Sunday, July 11, 2010

ලෝකෙට පේන්න එක දෙයකුයි ඇත්ත ජීවිතේදි තව දෙයකුයි කරන අය අපිට ඕනෙ තරම් ජීවිතේදි මුණ ගැහෙනවා නෙ. මේ දෙයත් ඒ වගේම එකක් තමයි. ඒත් ඉතින් මේකෙන් අපහසුතාවෙට වගේම කරදරේට පත් වෙන්නේ මිනිස්සු නම් නෙවෙයි. සත්තු. මිනිස්සුත් කරදරේට පත් වෙන අවස්ථාවලුත් නැතුවාම නෙවෙයි. ඕනෙ තරම් අනුන්ගේ පව් වලට කර ගහන්න සිද්ධ වෙනවා ජීවිත කාලය තුලදී.

බළල්ලු කියන්නේ අපේ ජීවිත වලට කිට්ටු සත්තු ජාතියක් නේ. සුන්ඛයන් වගේම කිට්ටු ගෙවල් වල ඇති කරන සුරතල් සත්තු ජාතියක් නේ. ඔන්න ඉතින් අපේ ගෙදරත් බළල්ලු ඉන්නවා තුන් දෙනෙක්ම. අපේම එවුන් නම් නෙවෙයි. පිටින් ආවිත් ලැගුම් අරන් ඉන්න අය. අපේම කියලා ඉතින් අපි සත්තු හදන්නේ නැත්තේ කරදර වැඩි නිසාම තමා. ඒත් ඉතින් වෙලා තියෙන්නේත් වදයක්ම තමයි. මොකද ඉතින් කන්න බොන්න දෙන්න එහෙමත් එපැයි. එකෙක් නැති වෙද්දී තවත් එකෙක් කොහෙන් හරි එකතු වෙනවා. හරියට දම්වැලක් වගේ.

ඔන්න ඉතින් ඔය වගේ අල්ලපු ගෙදරින් අපේ ගෙදරට පුරුදු වුණ අල්ලපු ගෙදර පූසෙක් ඉන්නවා. මගේ මේ ලිපියේ අගදී උගේ පිංතූරයක් දාන්නම්කෝ. ඔන්න ඉතින් ඔය සතාත් අපේ ගෙදර කෑමට පුරුදු වෙලා වැඩිපුරම කන්න බොන්න එන්නෙත් අපේ ගෙදරට. කොහොමෙන් කොහොම හරි ඒ පූසා අපේ ගෙදරින් ගුටියක් කාලා හරි ගොඩ කාලයක් අපේ ගෙදරෑන්නේ නැතුව හිටියා. ඒ හින්දා හිටියේ අයිති ගෙදර, ඒ කියන්නේ අල්ලපු ගෙදරමයි.

ඔන්න ඉතින් මම මේ ලඟකදි දැක්කා අපේ ගෙදර ඇවිත් ඉන්නවා. හැබැයි කලින් හිටපු පූසා නෙවෙයි. හොඳටම වැහැරිලා, ලෙඩ වෙලා. කොටින්ම අවිද ගන්නවත් ඇඟ උස්සන් ඉන්න පන නෑ. ඒ තරමටම අල්ලපු ගෙදර අය ඌව ආදරෙන් බලා ගෙන. අපි හිතුවා ඉතින් මැරෙන්න කිට්ටු වෙලාආදරේ වැඩියෙන් තියෙන තැනට ආයෙත් මතක් වෙලා ඇවිල්ලාය කියලා. අපේ ගෙදර හැමෝම දුකෙන් හිටියේ ඌව දැකලා.

කන්න බොන්න දෙන දෙයක් කා ගන්නවත් පණ නැති තරම්. ඒත පොඩ්ඩ පොඩ්ඩ හරි කෑවා බිව්වා. ඒකෙන් ටිකක් පණ ගහලා ආවාය කියමුකෝ. ඔන්න ඉතින් ආයෙත් ටික දවසකට ඌ අල්ලපු ගෙදර හිටියා. මාසෙකින් විතර ආයෙත් අපේ ගෙදර අර විදියෙන්ම ඉන්නවා. අල්ලපු ගෙදර අයගේ පූසා නිසා ඉතින් එයාලට දැන්නුවා බෙහෙත අරන් දෙන්න කියලා. ඒත් එයාලගෙන් ඒකට හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. මොකද එයාලට ඒ තරමටම වෙලාවක් නෑ තමන්ගේ හුරතලේට ඇති කරපු සතාට මරණාසන්න මොහොතෙදි බෙහෙතක් අරන් දෙන්න. මොකද බණ භාවනා වලට කාලය යොදවන්න තියෙන නිසා.

ඔන්න ඕක තමයි කතාව. මිනිස්සු රටට ලෝකයට පේන්න කොච්චර දේවල් පෙන්නුවත් අභ්‍යන්තරේ කිසිම හොඳක් නෑ. හැම දෙයක්ම පිට පොත්තට සීමා වෙලා. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කියල කියන කතාව හරිම සාධාරණ වගේම මෙතෙන්ට හොඳට ගැලපෙන එකක්.

