Friday, August 6, 2010

කළු ගඟේ ඛේදවාචකය පහුගිය කාලයේ හරිම ප්‍රසිද්ධ වුණු, උණු කැවුම් වගේ විකිණුන කතාවක් බව ඔයාලා හැමෝම දන්නවා. සමාජයීය පීඩනයත් එක්ක තනි වුණ, පීඩිත එක අම්මා කෙනෙක් කර ගත් එක් අකුසල කර්මයක් ගැනයි ඒ. ඇත්තටම මේකට වැරදි කවුද? ඒ අම්මා ගැන කිව යුත්තේ කුමක්ද? ඒ දරුවාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුණේ කාගේ වරදින් ද? කාගේ ණයක් නිසාද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අපට කළ හැකි දෙයක් නොවෙන බව අපි තේරුම් ගත යුතුයි. නමුත් අපට ඒ ගැන සාකච්චා කළ හැකියි. මන්ද යත් අපිත් ඒ දරුවා මෙන්ම ළදරු අවධියක් පසු කොට ගැටවර වියෙන් ඔබ්බට ලෝකය දකින බුද්ධිමත් පිරිසක් නිසා.

අද ලංකාවේ බොහෝ අංශ දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වගේම යටිතල පහසුකමුත් ඇති තරම් තියෙනවා. කොටින්ම සන්නිවේදන පහසුම මින් ප්‍රධාන තැනක තියෙනවා. ඒත් තියෙන සම්පත් නිසි ප්‍රයෝජනයට ගන්න තරම් දැනුමක් නැ
ති කමත්, නිසි මග පෙන්වීමක අඩුපාඩුවත් නිසා අද අපේම මිනිසුන් බොහෝ අපහසුතා වලට පත් වෙලා තියෙනවා. අපිට එක පුද්ගලයෙක්ට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද මේ දේවල් නිසි පරිදි වුණා නම් මෙහෙම නොවෙන්න ඉඩ තිබීම නිසා.

අනික බේබදු කමට ඇබ්බැහි වුණ කෙනෙක් ඉන්න පවුලක ආර්ථික මට්ටම ඉතාමත්ම ශීග්‍ර මට්ටමකින් පහල යන්නේ බලා ඉද්දිමයි. එහෙම පවුලක දරුවන් හතර දෙනෙකු රැක බලා ගන්න තරමට තියා 'පාන්' කියා ගන්න බැරි අගහිඟතා ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ තත්ත්වය මුඩුක්කු වාසීන්ට වගේම ගම්බද ප්‍රදේෂ වල නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. මේ දේවල් ගොඩ නගන්න නම් හැමෝගෙම උදව් උපකාර අවශ්‍ය වෙනවා. අද ඒ අම්මා බැනුම් අහයි. කවදා හරි අපේ දරුවන්ටත්, අපිට එහෙම පාරේ විසික් කරලා යන්න සිද්ධ වෙන ආර්ථික අගහිඟයක් අපේ ජීවිත වල ඇති වුණොත් එදාට අපිටත් ඒ අම්මා ලැබූ බැනුම් අහන්න වේවි.

මේ වගේ දේවල් වලින් මාධ්‍ය ඇති තරම් බඩ පුරවා ගැනීම බොහෝ ඈත අතීතයේ ඉඳලම පැවතෙන්නක්. ඒ ගැන කථා කිරීම අනවශ්‍යයි. ආකල්පමය වෙනසක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. සුභ අනාගතයක් ලබන්න පුළුවන් ලේබල් එකකින්වත්, බැනර් එකකින්වත්, හිට්ලර් වරුන්වත් රට කරවීමෙන් නෙවෙයි. මේ රටේ ගොඩ නැගිල තියෙන නීති පද්ධතිය මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒත් ප්‍රශ්නේ ඒවා ක්‍රියාවට නොනැගීමයි. නැති වුණ දරුවාගේ ජීවිතයට වග කිව යුත්තේ ඒ මවගේ අසර
කම විතරක්ම නෙවෙයි, අධ්‍යාපනය හිඟ කම වගේම දරිද්‍රතාවයත්, මිනිසුන්ගේ ආකල්පමය පසු බෑමත්, අදාල අංශ නිසි ලෙස ක්‍රියා නොකිරීමත් තමා.

ඒ නිසා ඔය වගේ අවාසනාවන්ත දේවල් නැවතත් සිදු වීම අපිට වලකන්න අමාරුයි. අපි කවදාවත් මෙවන් විපත් දකින්නවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒත් ඒ දේවල් වල සීමාවකුත් තිබිය යුතුයි. මාධ්‍ය වල නොකී පමණට අනාවර
ය නොවුණු දුක්ඛිත කතා තවත් මේ රටේ හැංගිලා තියෙනවා හැම අස්සක මුල්ලකම. ඒ අසාධාරණකම් වලට නීතියෙන් පිළිසරණක් නොලබාම අසරණයා අන්ත අසරණභාවයට පත් වෙන සමාජ පරිසරයකුයි ගොඩ නැගිලා තියෙන්නේ. මීට හේතුවත් අර මුලින් කීව සන්නිවේදන දුර්වලතා වගේම අධ්‍යාපනික අඩුලුහුඬු කම්. මේ හැම දෙයක්ම ගොඩ නැගුණු රක් දකින්න, සාක්ෂරතාව සියයට අනූවක්ය කියල පම්පෝරි ගහන උදවිය ඉන්න තාක් කල් ඉඩක් ලැබෙන එකක් නෑ.

