Monday, May 14, 2012
ප්‍රාතිහාර්ය කියන්නේ හැමෝම ආස කරන දෙයක්. මොන රටක වුනත් ඕනෑම මනුස්සයෙක් කැමතිම දෙයක් තමයි ප්‍රාතිහාර්ය කියන්නේ. ප්‍රාතිහාර්ය දකින්නට කැමති පිරිස් තමයි සමාජයේ වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් පිරිස් ඉන්නේ බොහෝම කලාතුරකින්. ඒ විතරක් නෙවේ. ප්‍රාතිහාර්ය ඉබේටම සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒත් ඒවාත් අර මුලින් කියපු ප්‍රාතිහාර්ය කරන මිනිස්සු වගේම දුලබ දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් සිද්ධ කලොත්, සිද්ධ වුනොත් ඒ වගේ දෙයක් ප්‍රාතිහාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් තිස්සේ කරන්නට බැරිව තිබූ දෙයක් යම් කෙනෙක් කලොත් ඒක ප්‍රාතිහාර්යයක් විදියට සමාජයේ ජීවත් වෙන මිනිසුන් තීරණය කරන්නට පෙළඹෙනවා. ඒක හරිම සාමාන්‍ය අර්ථ දැක්වීමක්. ඒත් විශ්වකර්ම ප්‍රාතිහාර්ය සිදු කරන මිනිස්සුත් සමාජෙ ඉන්නවා. හරියට දශක තුනක් තිස්සේ මේ රටේ තිබුණු යුද්ධෙ ඉවර වීම ප්‍රාතිහාර්යයක් විදියට සැලකීම.
නිකමට අපි මේ ප්‍රාතිහාර්ය ඉංග්‍රීසියට පරිවර්තනය කලොත් කියන්නේ "Miracle" (මිරකල්) කියලා. එහෙමත් නැත්නම් සමහර ප්‍රාතිහාර්ය "Magic" (මැජික්) කියලාත් කියන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණය නම් මිනිස්සු ඇයි ප්‍රාතිහාර්ය වලට මේ තරම් කැමති කියලා. මේ ප්‍රාතිහාර්ය දැකීමෙන් තමන්ට හරි අනුන්ට හරි සිද්ධ වෙන ඵ්හලය මොකද්ද කියලා තමයි ගැටළුව. පෙළක් වෙලාවට රටක ජනතාවට ප්‍රශ්ණ ගැටළු ඇති වෙලා තියෙන සමයක් වුනොත් රජයේ හරි සමහර පිරිස් හරි තමන්ගේ ජනප්‍රියතාව, ලාභ ප්‍රයෝජනය තකා රටවැසියන්ට ප්‍රාතිහාර්ය පෙන්වන්න උත්සාහ කරනවා. මේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ පෙන්වීම ගැන නම් නෙවෙයි. හැබැයි කාලේ හැටියට ඒ වගේ තරඟයක් දින්නොත් නම් ප්‍රාතිහාර්යයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ ලිපිය ලියැවෙන්නේ අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන්. මොකද ඔවුන් තරම් ප්‍රාතිහාර්ය පසු පස හඹා යන පිරිසක් මේ රටේ වෙනත් නැති තරම්. ලැබෙනා තැනකින් ඕනම කැප කිරීමක් කරලා ලබා ගන්න හැකි නම් අපේ බෞද්ධ ජනතාව ඕනෑම දෙයකින් රවටන්නට හරිම ලෙහෙසි පහසු පිරිසක් වෙලා දැන් බොහෝම කාලයක් ගත වෙලා.
