Sunday, June 27, 2010

ආදරේ කියන දේ කාගෙ කාගේත් ජීවිතයට ගොඩාක්ම වැදගත් දෙයක්. සමහරුන්ට ආදරේ නැතුව බෑ. සමහරුන්ට ආදරේ තිබුණත් වැඩක් නෑ. තවත් සමහරෙක්ට ආදරෙන් කිසිම වැඩක් නෑ. ඒත් ආදරේ කරපු හැමෝම දන්නවා ඒක මොන තරම් රසවත්ද කියලා. ඒ වගේම කොයි තරම් වේදනාකාරීද කියලත්.

ආදරේ ලබන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. තමන්ට ගැලපෙන ආදරයක් අද කාලෙ හොයන එක කළුනික හොයන්නා වගේ. මොකද අවංකව ආදරේ කරන අය ගොඩාක් අඩු නිසා. ගැහැණු ළමයින් ගැන නම් පොඩි හරි විශ්වාසයක් තියා ගන්න පුළුවන් වුනත් පිරිමි ළමයින් ගැන නම් ඒ වගේ විශ්වාසයක් තියා ගන්න බැහැ. මොකද ගැහැණු ළමයෙක්ට වඩා පිරිමි ළමයෙක්ට තියෙන සීමා මායිම් වල අඩු කමත්, නිදහසේ වැඩි කමත් හේතුවෙන්.

ජීවිතේ විඳලා තියෙන හැම දුකකටම වඩා ආදරේ කරද්දී දැනෙන දුක, වේදනාව ගැන කියන්න වචන නැති තරම්. තමන්ගේ ජීවිතේදී මරණීය මොහොතකදී පවා දැනිල තියෙන දුක වේදනාව ගැන පොඩ්ඩක් මතක් කර ගත්තොත්, ආදරේ කරනා අතරතුරේදී දැනෙන සතුටටත් වඩා දුක අර කීව මරණීය වේදනාවටත් වඩා දරුණුයි. ආදරේ කළ හැමෝම ඒ ගැන දන්නවා ඇති අනිවාර්යෙන්ම. ඒත් කියමනක් තියෙනවා ආදරේ වෙනුවෙන් කැප කරන කිසිම දෙයක් අපතේ යන්නේ නෑ කියලා. ඒක එහෙම්මම වෙනවා නම් හොඳයි. මොකද ආදරේ නාමයෙන් ජීවිතෙත් දෙන අය ගැන අපි අහලා තියෙනවා නෙ. කෙනෙක්ට පුළුවන් වුනොත් ආදරයක් බලාපොරොත්තු නොවී හැකි උපරිමයෙන්ම ආදරේ කරන කෙනාට ආදරේ දෙන්න, හිතෙන් හරි, ඒක වටෛනා ආදරයක් වෙනවා කියලයි මගේ හැඟීම.

ආදරයක් පවත්වන් යද්දී කෙනෙක් මැරි මැරී ඉපදෙන වාර ගණන අනන්තයි අප්‍රමාණයි. ඒ හැම මරණයකදීම දැනෙන දුක් දොම්නස් හැම දෙයක්ම, අර හැම ඉපදීමකදී ම මැකිල යනවා. ඒත් කාටද පුළුවන් වෙන්නේ ඒ දුක ලේසියෙන් අමතක කරලා දාන්න?

1 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

"The 3 quickest ways to Die.Drink Rum daily, you will die 30 yrs early.Take a Cigar daily, die 10 yrs early.Love Someone Truly, you will die daily"........How true is this....:(..

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.