Sunday, September 12, 2010

කටු ජාති එක එක විදියෙන් තියෙනවා. හැට්ට කටු, කොණ්ඩ කටු, වීදුරු කටු, බෝතල් කටු, එන්නත් කටු වගේ. මේ මොන කටුව වුනත් ඇඟේ ඇනුනොත් රිදෙනවා නේ. රිදෙනවා විතරක් නෙවෙයි සමහරු මරලතෝනි දෙනවා. විශේෂයෙන්ම එන්නත් දෙන කොට එහෙම ලොකු කුඩා භේදයකින් තොරව කෑ ගහන අවස්ථාත් දකින්නට තියෙනවනේ. මේ කියන්නට යන දේ ඔය කියපු කටු ගැන කියන කතාවක් නම් නෙවෙයි. ජීවිතේට අවදානමක් ලං කරන්න පුළුවන් දෙයක් ගැනයි. සමහර විට ඔයාලා මේ ගැන අහලාත් ඇති, දන්නවාත් ඇති.

මේක මාරාන්තික රෝගයක් ගැන කියන්න යන කතාවක්. කටුත් එක්ක සම්බන්ධ වෙන බොහෝ වෙලාවට අහලා තියෙන මාරාන්තික රෝගය තමයි ඉතින් ඒඩ්ස් රෝගය කියන්නේ. මොකද බෝ වෙන විදිය වෙන්න පුළුවන් එක විදියක් තමයි ආසාධිතයෙක්ගේ රුධිරය ඒ කියන්නේ ලේ නිරෝගී කෙනෙක්ගේ ශරීරයට යාම නිසාවෙන්. ඔය දේ නම් සිද්ධ වෙන්න පුළුවන් ආකාර ගොඩාක් තියෙන්න පුළුවන්. කටු වලින් විතරක් නෙවෙයි ඉතින්. බ්ලේඩ් තල වලිනුත් සිද්ධ වෙන්න පුළුවන්.

ඒත් මේ ලිපියේ මාතෘකාවට අදාල පස්ස පැත්තේ කටු ඇනීම ගැන නම් හැමෝම අවබෝධයක් ලද යුතුමයි. මොකද මේ දේ ගැන ගොඩක් දෙනා දන්නේ නැහැ. ඒ නිසාම අවාසනාවන්ත විදියට ජීවිතේ නැති කර ගන්නවා. වෙන මුකුත් නිසා නෙවෙයි, නොසැල්ලකිල්ලත්, මේ වගේ දේවල් සිද්ධ වෙන බව නොදන්නා කමත් නිසාවෙන්.

මේ කටු නිකන්ම කටු නෙවෙයි විෂ කටු. විෂ කටු කීවට ඒඩ්ස් ආසාදිතයන් ඔවුන් විසින්ම ඔවුන්ගේ ශරීරෙන් කටු වල තවරපු රුධිරය සහිත කටු. කොණ්ඩ කටු හරි ඇල්පෙනෙති වගේ දේවල් තමයි. මේ කටු තවත් කෙනෙක්ගේ ඇඟේ ඇනුනොත් හරි මේවායෙන් සීරුනොත් හරි තමයි ඒඩ්ස් රෝගය ආසාදනය වෙන්නේ. ඒ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. කවදාවත් මේ දේ ගැන හිතලා තියෙනවද කියලා පොඩ්ඩක් හිතා බලන්නකෝ.

අපි චිත්‍රපට බලන්නට සිනමා ශාලා වලට ගියාම ඒවායේ මෙන්න මේ වගේ කටු තියෙනවා කියලා ඔයාලා දන්නවාද? සමහර විට නැතුව ඇති. ගොඩක් වෙලාවට මේවා තියෙන්නේ ඉඳ ගන්න පුටු වලට සම්බන්ධ කරලායි. ඒවා කරන්නේ ඒඩ්ස් ආසධිතයන් විසින්මයි. මොකද ඒ අයට අහිමි ජීවිතයට හොඳින් ඉන්න මිනිසුන්ගෙන් ඔවුනට පලි ගැනීමට ඔවුන්ගේ මානසිකත්වය වෙනස් වී ඇති නිසාවෙන්. සිනමා ශාලාවලට ගිය සමහර දෙනාට මේ වගේ අවාසනාවන්ත විදියට ඒඩ්ස් ආසාධිතයන් වෙන්නට සිද්ධ වුනු ආකාර ගැන මම පුවත් පතකින් කියෙව්වා. ඒ මේ ලංකාවේම ප්‍රසිද්ධ සිනමා ශාලා වල.