බෞද්ධ නීති වල සඳහන් එක් කරුණක් තමයි භික්ෂූණ්ට ජනයා තමන් කෙරෙහි පැහැදවීමට හෝ බුදු දහමට නැඹුරු කර ගැනීමට ප්‍රාතිහාර්ය පෑම තහනම් වීම. එය මනාව පෙනෙනා අවස්ථා විදියට බුදු රජාණන් වහන්සේ විසින් යමා මහ පෙළහර කීප විටක් පමණක් පෑම සඳන් කරන්න පුළුවන්. ඒවා පෑවේ අනුන් තමන් කෙරෙහි පහදවා ගැනීමට යැයි යමෙක් පවසනවා නම් ඊට හොඳම පිළිතුර වන්නේ උන්වහන්සේ එම ප්‍රාතිහාර්යය පෑවේ මානය බිඳිමට හෝ, නොදැමිණු පුද්ගලයින් දමනය කිරීමට යන්නයි. තවත් එක් උදාහරණයක් හැටියට ගඟකින් එතෙරවීමට භික්ෂු සංඝයා පිරිවරාගෙන සිටියදී බුදු රජාණන් වහන්සේට එක් භික්ෂුවක් සෘද්ධියෙන් ගඟ එතෙර නොවන්නේ මන්දැයි විමසූ විට තොටියාගෙන් ගඟ තරණයට වැය වන මුදල කොපමණදැයි විමසා ලැබුණු පිළිතුරෙන් එවන් සෘද්දියක වටිනාකම අද වටිනාකමෙන් නම් සත පහක පමණ වටිනාකමක් බව පෙන්වා දෙන්නට යෙදුනා. මෙයින් පැහැදිළි වෙන්නේ බුදු රජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව දරා ඇති අදහසයි.
එහෙම නම් බෞද්ධයා ප්‍රාතිහාර්ය, විජ්ජා රස විඳීමට පුරුදු වුනේ කෙසේ ද? ඒවා පසුපස දුවන්නට හුරු වූයේ කෙසේ ද? පළමු හේතුව නම් අන්‍යාගම් පසුපස උදව් ඉල්ලා, බලාපොරොත්තු ඉටු කර ගැනීමට, නැති වූ දේවල් ලබා ගැනීමට, ලාභ සත්කාර ලැබීමට යාමයි. අනෙක් හේතුව විවිධ පුද්ගලයන්ගේ කටකතා, ප්‍රකශ හිස් මුදුණින් පිළිගෙන ඒවාට අනුගත වෙමින් මේවා දැකීමට ප්‍රිය කිරීම. විශේෂයෙන් ජ්‍යෝතිෂවේදීන් නින්දෙන් අවධිව ලෝකයටම කියා පාන ඔවුන් නින්දේ දී දකිනා මනෝ විකාරී සිහින වලට අනුව කරනා ප්‍රකාශ. මෑතකදී ද එවන් අවස්ථාවක් උදා වුනේ බුදු පිළිම වලින් රැස් විහිදෙන බවක් කියූ හෙයින්. වරක ද අපේ බෞද්ධ බැතිමත්, ශ්‍රද්ධාවන්ත ජනතාව වැස්සකටවත් ගොඩ නොවදින ගමේ පන්සලට දිව ගියේ එසේ බුදු පිළිම වලින් විහිදෙන බුදු රැස් දැකීමටය. නිතර බණ අසනා එවන් බොදු ජනතාවක් ඇත්තේ මෙරට පමණක් කියා සිතීම ද දුක්බර තත්ත්වයකි.
එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඇත්තෙන්ම ආශ්චර්‍ය, ප්‍රාතිහාර්ය දකින්නට අවශ්‍ය නම්, තමන් ඉවැරදිව ජීවත් වීම ම බෙහෙවින් ප්‍රමාණවත්. පන්සිල් රැකීම ම ඒ සඳහා ප්‍රමාණවත්. වචනයෙන් පිළිමයක් ඉදිරියේ සමාදන් නොවුනත්, තමන් තමන්ටම බොරුවක් වංචාවක් නොකර හිතෙන් එම පන්සිල් රැකීමට සිතා ගෙන ඒවා පිළිපැදීම ම බෙහෙවින් වටිනා දෙයක්. ඊට හේතුව ප්‍රාතිහාර්යය දකින්න ලැබෙන්නේ වෙන අන් යමෙකු හරහා හෝ අජීවී වස්තුවක් හරහා නොවීමත් ඒ තමන් තුලින් ම වීමත්. සායි බාබා පරළෝසැපැත් වූ විට හඬා වැළපුණු, දෙවියන්ගෙන් දරුවන් ලැබීමට, හොරු සෙවීමට, වශී බන්ධන කර ගැනීමට, පැතුම් ඉටු කර ගැනීමට දේවාල වලට ගොස් වැඳ වැටුනු ශ්‍රී ලාංකික බෞද්ධයිනි, බුදු රජාණන් වහන්සේ අනුව යමින් වෙන අන් අයගේ ආශ්චර්ය වලට ලොබ බැඳ ඔවුන්ගේ සරණ පතාගෙන ගිය ඔබ සැවොම බුදු දහමටත් බුදු රජාණන් වහන්සේටත් ප්‍රසිද්ධියේම අපහාස කළ ඇත්තෝ බව වටහා ගැනීම වැදගත් බව මතක තියා ගන්න.
