Monday, May 14, 2012

ප්‍රාතිහාර්ය කියන්නේ හැමෝම ආස කරන දෙයක්. මොන රටක වුනත් ඕනෑම මනුස්සයෙක් කැමතිම දෙයක් තමයි ප්‍රාතිහාර්ය කියන්නේ. ප්‍රාතිහාර්ය දකින්නට කැමති පිරිස් තමයි සමාජයේ වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් පිරිස් ඉන්නේ බොහෝම කලාතුරකින්. ඒ විතරක් නෙවේ. ප්‍රාතිහාර්ය ඉබේටම සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒත් ඒවාත් අර මුලින් කියපු ප්‍රාතිහාර්ය කරන මිනිස්සු වගේම දුලබ දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් සිද්ධ කලොත්, සිද්ධ වුනොත් ඒ වගේ දෙයක් ප්‍රාතිහාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් තිස්සේ කරන්නට බැරිව තිබූ දෙයක් යම් කෙනෙක් කලොත් ඒක ප්‍රාතිහාර්යයක් විදියට සමාජයේ ජීවත් වෙන මිනිසුන් තීරණය කරන්නට පෙළඹෙනවා. ඒක හරිම සාමාන්‍ය අර්ථ දැක්වීමක්. ඒත් විශ්වකර්ම ප්‍රාතිහාර්ය සිදු කරන මිනිස්සුත් සමාජෙ ඉන්නවා. හරියට දශක තුනක් තිස්සේ මේ රටේ තිබුණු යුද්ධෙ ඉවර වීම ප්‍රාතිහාර්යයක් විදියට සැලකීම.


නිකමට අපි මේ ප්‍රාතිහාර්ය ඉංග්‍රීසියට පරිවර්තනය කලොත් කියන්නේ "Miracle" (මිරකල්) කියලා. එහෙමත් නැත්නම් සමහර ප්‍රාතිහාර්ය "Magic" (මැජික්) කියලාත් කියන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණය නම් මිනිස්සු ඇයි ප්‍රාතිහාර්ය වලට මේ තරම් කැමති කියලා. මේ ප්‍රාතිහාර්ය දැකීමෙන් තමන්ට හරි අනුන්ට හරි සිද්ධ වෙන ඵ්හලය මොකද්ද කියලා තමයි ගැටළුව. පෙළක් වෙලාවට රටක ජනතාවට ප්‍රශ්ණ ගැටළු ඇති වෙලා තියෙන සමයක් වුනොත් රජයේ හරි සමහර පිරිස් හරි තමන්ගේ ජනප්‍රියතාව, ලාභ ප්‍රයෝජනය තකා රටවැසියන්ට ප්‍රාතිහාර්ය පෙන්වන්න උත්සාහ කරනවා. මේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ පෙන්වීම ගැන නම් නෙවෙයි. හැබැයි කාලේ හැටියට ඒ වගේ තරඟයක් දින්නොත් නම් ප්‍රාතිහාර්යයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ ලිපිය ලියැවෙන්නේ අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන්. මොකද ඔවුන් තරම් ප්‍රාතිහාර්ය පසු පස හඹා යන පිරිසක් මේ රටේ වෙනත් නැති තරම්. ලැබෙනා තැනකින් ඕනම කැප කිරීමක් කරලා ලබා ගන්න හැකි නම් අපේ බෞද්ධ ජනතාව ඕනෑම දෙයකින් රවටන්නට හරිම ලෙහෙසි පහසු පිරිසක් වෙලා දැන් බොහෝම කාලයක් ගත වෙලා.

බෞද්ධ නීති වල සඳහන් එක් කරුණක් තමයි භික්ෂූණ්ට ජනයා තමන් කෙරෙහි පැහැදවීමට හෝ බුදු දහමට නැඹුරු කර ගැනීමට ප්‍රාතිහාර්ය පෑම තහනම් වීම. එය මනාව පෙනෙනා අවස්ථා විදියට බුදු රජාණන් වහන්සේ විසින් යමා මහ පෙළහර කීප විටක් පමණක් පෑම සඳන් කරන්න පුළුවන්. ඒවා පෑවේ අනුන් තමන් කෙරෙහි පහදවා ගැනීමට යැයි යමෙක් පවසනවා නම් ඊට හොඳම පිළිතුර වන්නේ උන්වහන්සේ එම ප්‍රාතිහාර්යය පෑවේ මානය බිඳිමට හෝ, නොදැමිණු පුද්ගලයින් දමනය කිරීමට යන්නයි. තවත් එක් උදාහරණයක් හැටියට ගඟකින් එතෙරවීමට භික්ෂු සංඝයා පිරිවරාගෙන සිටියදී බුදු රජාණන් වහන්සේට එක් භික්ෂුවක් සෘද්ධියෙන් ගඟ එතෙර නොවන්නේ මන්දැයි විමසූ විට තොටියාගෙන් ගඟ තරණයට වැය වන මුදල කොපමණදැයි විමසා ලැබුණු පිළිතුරෙන් එවන් සෘද්දියක වටිනාකම අද වටිනාකමෙන් නම් සත පහක පමණ වටිනාකමක් බව පෙන්වා දෙන්නට යෙදුනා. මෙයින් පැහැදිළි වෙන්නේ බුදු රජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව දරා ඇති අදහසයි.