ඔය ගැන දැනන් හිටියත් කවදාවත් සිනමා ශාලාවකට ගියාම ඉඳ ගන්නට කලින් අත පත ගාලා ඉඳ ගන්න මතක් වෙලාවත් නැතුව ඇටි සමහර විට. ඒ වගේමයි චිත්‍රපටය නරඹන්න පරක්කු වෙලා ශාලාවට ඇතුල් වුනොත් හදිසිය නිසාම ලැබෙන අසුනක ඉඳ ගන්න කොටත් ටිකක් හොයා බලන්න පුරුදු වෙන්න වේවි. මොකද චිත්‍රපටයෙන් මග හැරෙන පුංචි කොටසකට වඩා ඒ සුළු වෙලාව ඇතුලතදී ජීවිතයෙන් ගෙවන්නට සිද්ධ වෙන වන්දිය කවදාවත් මකන්නට බැරි නිසාවෙන්.

"ඒඩ්ස් මාරයාගේ ලෝකයට ඔබව සාදරයෙන් පිළිගන්නවා" කියලා කොල කැබැල්ලක ලියපු කටුවක් එහෙම පොදු ස්ථානයකින් හම්බ වුනොත් ටිකක් පරිස්සම් වෙන්න වේවි. බස් වල, සිනමා ශාලා වල සහ පොදු ස්ථාන වලත් මේ වගේ දේවල් තියෙන්නට පුළුවන්. ඒ වගේම කොණ්ඩේ කපන්නට බාබර් සාප්පු වලට ගියාම දැලි පිහියකින් කෙස් කොට කපද්දී අනිවාර්යෙන්ම අළුත් බ්ලේඩ් තලයක් පාවිච්චි කරන්න කියන්නත් අමතක කරන්නට එපා. ඒක අපේ මානව අයිතිවාසිකමක්. මොකද බ්ලේඩ් තලේකින් කෙස් කොට කපද්දී බොහෝ විට හමත් තුවාල වෙන්න පුළුවන් නිසාවෙන් අපිට කලින් ඒ බ්ලේඩ් තලය පාවිච්චි කරපු පුද්ගලයා ඒඩ්ස් රෝගියෙක් වුනොත් ඒක අපේ ජීවිතේට අවදානමක් වෙන්න පුළුවන් නිසා.

ඒ වගේ කටු ඔයාලා කාගේවත් පස්සවල් වල කවමදාවත් ඇනෙන්නට එපාය කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව එහෙම වුනත් ඔයාලා මින් ඉදිරියට කොහේ ගියත් ඉඳ ගන්නට කලින් ආසනය අත පත ගාලා බලලා ඉඳ ගන්නට මතක තියා ගත්තොත් ජීවිතේ සතුටින් ඉදිරියටත් ගත කරන්නට පුළුවන් වේවි.

8 පාඨක අදහස් | Comments:

C0de BlUe said...

බුදු අප්පේ .. හැම තැනම කටුනේ බලාගෙන ගියහම .. හැබැයි මේක අමුතුම තාලේ කටු කෑමක්නේ ...

මාත් මීට ඉස්සෙල්ලා අහලා තිබ්බා ඔය ගැන.. දැනුවත් කලාට ස්තුතියි ...

9XM said...

මෙව්වා බොරු කතා විතරයි...සාමාන්‍ය උෂ්නත්වයෙදි සජීවීව ඉන්න බෑ වෛරස් එකට.....
http://www.hoax-slayer.com/hiv-cinema-hoax.html
http://www.hoax-slayer.com/hiv-needle-hoax.html

