Monday, December 20, 2010

පෙර පාසල් යන ළමුන් අරන් යන අම්මලා සම්බන්ධ ලිපියක් මම කලින් වතාවකුත් පල කරා මතක ඇති. ඒකෙන් නම් කියවුනේ අවිදින්න පුළුවන් ළමයි වඩාගෙන බස් වලට නැගිලා කරදරයක් නැතුවම ආසනයක වාඩි වෙන්නට අවස්ථාව උදා කර ගැනීම ගැන නේ. මේ ලියන්නට යන කරුණ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. ඇත්තෙන්ම මම ලබපු අත්දැකීමක් නම් නෙවෙයි. එහෙම අත්දැකීමක් ලබපු අයගෙන් අහන්නට ලැබුණු දෙයක් කීවොත් වඩාත් නිවැරදියි.

මේ ලිපිය වැදගත් වෙන්නේ පෙර පාසල් යන අම්මලාටත් වඩා එයාලගේ ස්වාමි පුරුශයන්ටයි. මොකද මේ දේ ඔයාලටත් සිද්ධ වෙලා තියෙන්නට පුළුවනි. ඒ වගේම සිද්ධ වෙන්න තියෙනවා වෙන්නට පුළුවනි. ඒත් මේ දේ තවත් කෙනෙක්ගේ උවමනාවක් නිසා සිද්ධ වෙන දෙයක් කීවොත් වඩාත් නිවැරදියි. මොකද තනි අතකින් අත්පුඩි ගහන්නට බැරුවාක් වාගේම මේ දේටත් දෙන්නෙක්ගේ කැමැත්ත තියෙන්නම වෙනවා. එක අතකට පෙළඹවීමක් කියලාත් කියන්නට පුළුවන්.

මේ දේ ගැන දැන ගන්නට ලැබුනේ මීට අවුරුදු තුනකට විතර කලින් තියාමයි. ඒත් එතකොට බ්ලොග්කරණයට ඇවිල්ලාවත් හිටියේ නැතිනිසා, ඒ දේ අදටත් සමාජයේ සිද්ධ වෙන නිසාත් මේ ගැන දැන් හරි ඔයාලට කියන්නටයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙන්ම කියනවා නම් මේ දේ අදාළ වෙන්නේ අලුත විවාහ පත් වුනු තරුණ වියේ ඉන්නා කාන්තාවන්ට, එහෙමත් නැතිනම් පෙර පාසල් දරුවන් රැගෙන යන තරුණ අම්මලාටයි.

ඇත්තෙන්ම මම තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරද්දී ඒ පංතියේ හිටපු පිරිමි ළමයින් අතින් තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. නම් ගම් කියන්න හොඳ නැති නිසා ඒ ගැන සඳහනක් නොකර සිටීම වඩා හොඳ කියලායි මට හිතෙන්නේ. ඉතින් මේ පංතිය ආසන්නයේම පෙර පාසලකුත් තිබුණා. බොහෝ වෙලාවට මේ පිරිමි ළමයින් පිරිස පංතියේ විවේක කාලයේදී මේ පෙර පාසල අසල ගැවසුන බව ඔවුන්ම කියා සිටියා. පංතියේ විවේක කාලයට තමයි බොහෝ වෙලාවට පෙර පාසල අවසන් වෙන්නේත්. ඉතින් මේ ගැවසීමෙන් ඒ අයට ඒ පෙර පාසලට දරුවන් රැගෙන ආ තරුණ කාන්තාවන් කීප දෙනෙක් එක්කම කාමුකව හැසිර රති සුව විඳින්නටත් අවස්ථාව උදා වෙලා තියෙනවා. නිතර ගැවසිලා ඒ කාන්තාවන් සමග කතා බහට වැටිලා එයින් ඇති කර ගන්නා සුහදතාවලින් ඇරඹෙන දෙයින් තමයි අවසානයේ මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ.