එහෙම නම් බෞද්ධයා ප්‍රාතිහාර්ය, විජ්ජා රස විඳීමට පුරුදු වුනේ කෙසේ ද? ඒවා පසුපස දුවන්නට හුරු වූයේ කෙසේ ද? පළමු හේතුව නම් අන්‍යාගම් පසුපස උදව් ඉල්ලා, බලාපොරොත්තු ඉටු කර ගැනීමට, නැති වූ දේවල් ලබා ගැනීමට, ලාභ සත්කාර ලැබීමට යාමයි. අනෙක් හේතුව විවිධ පුද්ගලයන්ගේ කටකතා, ප්‍රකශ හිස් මුදුණින් පිළිගෙන ඒවාට අනුගත වෙමින් මේවා දැකීමට ප්‍රිය කිරීම. විශේෂයෙන් ජ්‍යෝතිෂවේදීන් නින්දෙන් අවධිව ලෝකයටම කියා පාන ඔවුන් නින්දේ දී දකිනා මනෝ විකාරී සිහින වලට අනුව කරනා ප්‍රකාශ. මෑතකදී ද එවන් අවස්ථාවක් උදා වුනේ බුදු පිළිම වලින් රැස් විහිදෙන බවක් කියූ හෙයින්. වරක ද අපේ බෞද්ධ බැතිමත්, ශ්‍රද්ධාවන්ත ජනතාව වැස්සකටවත් ගොඩ නොවදින ගමේ පන්සලට දිව ගියේ එසේ බුදු පිළිම වලින් විහිදෙන බුදු රැස් දැකීමටය. නිතර බණ අසනා එවන් බොදු ජනතාවක් ඇත්තේ මෙරට පමණක් කියා සිතීම ද දුක්බර තත්ත්වයකි.

එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඇත්තෙන්ම ආශ්චර්‍ය, ප්‍රාතිහාර්ය දකින්නට අවශ්‍ය නම්, තමන් ඉවැරදිව ජීවත් වීම ම බෙහෙවින් ප්‍රමාණවත්. පන්සිල් රැකීම ම ඒ සඳහා ප්‍රමාණවත්. වචනයෙන් පිළිමයක් ඉදිරියේ සමාදන් නොවුනත්, තමන් තමන්ටම බොරුවක් වංචාවක් නොකර හිතෙන් එම පන්සිල් රැකීමට සිතා ගෙන ඒවා පිළිපැදීම ම බෙහෙවින් වටිනා දෙයක්. ඊට හේතුව ප්‍රාතිහාර්යය දකින්න ලැබෙන්නේ වෙන අන් යමෙකු හරහා හෝ අජීවී වස්තුවක් හරහා නොවීමත් ඒ තමන් තුලින් ම වීමත්. සායි බාබා පරළෝසැපැත් වූ විට හඬා වැළපුණු, දෙවියන්ගෙන් දරුවන් ලැබීමට, හොරු සෙවීමට, වශී බන්ධන කර ගැනීමට, පැතුම් ඉටු කර ගැනීමට දේවාල වලට ගොස් වැඳ වැටුනු ශ්‍රී ලාංකික බෞද්ධයිනි, බුදු රජාණන් වහන්සේ අනුව යමින් වෙන අන් අයගේ ආශ්චර්ය වලට ලොබ බැඳ ඔවුන්ගේ සරණ පතාගෙන ගිය ඔබ සැවොම බුදු දහමටත් බුදු රජාණන් වහන්සේටත් ප්‍රසිද්ධියේම අපහාස කළ ඇත්තෝ බව වටහා ගැනීම වැදගත් බව මතක තියා ගන්න.

9 පාඨක අදහස් | Comments:

Anonymous said...

හොද ලිපියක් මිත්තරයා, ඈතටම අද බෞද්ධයා නොමග ගිහින් බොරු බොරු දෙවල් පස්සේ ගිහින් මුලා වෙලා. බුදු ධහමේ යථාර්තය මොකක්ද ? ඒ යතාර්ථය අත්දකින්න බෞද්ධයා අසමත් වෙලා.බුදු ධහම කියන්නේ ආර්ය සත්යක්, ආර්ය සත්තයක් කියන්නේ සදා නොවෙනස් වන දෙයක් එය හෑම කාලෙකටම වලන්ගු ධර්මතාවයක්.මෙබදු උත්තරීතර ධර්මයක් අපට පරි ශීලනයට තිබිය දී බෞද්ධයා විකාර ඈදිහිලි පස්සේ ගිහින් මුලා වෙනවා.මේ ගෞතම බුද්ධ සාසනයේ අපි මනුස්සයො වෙලා උපදින්න වාසනාව ලබලා තියනවා,උතුම් වු ධර්මයෙ ඈසුරු කරන්න අවස්තාව ලෑබිලා තියනවා මෙයින් ප්‍රයොජන ගන්න අපි දෑනගන්න ඔනේ.අද තිරිපිටක පොත් වහන්සෙලා සින්හහලට පරිවර්තනය වෙලා තියනවා එවා කියවා උතුම් වු ධර්මය මෙ බුද්ධ සාසනයෙදීම අවබොද කරන්න උත්සහා ගන්න ඔනේ. එයයි ආශ්චර්ය!!! එයයි ප්‍රතිහාර්ය!!!

