Saturday, July 10, 2010

මම, අපි ඔයාල හැම දෙනාම මම හිතන හැටියට දවසට එක වතාවක් හරි ජංගම දුරකතනයෙන් කතා කරනවා ඇති. ඒ විතරක් නෙවෙයි සමහර අය නම් පැය ගණන් මල් නෙලනවත් ඇති බාල්දි පිරෙන්නම. දැන් තියෙන දුරකතන වලින් ඉතින් ඇමතුම් ගන්න විතරක් යැ පුළුවන්? කැමරා පහසුකම වගේම ගීත අහන්නත් පුළුවන් නෙව.

හරි ඒ කතාව මෙතෙන්ට අදාල වෙන්නෙ කොහොමද කියලා මම දැන් කියන්නම්කෝ. මම සාමාන්‍යයෙන් දවසට එක පාරක් හරි ඇඟ පත සෝදා ගන්නවා නාන කාමරයට ගිහින්. ඔයාලත් අඩුම ගානෙ එක පාරක් හරි දවසකට ඕක අස්සට රිංගනවා ඇති අනිවාර්යෙන්ම. ඒ විතරක් නෙවෙයි දොර ලඟ පෝලිමකුත් හදනව ඇති.

ඔන්න ඔය නාන වෙලාවට හරි ඇඟ පත සෝදා ගන්න වෙලාවට මම මගේ ජංගම දුරකතනය නාන කාමරයට ගෙනියනවා (හොරෙන් මල් කඩන්න නෙවෙයි ඕං). ඒ විතරක් නෙවෙයි නිදහසේ නාන ගමන් සිංදුත් අහනවා. මොකද නිදහසේ
සිංදුවක්වත් අහන්න ලැබෙන්නෙ ඔය වගේ වෙලාවට නේ.

සාමාන්‍යයෙන් ඉතින් සිංදුවක් විනාඩි 3 ත් 6 ත් අතර කාලයකට සීමා වෙනව. සිංහල නම් විනාඩි 3 ක් 4 ක් වගේ. හින්දි නම් ඉතින් විනා
ඩි 6 පහු කරන වෙලාවලුත් තියෙනවා. නාන අතර තුරේ සිංදු අහන එක නෙවෙයි මගේ අභියෝගය. නාද්දි අහන විනාඩි පහක සිංදුවක් පටන් ගනිද්දී නාන්න පටන් අරගෙන, ඒ සිංදුව අවසානයේදීම අපේ නාන වැඩෙත් අහවර කරන එක.

ඔයාලට නිකන් විකාරයක් වගේ දැනේවි මේක නම්. ඒත් මේක කරන්න පුළුවන්. අපි නාන්න, ඇඟ පත සෝදන්න ගත කරන කාලය විනා
ඩි පහකට සීමා කරන්න පුළුවන්ද කියන අභියෝගය මම නම් ජය ගත්තා. ඒකට උත්තේජකයක් විදියටයි මම සිංදු අහන ගමන් ඒ වැඩේ කරන්න කීවේ. එතකොට නොදැනීම ඒ වැඩේට ජවයකුත් සතුටකුත් ලැබෙනව නේ.

මේ වැඩෙන් අපි දවසකට නාන කාමරයේදී නාස්ති කරන වතුර ගැලුම් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. සාමාන්‍ය නෑමකට හරි ඇඟ සේදුමකට යන්නේ වතුර ගැලුම් 40 ක් විතර. ඒත් අපි නාද්දි වතුර මීටරේ නගිනවා වගෙම ටැංකිත් හිස් වෙනව නේ.

ඔන්න ඕකයි මගෙන් ඔයාලට ලැබෙන අභියෝගය විනාඩි පහකින් කරන්න වෙන. සිංදුවක් ඒකට උදව් වේවි. කොහොමද වැඩේ? මුළු ලෝකෙටම සෙතක් නේද වෙන්නේ?

8 පාඨක අදහස් | Comments:

කතන්දර Kathandara said...

නැත්තං තමන් ගේම සින්දුවක් කියන්න පුළුවන්.
මෙන්න මං ලියපු බාත්රූම් සින්දුව.
http://kathandara.blogspot.com/2010/06/blog-post.html

C0de BlUe said...

