Thursday, March 17, 2011

මෙම ලිපිය පෙර ලිපියට ඌණ පූර්ණයක් සපයනු වස් ලියැවෙන්නක්. ඒ වගේම පෙර ලිපියට පැමිණි පාඨක අදහස් වලට පිළිතුරු වශයෙනුත් දිග හැරෙන ලිපියක් ලෙසද සැලකිය හැක.

බුදු රජාණන් වහන්සේ කිරීමට අනුදැන වදාළ දෑ පිළිබඳව මෙන්ම නොකිරීමට අනුදැන වදාළ දෑ පිළිබඳවත් දේශණා කොට තිබෙනවා. ඒ අතරම, කිරීම හෝ නොකිරීම හෝ තමන් සිතැඟි පරිද්දෙන් කිරීමට බාධාවක් නැති බවටත් සඳහන් කර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් එය තුන් කල්හිම සත්ත්‍ය වනවා මෙන්ම එය අකාලික ධර්මයකුත් වෙනවා. ඒ අකාලික ධර්මයේ සඳහන් බොහෝමයක් දෑ තමන්ගේ නුවණින් යුතුව අවබෝධ කරගත යුතු, පැහැදිලි කරගත යුතු දෑයි. යමක් කරන්නට කලින් සිතා බැලිය යුත්තාක් මෙන් කරනා ඕනෑම දෙයක් පසුපස ඒවායේ විපාක හෝ ආනිසංස පැමිණේ.

බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නේ මිනිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් නිවැරදිව සිදු කරන්නේ කෙසේද යන්න පහදා දෙන්නට නොවේ. බුදු කෙනෙකුන් වැනි දුර්ලභ වස්තුවක් ලොවට පහල වන්නේ ලොවේ සදාකාලිකවම පවතින චතුරාර්‍ය සත්ත්‍ය ධර්ම නැවතත් ඉස්මතු කොට අවබෝධ කොටගෙන අන් සත්ත්වයන් කෙරේ දයාවෙන් යුතුව ඔවුන්ද මේ සංසාරයෙන් එතෙර කරවීම සඳහායි. ඒ ගමනේදී උන් වහන්සේ දේශනා කොට වදාළ බොහෝමයක් දෑ කිරීමෙන් ඇතිවන ආනිසංස හෝ විපාකත්, යම් යම් දෑ නොකිරීමෙන් ඇතිවෙන ආනිසංස හෝ විපාකත් සඳහන් කර තිබෙනවා. බුද්ධිමත් මිනිසුන් හෝ වේවා මෝඩ මුග්ධයින් මිනිසුන් වේවා, තිරිසනුන් වේවා, තම සිතේ ඇතිවෙන ඕනෑම ආශාවක් තෘෂ්ණාවක් ලෙසින් අර්ථ දක්වන්නට පුළුවනි. බුදු දහම අප අපේ ජීවිත වලට යොදා ගත යුත්තේ ආශාවන් පසු පස හඹා යන්නට නොව ආශාවන්ට ඇති ඇල්ම, ලොල් බව අඩු කර ගැනීමටයි. මෙම ආශාවන් ඕනෑම දේකට අදාළයි. ඕනෑම දෙයක් සම්බන්ධව ඇති වී නැතිවී යා හැකියි. ඒ සදාතනික සත්‍යයක් වන සියළු දේ අනිත්‍ය යන්න මොනවට පැහැදිලි වන අවස්ථාවක්.

මිනිසත් බවක් ලබා උපදින්නට ඇති හැකියාවත්, පහසුකමත් බෙහෙවින්ම අඩු බැවිනුත්, බුද්ධෝත්පාද සමයක සත් බවක් ලබා උපත ලැබීම ඊටත් වඩා දුර්ලභ කාරණාවක් බැවින් ඒ වකවානුව ඇතුලත තම ජීවිතය අර්ථවත් දේවල් සඳහා යොමු කිරීමයි වැදගත් වෙන්නේ. මන්දයත් සසර ගමන කෙටි නොවූවක් නිසා. දීර්ඝ වන සසර ගමන දුක් සහිත බැවින්, කටුක බැවින් එය කෙටි කර ගැනීමට කළ හැකි සියළු උත්සාහයන් දැරීමට මිනිස් ආයු කාලය නිමා වන්නට ප්‍රථමයෙන් කටයුතු කළ යුතුව තිබේ. අද විනෝද වී හෙට මියෙන්නට, අද ලැබිය යුතු සැප සම්පත් සියල්ල ලබාගෙන හෙට මිය යන්නට කැමති පිරිසක් වුවද කර ගන්නේ සසර ගමන කෙටි කර ගැනීමක් නොවේ දිගු කර ගැනීමක්. එයට තමන් උපන් දා සිට මැරෙන තුරාවටම කරන කියන සියළුම දෑ වල බලපෑම පවතී.

