Saturday, October 2, 2010

මේ ලිපිය ලියන්නට හේතු වුනේ මගේ හිතට ආපු හොඳ පුරුදු කීපයක් සම්බන්ධයෙනුයි. හැබැයි මේ දේවල් මමත් පුරුදු පුහුණු කරලා නැති දේවල්. ඒ වගෙම මමත් අවස්ථාවක් උදා වෙනකන් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න දේවල් කීපයක්. මේ දේවල් වලට ඔයාලත් කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒ ගැන ඉතින් ඔයාලට පුළුවන් මේ ලිපිය පහලින් ඔයාලගෙ අදහස් කියන්නත්. මොකද මම මේ හැම ලිපියකටම ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා, ගල් මුල් ප්‍රහාර, ප්‍රතිචාර බලාපොරොත්තු වෙන නිසා.

මගේ හිතට ආපු මේ සිතුවිලි අතරින් එකක් තමයි උපන් දිනයකදී කරන්න පුළුවන් විදියේ ක්‍රියාකාරකම් කීපයක්. සමහරු ඉතින් උපන් දින වලදී ගොඩක් සල්ලි වියදම් කරලා උත්සවයක් පැවැත්තුවට, මං වෙනුවෙන් එහෙම උත්සවයක් පවත්වපු අවස්ථාවක් ගැන කවදාකවත් මතකයක් නෑ. මේ දේවල් තනියම කරන එක අපහසු වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ ලඟම යහළු යෙහෙළියන් කීප දෙනෙකුත් එකතු කර ගත්තා නම් මේ වැඩේ තවත් හොඳින් කර ගන්නට පුළුවන් උදව් උපකාරත් ලැබේවි.

ඇත්තෙන්ම මේ වැඩේ හොඳයි කියලා හිතුනේ පිණක් පවා කරගන්නට අවස්ථාවක් උදා වෙන නිසා. හිතන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් කාගේ හරි උපන් දිනෙකදී ඒ යාළුවෝ ඔක්කොම දෙනා එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉන් එක දෙයක් තමයි මහා සංඝයා වහන්සේ වෙනුවෙන් තමන්ට හැකි පමණින් එක් ස්වාමීන් වහන්සේ නමක් හෝ කිහිප දෙනෙක් නිවසට වැඩමවලා දහවල් දානය පිළියෙළ කරලා පූජා කිරීම. ඒක එක සිතුවිල්ලක්. එහෙමත් නැති නම් හැකි පමණින් කෑම පාර්සල් කීපයක් සකස් කරලා ගමේ හරි අවට ප්‍රදේශ වල හරි ඉන්නා හිඟන්නන්ට පිළිගැන්වීම කියන කාරණාව. මේ දෙකම පිණක් දහමක් කර ගන්න පුළුවන් අවස්ථා දෙකක්. උපන් දිනය දවසේදී රසට කෑම බීම අරගෙන සිංදු කියලා නටන එකට වඩා යහළුවන් කීප දෙනෙකුත් එකතු කරගෙන මේ වගේ දෙයක් කරන්නට ලැබීම තමන්ගේ උපන් දිනේ දවසෙදි අනිත් අයටත් පිණක් අත් කරලා දුන්නා හා සමාන දෙයක් නේ. ඒ වගේම ඒ උපන් දිනයේ ලොකු වැදගත් කමකුත් ඉතුරු වේවි.

ඒ සිතුවිල්ල එහෙම තියෙද්දී තවත් හොඳ සිතුවිල්ලක් ක්‍රියාවට නංවලා හොඳ පුරුද්දක් විදියට ඉදිරියට දෙන ගියොත් හොඳයි කියන හැඟීම තවත් දෙයක් වෙනුවෙන් පහළ වුනා. ඒ තමයි හැම මාස හතරකට වතාවක්ම, නිරෝගී අය නම් ලේ දන් දීම කියන දේ. මේ දේ උපන් දිනය දවසක වුනත් කරන්නට පුළුවන්. ලේ දන්දීමේ පිංකම් හැම තැනම නැති වුනාට අපිට ලේ දන් දෙන්නට ඕනෙම වෙලාවක පුළුවන් කම තියෙනවා. ඒ නාරහේන්පිට තියෙන ලේ බැංකුවට ගිහින්. මේකෙදිත් යහළුවො කීප දෙනෙක් එකතු කර ගත්තා නම් තමයි වඩාත් හොඳ. මොකද ලේ දන්දීමෙන් සිද්ධ වෙන අපහසුතා වලදී තමන්ට උදව් කරන්නත් කවුරු හරි ඉන්න ඕනෙ නේ. මාස හතරකින් ආයෙ වතාවක් ලේ දන් දෙන්නට සුදුස්සෙක් බවටත් පත් වෙනවා.

මේ පුරුදු වලින් එකක්වත් මගේ ජීවිතේදී මට තවමත් කරන්නට ඉඩක් කඩක් ලැබිලා නෑ. රැකියාවල නිරත වෙන අයට නම් කීය කීය හරි එකතු කරලා මේ දේවල් වලට සම්මාදම් වෙලා පිණක් කර ගන්නත් පුළුවනි. ආගම් භේදයක් කොහෙත්ම බලපාන්නේ නෑ. මොකද මේ කාරණා තුනම පිං ඇති වැඩ හින්දා.

2 පාඨක අදහස් | Comments:

ගීත් (සහෘදයා) said...

මේවා තමයි වෙන්න ඕන යාළුවා...ලංකාවේ ඉද්දි අපේ ඔෆිස් එකේ අපිත් එක්ක එකට සිටිය මිතුරියක් නැති උනා වසර කිහිපයට පෙර අපි ඔෆීස් එකේ කට්ටිය හැම පාරම එයාව මතක් කරලා යාඡකයන්ට කෑම අරන් දුන්නා. ඉදිරියටත් කරනවා. අන්තිම පාරට අපි කලේ ළමා නිවාසයකට පොත් පෑන් පැන්සල් අරන් දුන්නු එක.

උපන් දින නම් සමරලා නැහැ. ආචකයන්ට විශේෂයෙන් කෑම අරන් දීලත් නැහැ නමුත් දෙපාරක් හෝ තුන්පාරක් මගේ දවල් කෑම එක දීලා මම ප්ලේන් ටි එකක් බීලා ඉදලා තියෙනවා. එහෙම කලේ ඒ මුහුනු මගෙන් බැගෑපත් වන විට අහක බලාගෙන යන්න බැරිනිසාත් කෑම එකක් අරන් දෙන්න තරම් ඒ දවස්වල වත්කමක් තිබුනේ නැති නිසාත්. ඒ වගේ දෙවල් මතක් වෙන කොට හරිම තුටක් ඇති වෙන්නේ.

ravi said...

හරිම සතුටුයි ෙම් ලිපිය දැක්කම..ෙමාකද ෙම් ෙදකම මම දැනටමත් කරන නිසා. උපන් දිෙන් නම් මම සමරන්ෙන් නෑ..ඒත් ම ෙග් අම්ම ෙග් උපන් දිෙන් සමරන්ෙන් ඔයා කියපු විදියට..අසරණයන්ට පිහිට ෙවලා.. දන්නවද ස ෙහා්දරයා ෙල් දන් දිපු 13 ෙවනි වතාව ගිය මාෙස්..තවම කවදාකවත් මට කිසි ෙදයක් ෙවලා නෑ. ම ෙග් බර 64. පුලුවන්නම් බය නැතිව කරන්න..ඒය කලාම හිතට දැෙනන සතුට කවදාකවත් සල්ලි වලට ගන්න බෑ..

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.