Wednesday, June 9, 2010

අද උදේ මම ඇහැරෙද්දි හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වෙලා තිබුණා. මට නෙවෙයි, මගේ අතට. මගේ අථේ තැන් කීපයක්ම වගේ හීරිලා රතු වෙලා තිබුණා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. මොකද හීරීම් නිසා. හැබැයි දිග සීරුමක් තිබුණා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කොහොමද? දන්න තරමට ඇඳේ කිසිම හීරෙන සුළු කටුවක්වත් තිබුණේ නෑ. අනික තමයි තිබුණ එකම දේ මගේ ජංගම දුරකතනය විතරමයි. අනිත් අතේ වැවුණු නියපොතු තිබුණෙත් නෑ. ඒත් අත ඇඟට යට වුණා නම් එහෙම වෙන්නත් බැහැ නේද? සාමාන්‍යයෙන් මම නිදන්නේ නෙට් එකක් දාලා. ඒ නිසා ඇඳට පැනලා පූසෙක්වත් හූරලා ගියැයි කියන්න බැහැනේ. මම තාමත් මේක කල්පනා කරනවා. හ්ම්ම්... මේක මගේ අතින්ම නින්දෙදි සිද්ධ වුණු දෙයක්ද? නැත්නම් අදෘශ්‍යමාන දෙයක බලපෑමකින් සිද්ධ වුණු දෙයක්වත්ද? ඒ ගැන නම් කියන්න බැහැ. අඩු තරමින් මම නිදා ගත්තම බෙහෙතකටවත් හීනයක් දකින්නෙත් නැති නිසා. ඒ දැක්කත් බොහොම කලාතුරකිනුයි.

මෙන්න මේ වගේ සිද්ධි සමුදායක් තියෙන චිත්‍රපටයකුත් මම දවසක් භාගත කරා අන්තර්ජාලයෙන්. ඒකේ නම, පැරානෝමල් ඇක්ටිවිටි "Paranormal Activity" කියලා. ඒ චිත්‍රපටයේ ප්‍රචාරණ වීඩියෝවේ නම් තිබුණේ මේක බලලා ගොඩ කාලයක් නිවි හැනහිල්ලේ කාට්වත් නිදන්න ලේසි වෙන එකක් නැහැයි කියලා. ඒ හින්දාම මට තාම ඒ චිත්‍රපටය බලන්න බැරි වුණා වගෙම වැඩි උනන්දුවක් ඇති වුනෙත් නෑ. හැබැයි තැනින් තැන ඇද ඇද බැලුවා ඉවර වෙනකම්ම. මොකද රෑට බලන්න වෙලාවකුත් නැති නිසා, වැඩපළේදීම තමා බැලුවේ.

කතාවක් කීවට ඒක නිකම් වාර්තා වැඩසටහනක් වගේ හදපු චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කියනවා නම් ආදරේ කරන පෙම්වතුන් යුවලක් ගෙදරක නතර වෙලා ඉන්නවා. හැබැයි ඒ කෙල්ලට අදෘශ්‍යමාන බලවේගයකින් එක එක විදියේ බලපෑම් ඇති වෙනවා රෑ නිදන් ඉද්දී. මේ බව ඒ කොල්ලත් දැන ගත්තු නිසා ඒ කොල්ලා තමන්ගේ කැමරාව හැමදාකම රෑ නිදද්දී එයාලා නිදා ගන්න ඇඳ දිහාට හරවලා පටිගත වෙන්න සලස්වලයි නිදන්න යන්නේ. මේ කැමරාවට පේන දේවල් තමයි නිතරම වාගේ චිත්‍රපටයෙන් පෙන්නන්නේ. කාමරේ දොර ඉබේ හයියෙන් වැහෙනවා, කෙල්ල පෙරවන් ඉන්න රෙදි කැබැල්ල බිමට ඇදෙනවා, කෙල්ල නින්දේදී එහෙ මෙහෙ හැරෙන වාර ගාන එහෙමත් මේකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි මේ බවක් කොල්ලා දන්නේ නෑ. එක් වරකදී කෙල්ලව ඇඳෙන් බිමටත් ඇදිලා වැටෙනවා. ඔය වගේ දේවල් රැයක අපි බැලුවොත් මතක් වෙන වාර ගාන වැඩියි වගේම රෑට නිදද්දී හිතට ප්‍රශ්නයක් ඇති වෙන එක නම් සාධාරණයි. හැබැයි ඒක ඇත්ත කතාවක්. අන්තිමට ඒ කෙල්ල විසින්ම ඒ කොල්ලාව මරා දැමෙනවා. අදටත් ඉන් පස්සෙ ඒ කෙල්ලව හොයා ගන්න බැරි වෙලා තියෙන බවක් තමයි අවසානෙට කියැවෙන්නේ. ඔයාලත් හොයාගෙන බලන්න පුළුවන් නම්.

මටත් ඊයේ රෑ සිද්ධ වුණේ එහෙම එකක්වත්ද? හැබැයි කියන්න ඕනෙ දෙයක්. මම නිදියන්නේ අපේ අත්තම්මා නිදා ගත්තු වගේම සීයාත් හිටි කාමරේ. ඒ දෙන්නම දැන් නෑ. හැබැයි මේ තාක් කල් කිසිම උපද්‍රවයක් මට වෙලා නෑ. මොකද මම දන්නවා එයාලා මට ආදරේ කරපු හැටියට කරදරයක් නම් කරන්නේ නැති බව.

4 පාඨක අදහස් | Comments:

Thidas said...

raa athal ekak gihin thamun ma hura ganna athi. :P

Anewasikaya said...

ඔයාට පොඩි කැසිල්ලක් තියෙනවා වගේ!

Hasitha Gunasinghe said...

අයියේ ඔයා නිදාගන්න කලින් මෛත්‍රී භාවනාව කරන්න . මම හිතන්නේ මේ වගේ ගැටළුවලට සාර්ථක විසඳුමක් තමා ඒක :)

Teshan said...

මල්ලියාගේ අදහසට බොහෝමත්ම ස්තූතියි. ම්ම්.. කරන්න නම් බැරි කමක් නෑ. ඒත් කවදාවත් එහෙම නොකලාට මට කරදරයක් නම් වෙලා නෑ. හැබැයි මම කියන්නේ පිටින් ඉන්න කෙනා නෙවෙයි. ඒ දේවල් පහු පහුවට කියවලා දැන ගන්නත් ලැබේවි.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.