Showing posts with label සිනමා | Cinema. Show all posts
Showing posts with label සිනමා | Cinema. Show all posts

Friday, May 11, 2012

අදත් අළුත් ලිපියකින් මම ගෙන එන්නේ තවත් ගීතයක අරුතක්. ඒ බටහිර ඉංග්‍රීසි ගීයක්. 70 දශකයේ ජනප්‍රිය වූ ඇබා සංගීත කණ්ඩායම විසින් ගායනා කරන්නට යෙදුන මේ ගීතය හඳුන්වා ඇත්තේ "Our Last Summer" (ගෙවී ගිය ගිම්හාන කාලය) යනුවෙන්. ශ්‍රී ලාංකික ඇබා ලෝලීන්ට වුවද නිතර අසන්නට නොලැබුණු ගීතයක් ලෙසින් මෙය හැඳින්විය හැක. මෙය 2008 දී තිරගත වූ ඇබා සංගීත සහ ගීත ඛණ්ඩ යොදා නිර්මාණය වූ "Mamma Mia!" චිත්‍රපටයේද අඩංගු වූ මනරම් තනුවකින් හා ලස්සන අදහසකින් යුතු ගීතයක්. එය මෙසේ මා විසින් පරිවර්තනය කොට මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා ඇති. මේ අරුතේ පහළින් පල කර ඇති ගීතයේ වීඩියෝ දසුන් ද රස විඳින්නට අමතක කරන්න කරන්න එපා.

The summer air was soft and warm
The feeling right, the Paris night
Did it's best to please us
And strolling down the Elysee
We had a drink in each cafe
And you
You talked of politics, philosophy and I
Smiled like Mona Lisa
We had our chance
It was a fine and true romance

ගිම්හාන කාලයේදී හමන සුමුදු උණුසුම් සුළඟ පැරීසියේ ගත කළ රාත්‍රියේදී අප බොහෝ හොඳින් පිනවූවා. එලිසීයේ ගමන් ගනිත්දී හැම ආපාන ශාලාවකදි ම අපි බීමක් ගන්න අමතක කළේ නෑ. ඒ අතරේදී ඔබ දේශපලනය, දර්ශනවාදය ගැන කතා කරද්දී මම මොනා ලීසා වගෙ හිනා වුනා. ඊට අපිට අවස්ථාවක් ලැබුනා. එය කදිම පෙම් කතාවක්.

I can still recall our last summer
I still see it all
Walks along the Seine, laughing in the rain
Our last summer
Memories that remain

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. මාදැල් දිගේ ඇවිදිමින් වැස්සේ හිනැහෙමින් ගත කළ ඒ ගිම්හානයේ මතකයන් තවමත් රැඳී තිබේ.

We made our way along the river
And we sat down in the grass
By the Eiffel tower
I was so happy we had met
It was the age of no regret
Oh yes

අප ගඟ දිගේ ඇවිද ගොස් අයිෆල් කුළුණ අසබඩ තණනිල්ලේ ඉඳන් හිටියා. අප පසුතැවිලි නොවූ ඒ සමයේ අපගේ හමු වීම මට බොහෝ සතුටුදායක කරුණක් වූවා. 

Those crazy years, that was the time
Of the flower-power
But underneath we had a fear of flying
Of getting old, a fear of slowly dying
We took the chance
Like we were dancing our last dance

ඒ උමතු වසරවල් අප ආදරෙන් ගත කළ කාලයයි. නමුත් හිත් ඇතුලෙන් අප ඉක්මණින් වයසට යාදෝයි බියක් වාගේම හෙමිහිට මරණයට ලං වේදෝයි බියක් පැවතිණි. අප ඒ ගැන සිතා ඉන් ප්‍රයෝජන ගත්තේ අපි අපේ අවසන් නැටුම නටන්නාක් මෙනි යන සිතුවිල්ලෙනි.

I can still recall our last summer
I still see it all
In the tourist jam, round the Notre Dame
Our last summer
Walking hand in hand

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. නොටර්ඩෑම් වටා සංචාරකයින්ගේ තදබදය අස්සේ අතින් අත දෙමින් අපි ඒ ගතවූ ගිම්හානයේ දී ඇවිද ගිය හැටි තවමත් මතකයි.

Paris restaurants
Our last summer
Morning croissants
Living for the day, worries far away
Our last summer
We could laugh and play

පැරීසියේ ආපන ශාලා වල උදෑසන ආහාරයට ගත් බනිස් වලින් ඒ දිනය වෙනුවෙන් ජීවත් වූ, දොම්නස් ඉවතලා සිනහවෙන් කෙළිදෙලෙන් ඒ ගතවූ ගිම්හානය සිහිවේ.

And now you're working in a bank
The family man, the football fan
And your name is Harry
How dull it seems
Yet you're the hero of my dreams

බැංකුවක රැකියාව කරන, පවුලට ලැදි, පාපන්දු රසිකයෙක් වූ, හැරී නම් ලද ඔබ නීරස යැයි සිතෙතත් ඔබ තවමත් මගේ වීරයායි.

I can still recall our last summer...