මේ තියෙන්නේ මම මගේ ජංගම දුරකතනෙන් ඊයේ (2010-07-10) ගත්තු පිංතූරයක් ඒ පූසා අපේ ගෙදර ඇවිත් ඉද්දී.


8 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

අපේ සිංහල බෞද්ධකම යනු කුහක කමට තවත් එක නමක් පමණි...තිත්තය...නමුත් ඇත්තය....:(

sheshanie said...

අනේ පවු ... මමත් සත්තුන් ට හරි ආදරෙයි..(හැබැයි හූනන්ටයි,කැරපොත්තන්ටයි ඇර..උනුත් ඉතින් සත්තු ම තමා...එත් ... එව්ව්ව්ව්ව්.....)

අද ලන්කාවේ ගොඩක් අය හිතන් ඉන්නෙ බෞඩ්දකම කියන්නෙ ඔපේට පන්සල් යන එක කියලයි.. තවත් සමහර අපේ ම (අ)බෞඩ්ද ඈයෝ සල්ලිකාර පන්සල් වලට විතරයි ගොඩ වදින්නෙ..
ඇයි අප්පා ගමෙ පන්සලට හෙන ගහලද?

ලක්ශයක් වියදම් කරල දෙන දාගෙකට වඩා අසරන සතෙක් ට කෑම ඩින්ගක් ඩෙන එක වටිනව..ඇයි අනෙ..ඒ..සත්තුන්ට කතා කරල ඉල්ලන්න පුලුවන් එකක් යෑ"අනෙ මට බඩගිනී මට කන්න මුකුත් දෙන්න පුලුවන් ද?'කියල...

කාලීන ලිපියක්...ගොඩක් හොදයි....(අකුරු ටිකක් කචල් ඒක ගනන් ගන්න එපා..මට තම බ්ලොග් වලට comments ල නුහුරුයි..)

චතුර.... said...

මේ අර කළින් ඔයා කියලා තියෙන්නේ අර පූසා ටික කාලයක් ආවෙ නැත්තේ ඔයාලගේ ගෙදරින් ගුටි කාලා හරි කියලා...
ඉතින් ඒ ගුටියත් බෞද්ධ චර්යාවේ කොටසක්ද???
හික්zzzzzzzzzzzz
තරහ වෙන්න එපා හොඳේ.............

Teshan said...

ඔව් ගහනවා නම් තමයි. මොකද හොර පූසන්ට නොගහ ඔඩොක්කුවට අරන් හුරතල් කරන්නෙ නෑනේ. අනික අපි අල්ලපු ගෙදර අය වගේ අහල පහලට ඇහෙන්න බණ භාවනා කරන්නෙවත්, පම්පෝරි ගහන්නේවත් නෑ. ඒ නිසා මම නම් කීවෙ නෑ අපි මහා ලොකු බෞද්ධය කියල හොඳේ. අනික රටට ලෝකෙට සද්ද දාන් වැඩ කරන අය ගොඩක් දෙනා වැඩ කරන්නේ කටින් විතරමනේ.

Teshan said...

අහ් හොඳම දේ කියන්න බැරි වුණා නේ. ඒ පූසා මෙහේ ආවේ නැත්තේ මෙහේ ඉන්න පූසෙක්ට ඌව පෙන්නන්න බැරුව පන්න පන්න කාපු නිසා. උන්ගේ ආරවුල් වලට අපි මක් කොරන්නද? ඔන්න ඔය හේතුව නිසයි ඌ අපේ දිහා කාලයක් ආවේ නැත්තේ. නැතුව මැරෙන්න කිට්ටු වෙලා වගේ ඉද්දි අපි ගහනවා කියල දැන දැන අපේ දිහා එන්නේ නැහැ නේ. මොකද අපි ඌට තඩි බෑවෙ නැති නිසා.

චතුර.... said...

නොකිව්වට මොකද ටිකක මළ වගේ නේද ??
හික්zzzzzzzzzz
මමත් කිව්වේ නැහැනේ ඔයා මහා ලොකු බෞද්ධයා කියලා....
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා...........
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔයා වගේම ඇතිනේ ඔයාගේ පූසත්.....
හික්zzzzzzzzzzzz

Teshan said...

අපෝ! පිස්සුද? මොන මලක්ද? අපේ ඔය තරහ මරහ නැහැ නෙව.
පූසගෙන්ම තමයි ඒක අහන්න ඕනෙ. හැබැයි ඌට නම් ඔයාට වඩා පිණක් තියෙනවා මරණාසන්න මොහොතෙ හරි අපෙන් වතුර ටිකක් බොන්න එන්න හයිය තිබුණ එකට.

චතුර.... said...

ඔව් ඔව් මරණාසන්න මොහොතට ආවත් ඔච්චර තමා... හික්zzzzzzzzz
අර රෑට පෙන්නන 2012 ඒක මතක් කර ගන්නකෝ ඔයා...
ඒකත් පිනක්...........
හික්zzzzzz.............

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.