෝග පනවලා. මොනා කරන්නද ඉතින්.

මිනිස්සුන්ගේ යහපත ගැන හොයන, මිනිස්සුන්ට හරි මාර්ගයක් පෙන්නන්න උත්සාහ කරන අපි වගේ අයට හොඳ පාඩම් මේවා. ඊටත් වඩා ඒ වගේ උත්සාහයක් අසාර්ථක වුණාම හිතට දැනෙන දුක නම් කියලා වැඩක් නෑ. ඔයාලත් උත්සාහ කරලා බලන්න ඔයාලගෙ ජීවිතේ හොඳම යාළුවෙක්ව වරදකින් ගලව ගන්න. බැරි වෙද්දී සතුටුද නැද්ද කියලත් තේරුම් යාවි.

මට තවමත් උත්තරයක් නොලැබුණු ප්‍රශ්ණ තමා බොන්නම ඕනෙද යාළුකම්, නම්බුව, තත්ත්වය, හොඳ නම පවත්වගෙන යන්න වගේම බිව්වොත් විතරමද කොල්ලෙක් වෙන්නෙ? කියලා. පුළුවන් නම් මේ ප්‍රශ්න වලට ඔයාලත උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම අර යාළුවාව බොන වරදින් ගලව ගන්න විදියකුත් යෝජනා කරන්න පුළුවන්.

4 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

වැඩේ තියෙන්නේ බොන එක හොඳද නරකද කියන එකේ නෙවෙයි....බොන එවුන් බීවට අපිට කොරන්න දෙයක් නෑ නෙව.....හැබැයි ගන්න ඔනෑම් ආතල් එකක් අනුන්න්ට වදයක් නොවී ගන්න තාක් කල් අවුලක් නෑ....ඒත් වැඩේ තියෙන්නේ බොන එක නෙවෙයි නාන එකනෙව...නාල නවතිනවා නම් එකක් ඒත් මුන් අන්තිමට හානවානෙ....

Unknown said...

biwa ne...

Teshan said...

Ow beeeeeeelaaaa :(
mona karannada ithin...

අතරමැදියා said...

කියනවා වගේ තමාගේ fun එක තමා වැඩ වැදගත්. තමාගේ fun එකට අනුන්ගේ fun එකක් විනාස කර දැමීම ආනන්තරිය පාප කර්මයක්..!!

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.