මෙන්න මේ දේ තමයි සමහරක් තරුණ මව්වරුන් තම ස්වාමිපුරුශයන්ට රහසේ කරන, කරන්නට සිද්ධ වෙලා තියෙන සහ කරන්නට පෙළඹෙවෙන දෙය. මේකට ඒ ඒ තරුණියන්ටම විතරක් දෝෂාරෝපණය කරන්නට බෑ. නමුත් නොකරත් බෑ. විවාහ පත්ව දරු මල්ලන් ලබා සිටියදීත් වෙනත් අය සමග කාමුකව හැසිරීම අනුමත කළ නොහැකි දෙයක් නිසාවෙන් ඔවුන් සතුවද මීට දැඩි වරදක් පැටවෙනවා. ඒ වගේම මේ වරදට ඒ කාන්තාවන් පොළඹවා ගන්න තරුණයින් සතුවත් වරදක් සැමවිටම තිබෙනවා. ඒ ගැන මගේ කලින් ලිපි කීපයකම වගේ මම සඳහන් කරලාත් තියෙනවා. මේ දේවල් වලට ඇත්තම හේතුව සමහර විට ඒ කාන්තාවන් තරුණ වයසේ පසු වීම හෝ තම ස්වාමිපුරුශයන්ගෙන් නිසි සැලකිලි නොලැබීම වෙන්නත් පුළුවනි. ඒ වගේම තම ස්වාමිපුරුශයන්ගෙන් සතුටට පත් නොවීමත් වෙන්න පුළුවන්. කරුණු බොහෝමයක් මේත් එක්කම මතු වෙනවා. ඒත් ඒ ඒ කෙනාට බලපාන කරුණු එකිනෙකට වෙනස් වෙනවා.

ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලින් විතරක් නෙවෙයි තවත් නා නා ප්‍රකාර ආකාර වලින් තම තමන්ගේ බිරින්දෑවරුන් ආරක්ෂා කර ගන්නට ස්වාමිපුරුශයන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම වෙන්නත් පුළුවන්. තම බිරින්දෑවරු මේ වගේ අපචාර වලට කැමැත්තෙන්ම ලක් වෙන බව නොදන්නවා වෙන්නත් පුළුවන්. මේ එක සිද්ධියක් ගැන ලියවුනු ලිපියක් පමණක් වූවාට මින් එහා අපි නොදකින බොහෝ දෑ සම්බන්ධයෙන් නොලියවෙන ලිපි බොහෝ ප්‍රමාණයක් තියෙන්නටත් පුළුවනි.

15 පාඨක අදහස් | Comments:

Google Bot said...

ඕක ඇත්තක්ම කියල කියන්නෙ කොහොමද?
අර යාලුවො ටික බොරුවට කිව්වා වෙන්න බැරිද?

Anonymous said...

එළ

සංකල්ප said...

ඕකට ගොඩක්ම හේතු වෙන්නේ ඔය අම්මලා ඉන්නේ තරුණ වයසේ හින්දා . හැබැයි එහෙම කියලා ඒ අයට නිදහසේ හැමදේම කරන්න ඉඩ දීලා බලන් ඉන්නත් බෑ.

මොනවා උනත් කසාද බැන්දට පස්සේ ඔහොම දේවල් වලට යන එක අනුමත කරන්නම බෑ. හැගීම් කියනදේ කාටත් තියෙනවා. ඒවා තමන්ගේ ස්වාමි පුරුශයා වෙනුවෙන් තමන්ගේ ළමයා වෙනුවෙන් යටපත් කරගෙන ඉන්න එකයි උතුම් !!!

අනික අම්මා ඔහොම දේවල් කරනකොට අර ළමයට ඇතිවෙන නින්දාව !! ළමයා පොඩි හින්දා ඕවා තේරෙන එකක් නෑ. ඒත් ඒ ළමයා ලොකු උනාම .....?

මෙහෙම කාරණාවල් මතුකරලා ගත්ත එකට ගොඩක් ස්තුතියි !!!!!

Teshan said...

@Google Bot:
මේ දේවල් ඇත්ත වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩියි. මොකද ඒ අය කියපු බොහෝමයක් දේවල් ඇත්ත නිසා. මේ දේවල් හැරුනම තව ගොඩක් දේවල්.

@madhuranga:
මේ පැත්තේ ඇවිත් ගියාට තුති

Anonymous said...

ඔය කතාව ඇත්ත වෙන්න පුලුවන්.මටත් ඔය වගේ සිද්ධික් මතකයි.අපෙ නංගි මොන්ටිසෝරි ගියේ ප්‍රසිද්ධ පන්සලක තිබිබ එකකට.ඒකට ළමයි දෙන්නෙක් එක්ක ආපු අම්මල දෙන්නෙක් පන්සලේ
වැඩිහිටි හාමුදුරුවො කෙනෙක් එක්ක රතී සුව වින්දා.


රංග
මාතර

Teshan said...

