Saturday, September 25, 2010

මේ ලිපිය ලියන්නට හේතු වුණේ හිතේ තද කර ගත්තු දැඩි දුකක් සමගම සං සිඳෙන්නේ නැති දැඩි කෝපයකුත් සමගයි. ඒකට හේතුව මොකද්ද කියන එක මීලඟට ලියන්නම්. මේ කියන්න යන දේට ඔයාලත් එකඟ වේවි කියලා මම හිතනවා. මොකද මේ වගේ දෙයක් සාධාරනීකරණය කරන්න තරම් හිතක් පපුවක් නැති කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඇතිය කියලා මම හිතන්නේ නෑ. හිටියත් මේ දේ ගැන හොඳට හිතලා බලන්නට වෙන කාරණාවක්. කවදා හරි දවසක මේ දේ අපිටම වෙන්නත් පුළුවන්. ඒත් ඒ නුදුරු අනාගතේදී වෙන්නත් පුළුවන්.

පහු ගිය දවස් වල හරියට කතා බහට ලක් වුනු කාරණාවක් තමයි මුන්නේශ්වරම් කෝවිලේ වාර්ශිකව සිද්ධ වෙන මහා සත්ත්ව බිලි පූජාව සම්බන්ධ කතා පුවත. මේ දේ වළක්වන්න කියලා මහ ජනතාව ඉල්ලිම් කරලා තිබුණත් ඒ දේ එහෙම වුනාද කියන එක ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ දෙයත් කෙරෙනකං විතරමයි අපේ අයටත් කෑ ගහන්නට පුළුවන් වෙලා තියෙන්නේ. කොහොමින් කොහොම හරි මේ සංතෑසිය වීඩියෝ පටයක් මාර්ගයෙන් දකින්නට ලැබුනා. ඒ මොහොතේදී හිතට දැනුණු හැඟීම මොන වගේද කියන එක ඔයාලටත් මේ ලිපිය අවසානයේදී දැන ගන්නට ලැඹේවි.

ආගමක් රැකීම වෙනුවෙන් හරි ආගමක චාරිත්‍රයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් හරි මිනිසුන්ගේ පටු ආශාවන් ඉෂ්ඨ කර ගන්නට මේ වගේ අහිංසක කිසිත් නොදත් සතුන්ගේ ජීවිත වලට වන්දි ගෙවන්නට සිද්ධ කරවීමත් නිරාගාමී වෙන තරමේ කුරිරු පාපයක් හැටියටයි සලකන්නට වෙන්නේ. මේවාට සහභාගී වෙන හැම කෙනෙකුම මේ භවයේදීම එවැනිම දරුණු දුක්ඛිත වේදනාකාරී මරණ වලට මුහුණ පෑ යුතු බවයි මගේ හැඟීම. ඒ වගේම හිතක් පපුවක් හැඟීමක් දැනීමක් තියෙන ඕනෑම කෙනෙක් ඒ දේ සම්මත කරනු නොඅනුමානයි.

බෞද්ධයෙකු විදියට හිතට තියෙන ලොකුම දුක අපේම බෞද්ධයිනුත් මේ පාපතර ක්‍රියාවට උදව් උපකාර සංග්‍රහ සත්කාරකත්වය ලබා දීමයි. ඒ විතරක් නෙවෙයි මේ දේවල් පසු පස ගිහින් බෞධත්වය නිගාවට හෙලන අපේම බෞද්ධයින් තම තමන්ගේ ප්‍රාර්ථනා ආශාවන් බලාපොරොත්තු ගුරුකම් ඉශ්ඨ සිද්ධ කර ගන්නට අහිංසක සත්ත්වයෙකුගේ ජීවිතය නොමනා විදියට, අමනුස්ස විදියට උදුරා ගන්නට මුන්නේශ්වරම් කෝවිල් භූමියට යාම ඊටත් වඩා නොමනා ක්‍රියාවක් විදියටයි සලකන්නට වෙන්නේ. බෞද්ධ ලේබල් පිටේ එල්ලා ගෙන මේ වගේ දේවල් වලට වක්‍රාකාරයෙන් හරි සම්බන්ධ වෙන හැම කෙනෙක්ම මේ පාපිෂ්ඨ ක්‍රියාවේ අයිතිකාරයෝ වගෙම වග කිව යුත්තෝ වෙනවා.

මේ ලෝකයේ සහ බුදු මුවින් පිට වුනු යම් දෙයක් තියෙනවා නම් එය සදාකාලිකවම සත්ත්‍යයක් විදියට පවතිනවා. ඒ බුදු මුවින් දේශණා කලා නම් ප්‍රාණඝාතයෙන් ලැබෙන විපාක ගැන ඒ දේවල් ඒ විදියෙන්ම අනිවාර්යෙන්ම සිද්ධ වේවි.

අද සතුන්ගේ ජීවිත අමන ආකාරයෙන් මේ වගේ බිලි වෙද්දී හෙට තවත් දේවාලයකදී මිනිස් ජීවිතත් බිලි පූජා වලට වග කියාවි. ඒ බවට තොරතුරුත් දැන් දැන් හෙළි වෙමින් තියෙනවා. ආශාවන් පස්සේ වැටිලා ඉන්න අපේ මිනිසුන් මිනිසත්කම පාගන් තම සතුට වෙනුවෙන් තමන්ගේම කෙනෙක් බිලි දෙන කාලය තව ටික දවසකින් අනිවාර්යෙන්ම උදා වෙද්දී කවුරු කවුරුත් පරක්කු වෙලා වැඩි වේවි. මේ වගේ පාපතර පහත් ක්‍රියාවන්ට විරුද්ධව හඬ නගන මිනිසුන්ගේ කෑ ගැසීම අහන්නට කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැති නමුත් අනිත් ඕනෑම වරප්‍රසාදයක් වෙනුවෙන් කතා කරන්නට, තර්ක විතර්ක කිරීමට ඇති තරම් මිනිසුන් අදටත් බිහිවෙලා තියෙනවා වගෙම ඉදිරියට බුරුතු පිටින් මතු වෙලා ඒවි.