අනේ මන්දා විනාඩි 5 න් නාන්න පුලුවන්ද කියලා , බලමුකෝ ......

ඔහොම නාන්න ගිහිල්ලා බාගෙට සබන් නාගත්ත මලමෝහිනි වගේ ඉඳිද දන්නේ නෑනේ !!!

Teshan said...

ඔයා ගැහැණු කෙනෙක් නම් එහෙම ඉදීවි,
පිරිමි කෙනෙක් නම් මොන වගේ ඉඳීවිද දන්නෙ නෑ.
උත්සාහ කරලා බලන්න. නාන එක කෙසේ විතත්
ඇඟ පත සෝදන්න නම් ඔය කාලයෙන් පුළුවන්.

චතුර.... said...

ආ..........
මම ගොඩ දවසක ඉදන් අහන්න කියලා හිටියේ ඔයා ළඟින් යනකොට ඔච්චර සුගන්ධය විහිදෙන්නෙ මොකද කියලා...
මේක තමා හේතුව එහෙනම්...........
කරුණාකරලා විනාඩි පහ අඩුම තරමේ හතක්වත් කරගන්න.....
හික්zzzzzzzzz..........
නියම ලිපිය...
හැබැයි මටනම් ඕක කවදාවත් කරන්න බැරිවෙයි....

Teshan said...

විහිළු නෙවෙයි. මම මේ දේ කීවේ ගුවන් විදුලියේ ගියපු දැන්වීමක් නිසා. ඒ කීව දේට මම දාපු ඌණ පූර්ණය තමයි සිංදුවක් ඉවර වෙන්න කලින් නා ගන්න එක. ඒ දැන්වීමේ නම් එහෙම කීවෙ නම් නෑ. හරි නම් කෙනෙක්ට නා ගන්න යන්නෙ වතුර ගැලුම් 40ක් විතර ලු. ඒත් නාද්දි අහක යන වතුර ප්‍රමාණය ගැලුම් එකසිය ගාණක් ලු. අපි නාන වෙලාව විනාඩෛ 4 කට සීමා කරොත් ඒ අපතේ යන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් වේවි කීවා.

චතුර.... said...

නාන වෙලාවට මම නම් කියන්නේ හිතේ හැටියට නා ගන්න ඔනේ කියලා..
වතුර ඉතුරු කරන්න අඩු වැඩි කරන්න යාමෙන් වෙන්නේ ඒ වැඩේ හරියට හිතට පහසු විදියට කර ගන්න බැරි වෙන එක...
මෙන්න මේක නම් මම අහල තියෙනවා.
ඒක ගැන නම් වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි කියලා මම හිතනවා..
මේකනම් අපිට නවත්වන්න ලෙහෙසි හා පහසු ඕකට වඩා වතුර අපතේ යන දෙයක්....
මම මේක දැන ගත්තේ පුවත්පතක වෙනත් රටක සමීක්ෂණ වාර්තාවක් මත පදනම්ව පළ වෙච්චි ලිපියකින්...
අපි උදේට හවසට දත් මදින කොට අපි නාන කාමරයට වෙලා විනාඩි දහයක් පහලවක් ගත කරනවනේ..
අර වාර්තාවේ තිබුන විදියට බොහෝමයක් දෙනෙක් දත් මදින්නේ වතුර කරාමය ඇරගෙන ,මේකෙන් අපතේ යන ප්‍රමානය ඒ සමීක්ෂණ වාර්තාවේ විදියට පුවත්පතේ නම් පළ වෙලා තිබුනා. මට නම් ඒ සංඛ්‍යා දැන් මතක නෑ....
තවත් එකක් විදියට බොහෝමයක් දෙනෙක් වැසිකිලියේ ගත කරන වෙලාවටත් මේ දේම කරනවා කියලා තිබුනා...
මේ දෙකම නතර කළාම නම් ජලය බොහෝ සේ ඉතුරු කර ගන්න පුළුවන් වෙයි...........

Teshan said...