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. මාදැල් දිගේ ඇවිදිමින් වැස්සේ හිනැහෙමින් ගත කළ ඒ ගිම්හානයේ මතකයන් තවමත් රැඳී තිබේ.

මට තවමත් මතකයි ඒ ගත වූ ගිම්හානය, ඒ හැම දෙයක් ම තවමත් දකිමි. නොටර්ඩෑම් වටා සංචාරකයින්ගේ තදබදය අස්සේ අතින් අත දෙමින් අපි ඒ ගතවූ ගිම්හානයේ දී ඇවිද ගිය හැටි තවමත් මතකයි.

පැරීසියේ ආපන ශාලා වල උදෑසන ආහාරයට ගත් බනිස් වලින් ඒ දිනය වෙනුවෙන් ජීවත් වූ, දොම්නස් ඉවතලා සිනහවෙන් කෙළිදෙලෙන් ඒ ගතවූ ගිම්හානය සිහිවේ.




Friday, January 27, 2012

හැමෝටම ලැබුවාවූ 2012 අවුරුද්ද සාර්ථක සුභම සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම කැමතියි 2012 අවුරුද්දේ මගේ බ්ලොග් අඩවියේ මුල්ම ලිපිය පටන් ගන්න. ගිය අවුරුද්දේත් වැඩි යමක් පල කරනන් බැරි වුන නිසාවෙන්ම මේ වතාවේ ඉඳලාවත් බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න කියලායි හිතාගෙන ඉන්නේ. කාර්ය බහුලත්වය නිසා සිද්ධ වෙන අතපසුවීම්, ඇතිවෙන කම්මැලිකම් නිසා බ්ලොග් එක දිහාවට එන්නවත් හිතෙන්නේ නැති තරමටමයි පහුගිය කාලෙදි ඉන්න සිද්ධ වුනේ.

ඉතින් මේ අවුරුද්ද සමහරුන්ට තීරණාත්මක අවුරුද්දක් වෙන එකක් නේ. මොකද, කියන හැටියට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ විසි එක් වෙනිදාට ලෝක විනාශයත් සිද්ධ වෙන්න තියෙනවනේ. ඒත් ඉතින් මට නම් එහෙම දෙයක් වෙන බවක් පේන්න නෑ. මොකද මම ඔය විකාර විශ්වාස නොකරන නිසා. ඕනෙම කෙනෙක්ට ඕන මතයක් පල කරන්න නිදහස තියෙනවා වගේම ඒවා විචාරශීලී බුද්ධියෙන් යුතුව පිළි ගැනීමට හෝ නොගැනීමටත් කාට කාටත් නිදහසක් අයිතියක් තියෙනවා.

කොහොම නමුත් ඔය කියන ලෝක විනාසේ වගේ දේවල් ගැන වැඩි අවධානයක් මිනිස්සුන්ට යොමු කරන්න හිතුවිල්ලක් ආවා නම් ඒ 2009 වසරෙදි නිකුත් වුන 2012 කියන හොලිවුඩ් චිත්‍රපටය නිසාවෙන් තමයි. නැත්තම් අපේ උන්දැලා මායාවරුන්ගේ අනාවැකියක් අහලාවත් තිබුනාදෝ කියලා සැකයක් මතු වෙනවා. ලොකු විනාසයක් වෙලා මිනිස් සංහතිය නැති වෙන එක වෙන්න නම් තව කාලාන්තරයක් ගත වේවි. ඒත් මේ වසරේ ඉඳන් ගොඩක් නරක සිද්ධීන් සිදුවෙන, නරක කාලයක් ඉදිරියට උදා වෙන්නට පුළුවන් බව කෙනෙක් සමග පෞද්ගලිකව කරපු සාකච්ඡාවකදී දැන ගන්නට ලැබුනා.

ඉතින් කවදා මොන විනාසේ වුනත් අපි අපේ හිත් හරියට හදාගෙන ඉන්න තරමට ඕනෙම දවසක ඕනෙම විදියකට මැරෙන්න සූදානමකින් ඉන්න එක තමයි වටින්නෙ. මොකද අන්තිමට කොයි මොහොතේ කොයි විදියට අපිට කොහේ යන්න වේවිද කියල දන්නෙ නැහැ නේ. අන්න ඒ නිසා කවුරු කවුරුත් තම තමන්ගේ උත්සාහයෙන් මේ අවුරුද්දේ ඉඳලාවත් තමන් සතු, තමන්ට තිබුනු, තමන්ට ලැබෙන්න තියෙන හැම දෙයක් ගැනම වැඩි ඇලීමකින් තොරව, වැඩි බලාපොරොත්තු තියා ගන්නේ නැතිව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා නම් තමයි වටින්නේ.