පහලින් තියෙන වීඩියෝ පටය ඉතා සංවේදී අය බැලීමෙන් වැළකිය යුතුයි කියලා බොළඳ ප්‍රකාශයක් කරන්නට මම හිතන්නේ නෑ. මොකද මේ වගේ දෙයක් හැම කෙනෙකුම දැකිය යුතුයි. මිනිසුන්ගේ ආශාවන් වෙනුවෙන් ජීවිත වලට වන්දි ගෙවන අහිංසක සතුන් විඳිනා දුක මේ වීඩියෝවෙන් දකින්න ඔයාලා හැමෝටම මම ආරාධනය කරනවා. ඒ නිසා සංවේදී වුනත් නැතත් මනුශ්‍යත්වය වෙනුවෙන් මේ දේ බලන්න. හිතන්න...

මුන්නේශ්වරම් වධකාගාරයේ මෙවර හෝ පසුගිය වර හෝ පැවති මහා සත්ත්ව සංහාරයෙන් බිඳක්

12 පාඨක අදහස් | Comments:

Anonymous said...

දිට්ඨදම්ම වේදනිය කියලා එකක් තියෙනවනේ සහෝ... කලබල වෙන්න එපා බලාගෙන ඉන්න... මුන්ටිකටත් ඒ විදියටම වෙන හැටි.

dinesh said...

මටනම් කලන්තෙ වගේ.මෙව්ව බලන්න තරම් අපි පව්කාරයො උනේ ඇයි.

දුෂාන් said...

maahasayta.blogspot.com

හරක් මරනව කිය කිය කෑ ගහන සංවිධාන එහෙම මේකට කැගහන්නැතිව ඉන්න අැත්තෙ මුන් එළුවො හින්ද වෙන්ට අැති නේද බන්...

දුෂාන් said...

හරක් මරනව කිය කිය කෑ ගහන සංවිධාන එහෙම මේකට කැගහන්නැතිව ඉන්න අැත්තෙ මුන් එළුවො හින්ද වෙන්ට අැති නේද බන්...

Anonymous said...

බුද්ධ කාලයෙත් මේවා උනානෙ. ඒකාලෙ බුදු හාමුදුවො කොහොමද ඒවට ප්‍රතිචාර දැක්වු යේ?

Anonymous said...

හලාවත පොලිසියේ මහ පොන්නයටත් ලඟදිම මේ විදිහටම මැරෙන්න සිද්දවෙයි. කාලකන්නි.....

Unknown said...

මුන්ටිකටයි ඔය මුන්නේස්වරම් දෙවියයි ඒ කෝවිලේ ගල් වහන්සේලාට ** දෙන්නට යන අපේ එවුනටත් හොඳක්නම් වෙන්න එපා දෙගොල්ලො තුන් ගොල්ලොම අපායෙම යන්න ඕන

කස්ස said...

අපි මේක බලල හොදටම කම්පා වුනා.ඇත්ත,මටත් ඒ හැගීමම තමා ආවෙ.ඒත් අපි පොඩ්ඩකට හිතුවද අපි දවසකට කන කුකුල්මස්,හරක් මස්,එලුමස් බැටලු මස් ඔය එකී මෙකී නොකී මස් ජාති ඔක්කොම හරි රසවත් විදියට අපේ බත් පිගන්වලට එන්න එක දවසකට අහිංසක සත්තු කීදෙනෙක් මේවගේ මැරෙනව අතිද කියල.ආගම නාමෙන් හෝ වේවා ආහාරය නාමෙන් හෝවේවා කොතනත් වෙන්න මේ ටිකක තමා.

Teshan said...

mama nam mas maalu kana eka nawattala godak kal. meeta awrudu 4 kata kalinui nawattuwe.

Unknown said...

ලංකාව වගේ ධාර්මිම රටකට මෙසේ උනේ ඇයි...??? මමත් ඕක ගැන ලිපියක් දැම්මා... http://pamalblog.blogspot.com/2010/08/25.html ..ආරංචි හැටියටනම් මෙහිදී මරපු සතුන්ගේ මස් මිනිසුන් විසින් බෙදාගෙන ගිහින්..

Teshan said...

kiyala wadak naa miturani... mama mita kalin harak ghaatanayak dakke daham paasaledi pennapu video ekakin. eth mas walata harak marana tenak. eth ma wage papishta weda sidda weddii uhulan inna amarui minisun widiyata. me deta wiruddawa lipi pala karapu sinhala blog mituranut dan nishshabdai. mei dei ahin dakka nam tawamat me gana kataa karaawi. e nisai me video eka pala kare.

Anonymous said...

//බුද්ධ කාලයෙත් මේවා උනානෙ. ඒකාලෙ බුදු හාමුදුවො කොහොමද ඒවට ප්‍රතිචාර දැක්වු යේ?//

මේකට උත්තර දෙන්න හොඳ ජාතක කතා දෙක තුනක්ම තියෙනවා...

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.