Sunday, June 27, 2010

මේ කතාව මට මේ ඊයෙ පෙරේදා සිද්ධ වුණු වරදක් ගැන. ඇත්තටම රැවටීමක් කියලා කියන්නත් පුළුවන්. ඊටත් වඩා යාළුකමක් පළුදු වීමක්. ඒ වගේ දේවල් ඉතින් කාටද සිද්ධ වෙන්න බැරි නේද?

අන්තර්ජාලයෙන් මුණ ගැහුණ මගේ හොඳම යාළුවෙක් හිටියා. හැබැයි කවදාවත් මූණට මූණ මුණ ගැහිලා තිබුනෙ නෑ. ඉතින් මිනිහාත් හරි හොඳ පුද්ගලයෙක් කියලයි මට තේරුණේ. මොකද හැමදාම බුදුන් වඳින, හරිම නිස්කලංක පුද්ගලයෙක්.

එයා පදිංචි වෙලා ඉන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ. කොහොමෙන් කොහොම හරි හොඳ යාළුවෝ වගේ හිටියාය කියමුකො. මෙයා මගේ තවත් යාළුවෙක්ගේ යාළුවෙක්. ඒත් ඉතින් කවුද දන්නේ පොරොන්දු කඩ කරන මනුස්සයෙක් කියලා?

අපි දෙන්නම ඉතින් කොල්ලෝ නිසාත්, යාළුකම නිසාත් මිනිහාට මගේ පුද්ගලික ප්‍රෂ්ණයක් ගැන කීවා. වෙන මුකුත් නෙවෙයි ආදර හුටපටයක් ගැන. හැබැයි කාටවත් නොකියන පොරොන්දුව පිට. හරි කිව්වාය කියලා හිතමුකෝ.

ඔන්න දවසකුත් ගත වුනා ඒ ගැන මිනිහාට කියලා. මෙන්න අර අනික් යාළුවා, ඒ කියන්නේ අර මා එක්කත් යාළු, අර ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවාත් අඳුනන යාළුවා මගෙන් හදිසියේම මුහුණුපොතේ චැට් එකෙන් අහනවා අර මම
ඕස්ට්‍රේලියාවේ යාළුවාට කීව දේ ගැන. මම තුෂ්නිම්භූත වුණා ඒක අහලා. ඒත් එක්කම මම අනිත් අතට කරපු වැඩේ තමයි සදාකාලික සමුදීමක් ගැන ලියලා අර ඕස්ට්‍රේලියාවේ යාළුවාට විද්‍යුත් ලිපියක් යැව්ව එක.

කව්රු
කව්රුත් පරිස්සම් වෙන්න ඕනෙ ඔය හොඳ මූණු, හොඳ චර්යාවන් පෙන්නලා අන්තර්ජාලෙන් අපිත් එක්ක යාළු වෙන අය ගැන. එයාලා එක එක විදියේ කතා කියලා මිනිස්සුන්ගේ හිත දිනා ගෙන යාළු කමින් අයුතු ප්‍රයෝජන එහෙමත් ගන්න තාක් කල් අපි දන්නේ නෑ අපිට එහෙමත් දෙයක් වුනාවත්ද කියලා. ඒ නිසා ඔන්න පරිස්සමින්...

2 පාඨක අදහස් | Comments:

Hasitha Gunasinghe said...

ඔබ බියවිය යුත්තේ ඉදිරිපසින් එන සතුරාට නොව පිටුපසින් සිටින මිතුරා ගැනයි කියලා කතාවක් ඇහුවා වගේ මතකයි

Teshan said...

Yes yes that's true, but not all. there are some. v have to beware from them.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.