Tuesday, February 14, 2012

මග ඵල ලාභීන් පිළිබඳව බොහෝ දෙනාගේ සිත් තුල පවතින්නේ සැකයක්. මන්දයත් ඔවූහූ සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීම බොහෝ සේ අපහසු බැවින්. නමුත් තමන් අතරේත් මෙවන් මග ඵල ලාභීන් සිටිය හැකි බව ඔබ දන්නවාද? අදටත් මේ රටේ විතරක් මාර්ග ඵල ලාභීන් බොහෝ සේ ඇත. විශේෂයෙන්ම දත යුතු කරුණක් වන්නේ මගඵල ලාභීන් තමන් මග ඵල ලබා ඇති බව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඒ බව සැඟවී යාම. එය දත හැක්කේ ඔවුන් කමටහන් ලබා ගන්නා ආරණ්‍ය වාසී කම්මට්ඨානාචාරීන් සමග ගැඹුරු සාකච්ඡාවන් පැවැත්වීමෙන් සහ ඔවුන් පවසනා දෑ විශ්වාස කිරීමෙනි. එමෙන්ම ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මාර්ග ඵලයන් ලබා ඇත්තේ යැයි කියා ගන්නා පුද්ගලයන්ද බොහෝ සේ ඇත. යතාර්ථය වැසී යන්නේ මේ මේ කරුණු හේතුවෙනි.

නමුත් ගැටළුව නම්, එසේ තමන් මාර්ග ඵල ලබා ඇත්තේ යැයි කියනා පුද්ගලයන්ගේ අනුගාමිකයින්ව ඔවුනට ඇප උපස්ථාන කිරීමට මිනිසුන් පෙළඹීමයි. ඒ වගේම එම මුග්ධයන්ගේ රැවටිලි ක්‍රියා හෙළි වීමත් සමගම මග ඵල ලාභීන් ඇති බව කීවත්, මෙන්න මේ මේ අය මග ඵල ලැබූ අය බව විශ්වාස කිරීමට පසුබට වීමත්, ඔවුන් කෙරේ සැක පහල කිරීමත්ය. එය සාමාන්‍ය තත්ත්වයක්. මන්දයත් වරක් රැවටුනු පුද්ගලයෙක් තවත් වරක් යම් සත්ත්‍යයක් වුවද විශ්වාස කිරීමට පැකිලීමයි. ඊට අමතරව යමෙක් මාර්ග ඵලයකට පත්ව ඇත් ද යන්න පිළිබඳව බාහිරෙන් දැක දැන ගැනීමට අපහසු බැවින් ද මෙවන් සැකයන් සාමාන්‍ය පුද්ගලයන් අතරේ හට ගනී. තවද ධර්මය පිළිබඳව මනා දැනුමක් නොමැති බවත් මේ දෙවල් පිළිබඳව වැරදි වැටහීම් ඇති වීමට හේතු කාරණා වේ. මේ උත්සාහය එවන් සැකයන්, වැරදි වැටහීම් කීපයකට පිළිතුරු සැපයීමටයි.

මාර්ග හා ඵල වශයෙන් ගත් කල නිර්වාණ ගමන සංධිස්ථාන 8කින් යුක්ත වේ. ඒ මාර්ග සිත් හා ඵල සිත් වශයෙන් ඵලයන් 4ත්, ඒ ඵලයන් වෙත ගමන් ගන්නා මාර්ගයන් 4ත්ය. මේ අට වැදෑරුම් සංධිස්ථාන වල ඉන්නා ඕනෑම පුද්ගලයෙක් ආර්යයෙක් ලෙසින් හඳුන්වන්නට පුළුවන.