Teshan said...

බෝම ස්තූතියි එරංග. අපේ බෞද්ධයින් ඇරුනම වෙන කිසිම ආගමිකයෙක් තමන්ගේ දහමෙන් පිට වෙන කිසිම දහමකින් විමුක්තිය සොයාගෙන යන්නේ නෑ. ඒත් මේ තරම් බණ කියන බණ අහන රටේ අපේම බෞද්ධයෝ ලැබෙන තැනකට වඳින්න සූදානමින් ඉන්න පිරිසක් වෙලා. මේ තත්ත්වය වෙනස් කරන්න කොච්චර උත්සාහ ගත්තත් ඒක වෙනස් කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අද මිනිසුන්ගේ ආශාවල් වැඩි වෙලා. ඒත් ඒ ආශාවල් අතරට ආර්‍ය මාර්ගයේ යාමත් යොදා නොගන්නේ ඇයි කියලායි පුදුමේ. ගොඩක් දෙනා ගොඩක් දෙවල් කරන්නේ සෝබනේට. ඉතින් දහමක් පිහිටාවිද අපේ බෞද්ධයින්ට?

Anonymous said...

අද ලොකේ බලවත් වෙලා තියෙන්නේ මාර බලවේගය. මේ කාලේ බුදු ධහම අවබොධ කියන්නෙ අසීරු දුශ්කර වෑඩක්. නමුත් සත්යට කෑමති කෙනා එය ලගා කරගන්නවා ඔහුයි මෙ ලොකයේ නියම වීරයා, ඔය ගල් බොලයකට පිත්තෙන් ගහන, බොලයකට පයින් ගහන අය නෙමේයි. අපි කාගෙත් පිනකට නෑවතත් බුදු ධහම බබලන්න පටන් අරන් තියනවා. නමුත් මෙයත් වෑඩි කල් තියෙන්නේ නෑ.හිසට ගිනි ඈවිලුනු පුද්ගලයෙකු ඒ ගිනි නිවන්නාක් මෙන් මේ ධර්මය අවබොධ කරන්න උත්සහා ගන්න ඔනේ එයයි බුද්ධ වචනය.

Teshan said...

මාර බලවේගය කිව්වහමයි මතක් වුනේ, මග ඵල ලාභීන්ට පවා මේ කාලය දැඩි ලෙස මාරයාගේ බලපෑම පවතික කාලයක්. භාවනා කටයුතු වලටත් මේ බලපෑම් එල්ල වෙනවා. ඒ වාගේම යහපත් මාර්ගයක යන උදවියගේ ගමනට බාධා වැඩිපුර සිද්ධ වෙන කාලයක්. මග ඵල ලාභීන්ටත් එවන් බලපෑම් ඇති වෙනවා නම් මේ අහිංසක අනිත් මිනිසුන් ගැන කවර කතාද? බුදු මග මිස වෙන අන් මගක් නෑ සදාතනික සතුට ලබන්න. ඒත් උත්සාහ කරන්නාට ඉදිරියටම යන්න බැරි කමකුත් නෑ. මේ මාර්ගය දුෂ්කර වෙන්නේ නෑ වීර්‍යය තියෙන කෙනාට. ඒ අයට කොයි මාරයාගෙන්වත් බාධාවන් ඇති වෙන්නේ නෑ. ආරම්භයක් හැටියට බුද්ධානුස්සති භාවනාව වඩන්න. සෝතාපත්තියට එලැඹෙන මාර්ගයේ එක් අඩිතාලමක් ඒක.

pandukabaya said...

wedagath lipiyak

Anonymous said...

I do consider all of the concepts you've introduced on your post. They're really convincing and will definitely work. Nonetheless, the posts are too short for beginners. May just you please lengthen them a bit from next time? Thanks for the post.
Also visit my blog post - click here to see the attached photos

Anonymous said...

Very soon this web page will be famous amid all blogging users, due to it's good posts
my web site: click here publishing

Anonymous said...

Hello there I am so happy I found your weblog, I really found you by accident, while I
was researching on Aol for something else, Anyways I am here now and would just like to say cheers
for a tremendous post and a all round enjoyable blog (I
also love the theme/design), I don’t have time to read it all at the minute but I have book-marked it and also included your RSS
feeds, so when I have time I will be back to read a great deal
more, Please do keep up the superb work.
Have a look at my web page read this book blog

pandukabaya said...

ඔබ වැදගත් ලිපි ලියනවා. ඒකට මගේ ප්‍රනාමය

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.