ඉතින් ආයෙ වතාවක් මේ අවුරුද්දේ පළමු ලිපියේ අවසානයේදී ඔයාලා හැමෝගෙම හැම හොඳ වැඩ කටයුත්තක්ම සාර්ථකත්වය කරා පැමින දියුණුවෙන් දියුණුවට පැමිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Sunday, December 5, 2010

මේ ලිපිය කියවන්න ගන්න කොටම භූත කිව්වාම බය වෙන්න දෙයක් නෑ. භූත දමනය කරන්නා කට්ටඩියා නම් මේක ඔවුන්ට පමණක් අදාළ ලිපියක් නෙවෙයි කියලාත් කියන්නට ඕනේ. මේ ලිපියෙන් කියන්නට යන්නේ හොල්මන් අවතාර ගැන නම් නෙවෙයි. භූත කියලා ලිපියේ මාතෘකාවේ සඳහන් වුනාට ඇත්තෙන්ම මේ අපේ පරිසරයත් අපිත් ගැන ලියැවෙන ලිපියක් කීවොත් වඩාත් නිවැරදියි. ඒත් එක්කම අද ලෝකයේ ජනප්‍රියත්වයේ පසුවන්නක් ගැනත් මේ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වෙනවා.

මේ දවස් වල ප්‍රකට, ලෝක සිනමා ප්‍රේක්ෂකයන් වෙතට මුදා හැරුණු චිත්‍රපටයක් ගැනයි මේ විස්තරය. 2010 වසරේ ජූලි මාසයේදී නිකුත් වූ මේ චිත්‍රපටයේ අභ්‍යන්තරය ගැන නම් වචන කීපයක නොකීවොත් අඩුපාඩුවක් කියලායි හිතෙන්නේ. ඇත්තෙන්ම මෙය ළමා චිත්‍රපටයක්. නමින් "ද ලාස්ට් එයාබෙන්ඩර්" (The Last Airbender) කියලායි සඳහන් වෙන්නේ. නම නොතේරුනා නම් ඒකේ සිංහල අර්ථය වෙන්නේ අන්තිම වායු දමනකයා යනුයි. එනම්, ලෝකයේ ඉතිරිව ඇති අවසානම වායු හැසිරවිය හැකි අයෙකු වටා ගෙතුනු චිත්‍රපටයක්. දෘශ්‍ය ප්‍රයෝග රාශියක් මේ චිත්‍රපටයේත් දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඉන්දියානුවෙක්ගෙන්. ප්‍රධාන චරිතයන් කීපයකටම අන්තර්ජාතික මට්ටමේ සිටින ඉන්දියානුවන්ගේ දායකත්වය මේ චිත්‍රපටයේදී ලැබී තියෙනවා.

ඇත්තෙන්ම මේ චිත්‍රපටය මීට පළමුව ප්‍රචලිත වුනේ රූපවාහිණී කාටූන් මාලාවක් ලෙසයි. එයද ළමා පරපුර තුල දැඩිව ප්‍රචලිත වූවක් වුනා. එම කාටූන් මාලාවද මූලාශ්‍ර කර ගනු ලැබුවේ ග්‍රන්ථ තුනකුයි. එක් එක් පදාර්ථයන් වශයෙන් පදාර්ථ තුනක් සම්බන්ධවයි මේ පොත් තුනත් රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම කාටූන් මාලාව සහ චිත්‍රපටයත්. මෙහි සැබෑ නම, "ඇවටාර්" (Avatar) එහෙමත් නැත්නම් "අවතාර්" කියන සිංහල තේරුමින් යුත් වචනයත් එක්ක සම්බන්ධිත "ද ලාස්ට් එයාබෙන්ඩර්" යන්නයි.

ඇත්තෙන්ම අවතාර් කෙනෙක් කියන්නේ කවුද? වායු දමනකයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? එහෙමත් නැත්නම් පදාර්ථයේ අවස්ථා තුනක් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ ගැටළුත් ඔයාලට ඇති වෙන්න පුළුවන් මේ ගැන අවබෝධයක් නැති නම්.

ඇත්තෙන්ම දමනකයෙක් හැටියට මේහිදී හඳුන්වනු ලැබුවේ පදාර්ථය අවශ්‍ය ආකාරයට හසුරුවිය හැකි අයෙකුටයි. උදාහරණයක් වශයෙන් අපි මැටි භාණ්ඩ තනන්නෙක් ගත්තොත් ඔහු කරන්නේද පොළොවේ ඇති පස්, මැටි වශයෙන් අරගෙන අවශ්‍ය ආකාරයට එහෙ මෙහෙ කර මුට්ටියක්, වළඳක් වැනි මැටි භාණ්ඩයක් නිම කිරීමයි. නමුත් මේ චිත්‍රපටයේ සඳහන් වෙන්නේ නම් මැටි කරුවෙක් ගැන වත්, යන්ත්‍ර සූත්‍ර ආදියෙන් පදාර්ථයේ වෙනස්කම් කළ හැකි උදවිය ගැන වත් නොවේ. ඒ කියන්නේ මානසික ශක්තියෙන් සහ ආධ්‍යාත්මික ශක්තිය යොදාගෙන අවශ්‍ය ආකාරයට පදාර්ථය හැසිරවිය හැකි මිනිස් කොට්ඨාශ කීපයක් ගැනයි.