සසර බැඳ තබන සංයෝජන ධර්ම 10 ක් පිළිබඳව බුදු රජුන් දේශණා කොට වදාරා තිබෙනවා. බුදු දහම, ඒ බැමි 10 එකින් එක ලිහන්නට උත්සාහ දරනවා වෙනුවට ආශාවන් ඔස්සේ හඹා ගොස් තෘෂ්ණාව හරහා කෙලෙස් අන්ධකාරයේ තනි වන්නට මග පෙන්වන දහමක් නොවේ.

බුදු දහමේ විවාහයට පෙර ලිංගික ඇසුරක් පවත්වා ගැනීම හෝ නොගැනීම පිළිබඳව සඳහන් කිරීමක් සිදු වෙලා නැති වන්නට පුළුවනි. මාගේ දැනීමට අනුව, එසේ ප්‍රකාශ කිරීමත් වරදකි. නමුත්, බුදු දහම ලොව ඇති වීමටත් පෙර සිටම පැවති පෙහෙවස් සමාදන් වීම් හා අදාළ පංචශීලය බුදු රදුන් විසින් දේශණා කොට වදාළේ එය වැරදි වලින් මිනිසුන් ඈත් කොට තැබීමේ මූලිකම අඩිතාලම නිසා විය හැකිය. එයිනුත් තෙවැනියට සඳහන් ශික්ෂාව, විවාහයෙන් පසු තමන්ට අනයත් සහකරුවන් හෝ සහකාරියන් සමග කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකන ශික්ෂණය ඇති කිරීමට බෙහෙවින් උපකාරී වේ. නමුත් එහි ඇති එකම අර්ථය එයම පමණක් නොවන බව හොඳින් වටහා ගත යුතුය. එයින් සඳහන් නොකරන දෙය තුරුම්පුවක්, සහනදායී පිළිවෙතක් හෝ මාර්ගයක් කර ගැනීම සියළු දෙනාටම බොහෝ ලිංගික චර්යාවන් පහසුවෙන්ම සාධාරණීකරණය කරන්නට උපකාරී වන්නට ඇත. එනම් විවාහයට පසු අනාචාරයේ යෙදීම වරදක් බව දේශණා කොට තිබීම විනා විවාහයට පෙර අනාචාරයේ යෙදීම වරදක් බව දේශණා නොකොට තිබීම ලෙසින් වැරදි කොනකින් ධර්මය අල්ලා ගැනීමයි.

විපාක සහ ආනිසංස ගැන මැනවින් පැහැදිලි කර දී කළ යුත්ත සහ නොකළ යුත්ත තීරණය කිරීමේ නිදහස බුදු දහමින් මිනිසාට ලබා දී ඇත. ඕනෑම අයෙකුට බුදු දහම අධ්‍යයනය කිරීමට බාධාවක් නැත. ලිංගික ආශාවන් හෝ වෙනත් ඕනෑම ආශාවක් හෝ වේවා ඒ කුමන ආශාවක්ම ඇලීමක් දක්වා වර්ධනය වන්නට ගත වන්නේ ඉතාමත් සුළු මොහොතකි. බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්ත්ව සමයේදී සොළොස්වන වියෙහිදී විවාහ පත් වීමට ප්‍රථම, කාන්තාවන් සමග හෝ යශෝධරාවන් සමග රමණයේ යෙදුනු බවක් බෞද්ධ ඉතිහාසයේ හෝ, බුද්ධ චරිතයේ හෝ අට්ඨ කතාවල හෝ සඳහන් වී නැතැයි මා සිතනවා. යමෙක්, සොළොස් විය ලිංගිකාශාවන් සපුරා ගැනීමට සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතය උදාහරණයට ගන්නේ නම් එවන් තර්කයක් ඉදිරිපත් කිරීමට සුදුසු බුද්ධියක් ඔහු සතුව අනිවාර්යෙන්ම මඳ විය යුතුය; බුද්ධ චරිතය පිළිබඳව ඇති අවබෝධය හා දැනුම මඳ විය යුතුය. මන්දයත් සිද්ධාර්ථ කුමරුන් සොළොස්වස් විය සපුරන්නේ සියළු ශිල්ප ශාස්ථ්‍රාදීන්ගෙන් හෙබි රජ කුමරෙකු ලෙසිනි. අදට එම කරුණ අපට ආදේශ කර ගත හැකිද? නැතහොත් විදේශයන්ගේ සිටිනා සොළොස් විය සැපිරූ තරුණ තරුණියන්ට සම කළ හැකිද යන්න පිළිබඳව ගැටළුවක්ද පැන නගී.

"කාමේසුමිච්ඡාචාරා වේරමණී.." යන්න "නිවන් මග එලි කරන ආර්ය ධර්මය!" අඩවියේ ලිපියක විවරණය කොට ඇති පරිදි බුදු රජුන් විසින් දේශණා කොට ඇත්තේ,

“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ ගාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද බ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි. මේ මාගේ තෙවෙනි සික්ඛාවයි” යන ලෙසිනි.