Friday, May 11, 2012
මාතෘකාව දුටු සැණින් බොහෝමයක් දෙනා මේ ලිපිය කියවන්නට හිතාගෙන මේ පැත්තට එන්නට පුළුවන්. එනමුත් මේ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ඔබත් මේ දෙවල් හා සම්බන්ධ අයෙක් නම්, මේ දේවල් පසුපස හඹා යන අයෙක් නම් පමණයි කියාත් කිව යුතුයි. මන්ද යත් මේවා අද පමණක් නොව ලෝකයේ පැරණි යැයි කියනා රැකියාවේම ව්‍යාප්තියක් ලෙසට හඳුන්වන්නට පුළුවන් දේවල් නිසා. ඒ වාගේම අති විශාල ආකාරයෙන් කාලයක් තිස්සේ අද වෙන විට විශාල හිස එසවීමක් සිද්ධ වෙලා තියෙන දේවල් තමයි මේ. එසේ කීමට හේතුව, පසුගිය කාලයේ දී එවන් ප්‍රවෘත්ති බොහෝමයක් ජන මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට අප හැමෝටම ලැබුන නිසා.
ඒත් මේ ලිපියෙන් කියන්න යන්නේ මටත් මාගේ මිතුරෙකුටත් දකින්නට ලැබුනු, තවමත් දකින්නට ලැබෙන දේවල් කීපයක් ගැන පුංචි අවධාරණය කිරීමක්. සමහර විට ඔයාලාත් දැක තිබෙන සුලභ දසුනක් විය හැකියි. නමුත් මේ පිළිබඳව මීට පෙර කිසිවකු කතා කර තිබෙනවාද යන්න කිව නොහැකියි. සමහර විට සමහරෙක් මේ ගැන ප්‍රශ්ණ කරන්නටත් පුළුවන්, මේ දේවල් ඒ අදාළ පුද්ගලයන් හට ජීවිකාව ලෙස කරගත්තාට වරදක් නැති ලෙසත්. ඒත් මේවායෙන් සිදු වෙන සමාජයේ ගැටළු සහගත සිදුවීම්, අවස්ථා එන්න එන්නම වැඩි වීමයි ප්‍රධානම කරුණ.
මේ තාක් මේ ලිපිය කියවපු හැමෝටම තේරුම් යන්නට ඇති මේ කියන්න යන්නේ ගණිකා වෘත්තිය පිළිබඳව බව. සාමාන්‍යයෙන් අප දන්නා තරමට මේ වෘත්තිය ඈත අතීතයේ සිට ම පවත්වාගෙන පැමිණියේ කාන්තා පාර්ශවය විසිනි. නමුත් බොහෝ විදේශයන්ගේ නම් මේ තත්ත්වය මඳක් වෙනස්. ඒ මන්ද යත් මෙය කාන්තාවන්ට පමණක් සීමා නොවුන පුරුශයන් පවා වැළඳගත් වෘත්තියක් වී තිබීම. ඒත් ඒ ප්‍රවණතාව අප රටේ කුමන තත්ත්වයේ තියෙනවාද යන්න පිළිබඳව නම් සොයා බැලිය යුත්තක්. නමුත් දත යුතු කරුණ නම්, ඒ පාර්ශවයේ දායකත්වයත් යම්තාක් දුරකට මෙරට සිද්ධ වන බව.
