Saturday, June 5, 2010

මට මතක හැටියට අපේ ගෙදරට මුලින්ම කොම්පියුටරයක් ගෙනාවෙ මම පහ වසරෙ ඉන්න කොට. ඇත්තෙන්ම කියනව නම් ඒක හරි අමුතුම අත්දැකීමක්. ඒ 1997 අවුරුද්ද. මට එච්චර දැනීමක් තිබුනෙත් නෑ පරිගනකයක් පාවිච්චි කිරීමක් ගැන. හිතන් හිටියේ තව ලොකු වුන කාලෙක ඒකක් පාවිච්චි කරන්න, ඉගෙන ගන්න ලැබේවි කියලා. ඒත එදා ටිකක් කළුවර දවසක් වගේ කියලයි මතක. ඒ වගේම තමයි ඒ කාලේ තිබුණා ඉස්කෝල වල වානිජ්‍ය හා ගිණුම් වලට අදාලව විභාගයක්. මගේ අයියා ඒකට යන්න ලැහැස්ති වෙන අතර තුරේදියි අපේ ගෙදරට තාත්තාගේ වැඩපොළේ වාහනයකින් අංකල්ලා කීප දෙනෙක් අවිල්ලා ඒක දීලා ගියේ. හයි කරලාම ගියා.

ඔන්න ඉතින් අලුත් දෙයක් නෙ. ඒ පරිගනකයේ තිබුනේ වින්ඩෝස් 95 කියන වින්ඩෝස් සංස්කරණය. ඩෙස්ක්ටොප් එකේ තිබුණු පිංතූරය සිංහයෙක්ගේ එකක්. හරිම අමුතු අත්දැකීමක්. මවුස් පොයින්ටරෙත් එක එක විදියට නටනවා. මට මතකයි ඒ කාලේ නොදැනුවත් කම නිසා කරපු දේවල්. පරිගනක ඕනෙ තරම් දැකලා තිබුණත් ඒකක් පාවිච්චි කරන්න අවස්ථාවක් තිබුනෙ නෑ කියලා මම කීව නේ. ඒත් අන්තර්ජාලෙ ගැන නම් අහලා තිබුණා. ගෙදරට ගෙනාපු පරිගනකෙ මම හෙව්වෙ කොහෙන්ද අන්තර්ජාලෙට යන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් ඒ ගැන මතක් වෙද්දි හිනාත් යනව වගේම ලැජ්ජත් හිතෙනවා පොඩ්ඩක්. ඒ ඉතින් නොදැනුවත් කම නිසා නෙ. ඒ වැඩෙනුත් කිසි පලක් සිද්ධ නොවෙන හින්දා ඊලඟත කරන්න පුළුවන් වුණේ පරිගනක ක්‍රීඩා වල දවසම ගත කරන එක. ඒකත් ඒ කාලෙ හැටියට හරිම විනෝදයක්. අයියාත් මමත් තරගයට වගේ ඒවා සෙල්ලම් කරා කියල මතකයි.

එදා ඉඳන්ම තමයි මම පරිගනකයක් අත පත ගාන්න පටන් ගත්තේ. ගොඩක් මෘදුකාංග තනියමයි අත පත ගාලා ඉගෙන ගත්තේ. ඒ ආපු දුර නිසා තමයි අද පරිගනක සම්බන්ධව තොරතුරු තාක්ෂණ උපාධියකුත් හදාරන්නෙ.

කෙනෙක් පරිගනක ක්ශේත්‍රයට ආවොතින් ඉතින් හැරිල බලනවා බොරු. මොකද ඉගෙන ගන්න තියෙන දේවල් කියල නිම කරන්න බැරි නිසා. පොඩි කාලෙ මම වැඩිය ප්‍රිය මනාප නොවුණු බොහෝමයක් මෘදුකාංග ගැන ලොකු ප්‍රේමයක් පහල වුණා ඒවා ගැන ඉගෙන ගත්තහම. ඒත් එක්කම ඒ පිළිබඳව හොයල බලන්න, තව තව ඉගෙන ගන්නත් අනිවාර්යෙන්ම ඉඩ ප්‍රස්ථාවක් උදා කර ගන්න හිතුනා.

1 පාඨක අදහස් | Comments:

Stock Master said...

ඒ කතාව හරියටම හරි මචං.....

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.