Saturday, March 19, 2011

මාතෘකාව දැක්කම නම් හැමෝටම හිතෙන්න පුළුවන් මේ ලිපිය හරිම අසභ්‍ය ගණයේ ලිපියක් වෙන්න ඇති කියලා. මොකද මාතෘකාවෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ වගේ දෙයක් කියලා හිතන නිසාවෙන්. ඇත්තෙන්ම ඒක එක අතකට නිවැරදියි. ඒ වගේම එක අතකින් වැරදියි. මොකද මේ කියන්න යන දෙය අසභ්‍ය දේවල් කරන අය වෙනුවෙන් ලියැවෙන ලිපියක්. මේ ලිපියට අදාළ වෙන මූලාශ්‍ර පහුගිය කාලයේදී නිතර අහන්න දකින්න ලැබුනා ඔයාලට මතක ඇති. විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔස්සේ වගේම අන්තර්ජාල සන්නිවේදන හරහාත් බොහෝමයක් දෙනාට දැක දැන ගන්නට ලැබුණු දෙයක් හැටියටයි මේ ගැන කියන්න තියෙන්නේ. කාර්යබහුලත්වය නිසාම මේ ලිපිය ලියන්නට සිද්ධ වුනේ ඒ ප්‍රවෘත්තිය බෙහෙවින්ම කියවුනු කාලයත් පහු කරලායි. ඒත් එයින් සිද්ධ වුනු හානිය හරි, හොඳකම හරි ගැනයි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ.

ලිපියේ මාතෘකාව දකිද්දී ඔයාලට හිතුන දේ යම් තරමක් නිවැරදියි. මේ මාතෘකාවට අඩංගු වෙන්නේ යම්කිසි බැන වැදීමකදී කියවෙන ආකාරයේ වචන කිහිපයක්. මේ වචන කිහිපය පහුගිය කාලයේදී සමහර නිවෙස් වලින්ම අහන්න ලැබෙන්නත් ඇති. සමහර විට ඔයාලගෙන් කාගෙ හරි ගෙදරකින්ම වෙන්නත් පුළුවන්.

ඇත්තෙන්ම මේ ලිපිය ලියැවෙන්නේ අන්න ඒ බැන වැදීම් වලට ලක් වුනු උදවිය පිළිබඳවයි. මෑතකදී ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනු එක්තරා ප්‍රවෘත්තියක් තමයි අසැබි, ලිංගික දර්ශන සහිත වීඩියෝ පට සහ චායාරූප වලට පෙනී හිටි කාන්තා, පිරිමි දෙපාර්ශවයේම ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කොට පොලීස් භාරයට පැමිණෙන ලෙසට කළ ප්‍රචාරය. මේ හේතුව නිසා සාධාරණය ඉෂ්ඨ වුනු වගේම තවත් අගාධයට ඇද වැටුණු බොහෝමයක් ඒ ඡායාරූප අතරේ ඉන්නට ඇති. මන්දයත් ඒ සියළුම පුද්ගලයන් මෙරට පුරවැසියන් වීමත් ඒවා රට පුරාම ප්‍රචාරය කිරීමෙන් ඔවුනොවුන්ට සිදු වන අපකීර්තිමත් වළාවෙන් ඈත් වන්නට කිසිසේත්ම ඉඩ ප්‍රස්ථාවක් මින් මතුවටත් නොලැබීම නිසා.

මේ වීඩියෝ පට වගේම ඡායාරූපයන් කැමරාගත කරන්නට හේතු වන කාරණා කීපයක්ම සඳහන් කරන්නට පුළුවනි. එක් කාරණාවක් මාගේ කලින් ලිපියකිනුත් සඳහන් කරන්නට යෙදුනා. ඒ තමයි අන්තර්ජාලය හරහා ස්කයිප් වැනි මෘදුකාංග ඔස්සේ සිදු වෙන වීඩියෝ ඇමතුම් මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන, වීඩියෝ පට ආශ්‍රිත ඡායාරූප මෙන්ම එකිනෙකා හුවමාරු කර ගන්නා අතිශය පෞද්ගලික ඡායාරූපයන්.