පිටකොටුව වැනි තදාසන්න ප්‍රදේශ වල මේ වෘත්තිකයන් බහුලව දැක ගන්නට හැකි වුවත්, හොඳින් නිරීක්ෂණය කළ හොත් අනෙක් තදාසන්න නොවෙන ප්‍රදේශ වලත් දැක ගැනීමට හැකි වේවි. ඊට හේතුව නම්, මුලින් සඳහන් කළ ඇසින් දුටු අත්දැකීම. නගරබද ප්‍රදේශ වල කාන්තා සේවකයින් දැක ගැනීමට නිතර අවස්ථා උදා වනවා. ඒ බොහෝ වෙලාවට අඳුර වැටීගෙන එන අවස්ථා වලදී. එය සාමාන්‍ය දෙයක්. නමුත් වෙනස නම් මෙයයි. මුලින් සඳහන් කළ නුගේගොඩ නගරයේ කාන්තා මෙන්ම පුරුශ ලිංගික සේවකයන් පවා රාත්‍රී කාලයේදී තැන් තැන් වල රැඳී ඉන්නා බව දැක ගන්නට පුළුවන්. නමුත් මොවුන් කාන්තාවන් වෙනුවෙන් කැප වූවන් නොවීමත්, සමරිසි පුද්ගලයින් වීමත් තමයි මීළඟ වෙනස් කම. මන්ද යත් මෙම පුරුෂයින් කරා පැමිණෙන්නේ පුරුෂයින් ම පමණක් බැවින්.
කාන්තා ස්වරූපයෙන් හැඳගත් විකෘති මානසිකත්ව ඇති පුරුශ-ලිංගික සේවකයිනුත් නොයෙක් අවස්ථා වලදී දැක ගනීමට අවස්ථාව ලැබෙනවා. නමුත් මෙවන් වෘත්තියක නොයෙදෙන එවන් පිරිස් ද සමාජයේ සිටිනවා. මොවුන්ගේ ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කළහොත් බොහෝ දෑ හාස්‍යජනක සිදුවීම් සහ පිළිකුල් සහගත දෑ බව තේරුම් ගැනීමට හැකි වේවි. මන්ද යත් ඒවා මමත් , මිතුරාත් බොහෝ අවස්ථා වලදී දුරින් සිට නිරීක්ෂණය කොට හිනා වූ වාර බොහෝ සේ තිබූ බැවින්. බස් නැවතුම් අසල, අඳුරු ප්‍රදේශ වල මෙවන් පුද්ගලයින් දැකීමට හැකිය. නමුත් දුලභය. කාන්තාවන් ද එසේමය. ඔවුන්ගේ හැඩ රුව, විරූපී දේහ ලක්ශණ, හැසිරීම් සහ නිර්ලජ්ජි ක්‍රියා දැකීමෙන් හැඟී යන්නේ මොවුන්ට කිනම් ආකාරයේ සමාජ රෝගී තත්ත්වයන් වැළඳී ඇත්ද, මෙවන් අය සමග මිනිසුන් අසම්මත ලෙස හැසිරෙන්නට තරම් මන්ද මානසිකත්වයෙන් පෙළෙන්නේ මන්ද යනුවෙනුයි.
තම සහකරුවා හෝ සහකාරියගෙන් හෝ නිසි සතුටක් ලබන්නට බැරි බොහෝ දෙනා මෙවන් පහසු ක්‍රම වලින් මුදල් වැය කොට හෝ නොකොට තම ශාරීරික අවශ්‍යතා පිරිමහ ගැනීමට කිසිදු බියක් ඇති කර නොගැනීම ම පුදුමයට කරුණකි. මැදි වියේ පුද්ගලයින්, ත්‍රී රෝද රථ රියදුරන්, වාහන වලින් පැමිණෙන්නන් මෙලෙස පාරේ සිටින කාන්තා සහ පිරිමි ලිංගික සේවකයන් අසුරු කරන අයුරු දැකීම ම අප්‍රියජනක දසුනකි. ඔවුන් බිලි දෙන්නේ තමන්ගේ පතිවත හෝ පතිනිවත හෝ ජීවිතය හෝ විය හැකිය. නමුත් ඒ තාවකාලික සතුටක් වෙනුවෙනි. මෙය ඔවුනගේ ජීවිකාව විය හැකිය. නමුත් බිඳ වැටෙන්නේ බැඳීම් ය. එමෙන්ම මෙය එක් නගරයක් පිළිබඳව පමණක් විය හැකිය. නමුත් මෙවන් දෑ රටේ ඕනෑම ප්‍රදේශයක පවතින සාමාන්‍ය දේවල් බවට පත් වී හමාරය.
මාතෘකා | Labels:
අත්දැකීම් | Experiences,
මානව චර්යා | Human Behaviours,
සමාජීය | Social,
සිංහල | Sinhala
Subscribe to:
Posts (Atom)