Monday, June 7, 2010

මම කලින් වතාවෙ ලිපියෙදි කියන්න ඇති මට හිටෛ යාළුවෝ සහ ඉන්න යාළුවෝ මොන විදියේ අයද කියලා. ඒ අය නරක වුණත් හොඳ වුනත් මට ඒ දෙගොල්ලො එක්කම සාමකාමීව සුහදව ඉන්න පුළුවන් වෙලා තියෙනවා කියලා නම් මම දන්නවා. මොකද එකම පංති වල ඉගෙන ගත්තු අය නිසා ඒකේ වැඩි වෙනසක් නොදැනෙන හින්දා.

කොහොමෙන් කොහොම හරි මට මුණ ගැහුණු යාළුවෝ හැම කෙනෙක්ම මට ගොඩක් සමීප වෙනවා. ඒ වගේම මගෙත් එක්ක ලේසියෙන් තරහ වෙන්නෙත් නෑ. හැබැයි තරහ වුනත් එක දිගට එහෙම ඉන්නෙත් නෑ. ආයෙ ආයෙ ඕනෙ වෙනවා. හැබැයි කියන්න ඕනෙ දේ තමා, මම නම් කෙනෙක් එක්ක තරහා වුණොත් ආයෙ කවදාවත් යාළු වෙන්නෙ නැති බව. නැවතීමේ ලකුණ වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම තිත ම තමයි. හැබැයි මේ තාක් කාලෙකට මට කා එක්කවත් තරහ වෙන්න සිද්ධ වෙලා නෑ.

මගේ මේ යාළුවෝ අතරේ මට ගොඩක් උදව් කරපු යාළුවෝ වගේම මගේ වැරදි හදලා දුන්නු යාළුවොත් ඉන්නවා. ඉන් එක්කෙනෙක් තමයි මට සාමන්‍ය පෙළ පංතියේදී මගේ හොඳම මිතුරා වුණු මගේ යාළුවා. නම කියන්න උවමණාවක් නැහැයි කියලා මම හිතනවා. ඇත්තෙන්ම කියනවා නම් එයාගෙ දෙමව්පියෝ හොඳ උගත් අය වගේම වැදගත් රැකියා කරපු අය. ඒ ගුණාංග වගේම දැනුම් සම්භාරයකුත් එයාට උපතින්ම ලැබිලා තිබුණා කීවොත් වැරදි නෑ.

හොඳට ඉංග්‍රීසි පවා කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒත් කවදාවත් සිංහල කතා කරද්දි ඉංග්‍රීසි වචන මැද්දට දාල කතා නොකරපු කෙනෙක්. මම ඒ දවස් වල ඉංග්‍රීසි සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අනිත් විශයයන් වලදීත් එයාව අනුගමනය කරා වගේම අනුකරණයත් කරා. එයාගේ විදියටම අකුරුත් ලිව්වා. ඒ වගේමයි තරඟෙට ඉංග්‍රීසි ගුරුතුමියගේ වැඩ කරා කවුද වැඩිම පිටු ගාණක් ලියන්නේ බලන්නත්. ඒ කෝම වුණත් එයාගේ රචනාවක් මගේ එකකට වඩා කොහොම හරි ශාස්ත්‍රීය ගණයේ තිබුණා. මම අදටත් ගොඩක් ගරු කරන මගේ මිතුරෙක් එයා. හැබැයි දැන් නම් වැඩි කතා බහක් කරන්න ලැබෙන් නෑ මිනිහා ජ්'පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිසා.

මම ඉංග්‍රීසි වචනයක් වැරදියට උච්චාරණය කරොත් ඒ දේවලුත් හිනා නොවී හැදුවා. ඉංග්‍රරිසි කතා කරන්න පෙළඹෙව්වා. ඒ වගේම පරිගනක තාක්ෂණය ගැන තොරතුරු, ක්‍රීඩා, මෘදුකාංග ගැනත් විස්තර කිව්වා. අපි දෙන්නටම ඉස්කෝලේ පරිගනක අංශයටත් බැඳෙන්න ලැබුණා. අදටත් මිනිහාට අපිව අමතක වෙලා නෑ. ලඟදී දවසකත් මගේ ජංගම දුරකතනෙට රිංග් කරලා තිබ්බා දැක්කා මම වෙන වැඩක ඉන්න වෙලාවක. ඉතින් මේ යාළුවා මගේ ජීවිතේ මුණ ගැහුන හොඳම කෙනෙක්. නිහතමානී වගේම කවදාවත් තමන්ට වඩා ඉහලින් ලකුණු ගත්තත් ඒ කෙනා ගැන නරකක් නොහ්හිතපු වැදගත් පවුලක කෙනෙක්. ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා අනාගතේදී දොස්තර මහත්මයෙක් වෙන.

3 පාඨක අදහස් | Comments:

වැප් said...

ඔහොම යාලුවෙක් ලබන්න උබත් වාසනා කරලා තියෙන්න ඔනා ...

Hasitha Gunasinghe said...

දැන් කාලේ හොඳ මිතුරෝ ලබන්න් පින් කරලා තියෙන්න ඕනේ. මම හිතනෙන ඒ භාග්‍යය ඔයාටත් ලැබිලා තියෙනවා :)

Teshan said...

හොඳ මිතුරන්ව විතරක් නෙවෙයි. ඇත්තටම මනුස්සයෙක් වුනාම හොඳ නරක දෙපාර්ශවයම ආස්‍රය කරන්න ඕනෙ. එතකොට අපි නොදකින පැති දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ආස්‍රය කරාට එයාලගේ වැරදි අපි පුරුදු නොවී ඉන්න ඕනෙ. මම මෙච්චර කාලයක් හොඳ මිත්‍ර කමක් පවත්වන් යන්නේ එයාලවත් තරහ කර නොගෙන වගේම එයාලගේ වැරදි පුරුදු පිළි නොපැද.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.