Sunday, June 27, 2010

මගේ හොඳම යාළුවාට සිද්ධ වුණු ඇබැද්දියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඇත්තටම මේ වගේ අසාධාරණ කම් සිද්ධ වෙනවද කියලත් හිතෙනවා. ඒත් ඉතින් මේ විසි එක් වෙනි සියවස නේ. නොවී තිබුණොත් තමයි පුදුමෙ.

මෙන්න මේකයි කතාව. මගේ හොඳම යාළුවාගේ විශ්ව විද්‍යාලයේ එයාගේ අවසාන වාරයේ විභාග ළඟයි. ඉතින් පැමිණීම අනිවාර්යෙන් සියයට 80% ක් තියෙන්න ඕනෙලු. ඔන්න ඉතින් මගේ යාළුවා දවසක් දේශනයකට සහභාගී වෙලා එයාට අමතක වෙලා නම් ලයිස්තුවට අත්සන් කරන්න. මොකද මිනිහා දේශක කථිකාචාර්ය වරයත් එක්ක කතා කරද්දි තමයි මිනිහට ලයිස්තුව මග හැරිලා තියෙන්නේ. ඔය හේතුව නිසා මිනිහගෙ 80% පැනලා. ඒ හේතුවෙන් මිනිහාගේ අවසාන ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුත්ත කරන අධීක්ෂක ගුරුවරිය මිනිහාට අවසාන පළමු වන විභාගේ ලියන්න අවසර දෙන්නේ නැතිලු. පව් වැඩේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට වල කපපු නිසා.

ඒ ටික කියෙව්වාම නම් කාටත් හිතේවි 80% ක පැමිණීම අඩු වුණ නිසාය විභාගෙ ලියන්න ඉඩ දුන්නේ නැත්තේ කියලා. ඒත් කතා කරලා හරි ඒ දේ වෙනස් කර ගන්න පුළුවන් කම තියෙනවා නේ. ඉතින් මගේ යාළුවා වෙනත් කථිකාචාරයවරුන්ගෙන් උදව් ඉල්ලලා තියෙනවා. එයාලා නම් ඉඩ දීලා තියෙනව ඒකට ලියන්න. ඒත් අර අධීක්ෂක තුමිය තමයි ඉඩක් දෙන්නේම නැත්තේ. හේතුව මෙන්න මේකයි.

මගේ යාළුවා ටිකක් ඇහැට කනට පේන කඩවසම් යාළුවෙක්. විශ්ව විද්‍යාලයේදී නම් කෙල්ලන්ගෙන් මෙයාට අඩුවක් නම් නෑ. ඒ වගේමයි මෙයා කෙල්ලො දෙතුන් දෙනෙක් එක්කම යාළුකම් තිබිලා තියෙනවා. ඒත් ඒවා ආදර සම්බන්ධතා එහෙම නෙවෙයි. නිකම් හොඳ ඇයි හොඳැයියක්. ඒ වගේමයි මගේ යාළුවා නිතර කතා බහ කරන්නේ වෙනත් කථිකාචාර්ය වරුන් එක්ක. ඒ අය එක්ක ගොඩක් සුහදයි මිනිහා. අර අධීක්ෂක තුමිය එක්ක වැඩිය කතා බහක් සිද්ධ වෙන්නේ කලාතුරකින්ලු ව්‍යාපෘතියේ වැඩට හැරුනම. යාළුවා කියන විදියට ඒ අධීක්ෂක තුමියට ඕනෙ ඉන්න ලස්සනම පිරිමි ළමයින් ටික එයත් එක්ක කතා කරනවටලු. ඒ වගේමයි වෙන ගෑනු ළමයින් එක්ක කතා කරනවට අකමැතියිලු. අනිත් දේ, එහෙම කතා කරන පිරිමි ළමයින්ට ලොකු ලොකු දඬුවම් එහෙමත් දෙනවලු. එහෙම පරන කතාවකුත් මිනිහා දැන ගෙන.

ඒ හොයා ගත්තු සිද්ධිය පීඨාධිපති තුමන්ට ලියුමකින් දැනුම් දෙන්න හැදුවාම අර අධීක්ෂක තුමිය පිංසෙන්ඩු වෙනවලු. හැබැයි මිනිහා ඒක දීලා නෑ තවමත්. මොකද තමන්ගේ ව්‍යාපෘතියේ අධීක්ෂකතුමිය නිසා. බැරි වෙලාවත් තරහට අසමත් කෙරෙව්වොත් හෙම? අර නිකන් කියමනක් තියෙන්නේ උණු නිසා බොන්න බෑ කිරි නිසා අහක දාන්නත් බෑ කියලා. අන්න ඒ වගේ.

ඔන්න ඔය හේතුව නිසා මිනිහට විභාගේ ලියන්න ලැබෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි පළමු පංතියේ උපාධියකට යන්න තිබුණු අවස්ථාව මග හැරෙයි කියලා මිනිහා බයෙන් ඉන්නේ. ඒත් ආයෙත් ලියන්න පුළුවන්ලු දෙවෙනි වතාවට.

මෙහෙමත් කලක් ගිහින් අද අපේ රටේ අධ්‍යාපනේට. බලන් ගියාම ගෑනු හපන් පිරිමින්ට වඩා.

3 පාඨක අදහස් | Comments:

Hasitha Gunasinghe said...

එක එක්කෙනාගේ මානසික අසහනවලට පැත්තක ඉන්න එවුන් තමා පලි. අනේ අනිච්චං මිනිස්සුන්ට වුණු දෙයක්............

Shadow/හේමලයා said...

80% නීතිය ගැන නම් කතා කොරලා වැඩක් නෑ.......හැබැයි ලෙචාලගෙ පැතෙන් එක සාධරන‍යි...මොකද නැතම් කව්ද උන්ගෙ දේශන වෙලට යන්නේ...:))

Teshan said...

ඒත් ඉතින් මොනා කරන්නද? අර ලෙක්චර්වරියට මදන ඊරිසියාව නෙ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.