සෝතාපත්ති (සෝවාන්) ඵලයට පැමිණි යමෙක් වේද ඔහු හෝ ඇය දරුණු පාපයන්ගෙන් මිදී, සතර අපායෙහි නොවැටී, මතු භවයන් 7ක් ඇතුලත අනිවාර්යයෙන්ම අර්හත්වයට පත්ව නිවන් අවබෝධ කර ගනී. මෙවන් ඇත්තෝ තමුන් සංසාරයට බැඳ තබන බැමි 10කින්, මුල් බැමි 3 වන සක්කාය දිට්ටි හෙවත් මම මගේ යන ආත්ම දෘශ්ටියත්, විචිකිච්ඡාව යන බුද්ධාදීන් සහ තෙරුවන් කෙරේ ඇති සැකයත්, සීලබ්බත පරාමාස යන වැරදි සීලයන්ගේ (කේන්දර, නැකැත්, නිමිති) සරණ යාම කියනා බැමි 3 සම්පූර්ණයෙන්ම බිඳ දමයි.

ඔවුනට කාමභෝගී දැහැමි ගිහි දිවියක් ගෙවීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් බොහෝ තරුණ වයසේදී සෝවාන් වූ විශාඛාව සහ අනේපිඬු සිටුතුමන් දැක්විය හැක. ඔවුහූ තවමත් තමා ලස්සනට සිටිය යුතු බව සිතයි, පිරිසිදුව සිටීමට සිතයි, ආදරය විඳියි, විවාහ පත් වී දරුවන් සදයි, චිත්‍රපට නැරඹීමට, ගීත ඇසීමට ප්‍රිය කරයි, තමා කැමති අහාර පාන ගැණීමට ද පසුබට නොවේ, අන්තර්ජාලයේ සැරිසරයි (මුහුණු පොතේ, විද්‍යුත් තැපෑල අඩවි වල, මිතුරන් හා කතා බහ කරයි, ගීත, වීඩියෝ දර්ශන, ඡායාරූප පල කරයි) . එනම් සාමාන්‍ය මනුශ්ෂ්‍යයෙකු කැමති සියළු දෑ කිරීමට කැමැත්ත පවතී. මන්දයත් ඔවුන් සතුව කාමරාඝ තවමත් පවතින බැවින්. නමුත් ඒවායේ නොඇලෙයි. ඕනෑම මොහොතක ඒවා ඇතෑරීමට තරම් ශක්තියක් ඔවුන් සතුව පවතී.

ඉහත කී බැමි 10න් මීලඟ බැමි 2 කාමරාඝ හා පටිඝයයි (ක්‍රෝධය). කාමරාඝ යනු හුදෙක් ලිංගික ඇසුරන්, ආශ්වාදයන් පමණක් නොව ඕනෑම සාමාන්‍ය මනුශ්ෂ්‍යයෙකුට ම පවතින සියළුම කාමයන් බවත් දැන ගත යුතුය. නමුත් සාමාන්‍ය මනුශ්ෂ්‍යයන්ට මෙන් බලවත් කාමයන් මොවුන් (සෝවාන් පුද්ගලයන්) සතුව නැති අතර සතර අපාගාමි වන අන්දමේ කාමරාඝ සහ පටිඝයන් ද නැත. එමෙන්ම ඔවුන් වෙන් කොට හඳුනා ගැනීම බොහෝ අපහසුය. එබැවින් සෝවාන් ඵලයේ පිහිටියෙකු පිළිබඳව ඔවුනට කාමයන් විඳීම කැපද යන ගැටළුව විමසීම නිෂ්ඵල වේ.