මේ චිත්‍රපටයේ සඳහන් වෙන ප්‍රධාන පදාර්ථයේ කොටස් හතරක් තියෙනවා. එනම්, වාතය, ජලය, භූමිය සහ ගින්දර වශයෙන්. අපි කවුරුත් මේ දේ අසා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ සහ වායු කියන නම් වලින්. ඒ වගේම ලෝකයද මේ එක් එක් පදාර්ථය හැසිරවිය හැකි ජන කොටස් අනුව ජනපද වශයෙන් වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ වාතය දමනය කළ හැකි පිරිස් ලෝකයේ වෙනම ප්‍රදේශයකත්, ජලය, භූමිය සහ ගින්දර යනාදී ඉතිරි පදාර්ථ හැසිරවිය හැකි, දමනය කළ හැක්කන් වෙන වෙනම ඊට අදාල ප්‍රදේශ වලත් රාජධානීන් ගොඩ නගා ගෙන තිබෙනවා. නමුත් මේ කථාවේ එන ප්‍රධානතම චරිතය වෙන අවතාර් නම් පුද්ගලයන් හට මේ පදාර්ථ සතරම පාලනය කළ හැකියාවක් තිබෙනවා. නමුත් මුලින් කී රාජධානීන් වල වැසියන්ගෙන් සමහරුන්ට දමනය කළ හැකි වන්නේ තමන්ගේ ජන කොට්ඨාශයට අදාළ පදාර්ථය පමණයි.

අවතාර්වරුන් බොහෝ දෙනා ලොව පහළ වී ඇති අතර මේ කතාවද ඉන් එක් අයෙකු පිළිබඳවයි. විශේෂත්වය නම්, ඔහු ලොව අවසාන වායු දමනකයා වීමයි. මොවුන්ගේ එකම කාර්යය වන්නේ ලෝකයේ සමබරතාවය රැකගෙන නරක කාලයන්හීදී ලෝකයට සාමය උදා කර දීමයි. ගින්දර හෙවත් අග්නි රාජධාණියේ රජුන් ලොව සම්පූර්ණ අධිපතීත්වය, අනෙක් රාජධාණීන් යටත් කොට ගෙන ලබා ගැනීමට දරණ ප්‍රයත්නයක් මේ කතාවට හේතු වෙන තවත් දෙයක්. ඔවුන් ඒ නිසා අවතාර් වරයකුගේ පහළ වීමට කැමැත්තක් නොදැක්වීමත් එවන් අයෙකු ලොව සිටී නම් ඔවුන් විනාශ කර දැමීමත් යන්න ඔවුනගේ අභිප්‍රාය වී ඇත. මන්දයත් අවතාර් වරුන් කිසිවෙකුටත් හිරිහැරයක් සිදු නොකරන, ලෝකයේ යහපත උදෙසා පහළ වූවන් මෙන්ම අසීමිත පදාර්ථ නම්‍යකරණ හැකියාවක් පැවතීම හේතුවෙන් එය බාධාවක් වන හෙයින්.

කෙසේ නමුදු අවතාර්වරයෙකු පුනරුප්පත්තිය ලබන්නේද අවතාර්වරයෙකු ලෙසින්ම වීමත් විශේෂත්වයක්. ඒ වගේම එවැන්නෙකුට තමන්ගේම පෙර භවයන්ගේ අවතාර්වරුන් සමග අදහස් හුවමාරු කළ හැකි අයෙක්ද වේ. අග්නි රාජධාණීන් වායු දමනකයන් අතරේ මීලඟ අවතාර් වරයා පහළ වන බව දැන වායු දමනකයන් සියල්ලම ලෝකයෙන් තුරන් කළද මේ අවතාර්වරයා වායු දමනකයන්ගේ අවසාන පුරුක ලෙසින් වසර සියයක කාලයක් සැඟවී සිට නැවත මතු වෙනවා. ඔහු සතු එකම ගැටළුව වන්නේ තමා ඉගෙන ඇත්තේ වායු දමනය කිරීමට පමණක් වීමයි. මේ කතා මාලාවේ ඇත්තේ ඔහු ඉතිරි පදාර්ථ තුන ඉගෙන ගන්නා ආකාරය පිළිබඳවයි. පොත් තුනක් ලෙසින්ද මෙය ඇත්තේ පළමු පොත ජලය, දෙවන පොත භූමිය සහ තෙවන පොත ගින්දර යනාදී වශයෙන් ඔහු දමනය කරන්නට ඉගෙන ගැනීමට ගුරුවරුන් සොයා යන වීර වික්‍රමයි. ඉන් පළමු පොත අනුසාරයෙනුයි මෙම වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටයද ගොඩ නැගී තියෙන්නේ.

