Sunday, June 13, 2010

ඔයාලා ගොඩක් දෙනා මේක දැක්කම මොකද්ද කියලා හිතයි. ඒත් මේක ඇත්ත. මේක සිද්ධ වුනේ අද පාන්දර එකයි දහයට විතර. ඒ කියන්නේ 2010 ජූනි මාසයේ දහතුන් වන දිනය දා. පුංචියට සිද්ධ වුණු මේ භූමි කම්පාව මටත් දැණුනා. ඔයාලටත් දැනුනාද? මම විතරක් කියන දෙයක් නෙවෙයි. මම ඒ වෙලාවේ චැට් එකේ හිටපු මගේ හොඳම යාළුවාගෙනුත් ඇහුවාම කීවා පොඩි හෙලවීමක් දැනුනා කියලා. ඒත් එයා ඒක විදුලි පංකාව නිසා සෙලවුන බවක් කියලයි කීවේ. පොළොව නම් නෙවෙයි, මේසය.

මට මේක දැණුනේ මගේ උපාධියේ අවසාන වාර ව්‍යාපෘතිය කර කර ඉද්දි. මට දැණුනා නිකන් මම වැඩ කරන පරිගණකෙ තියෙන මේසය කවුරු හරි හොලවනවා වගේ. මොකද මම වතාවකුත් කීවනේ අදෘශ්‍යමාන බලවේග තියෙන්න පුළුවන් කියලා. ලංකාවට ඉතින් භූමි කම්පා වෙන්නෙ නැහැනේ ලේසියකට. මගේ කකුල් දෙකත් ඒ පරිගණක මේසයේ පහල කොටසේ තිබුණු නිසා හිතුවා ඒ හින්දා වෙන්න ඇති කියලා. පස්සේ මම අල්මාරියේ බාගෙට වැහුණු දොර දිහා බැළුවම දැක්කා ඒකත් හෙලවෙන බව. ඒත් එක්කම අයියා මගේ කාමරේට ආවා එයාගේ කාමරේ කන්ණාඩියත් සද්දෙට හෙලවෙනවා කියාගෙන. ඉතින් තේරුම් ගත්තා මේක භූමි කම්පාවක් බව.

වෙලාවකට හිතෙනවා අර 2012 චිත්‍රපටයේ තිබ්බ දේවල් 2010 ඉඳන්ම ඇත්ත වේගෙන එනවද කියලත්. මොකද ලංකාවට සුළුවෙන් හරි මේ වගේ දෙයක් දැනෙන්නේ අවුරුදු බර ගාණකට වතාවක් නේ.

3 පාඨක අදහස් | Comments:

Anonymous said...

ඔචර බය වෙන්න එපා

Anonymous said...

ඔය කියන දේ ඇත්ත නම් ලංකාවටත් ඒ භූමි කම්පාව දැනිලා තියනවා. අනේ මන්දා මට නම් හිතා ගන්නත් ‍ටිකක් අමාරුයි මේ කතාව. මොනව උනත් ඔයාගේ post එක දාපු වෙලාව නම් භූමි කම්පාව වෙන්න කලින් වෙලාවක්.

චතුර.... said...

හානේ හරිම සුන්දරයි......
මේ ඔයාටත් වෙන්න ඇත්තේ අර හාවට වුන දේම තමා.....
(අර අහස කඩන් වැටුනයි කියල දුවපු හාවා...)
හික්ස්.............
නෑ නෑ ඔහොම වෙන්න ඇති ...
ඔය වගේ දෙයක් මටත් වුනා...
මීට අවුරුදු දෙකකට විතර කලින් අර බදුල්ලටද කොහෙද භූමිකම්පාවක් වුන වෙලාවේ මටත් හෙමිහිට දැනුන ඇඳ හෙලවෙනවා වගේ...
මම කිව්වම මට හිනා වුනා ..
ඒ වුනාට news බැලුවම කට්ටිය පිළිගත්තා...

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.