එම ලිපියෙන් නොකියවුණු කරුණු කාරණා බොහෝමයක් ගැනත් මෙතනදී මතක් කරන්නට පුළුවන්. එක් දෙයක් තමයි පෙම්වතුන් දෙදෙනෙකු හෝ ලිංගික වෘත්තිකයන් සමග හෝ ලිංගිකව හැසිරෙන අවස්ථාවන් වලදී ජංගම දුරකතන මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන, එම ලිංගික කාර්යයට සම්බන්ධ දෙපිරිසගේම කැමැත්ත පරිදි හෝ එක අයෙකුගේ පුද්ගලික කැමැත්ත මත හෝ, ද්වේශ සහගත පළිගැනීමක් නිසාවෙන් හෝ අන්තර්ජාලයට මුදා හැරීම වගේම සංයුක්ත තැටි මගින් සමාජය පුරා බෙදා හැරීම වගේ දේවල්. නමුත් සමහර අවස්ථාවන් වලදී එවන් අවස්ථාවන් වලදී ලබා ගන්නා ජංගම දුරකතන වීඩියෝ පට හෝ ඡායාරූප, තමාගේ නොදැනුවත්කමින් හෝ අනුදැනුමකින් තොරව වෙනත් පුද්ගලයන් වෙත සංසරණය වීම සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට හෝටල් කාමරයක මධුසමය ගත කරනා යුවලක් ජංගම දුරකතනයකින් ලබා ගන්නා ඡායාරූප, ඒ යුවලගේ අනුදැනුමකින් තොරව, ජංගම දුරකතනය පිළිබඳව අවධානය යොමුව නැති විටකදී හෝටල් කාමරය පිරිසිදු කිරීමට පැමිණෙනා පුද්ගලයින් අතට පත් වීම වගේ කරුණු. ඒ වගේම සහකරුවාගේ හෝ සහකාරියගේ දැනීමකින් තොරව හොර රහසේ ලබා ගන්නා වීඩියෝ දර්ශන පවා මේ කාරණාවට සම්බන්ධ වීම.

මේ වගේ ඕනෑම අවස්ථාවකදී සිදු වෙන්නේ අදාල පුද්ගලයන්ගේ තත්ත්වය සහ පැවැත්ම සම්පූර්ණයෙන්ම වතුරේ ගසා ගෙන යාමක් හා සමාන දෙයක්. මෑතකදී පල වුණු ප්‍රවෘත්ති ඔස්සේත්, ජනමාධ්‍ය ඔස්සේත් හෙළි කළ, ඒ ආකාරයෙන් පැතිරී ගොස් තිබුණු අසභ්‍ය වීඩියෝ පට වල පෙනී සිටි සමහර දෙනාගේ ප්‍රකාශයන් වල තිබුනේ ඒවා තමන් නොදැනුවත්ව ලබා ගත් දේවල් ලෙසටයි. කෙනෙකු බිය වද්දවා, කළ රූපගත කිරීම් පිළිබඳවත් අදටත් ප්‍රවෘත්ති විකාශයන්ගෙන් අසන්නට ලැබෙන දෙයක්. නොදැනුවත්කම නිසාවෙන් හෝ සිද්ධ වෙන අසම්මත ලිංගික හැසිරීම්, නානාප්‍රකාරයේ කණ්ඩායම්, ගණිකාවන් සපයන්නන් විසින් හොර රහසේ ඡායාරූපගත කරලා ඒ ඡායාරූප අදාල තරුණියට හෝ තරුණයාට පෙන්වා බිය වදා ඔවුන් සදාකාලික ලිංගික සේවකයන් බවට පරිවර්තනය කළ බවට පුවත් වල සඳහන් වුණු අවස්ථා ඔයාලටත් අහන්නට ලැබිලා ඇති.