මනෝරම්‍ය පසුබිම් සංගීතයකින්ද සමන්විත මේ චිත්‍රපටයේ බොහෝ ජවනිකා සඳහා මනා ලෙසින් ගැලපෙන දෘශ්‍ය ප්‍රයෝග සහ සංගීතය යොදා තිබීම මේ චිත්‍රපටය සිත් ඇද තබා ගන්නා තවත් කරුණක් වෙනවා. කෙනෙක්ට මේ චිත්‍රපටය බොරුව පදනම් කර ගත්තක් ලෙස හඳුන්වන්නට පුළුවන් වුවත්, මේ දේ ගැඹුරින් සිතා බැලුවොත් මෙහි අඩංගු වන සංකල්පය බොරුවක් නොවෙන බවත් සිතන්නට පුළුවනි. මන්දයත් ආධ්‍යාත්මීය ශක්තියෙන් මෙවන් දැ කළ හැකි උදවිය ලෝකයේ සිටිය හැකි නිසාවෙන්. අපට පෙනෙන ලෝකය වැලි අහුරක් හා සමාන වූවක් බව බුදු රජාණන් වහන්සේගේ දේශනයේත් අඩංගු වීම තවත් වැදගත් කරුණක් වෙනවා.

පවුලේ සැමට නැරඹිය හැකි හොඳ නිර්මාණයක් ලෙසටයි මම මේ ගැන දකින්නේ. ඒ වගේම ඔයාලටත් මේ ගැන කැමැත්තක් ඇති වෙන්නට ඒ සම්බන්ධ වීඩියෝ පට කීපයක් මේ ලිපියේ අවසානයේ පළ කරන්නටත් සිතුවා. ඒ වගේම කාටූන් මාලාව නරඹා නොමැති අයෙක් වේ නම් ඒවා නරඹන්නට අවස්ථාවක්ද මේ ලිපියෙන්ම ඉඩක් කර ගන්නවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්


චිත්‍රපටයේ අවතාර්වරයාගේ චරිතය හසුරුවන ළමා නළුවාගේ රූගතකිරීම් අතරතුර සහ පුහුණුවීම් සම්බන්ධ වීඩියෝ පටයක්.


කාටූන් මාලාව ලබා ගැනීමට පහත සබැඳි වලට යා හැක.

කාටූන් මාලා තුනම ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
පළමු කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
දෙවැනි කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
තෙවැනි කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.

Thursday, September 16, 2010

මිහි මත පන්සිළු ලිපි පෙළින් ආයෙමත් ඔන්න ඔයාලව මුණ ගැහෙනවා ටික කාලෙකට පස්සේ. මොකද කියන්න කරුණු කීපයක්ම තියෙන නිසා. ඒ විතරක්ම නෙවෙයි ඉතින් කොච්චර කතා කලත් කතා නොකරපු ප්‍රමාණය වැඩි නිසා. කාටත් මතක ඇතිනේ කවුද අපේ මිහි මත පන්සිළු කියලා? ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි ඉන්දියානු සංගීතඥ ඒ. ආර්. රහ්මාන් තුමායි.

මේ දවස් වල තියෙන උණුසුම් පුවත් විදියට ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ රහ්මාන් විසින් පවත්වගෙන යන ඔහුගේ සංගීත චාරිකාව ගැනයි. ඔයාලා දන්නවා ඇතිනේ රහ්මාන් ඔස්කා හෙවත් ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුව ගීතය අඩංගු චිත්‍රපටය මොකද්ද කියලා? ඒ තමයි "ස්ලම්ඩෝග් මිලියනයර්" කියන හින්දි ඉංග්‍රීසි මිශ්‍ර චිත්‍රපටය. මේ චිත්‍රපටයේ "ජයි හෝ" එහෙමත් නැත්නම් තේරෙන සින්හලින් ලිව්වොත් "Jai Ho!" කියන ගීතයටයි ඔහුට ඔස්කා සම්මානය හම්බ වුනේ. මෙන්න මේ ගීතයෙන් පස්සේ ලෝකයේ අති ප්‍රසිද්ධියට පත් වුනු රහමාන් ඒ නමින්ම තමන්ගේ සංගීත චාරිකාව අරඹලා මුළු ලෝකය පුරාම.

"ජෙය හෝ" සංගීත ප්‍රසංගය ලෝකය පුරා රටවල් බොහෝමයකම ප්‍රදර්ශනය කරන එක තමයි මේ වැඩසටහනේ වෙන්නේ. රහ්මාන්ගේ ගීත නිර්මාණ බොහෝමයකට දායක වුනු බොහෝ ගායක ගායිකාවන් පිරිසක් මේ සංගීත උළෙලට සහභාගී වෙනවා. ප්‍රසිද්ධ චිත්‍රපට ගීතත් මෙහිදී අහන්න, දකින්න ලැබෙනවා. මේක විදේශීය සංචාරයක් වුනාට ප්‍රේක්ශක ජනතාඅව්ගේ අඩුවක් නම් කොහෙත්ම නෑ. ඒ බව මට දකින්නට ලැබුනේ ඕඉස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුනු සංගීත සංදර්ශනය නැරඹුවාමයි.

මීලඟට කියන්න යන කාරණාව ගැන තව නොබෝ දවසකින්ම දැන ගන්නටත් ලැබෙයි. අන්තර්ජාලයේ ඉන්න අපි ඔයාලා වගේ අයට නම් මේක ඒ තරම් අළුත් ආරංචියක් නොවෙන්න පුළුවන්. ඒත් නොදන්නා අයට තමයි මේ ලඟදී නිකුත් වුනු ආරංචිය කියන්නට හදන්නේ.