සකදාගාමී (සකෘදාගාමී) ඵලයට පත් යමෙක් වේද ඔහු හෝ ඇය එක් වරක් පමණක් මෙලොව උපදියි. බොහෝ සෙයින් මොවුන් කාමරාඝයන් සහ පටිඝයන්ගෙන් වෙන් වී ඇත, එනමුත් ඒ සම්පූර්ණයෙන් ම නොවේ. මේ අවස්ථාවේදී ඒවා බොල්, තුනී වී ඇත. මොවුන් බොහෝ සේ ප්‍රිය කරන්නේ භාවනානුයෝගීව කාලය ගත කිරීමටයි. එමෙන්ම තම පවුල් වලින් බොහෝ සෙයින් ඇලීම් රහිතව වෙසෙයි. දරු මුණුපුරන්, ස්වාමි පුරුශයන් හෝ බිරිඳ හෝ පවුල හෝ රැකියාව යන මේ දේවල් පිළිබඳව නොබැඳෙයි; ඒවා කෙරේ නොඇලෙයි; ඕනෑම අවස්ථාවක අත හරියි. ඒවායෙන් දුරස්ව සිත දියුණු කරමින් භාවනානුයෝගීව හෝ දැහැමිව කාලය ගෙවයි. එමෙන්ම ගිහියෙකු ලෙසින් විසීම ද අපහසු කරුණක් වේ. නමුත් ඇලීම් අඩු බැවින් ගැටළුවක් කර නොගනී. මක් නිසාද යත් කාමරාඝ හා පටිඝ බොල් වී ගොස් ඇති බැවිණි.

මේ නිසාවෙන් යමෙක් සකදාගාමී අයෙක් පිළිබඳව ඔහු හෝ ඇය නිසාවෙන් ඔවුනගේ ස්වාමි පුරුශයා හෝ බිරිඳ හෝ දරුවන් හෝ එම ආර්‍ය පුද්ගලයන් නිසාවෙන් අසරණ වන්නේ දැයි විමසයි නම්, ඊට දිය හැකි පිළිතුර වනුයේ, එම ස්වාමි පුරුශයා හෝ බිරිඳ හෝ දරුවන් හෝ පවුලේ සාමාජිකයන් හෝ කර්මානුරූපීව තමන්ගේ කර්ම ඵලයන් ගෙවීමක් වශයෙන් එවන් ආර්යයන් සමග විසීමට සිදු වී ඇත යනුවෙනි. එවන් ආර්යයන් සමග දුකසේ ගිහි ගෙය විසීමට සිදු වන්නේ නම් ඒ ඔවුන්ගේ කර්මයන් පල දීමක් ලෙසින් පැහැදිලි කර ගත යුතුය.

මග ඵල ලාභීහූ තමන් මේ මේ තත්ත්වයේ සිටින බවක් ප්‍රකාශ නොකරයි. කරයි නම් ඒ තම කම්මට්ඨානාචාරීන් හෝ අනුගාමිකයන් අතරේ පමණකි. එසේ නොමැතිව සාමාන්‍ය මිනිසුන්ට දැනුම් දේ නම් ඔවුන් සෝවාන් මාර්ගයේවත් පිහිටා නැති බව දත යුතුය. මන්දයත් එවන් ගමනක් යන තැනැත්තා ඒවා හෙළි නොකරන බැවින් හා සක්කාය දිට්ටිය දුරලමින් හෝ දුරු කර ඇති බැවින් හා සාමාන්‍ය මිනිසුන් ඒ ගැන අවබෝධයකින් නොබලන නිසාවෙන් හා උම්මත්තකයන් ලෙසින් හංවඩු ගැසීමට පෙළඹෙන නිසාවෙන්.

එසේ නම් අද සමාජයේ සිටිනා සිවුරු පොරවාගත් තමන් සකෘදාගාමී කියා ගන්නා, නැතහොත් ආරිය සිංහල ඇඳුම අඳිමින් සපත්තු දමා දුම්වැටි උරනා තමන් මෛත්‍රීය බුදුන් යැයි කියා ගන්නා, නැතහොත් තමන් සෝවාන් භාවය ලැබූ බව කියා ගන්නා ශාකසාර දන්තාලේප හා සබන් නිශ්පාදනායතනයක අධිපති වරයන් ගැන කිනම් කතා ද? ඔවුන් හුදෙක් ආර්‍ය මාර්ගයෙන් බොහෝ දුරින් වෙසෙනා අන්ත අසරණ වූ පුද්ගලයන් පමණකි.