Sunday, August 1, 2010

මාතෘකාවෙන් නම් හිතෙන්නේ ටිකක් ජුගුප්සාජනක ගතියක් තමයි. මොකද ටිකක් වැඩිහිටියන්ට පමණයි වගේ මාතෘකාවක් නේ තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි මේ කියන්න යන්නේ මේ ඊයේ පෙරේදා සිද්ධ වුණ දෙයක්. සුපුරුදු හැටියට මට වුණු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම සිද්ධ වුන නෙවෙයි, සිද්ධ කරපු. මේ වගේ දේවල් ඉතින් අහම්බෙන් සිද්ධ වෙන්න විදියක් නැහැ නේ. මොකද මේක ඇඹල කතාවක් හින්දා.

ඔන්න ඉතින් මටත් ඔය කියන යාළුවාටත් අදත්, ඊයේ දිනේත් විභා
වලට ලියන්න සිද්ධ වුණා. ඒ වෙන විභාගයක් නෙවෙයි උපාධියේ අවසාන විභාගේ. මිනිහත් ලිව්වා. ඒක නෙවෙයි කියන්න තියෙන කතාව. මෙන්න මේකයි.

අපේ මේ අවසාන විභාගෙට අපේ ආයතනයෙන් සාමාන්‍යයෙන් නිවාඩු ඉල්ලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා විභාග වලට පාඩම් කරන්නය කියලා. ඕනෙ දවසක නෙවෙයි, විභාගයක් අත ලඟ නම් විතරයි. ඉතින් අපිට ලැබුණේ දවස් තුනක් විතරයි මෙහෙම පාඩම් කරන්නය කියලා. එයිනුත් එක දවසක් අපේ පින්තු සර්ගේ අවසාන කටයුතු වලට සහභාගී වීම නිසා දවසකින් භාගයක්ම පාඩම් කරන්න අවස්ථාවක් උදා වුණේ නෑ.

ඒක එහෙමයි කියමුකෝ. මගේ යාළුවා නම් උපරිම ප්‍රයෝජනේ අරගෙන තිබ්බා ඒ දවස් තුනෙන්. ඒ මෙන්න මෙහෙමයි. මිනිහා නැවතිලා ඉන්න බෝඩිම
අල්ලපු බෝඩිමේ හරි ගෙදර හරි සාමාන්‍ය පෙළ කරන වයසේ ගැහැණු ළමයෙක් ඉන්නවලු. ඔය නිවාඩු දවස් තුනේදී ඉතින් මිනිහා කොරලා තියෙන්නේ ඒ කෙල්ලත් එක්ක මුකුළු කර කර හාද වුන එකලු. පාඩුවකුත් නැහැනේ. ගෑණු ළමයෙක්නේ නේද? කොහොමෙන් කොහොම හරි මිනිහා කියන විදියට එයාට ආදරේ කරන්න නෙවෙයිලු ආශ්‍රය කරන්නේ. එයා කොහොමත් ගැහැණු ළමයින්ව හොයාගෙන ගිහින් යාළුවෝ ප්‍රමාය වැඩි කර ගන්න විතරලු ගැහැණු ළමයින්ව ආශ්‍රය කරන්නේ. ආදරේ කරන්නත් නෙවෙයි නම්, යාළුකමක් පවත්වන්න ඉතින්, පාඩමටත් වඩා වැදගත්කමක් තියෙන ඉතුරු වැඩේ මොකද්ද?

තමන්ට ඉන්න ගැහැණු යාළුවෝ ප්‍රමාණය ආශ්‍රය කරලා දැන හඳුන ගැනීම වරදක් නෙවෙයි. ඒත් ඉතින් කෙනෙක් අනන්ත අප්‍රමාණ විදියට ගැහැණු ළමයින් යාළුකමට විතරක් ආශ්‍රය කරන්නේ එක්කෝ හිතේ තියෙන ආශාවක් ඉශ්ට කර ගන්න වෙන්න ඕනි නැත්නම් මොළේ අමාරුවකට වෙන්න එපැයි. කොහොමත් ගෑණු දැක්කම ඇඟ නලියන, තොර තෝංචියක් නැතුව ගෑ
ණුන්ගේ අඟ පසඟ ගැන ලිංගිකාශ්වාදනීයව මෙනෙහි කිරීම ඔය වගේ ඇඹලයන්ගේ ගතියක් තමයි.

ඒකම තමයි මගේ මේ ලිපියට එහෙම මාතෘකාවක් හිතලම දැම්මේ. ඔයත් ඒ වගේ ඇඹලයන්ගෙන් කෙනෙක්ද?
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.