තව මාසයකින් දෙකකින් පවත්වන්නට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තේමා ගීතය නිර්මාණය කරනු ලැඹුවේද රහ්මාන් විසින්. ඔහු එම ගීතය ඔහුගේ සහෘද ජනතාවට පහුගිය දිනයකදී නිකුත් කරනු ලැබුවා. පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ ස්ථාන නිර්මාණය කිරීමේ වැඩ කටයුතු වල තිබූ අවිධිමත් බව දැන් අවසන් වී සියළු ස්ථාන වල වැඩ කටයුතු අවසන්ව තියෙනවා. ඒත් එම තරඟාවලියේදී අහන්නට දකින්නට ලැබෙන ගීත වල දායකත්වය රහ්මාන් අතින් සැපයේවි. මොකද ඉතින් තේමා ගීතය විතරක් නීයි ඒත් එක්කම තවත් ගීත කීපයක්ම ඒත් එක්ක තරඟා වලිය සඳහාම නිකුත් වෙන නිසා. ආරංචි හැටියට රහ්මාන් විසින්ම තරඟාවලියේ සමාරම්භක උළෙලේදී එම තේමා ගීතය ගැයීමටත් සූදානම් බවයි දැන ගන්නට ලැබෙන්නේ.

මීලඟ කාරණය චිත්‍රපට ගැන. රහ්මාන්ගේ අළුත්ම දෙමළ චිත්‍රපතයක් ඉහුගේ සංගීතාත්මක නිර්මාණයක් විදියට එළි දැක්විලා තියෙනවා. "Vinnathandi varuvaya" නැත්නම් "වින්නත්තාන්ඩි වරුවායා" කියන නමින් රිදී තිරයට නැංවුන මේ චිත්‍රපටයේ රහ්මාන්ගේ නමට විශාල ප්‍රචාරයක් ලැබිලා තියෙනවා. ඔහුගේ නම සාමාන්ය නළු නිළි පිරිසේ නාමයන් අතර නෙමෙයි චිත්‍රපටයේ මුලදී වගේම අවසානයේදීත් දිස්වන්නේ. රහ්මාන්ගේ සංගීතාත්මක නිර්මාණයක් විදියටයි එය දැක්වෙන්නේ. ඒ වගේම මෑතකදී "Robot" නොහොත් රොබෝ නැමැති චිත්‍රපටයකුත් නිකිත් වුනා. මේකේ රඟනයෙන් දායක වෙන්නේ ලෝක රූ රැජිණි අයිශ්වර්යා රායි සහ සුප්‍රකට දෙමළ නළු රැජිනි කාන්ත්.

ඔන්න ඕවා තමයි ටිකක් පරණ වුනත් අළුත් විස්තර.

පහලින් තියෙන්නේ 2010 වසරේ සිඩ්නි වලදී පවත්වපු ජෙය හෝ සංගීත සංදර්ශනයේ අවස්ථා කීපයක් වගේම පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය වෙනුවෙන් රහ්මාන් විසින් නිමව ගායනය කෙරූ ගීතයයි. ඔස්කා සම්මාන දිනා ගත් ඒ මොහොත අඩංගු වීඩියෝ පටයකුත් දකින්නට ලැබේවි ඔයාලට.

ඔස්කා සම්මාන දිනූ අවස්ථාව...



Jai Ho සංදර්ශනයේ අවස්ථා කීපයක් මේ...







2010 වසරේ ඉන්දියාවේ නව දිල්ලි නගරයේ පවත්වන්නට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ තේමා ගීතය අහන්න...


Saturday, August 14, 2010

ඔයාලා හැමෝම ආදර කතා කියවලා ඇති, බලලා ඇති. ඒත් මේ වගේ ආදර කතාවක් කවදාවත් බලලා තියෙනවද කියලා සැකයකුත් ඇති වෙනවා. මේ ලිපියෙන් කියන්නට යන්නේ ඒ වගේ අමුතුම ගණයේ චිත්‍රපටයක් ගැන. මට මේක නරඹන්න ලැබුණේ 2008 වසරේදී. හැබැයි මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2002 වසරේදී.

කොහොමින් කොහොම හරි මේ කතාවේ කියවෙන්නේ ආදරය ගැන. හැබැයි අවසාන‍ය කඳුලින් ඉවර වෙන ආදරයක්. මේ චිත්‍රපටය ගැන කියනවා නම් කිව යුතු වැදගත්ම දේ නම් කිසිම ලිංගික දර්ශනයක් ඇතුලත්ව නෑ, සිප ගැනීම් දර්ශන කීපයක් හැරුණු විට. ලිංගිකත්වයෙන් ඉවර වෙන ආදර කතාවක් සිනමාවට නංවනවාට වඩා මම මේ නිර්මාණය බෙහෙවින් අගය කරනවා. ඇත්තෙන්ම බැලූ හැම දෙනාම මේ කතාව අමතක කරන එකක් නෑ.