හාමුදුරුවරුන් ගැනත් කියන්නට දේවල් නම් බොහෝමයක් තියෙනවා. ඉඩ ලැබෙන වෙලාවට ලියන්නම්කෝ.

Anonymous said...

@ano
මතක් කරන්න එපා ඔය තට්ට සංඝයා..

Teshan said...

හහ් හා!!! මට පේන්නේ ඒ ලිපියත් හනිකට පල කරොත් හොඳයි වගේ..

Buddhika kasun said...

කාරනේ බරපතලයි

dinesh said...

අපේ පැත්තෙත් තියනවා සුපිරි මොන්ටිසෝරියක්.ඒකෙත් ඔය වාගෙ සුපිරි වැඩ වෙනවා.ඒ දවස්වල අපි ඉතින් පොඩියිනොවැ.ගිය දවසක රවුමක් දාල බලන්න ඕනෙ.
එල පෝස්ට් එක.

ජංජාල චාමර said...

සමාජ විවිධයි , විෂමයි ... තමන් දැනගන්න ඕනි ජීවත් වෙන්න හරි විදියට... මට හිතුණේ එහෙමයි

Anonymous said...

ජාතිය, ආගම, කුලය, සංස්කෘතිය, සදාචාරය, සමාජ ස්තරය, අධයාපන තත්වය, ආර්තික මට්ටම.... ඔය හැම වැල්වටාරමක්ම පැත්තකින් තියලා අපේ ජීවිත වල ඇතුල බැලුවම අපි හැමෝම හොයන්නේ "වින්දනය" විතරයි.
එච්චරයි

Nadun said...

මේ කථාව බොරුවක් නෙවෙයි. ඇත්ත. මට නම් අත්දැකීම් නැහැ. නමුත් මම සමාජ විමර්ශන පොත් පත්වල, ලිපි වල මේ දේවල් ගැන කියවලා තියනවා. මේවා දුරදිග ගොස් තමන්ගේ දෙවැනි ලමයා තමන්ගේ යැයි සිතාගෙන ආදරෙන් නලවන පියවරුන් ගැනත් ඒවයි සඳහන් වෙලා තියනවා. කවුරු කවුරුත් තමන්ගේ ආගම දහම අනුව ජීවත් වනවානම් අසම්මත චර්යාවන් හටගන්නේ නෑ. අපේ තරුණයන්ගෙත් ලොකු වැරැද්දක් තියනවා තමයි. නමුත් ඔවුන්ට චෝදනා එල්ල කරන්න බෑ , මොකද පිරිමියෙක් ජීව විද්‍යාත්මකව හැදිලා තියෙන්නේ තම වර්ගයා බෝකරන්නයි. ඇත්තටම ඔවුන් ලිංගික ආශාවෙන් පෙලෙන කොටසක්. මොනවා වුනත් අපි තරුණයන් විදියට තමන්ගේ හිත පාලනය කරගෙන නිවැරදිව ජීවත් වෙමු.

හතර සිනහව ගැන සිංහල ජනශුතියේ හතර වැනි සිනහවට මෙහෙමයි තියෙන්නේ ....
සොර සැමිගෙන් ලද පුතුව නලවන හිමිව දැක බිරිය කට කොණෙන් නගන සිනහව..

මේ ගැටලු අද ඊයේ තිබුන දේවල් නෙවෙයි.

Teshan said...

@dinesh
රවුමක් දාලා බලන්නේ අම්ම කෙනෙක්ව අල්ල ගන්න පුළුවන් වෙයිද බලන්නද? :D hiks

@Nadun & Anonymous
අද කාලේ පිරිමි ළමයින්ව ගැහැණු ළමයින්ටත් වඩා පරිස්සම් කරලා හදා ගන්න තරමටයි හොඳ. මොකද පිරිමි ළමයින්ට අසීමිත වින්දන නිදහසක් තියෙන හින්දා සීමාවල් වැට කඩුළු ගැන අවබෝධයක් එන්නේ සමහර විට පස්ස බිම ඇන ගත්තු වෙලාවකයි. පිරිමි ළමයි ටෛක හරියට හදා ගත්තොත් ගැහැණු ළමයි ටිකත් පරිස්සම් කර ගන්න පුළුවනි. මොකද ඉතින් ඔය දෙගොල්ලො තරම් ප්‍රභල කාන්දම් 2ක්වත් ආකර්ශනය වෙන්නේ නෑ නේ.

---------------
අදහසක් දාන්න මේ පැත්තට ආපු හැමෝටම ස්තූතියි.

Anonymous said...

MILF

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.