මේ ටික මම උපුටාගත්තේ ගෲප් එකකට ආව ඔය වගේ ඊමේල් එකකට ආව රිප්ලයි එකකින්..
"I have seen this below mentioned mail floating across group email & I feel its my moral responsibility to correct all misconceptions regarding HIV/AIDS. I can do this because I am educated enough to comment on this and for those who don't know my profession ..I am serving as Brand Manager (Product Manager) handling anti HIV/AIDS portfolio (called as Antiretroviral Drugs) in Ranbaxy.
Please read following points carefully & don't send such emails related to medical ailments without having complete knowledge about it (even partial knowledge could be grossly dangerous). HIV (virus) requires *ONLY* *Blood or Semen* as medium to transmit from one body to another HIV *can not* transmit even through *Saliva* (mucous) i.e. even if HIV-infected patient coughs and another person is exposed to his sputum (cough), the virus still can not transmit because concentration of virus particles in sputum is almost NIL & exposure to air
anyway kills virus in fraction of seconds.
In case HIV-infected person got an injury (like the cut in below mentioned story) and he is bleeding, the virus can transmit to another person only if another person has a cut/wound in his body & that too when *blood From both person comes in contact with each other* (this is also very very Rare unless bleeding is very high) and not otherwise HIV can *never survive in any other liquid* medium also other than blood or semen (& please for God sake ... never in Pani Puri wala's pani) Even if one drinks an HIV infected blood (or semen) of someone (ingest through Gastro Intestinal track), the virus *can not survive in the acidic pH of stomach*. Highest extent of acidity is 0 (practically not possible) so imagine 1 as pH which is in our stomach. (This pH can bun Your own finger
in less than a second if you dip in that acid).
Exposure of less than 1 second in AIR KILLS the HIV virus* (story of needle pricks in Cinema theatres goes down the drain). Even if blood from a wound (of infected person) dries up (*blood clot*), *the virus
dies* and can not infect anyone else HIV transmission is *ONLY* an *INFECTION* i.e. entrance of virus in one's body. It *DOES NOT MEAN AIDS*. An HIV-infected person (after entrance of virus) can progress to condition of AIDS only after *8 to 10 YEARS *(not in 15 days as in the mentioned story)
It is *not HIV (virus) that kills a human* ..... the virus attacks immune cells (cells that fight against foreign pathogens/antigens) and hence a person's ability to fight against infections & diseases slowly diminishes and person ultimately dies of a disease which could be as Simple as TB.
Most importantly, HIV is no longer dreadful disease ... it is "*CHRONIC MANAGEABLE DISEASE*" just like Diabetes or Hypertension.
If there is anything you need to be careful from to prevent HIV is *UnsafeSex*, *Blood transfusion* (check before taking) / Blood donation (us sterilized needles only) and any *blood contact during an accident *or so where amount of bleeding is very high

From http://www.frogview.com/show1.php?file=2747
Regards,
Jeevan Amarasekera"

Teshan said...

ඔබේ අදහසට ස්තූතියි. මේ දේවල් ඇත්ත වෙන්න ඇති ඒත් හමු වෙලා තියෙන සාක්ෂි බොරු වෙන්න බැහැ නේද? ඒ ගැනත් ටිකක් හිතන්නට වෙනවා.

අවධානයෙන් ඉඳලා අවදානමක් වළක්වා ගන්න එකද වටින්නේ,
අවදානමකට ලක් වෙලා ඒකෙන් කොයි තරම් හානියක් වෙන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන එකද වටින්නේ කියලාත් ටිකක් සිහියට ගන්න වෙනවා මෙතනදී. මොකද මේ දේවල් වුනාම පස්සේ කාලය ආපස්සට යවන්න බැරි නිසා.

Anonymous said...

සමන් සහොදරයටත් ස්තුතියි.මෙක තවදුරටත් කතාකලයුතු මාතෘකාවක් කියලයි මම හිතන්නෙ.අපෙ සමාජය තාම දෑනුමක් නෑ එඩ්ස් ගෑන.දෑනට ආසියාව සිග්‍රයෙන් මෙ රොගය පෑතිරිගන යනව.
කෑමෙන් බිමෙන්,වතුරෙන්,සිපගෑනිම,වගෙ දෙවල් වලින් මෙ එඩ්ස්් බොවෙන්නෙ නෑ.තොල් සිපගෑනිමකදි ආසාදිතයකුගෙ කෙල වලින් බොවෙන්නෙත් නෑ.නමුත් කෙල වල වයිරසය තියනව.තිබුනට ආසාදනයක් වෙන්න තරම් වයිරසය ශක්තිමත් නෑ.සුක්‍රානු සහ රුදිරය තුල තියන වයිරසය ප්‍රබලවත්.එකෙන් තමයි පරිස්සම් වෙන්න ඔන.ඔයාලත් මෙගන දන්න,ඔයාලගෙ අදහසුත් මෙකට එකතුකරන්න..

තීර්ථ යාත්‍රිකයා said...

මම අහල තියෙන්නෙත් නම් සාමාන්‍ය උෂ්ණත්වයේ hiv පවතින් නැහැ කියලයි...
ඒත් ප්‍රෙව්සම් වන එක හොඳයි කෝකටත්

Teshan said...

@තීර්ථ යාත්‍රිකයා
මේ පැත්තේ ඇවිත් ගියාට තුති...
ඔව් ඔව් පරිස්සම් වෙමු... කරුමෙ කොයි වෙලාවේ පල දේවිද දන්නේ නැහැ නොවැ...

Indraj said...

ඉඳ ගන්නට කලින් ආසනය අත පත ගාන්න ගිහින් කටුව අතේ ඇනුනොත් ඒඩ්ස් බෝවෙන්න පුලුවන්නෙ .අනික සිනමා ශාලා වල අඳුර නිසා පියවි ඇසට පේන්නෙත් නෑ අවදානම් වැඩියි ටෝච් එකක් වත් අරන් යන්න වෙයි මීට පස්සෙ.

Teshan said...

:D lol
hena kaalekata passe...

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.