4 පාඨක අදහස් | Comments:

හිත said...

niyamai yaluwa

itnishantha said...

theme eka wenas karanna kiyawanna amarui akuru pahadili na.

Anonymous said...

Mama me article sttuthi vanata vana atara yamak pavasami.

1.Sovan una kenekuta oone ayekuta kiyanna bari aye. Emapalaya labu vita mahat uddamayak ative. Me lokaya sakas vee attae stitvili damayakin bava dani yana athara. vachana valin vistrakaranna noterena deyak dani yayi. Me gana tama hitavatunata kiyadenna hite mokada mechara apahasu yai sammatha samajaya kiyana deyak, etaram apahasu novena bava dani yaami. Sathya soya yamata kamathi pudgalayanata tamath palaya labagatte mese yayi keemata puluwan. Ovn sovan una bava keemata adhriya venne samaya aya vihiluwakata ganna bavini. Nativa sovan pudgalayata mokatada eegana nokaya inna seelayk samadan venne :) Ohu Seelabatha paramasa durukala ne :).
2. nivana yanu danuvath kame sita nodanuwath kama haraha yaami meya varadhava vataha noganna. me mohotaha hariyata antha gami adahasak native dutuvoth eemohotedema satya avabodha vei

Teshan said...

සෝවාන් ඵලයට පත් වූවෙක් විතරක් නෙවෙයි සෝවාන් මාර්ගයටවත් පත් නොවූ යම් කෙනෙක් තමන් ලබන භාවනා අත්දැකීම් පවා බාහිර ලෝකයට නිරාවරණය කරන්නේ නෑ. ඒ කියන්නේ තමන්ගේ කමටහන් ගුරුවරයා සමග හැරුනු කොට කිසිම කෙනෙක් සමග හුවමාරු කර ගන්නේ නෑ. ඒ දේ කරන්නේ තමන්ගේත් අනුන්ගේත් හොඳට. ධර්මය හොඳින් දැන හඳුනන, කමටහන් වඩනා ගිහි පැවිදි අය විතරක් තමන්ගේ තත්ත්වයන් ගැන සාකච්ඡා කරන්නේ පෘථජන මිනිසුන්ට එය වටහා ගැනීමට හැකියාවක් නැති නිසායි. අනිත් දේ තමයි පෘථජන මිනිසුන් ඒ පිළිබඳව සැක පහල කරන හැම මොහොතේම, ඒ ගැන සැකයෙන් කතා කරනා හැම වෙලාවකදී ම ආර්ය උපවාද කර්ම ඒ මිනිසුන්ට සිදුවීම වැලැක්වීමත් මේ දේවල් ඔවුන්ගෙන් සැඟවීමට හේතුවක්. ප්‍රකාශ කරනවා නම් එය සෝවාන් බව ලබා නැති බවට සාක්කියක් විතරයි. මොකද සෝවාන් මගේ යන අයෙකු දන්නවා ඒ බව ලෝකය දැනගෙන වැඩක් නැති බව.

නිවන කියන්නේ මාර්ග ඵල සියල්ල අවසානයේ අත් විඳිනා දෙයක් නෙවේ. සෝවාන් ඵලයේ සිටිනා තැනැත්තා ද නිවන අත් විඳිනවා. නව ලෝකෝත්තර දහම කියන්නේත් ඔය දේටමයි. නිවන කියන්නේ මෙන්න මෙහෙමයි, මේ වගේ තැනක් කියලා ප්‍රකාශ කරන්න අමාරු දෙයක්. රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් පත් වල පවා නිවන මොන වගේද කියලා දක්වල නෑ ඒත් නිවන සාක්ශාත් කර ගන්නා මාර්ගය පැහැදිලි කරල දීලා තියෙනවා.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.