කතාවේ නම "A Walk to Remember". මගේ වචනයෙන් කියනවා නම් මතකයේ රැඳුණු ආදරයක් කීවොත් යම්තාක් දුරකට නිවැරදි වේවි. මේ කතාව ගෙතෙන්නේ එක්තරා විද්‍යාලයක කෙළිලොල් තරුණ පිරිමි ළමයෙකු හා කිසි කෙනෙකුගේ වැඩි අවධානයක් නොලත්, නිතර සමච්චලයට ලක් වෙන ගැහැණු ළමයෙකුත් වටා. ඒ කොහොමද කියලා මේ චිත්‍රපටය හොයා ගෙනම බැලිය යුත්තක්.

චිත්‍රපටය ආරම්භයේ ඉඳන්ම දකින්නට ලැබෙන්නේ මේ පිරිමි ළමයාගේ හිතුවක්කාර කෙළිලොල් ජීවිතයේ ක්‍රියාකාරකම් කීපයක්. නමුත් පාසලේ පැවැත්වෙන එක්තරා නාට්‍යයක පුහුණුවීම් අතරේදී තමයි ඔහුට අර ගැහැණු ළමයාට වඩාත් කිට්ටු වෙන්නට ඉඩ කඩක් ලැබෙන්නේ. ඇගේ පියා පල්ලියක පියතුමෙකු වන අතර මව ජීවතුන් අතර නැති, අහිංසක දියණියක්. ඒ නිසා පියාගේ අනු දැනුම ඇතිවයි බොහෝ දේවල් කරන්නේ.

කොහොම හරි අර මුලින් කියපු නාට්‍යයේ පුහුණු වීම් කටයුතු වලට උදව් ගන්නට අර පිරිමි ළමයා මේ ගැහැණු ළමයාගේ නිවසට පැමිණියත්, පසුව ඔහුගේ මිතුරන් සිදු කරන සමච්චලයක් නිසා එයත් ඔහුට අහිමි වෙනවා. කොහොමින් කොහොම හරි නාට්‍ය දිනයේදී මේ දෙදෙනාගේ ජවනිකාවෙදි මේ දෙපළගේ හිත් වල බැඳීමක් ඇති වෙනවා. එදායින් පසුව මේ කෙළිලොල් තරුණයා අර තරුණියත් සමග ආදරයක් පටන් ගත්තත් ඔහුගේ මිතුරන්ගෙන් ඊට ගැරහීම් වගේම අපහාසත් ලැබෙනවා. ඒ කොහොමද කියලා චිත්‍රපටයෙන්ම දැක ගන්නට වේවි.

මෙහෙම පටන් ගත්තු ආදරයේ අඳුරු පැත්තකුත් තියෙනවා. ඒ බව මේ තරුණයාට දැන ගන්නට ලැබෙන්නේ ඇයගෙන්මයි. ඒ ඇයට ලේ පිළිකාවක් හෙවත් ලියුකේමියා රෝගී තත්ත්වය පැවතෙන බවයි. මෙය ඇසූ සැනින් ඔහුට එය පිළිගත නොහැකි වුවත් ඔහු එය සුව කිරීමට උදව් සොයා යන අන්දම කාගේත් ඇස් වලට කඳුළු ගෙන දෙන්නක්.

ඉතින් මොන ලෙඩේ කොහොම තිබුණත් මේ තරුණයා ඇයව තනි නොකර තවත් ආදරෙන් ඇය ලඟටම වෙලා රැක බලා ගන්නේ අර පියතුමා, නැතිනම් ඇගේ පියාගේත් අවසරය ඇතිවයි. ආදරය වෙනුවෙන්, තමන්ගේ සහකාරියගේ සතුට වෙනුවෙන්, ඇගේ බලාපොරොත්තු සහ ආශාවන් ඉශ්ඨ කරනා ආකාරය මේ චිත්‍රපතයෙන් මැනවින් පිළිබිඹු වෙනවා. ඒ කොහොමද කියලා මම සඳහන් කරන්නේ නෑ.

අවසානයේදී, ඇගේ මරණයට මාස කීපයකට උඩදී ඇයත් ඔහුත් විවාහ වෙන්නේ ඇගේ තවත් බලාපොරොත්තුවක් හා සිහිනයක් මල් පල ගන්වමින්.

ඉතින් මේ ආදර කතාව මම ඔයාලා හැමෝටම සොයා ගෙන බලන්නය කියලා යෝජනා කරන චිත්‍රපටයක්. මොකද හරිම සංවේගී දර්ශන රාශියක් තියෙන නිර්මාණයක්. ඕනෑම සංවේදී පුද්ගලයෙකුට මෙය නරඹද්දී ඇස් වලට කඳුලු පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ කොහොමද යන්න නරඹලාම දැන ගත යුත්තක්.



Tuesday, August 10, 2010

මිහිමත පන්සිළු ලිපි පෙළේ මීලඟ ලිපිය ලියන්නටයි මේ ලක ලැහැස්තිය. දන්නවනේ ඉතින් මේ ලිපි කවුරුන් ගැනද ලියැවෙන්නේ කියලා. ලියන්න ගත්තාම ඉතින් තොර තෝංචියක් නැතිව එක දිගටම ලියන්න හිතෙන මාතෘකාවක්නෙ මේ ලිපි පෙලට මම යොදා ගෙන තියෙන්නේ. සුපුරුදු විදියටම මේ ලිපියෙනුත් සඳහන් කරන්නේ ඉන්දියානු සංගීත ගාන්ධර්ව ඒ. ආර්. රෙහ්මාන් පිළිබඳවයි.

