Friday, July 9, 2010

මේ ලිපිය ලියන්නේ සමහර අය කරන කියන දෙයක් තමයි. සමහරුන්ට නම් මේ වගේ දේවල් ලොකු හපන් කම් විදියට සලකන්නත් පුළුවන්. ඒත් ඉතින් මේ දේවල් නිසා අසරණ වෙන වගේම රැවටීමට පත් වෙන කොට්ඨාශයකුත් ඉන්නවා.

මාතෘකාවෙ හැටියට නම් ඉතින් කියන්න යන්නෙ අසම්මත සම්බන්ධතාවක් ගැන තමයි. මේකත් මම ආශ්‍රය කරන අයගෙන් මම ලබපු අහල තියෙන අත්දැකීමක් මිසක් මගේම අත්දැකීමක් නම් නෙවෙයි. මොකද ඉතින් මට ඔය වගේ දේවල් කරලා චරිතයේ කැළලක් ඇති කර ගන්න ඕනෙ නැති නිසා.

මේක කියවන බොහෝමයක් දෙනාගෙන් පිරිමි පාර්ශවයේ අයට පෙම්වතියන් ඇති. එයිනුත් පිරිසක් තමන්ගේ පෙම්වතියට ලොකු ආදරයක් දක්වනවා වගේම රැකවරණයකුත් සලසනවා යම් විදියකට. ඒ විතරක්ම නෙවෙයි හිතකින්වත් වරදක්කරන්න හිතන්නෙ නැති වෙන්නත් පුළුවන්. මම මේ කිව්වේ, වෙන කාන්තාවන් පස්සේ නොයන දෙයක් ගැන.

ඒත් ඉතින් පෙම්වතියො ඉන්න තවත් පිරිසක් ඉන්නවා තමන්ගේ පෙම්වතියගෙන් හැම දේම බලාපොරොත්තු වෙන්න බැරි. බලාපොරොත්තු වුණත් ඒවා ඒ විදියටම නොලැබීම නිසා හරි, පොඩ්ඩක්වත් නොලැබී යාම නිසා ම හරි, ඉල්ලන්නත් බැරි නිසා හෝ වෙන්න පුළුවන්. ඒ අය ඉතින් වැරදි මාර්ග වලින් සතුට ලබන්න පෙළඹෙන උදවිය බොහෝමයක් වෙලාවට. ඔය හේතුව නිසා තමන්ගේ ඇඟේ පතේ හිරි ඇර ගැනිමට හරි, ආශාවන් ඉශ්ට කර ගන්නය කියලා වෙනත් කාන්තාවො පස්සේ යාම අනිවාර්යෙන්ම මේ සමාජයේ සිද්ධ වෙන දෙයක්. ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට වලින් දකින් හැම දෙයක් ම වගේ සැබෑ ජීවිතේදිත් සිද්ධ වෙන බව දැන ගන්න ඕනෙ.

මම මේ ලිපියෙන් කියන්නේ තමන්ගේම පෙම්වතියක් ඉද්දී වෙනත් කෙනෙකුට ආදරය කිරීමවත්, වෙන අයෙක් එක්ක ආදර සම්බන්ධතාවක් පවත්වා ගෙන යාම ම නෙවෙයි. ඒකත් අදාල කර ගන්න පුළුවන්. ඒත් මේක හුදෙක්ම ලිංගික අවශ්‍යතා සහ ආශාවන් ඉශ්ට කර ගැනීමේ අරමුණින් කාන්තාවන් එක්ක එකතු වෙන කොට්ඨාසයක් ගැනයි. කොටින්ම ගණිකාවන් මුණ ගැහෙන එක හරි, නොමිලේ ඒ වගේ අවශ්‍යතා සපුරන කාන්තාවන් පවා අද කාලෙදි නම් මුහුණු පොතිනුත් හොයා ගන්න පුළුවන් නේ.

ඔය වගේ සිද්ධියක් මට මේ ලඟකදීත් අහන්න ලැබුණා. ඉතින් ඒ කෙනා ආදරේ කරන කෙල්ල ඉතින් ලොකු රැවටීමකට පත්වෙන අවස්ථාවක් ඉතින් ඇස් පනා පිටම තියෙනවා. කවදා හරි විවාහ වුණත් කොල්ලන්ගේ ආශාවන් සපුරා ගැනීමේ තරගයෙන් කොල්ලන් ඈත් නොවේවි කියලා හිතන්න අමාරුයි මේ වගේ දේවල් දකිද්දී.

කෙනෙක්ට තමන්ගේ පෙම්වතියගෙන් නැවතිලා ඉතිරි හැම දෙයක්ම එයාගෙන්ම බලාපොරොත්තු වෙන්න බැරි තරමටම පිරිමි සමාජය පිරිහිලා තියෙන්නේ ඇයිද කියලා වෙලාවකට කලකිරීමකුත් ඇති වෙනවා. ඇයි මනුස්සයෙක්ට සාධාරණ වෙන්න බැරි? ඇයි මනුස්සයෙක්ට හොර බොරු වංචාවකින් තොරව ජීවත් වෙන්න බැරි? ඕවා නොකරන පිරිමි නපුංසක ගණයෙද? ඇත්තෙන්ම වැරදි නොකරන හෝ, ආශාවන් අත් හදා නොබලන පිරිමි, පිරිමි නෙවෙයිද? ඔය මම වගේ කෙනෙක් අහන ප්‍රශ්න ටිකක්. මේක කොල්ලන්ට විතරක් ම අදාල කර ගන්නත් බෑ. මේක කෙල්ලන්ටත් අදාලයි. ඒත් කොල්ලන්ට කෙල්ලන්ට වඩා නිදහසකුත්, පරිස්සම් කර ගන්න නම්බුවකුත් නැති නිසා ලං කර ගන්න අවදානමත් වැඩියි.

කොල්ලො තෝර ගන්න කෙල්ලන්ටත්, කෙල්ලන්ට ආදරේ කරන, නොකරන කොල්ලන්ටත් හිතන්න දෙයක් ඔන්න. ඇයි අපි ජීවිතේ නාස්ති කර ගෙන ජීවත් වෙන්නේ?

2 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

හොඳ ලිපියක්. මේක ඇත්ත්ටම හරි subjective statement එකක්. මන්ඳා මට හිතෙන හැටියට නම් ලිංගික ආශාව සහ ආදරය දෙකක්......සමාජ සම්මතය සහ හොඳ නරක කියන්නෙත් දෙකක්......තමන්ට අවශ්‍යදේ නොලැබෙද්දී එක හොයාගෙන යාම වැරැද්දක්ද?......ඒක හිතයට තියගෙන වින්දවන එක හොඳක්ද?.....මම නම් කියන්නේ අපෙ පවුල් සංස්ථාව තුල ලිංගිකත්වය සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හැරලයි තියෙන්නේ...කොටින්මෙ ඒක කුණු හරුපයක් තරමටම පහලට වැටිල.....යුතුකම් හා වගකීම් ගැන හිත හිත තමන්ගේ සතුට ලබාගනෙ නැතුව විඳවන අය කීදාහක් නම් ඇතිද?...එහෙම බැලුවොත් කෙලෙකුට ආදරේ කරන එකෙක් වෙන උත්තේජයක් ගැන හිතන් ස්ව්යංවින්දනයේ යෙදෙන එකත් ඔය වාගෙම දෙයක් නේද?..:D.

C0de BlUe said...

ඔය ලිංගික ආශාකාරයන්ට / ආශාකාරියන්ට හිතන්න යමක් .........

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.