ඔව් ඒකත් හොඳ අදහසක් තමයි. ඒත් ඒකෙන් කියන්නේ නැහැනේ මේ අදහස වැරදිය කියලා නේද? මොකද මේක මම කියපු දෙයක් නෙවෙයි නිසා. දත් මදිද්දී වගේම සිද්ධ වෙන දෙයක්මනේ නාද්දිත් වෙන්නේ? සබන් ගාද්දී එහෙම කරාමය ඇරන් ඉන්න එක වගේ. සමහරු කරාමය ඇරගෙන නටනවා, නැත්තන් කල්පනා කරනවා. ඔය හේතු නිසා තමයි වතුර නාස්ති වෙන්නේ. නාන එක කෙසේ වෙතත්, ඇඟ පත සෝදන්න නාද්දී තරම් වතුර යන්නේ නැහැනේ. ඒකවත් අඩු වෙලාවකින් කරනවා නම් වතුර ටික පරිස්සම් වේවි.

මේ දේට නිකරුනේ වලි අල්ලන එක නෙවෙයි කරන්න ඕනෙ තරගෙට. ඒවා හොඳ විදියට බාර අරන් පිළි පදින එක. මට නම් තාම සමීක්ෂණ, පරීක්ෂණ කරලා දත්ත වාර්ථා සකස් කරන්න බැරි වුණා ඔහොම දෙයක් ගැන. කරපු දවසට කොහොම ප්‍රතිචාර ලැබෙයිද කියලා හිතා ගන්න පුළුවන්, මේ ගුවන් විදුලි සංවාදයක් මෙහෙම පල කරලා මේ වගේ අදහසුත් අහන්න ලැබෙන එකෙන්. මොකද ඉතින් සමහරු හිතන් ඉන්නේ තමන් කියන දේ විතරමයි හරි කියල නේ.

චතුර.... said...

අනේ ඔන්න මම නම් වලි ඇල්ලුවේ නෑ.....
නමුත් මට නම් විනාඩි 5න් නාන හිතන්නවත් බෑ..
එහෙම කියලා මම ඒ අදහස වැරදියි කියලා නම් නැහැ ඒක හොඳට මතක තියා ගන්න..
මම සමීක්ෂන වාර්තාවට ඇඩ් එකක් දැම්මේ නැහැ...
මම කිව්වේ වැඩි අවධානයක් මේකට යොමු කරන්න කියල මෙන්න මේ හේතුව නිසා...
මම කිව්වේ වැඩිය වතුර අපතේ යන දේ ගැන..
වතුර කරාමයක් නිකරුනේ ඇරගෙන සිටීමෙන් අපතේ යන ජල ප්‍රමානය වතුර මලක් එම වෙලාවම් ඇරගෙන තබා ගෙන අපතේ යන ප්‍රමාණයට වැඩියි ...
මොකද වතුර කරාමයකට සාපේක්ෂව වතුර මලකින් එම කාලය තුලදීම නිකුත් වන ජල ප්‍රමාණය අඩු නිසා...
මම කිව්වේ ඒක මිසක් ඔයගේ අදහස වැරදි කියාලා නෙවෙයි...
අපි හැම පැත්තෙන්ම බලන්න ඕන ...
සමහර විට ඔය විනාඩි පහකට හෝ ඊට වඩා අඩු කරන්න ගිහින් සෞඛ්‍ය ප්‍රශ්නයක් වුනත් ඇති වෙන්න බැරි කමක් නැහැ....
මොකද ඔය කියලා තියෙන සමහර ක්‍රියාවන් එදිනෙදා ජීවිතයේදී ඇතිවන මානසික ආතතිය අඩුකර ගන්නත් හේතු වෙනවා කියලා මම අහලා තියෙනවා......
හික්zzzzzzzzzzz
අනික ඔය දේ මෙන්න මේ විදියට කිව්වා නම් වඩා වැඩිය හොඳයි කියල මට හිතුනා...
නාන වෙලාව වගේම අපි නාද්දී අනවශ්‍ය ලෙස කරාමය ඇර තබා ගැනීම මතක තබා ගෙනම අඩු කිරීමට පියවර ගත්තොත් හොඳයි...
ඔයාගේ අදහසත් ඕකට එක පිළියමක්...
මම ඒක වැරදියි කියලා නම් නැහැ...

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.