"බුදු සරණ අන්තර්ජාල කලාපය" ක විවරණය කොට ඇති පරිදි කාම මිත්‍යාචාරය සිදු වන්නට සැපිරිය යුතු කරුණු 4ක් ගැන සඳහන් කොට ඇත. ඒවා නම්,
1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

ලිංගික ඊර්ෂ්‍යාවකින් පෙළීමට කිසිදු අවශ්‍යතාවක් මා හට නොමැත. ඒ මක් නිසාද යත්, වෛශ්‍යාවන් සමග නොමිලේම ලිංගික සේවනයන්ට මාගේ මිතුරන්ගෙන් මා ලද ආරාධනාවන් මා විසින් ප්‍රතික්ශේප කළ අවස්ථා බොහෝමයක් තිබූ නිසාවෙනි. ඊර්ෂ්‍යාවක් හට ගත යුත්තේ තමාට නැති, අනුන්ට ඇති සැපතක් හෝ වස්තුවක්, දායාදයක් තමන්ට නොමැති වීම හේතුවෙන් හිතේ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව හට ගන්නා සිතුවිලි හා ද්වේශයන් අරමුණු කොට ගෙනයි.

කරන කියන හැම දෙයකටම සිත පදනම් වන නිසාවෙන් කිසිදු දෙයක් බුද්ධ ධර්මයෙන් බැහැරව අර්ථ දැක්වීමට නොහැකි බවත් සිහියෙහි තබා ගත යුතුය. බුදු දහම යනු පරලොව සෙත සලසන ධර්මයක් පමණක් නොවන බවත් සිහි ගැන්විය යුතුයි. බුදු දහමට අනුව ජීවත්ව සිටිනා කාලය තුරාවට රැස් කරනා කුසලාකුසල කර්ම පරලොව තීරණය වන්නට පිටිවහලක් වේ. ඒ කුසලාකුසලයන් ගෙවන ජීවිතයද සාර්ථකව ගෙන යාමට උපකාරී වේ. එහෙයින් වඩාත්ම බුදු දහමේ සඳහන් වී ඇත්තේ මෙලොව ජීවිතය සැපවත් කර ගන්නා ආකාරය පිළිබඳවයි. මෙලොවදී වැපිරූ බීජයන්ගේ ඵලදාව මෙලොවදීත්, පරලොවදීත් ලබන්නට උදව් වෙන එකම දහම බුදු දහම පමණකි.

5 පාඨක අදහස් | Comments:

සූස්ති ගුණේ said...

ඉතිං සෑර්, සෑර්ට කියන්න පුලුවං ඉරිසියාව නෙමෙයි කියලා. ඒත් ඉරිසියාව ඇතිවෙන්නෙ ඇයි. සෑර් ගේ පුරුශ ලිංගෙ ප්‍රාණවත් නැති නිසානේ, ඒක පොඩියි කියල පොඩි කාලේ යාලුවෝ විහිලු කරා නේ? ඔන්න ඕකයි සෑර්ගෙ මානසික රෝගේ? ප්‍රානවත් නොවන එකට බේත් තියෙනවා.

Anonymous said...

සුස්ති යො
එහෙම කියන්න එපා, මේක ලියන්නෙ මම දන්න කෙනෙක් , නියම කොල්ලෙක් එහෙම අඩුපාඩුවක් තියෙන එකෙක් නෙමෙයි.
මෙකෙ තියෙන දේවල් වලට මාත් එච්චර එකග නැ තමයි ඒත් ඔයවගේ දේවල් කියන්න එපා.
පුලුවන් නම් මේකට සම්බන්ද කරුනු කියල තර්ක කරන්න.

pandukabaya said...

ඔබතුමාගේ ලිපි වෙනත් බ්ලොග් අඩවි විල පවතින ලිපි වලට වඩා තරමක් වෙනස්. සමාජයේ බහුතරයක් සිතන පතන ආකාරයේන් පරිබාහිරව ඔබතුමා ක්‍රියා කරනවා. සමාජයේ යතාර්ථය අපිට නොපෙනුනත් ඔබතුමාට පෙනෙන්න පුලුවන්. ඔබගේ ලිපි මම ඉතා අගය කරනවා. මේ කෙසේ වෙතත් මෙම ලේඛකයා ගේ වින්තනය තමන්ගේ අදහස් සමග නොගැලපෙන නිසා ඔහුට නිර්දය ලෙස ප්‍රහාර එල්ල කිරීම නම් මම හෙලා දකිනවා

Anonymous said...

සූස්ති ගුණේට,

ටැබුවො,වැඩේ අනා ගන්නනම් එපා.උඹ කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන් සමහර විට.

තීර්ථ යාත්‍රිකයා said...

ඔබේ ලිපි හරවත්.මම එකඟ වනවා අඩංගු කාරණා සම්බන්ධයෙන්

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.