Friday, June 4, 2010

ඇත්තටම මට මුණ ගැහිල තියෙන යාළුවන්ගෙන් බොහෝමයක්ම හොඳ අය. ගොඩක් දෙනාට එහෙම අයව මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්. මම කොල්ලෙක් වුණාට සාමාන්‍ය කෙළිලොල් ජීවිතයක් වෙනුවෙන් කාටවත් දුකක් දුන්නෙත් නෑ, අනවශ්‍ය විනෝදවීම් ලැබුවෙත් නෑ. අද කාලෙ කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොන්වත් විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ නෙ. අද කාලෙ කෙල්ලෙක්ටත් වඩා කොල්ලෙක්ව පරිස්සම් කරන්න ඕනෙ කියන එක අනිවාර්ය දෙයක්.

කොහොමෙන් කොහොම වුණත් මට මුණ ගැහු
යාළුවෝ අතරින් හිත් ගත්තු යාළුවො බොහෝමයක් අදටත් මා එක්ක යාළුකම් පවත්වා ගෙන යනවා. ඉස්කෝලේ හත වසරේදී මුණ ගැහු හොඳම යාළුවෝ පවා අද විශ්ව විද්‍යාල වල ඉගෙන ගනිද්දී හිතට ලොකු සතුටකුත් දැනෙනවා. ඊටත් වඩා සතුටු අපිව තවමත් අමතක නැති එකයි. ඉස්කෝලෙන් අයින් වෙලා දැනට, ඒ කියන්නේ 2010 අවුරුද්ද වෙද්දි අවුරුදු හතරකුත් ගත වෙලා ගිහින්. මේ අවුරුද්දේ මුල බාගයෙදී නම් අපේ ඉස්කෝලෙ යාළුවෝ හැමෝම වගේ එකතු වෙලා විනෝද වුනා. ඒ වගේ අවස්ථාවල් නිතර ලැබෙනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ඉතින් දැන් හැමෝම වගේ කාර්ය බහුල ජීවිත නෙ ගත කරන්නේ.

මේ දේ නම් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ. මගේ හොඳම යාළුවො ගනේට වැටෙන යාළුවො හත් අට දෙනා නම් අද කාලෙ කොල්ලො කරන කිසිම වැරැද්දක් කරන්නේ නෑ. ඒ කීවේ මත්පැන් බොන්නේ වත්, සිගරට් පානය කරන්නේවත්, ලිංගික ආශ්වාදනයට කෙල්ලන්ගේ නම්බුව කෙලෙසන්නේ වත් නෑ. හැබැයි සමහරු නම් කියනවා ඒවා නොකරන කොල්ලො නපුංසකයි කියලා. ඇත්තෙන්ම ඒ ගැනත් කතා කල යුතුමයි. මොකද ඒ ගැන නොකීවොත් ලොකු අඩුපාඩුවක් නෙ. ඒවා කරන්නම ඕනෙද පිරිම කම පෙන්නන්න කියලා ප්‍රශ්නයකුත් ඒත් එක්කම මතු වෙනව නේද? දැනට ඒ ගැන පස්සට කතා කරන්න තියමු. මට අහන්න තියෙන්නේ, ඔයාලටත් එහෙම යාළුවෝ ආශ්‍රය කරන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවද? නැතිනම් ඇයි කියලා. ඒ ප්‍රශ්නෙට කාටද උත්තර දෙන්න පුළුවන්?

2 පාඨක අදහස් | Comments:

චතුර.... said...

හික් හික් හික් ඔයා හොඳනම් මටත් එහෙම යාළුවෝ නැහැ මෙයා...........................................................

Hasitha Gunasinghe said...

ඔයා දක්වලා තියෙන කරුණුවල 100% ක් එකඟයි අයිය. මාත් පොඩි කාලේ ඉදන්ම ලගින්ම ආශ්‍රය කරපු අය කිසිම කෙනෙක් මත්ද්‍රව‍යවලටවත්, අනිසි ලිංගික කටයුතුවලටවත් මැදිහත් වුණු අය නෙමෙයි

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.