දෙමාපියන් අමාරුවන් හරි හම්බ කල දේවල් උපකාරක පංති වලට යට කරලා ඒ පංති වලටත් නොගිහින් පෙම්වතුන් පෙම්වතියන් එක්ක හිතේ පදමට සැරිසරලා අන්තිමේදී තමන්ගේම කිට්ටුවන්තයින්ගේ ගොදුරු බවට පත් වෙලා මේ වගේ දේවල් වලට පැටලීමම එක්තරා පැතිකඩකින් ඒ අය ලබන දඬුවම විදියටත් අර්ථකතනය කරන්න පුළුවනි. මේ වගේ දෙවල් වලට ගොදුරු වෙන්න කලින්ම මේ ගැන හිතලා වැඩ කිරීම, මට, ඔයලාට වගේම මේ මුළු සමාජයේම ජීවත් වෙන හැම දෙනාටම හැම අතින්ම වාසිදායක වේවි. ඒ නිසාවෙන් වල්මත් බවෙන් දුරස් වෙන්න පුරුදු පුහුණු වීමයි වඩාත් යෝග්‍ය වෙන්නේ.

7 පාඨක අදහස් | Comments:

තරිඳු said...

මේ කතාවනං සහතික ඇත්ත..
මම දැක්ක විදිහට බැඳල හනිමූන් ගිය එකෙක්වත් ඔය ෆොටෝවල හිටියේ නෑ... පන්ති ගිහින් නිලියො/නලුවො වෙච්ච උන් මිසක්..

නිදාගන්ඩ කලින් හිතන එකනං බොහොම වැදගත්.. පින්තූරෙට මූන වැටුනත් නැතත් තමන්ට ඒක වටිනවා..

Anonymous said...

ඔව්,ඔව් කෙල්ලනේ .කොල්ලත් එක්ක ක්ලාස් කට් කරල රූම් වලට ගියාට කමක් නෑ.පොඩි ආතල් එකක් හරි,උපරිම ආතල් එක හරි ගත්තත් කමක් නෑ.හැබැයි අනිත් එකාට ඉරියව් හරි අවයව හරි වීඩියෝ කොර ගන්නනම් දෙන්න එපා.එහෙම උනොත් කවද හරි බැන්ද දවසකට උනත් නිවනක් නැති වෙන්න පුළුවන්.මොකද ඔය පන්ති යන කාලෙ ආතල් ගන්න එකීව නෙමෙයිනෙ අන්තිමට බඳින්නේ.මේ කොමන්ට් කොරන එකාටත් මේ දවස් වල ඔය කිව්ව වාගෙ වීඩියෝ කෑල්ලක් හින්ද සැප කනේ තියෙන්නෙ.

කොල්ලන්ට කියන්න තියෙන්නෙ උබල කොහොම හරි පුලුවන් තරම් කෙල්ලන්ගෙන් ආතල් ගනිල්ලා.ඔය ෆන් හැමදාම නෑ.කෙල්ලට හොරෙන් වීඩියෝ බැරිනම් පොටෝ කෑල්ලක් හරි හෙලුවැල්ලෙන් ඉන්න වෙලාවට අල්ල ගත්තොත් අතේ මහ ගන්න එකට අමතරව අනාගතේට වැඩක් ගන්නත් පුලුවන්.

කතන්දර Kathandara said...

ලිංගික දේවල් ගැන තියෙන සමාජ තහංචි අඩුවෙන තරමට ඔය නොහොඹිනා වැඩත් නැති වෙලා යාවි.

Anonymous said...

aththatama me dewal walata nithiya wadi nisa thamai me hamadema...

IndraJ said...

මවක් ළමයෙක් බිහි කිරීම උතුම්දෙයක් හැබැයි ඊට මූලික වන ක්‍රියාකාරකම් කුණුහරුප, සමාජයේ විවෘතව කථා කළ යුතු දේවල් හංගනකන් මේව වලක්වන්න බෑ.

Anonymous said...

ane ithin umbata paan da ?? :P

Kavinda said...

ma obe lipiya mage page eke pala karanawa..ma hithanawa oba akamathi nowewi kiya

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.