Tuesday, June 8, 2010

ඔන්න ඉතින් අයිෆා සම්මාන උළෙලත් සතියත් සාර්ථකව ඉවර වුණා. ඇත්තෙන්ම සාර්ථකයි කීවෙ උළෙල. මාත් ආසාවෙන් හිටි අවස්ථාවක් මට මග හැරුණා කීවොත් හරි. මොකද මම මේ වගේ දේවල් වලට ගොඩක් ප්‍රිය කරන කෙනෙක් වගේම ඉන්දීය දේවල් වලට කැමති කෙනෙක්. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි ඒ සමාජය අපිට වඩා ඉදිරියෙන් ඉන්න නිසා.

ඒ රටේ ප්‍රේක්ෂකයෝ පවා ඒ නළු නිළියන්ට දෙවියන් දකින්නාක් වගේ සලකන්නත්, අපේ රටේ නළු නිලියො පාරෙදි දැක්කොත් පස්සෙන් දුවන් ගිහින් සමරු සටහනක් ගන්න තරම් හිතක්වත් අපේ අයට පහල නොවීමත් අතරෙ ලොකු වෙනසක් තියෙනවා. මම මේ හදන්නේ අපේ අයව පහත් කරලා කතා කරන්න නම් නෙවෙයි. ප්‍රතිභාව අති අපේ නළු නිළියෝත් හොඳ මට්ටමක ඉන්නවා. ඒත් ඉතින් අපේ අයට කිසි බැබලීමක් මේ රටේ ලැබෙනවද කියන එක තමා තියෙන ප්‍රශ්නෙ. හිතන්න මාලිනි ෆොන්සේකා හරි, රවීන්ද්‍ර රන්දෙනිය හරි පාරෙ යද්දි වාහනේ නවත්තලා බැස්සොත් කාටද හිතෙන්නේ එයාල ගාවට ගිහින් හිනා වෙලා කතා කරලා පොර කකා සමරු සටහන් ගන්න? ඒ ගැන අමතක කරන්න. අඩුම තරමේ ලංකාවේ සම්මාන රාත්‍රීන් වලින් ඉහලම සම්මාන රැය වෙන්නෙ සරසවි සම්මාන උළෙල නෙ. ඒ මොහොතේදී එතෙන්ට එන ප්‍රේක්ශකයෝ පොර කනවා අපි දැකලා තියෙනවද? නැහැ නේද?

අපි පටන් ගන්න ඕඉනෙ අන්න ඒ තැනින්. ප්‍රේක්ශකයෝ අතරට යන්න නම් ඒ අය දෙවියෝ වගේ අදහන පිරිසක් වෙන්න ඕනි. ඒත් අද අපේ රටේ නිර්මාණ චිත්‍රපට ශාලා වලට විතරක් සීමා වෙලාද කියලත් හිතෙනවා. ඉස්සර නම් විජය කුමාරතුංගට ඔය මම කීවා වගේ ලොකු උන්මාදයක් තිබුණා. කෝ අද ඒක? අද තවමත් සිනමාව, පුංචි තිරය රජ කරන්නේ ප්‍රවීණ නළු නිළියෝ නෙ. එපා කියනවා නෙවෙයි. ඒත් එයාලටත් වැඩි සැලකිල්ලක් නැහැ නේ. ගොඩක් දෙනා වයසට යද්දි බලා කියා ගන්නවත් කෙනෙක් නැතිව ඉස්පිරිතාලවලම නැති වෙනවා. ෆ්‍රෙඩී සිල්වා වගේ අය එහෙම. මැරෙනකංම ගුණ වර්ණනාවක්වත් නෑ.

අනිවාර්යෙන්ම අයිෆා සිනමා උළෙල වර්ණවත් වෙන්න ඇති. අපි රූපවාහිනියෙන් හරි අන්තර්ජාලෙන් හරි දැකලා තියෙන ඉන්දියානු සම්මාන උළෙලවල් වල විදියෙන්ම පසුබිමක් අපිට ලංකාවෙදිත් දැක ගන්න ලැබුණා කිසිම වෙනසක් නැතිවම. අඩු ගානේ මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන ලංකාවත් බබලවන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඔහේ අඩු ගානට වේදිකාවක් හදලා, නැත්නම් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෑලි ටිකක්, බල්බ් ටිකක්, පාට බෝඩ් ටිකක් දාලා, සරසලා, ඉස්සරහින් මල් තියලා හරිම සාම්ප්‍රදායික විදියෙන් පවත්වන සරසවි සම්මාන උළෙලවල් විතරක් නෙවෙයි අනිත් හැම දෙයක්ම නව පන්නෙට අනුව හිත් ඇද ගන්න විදියෙන් කෙරෙනවා නම් සිනමා කර්මාන්තයට හොඳ එළියක් වැටෙනවා, බැබලීමකුත් එක්කම.

සරසවි සම්මාන උළෙල බලන්න කීයෙන් කී දෙනාද යන්නේ? රූපවාහිනියේ පෙන්නන නිසා ගෙදරට වෙලා ඉන්නවා. ඒත් ලක්ශ ගණන් පවා වියදම් කරලා මිනිස්සු ඉන්දියානු සම්මාන උළෙලක් බලන්න යන්න ලෑස්තියි. මේ වෙනස අපි නැති කරන්න ඕනෙ. අපේ රටේ දේවල් වලට විදේශීය තත්වයක් එන්න ඕනෙ නිර්මාණ වලින් විතරක් නෙවෙයි. නළු නිළියන් අනුවත් ඒකට ලබා දෙන ප්‍රසිද්ධියත්, ප්‍රචාරනයත් නිසයි. ඒ නිසා මේ පාර කොළඹ තිබ්බ අයිෆා උළෙලේ වැරදි අඩු පාඩු හොයන් නැතිව අපිට ඉගෙන ගන්න දෙයක් ඒකෙන් අරන් හැදෙනවා නම්, වෙනස් කමක් වෙනවා නම් ලංකාවෙ සිනමාවටත් පිට රට වල හොඳ ඉල්ලුමක් තියේවි, ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ගෙන් අපේ අයට දේව සැලකිලි ලැබේවි.

2 පාඨක අදහස් | Comments:

Thidas said...

ithin hodai ne. lankawe minissunta indiyawe minissunta wada mole thiyenawa. cricket gena balanna. Indian team eka match ekak paradunoth india we minissu cricketers lage gewal kudu karanawa. lankawe team eka match ekak peradunoth eka mathaka karala daala nida gannawa.

TeeRox said...

e ithin e minissunge ratata jaatiyata tiyena kakkuma wennath puluwan. anik de tamai eyaala hitana patana hati ne e. eka apita wenas karanna baha ne. mama pudgala chinthanaya gana neweyi kiwwe.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.