රෙහ්මාන්ගේ ගීත වල අඩංගු වෙන ලාලිත්‍යමය ස්වර සුසංයෝගය ගැන මම මීට කලින් ලිපි දෙකේදී සඳ
න් කරා මතක ඇතිනේ. මේ ගීත වලට ඒ ඒ තනු නිර්මාණය කෙරෙන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මොකද ඒ ගීත වල තනු වලට අසන්නාගේ හදවත එළියට ගැනීමට පවා හැකියාවක් ඇති මට්ටමේ රසාස්වාදනයක් සැපයෙන නිසාවෙන්. මේ කියන්නට යන්නේ ඔහු කොහොමද චිත්‍රපට ගීතයකට උපත දෙන්නේ කියා.

චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් තමන්ගේ චිත්‍රපටය වෙනුවෙන් රෙහ්මාන්
තොරා ගත් පසුව ඔහු විසින් රෙහ්මාන් හට චිත්‍රපයේ කතාව පැහැදිලි කරායින් අනතුරුව රෙහ්මාන් ඒ කතාවට ප්‍රිය වේ නම් ඔහු එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඉන් පසුව යම් ගීතයක පසුබිම හා ඒහි අන්තර්ගතය පිළිබඳව අධ්‍යක්ෂවරයාගේ මග පෙන්වීම ලැබීමෙන් අනතුරුවයි රෙහ්මාන් ගීතයට තනුවක් නිර්මාණය කර ඔහුගේම හඬින් පටිගත කරනු ලබනු ලබන්නේ. ගායක ගායිකාවන් තෝරා ගනු ලබන්නේ රංගනයෙන් දායක වන නළු නිළියන්ට ගැලපෙන ආකාරයටයි. කිසිම මොහොතක ගායක ගායිකාවන්ගේ පහසුව උදෙසා තනුවක් වෙනස් නොකරන්නා වගේම ගායක ගායිකාවන්ගේ වෙනස් වීම් පමණක් සිදු කරන්නට රෙහ්මාන් වග බලා ගන්නවා. මේ විදියට නිර්මාණය වුණු තනුවක හඬ පටිගත කිරීම සිදු කෙරෙන්නේ අළුයම දොළහෙන් පසුවයි. මෙය අනිවාර්යයෙන්ම සිදු වෙන්නක්. ඒ ඇයිද යන්න ඔයාලට සිතා ගන්නට පුළුවන් කියලා මම සිතනවා.

ශබ්ධාගාරයේ තිබෙන හැම හඬක්ම මෙහිදී පටිගත වෙනවා. අනතුරුව රෙහ්මාන් විසින් අනවශ්‍ය කොටස් කපා කොටා සංස්කරණය කරනු ලබනවා. සාමාන්‍යයෙන් ගීතයක ගායනය පටිගත කර අවසන් කිරීමට දින තුනත් හතරත් අතර කාලයක් ගත වෙනවා.

මින් අනතුරුව වාද්‍ය වෘන්දයගේ උදව්වෙන් ගීතයේ සංගීතමය කොටස නිම කෙරෙනවා. තනුවට ගැලපෙන පසුබිම් සංගීතය නිර්මාණය කරන්නට එහි සිටින වාදකයන්ටත් නිදහස ලබා දීමෙන් රෙහ්මාන් සමග වැඩ කිරීමේ නිදහස සහ පහසුව වගේම කෙනෙකුගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට දෙන අත හිත ගැනත් පිළිබිඹු වෙනවා. මින් සියයට අනූවක පමණ අවස්ථා වලදී රෙහ්මාන් විසින්ම පසුබිම් සංගීත තනුද නිම වෙනවා. අනතුරුව සංගීතයට හඬ මුසු කෙරෙනවා.

එහිදී නවීන තාක්ෂණය යොදා ගෙන, ඒ කියන්නේ පරිගණක මෘදුකාංග යොදා ගනිමින් ගීතයක හැම කොටසකම සංස්කරණ ක
යුතු සිදු කෙරෙන්නේ ඔහු අතින්මයි. මගේ කලින් ලිපියේ ඒ සඳහා ඔහු භාවිතා කරන මෘදුකාංගය ගැනත් සඳහන් කරා. ඒ "ලොජික්" නැමැති මෘදුකාංගයයි. නමුත් මම පෙර ලිපියෙන් කීවාක් වගේ කෙනෙක් සිතන්නට බැරි නෑ රෙහ්මාන් තාක්ෂණය පමණක් උපයෝගයෙන් ගීත නිර්මාණය කරන්නෙක් විතරමයි කියලා. නමුත් මගේ කලින් ලිපියේ පල වුණු වීඩියෝ පට නැරඹුවා නම් එසේ කියන්නේ නම් නෑ. මන්දයත් රෙහ්මාන් තාක්ෂණය උපයෝගී කර ගනුයේ ගීතයක් ඔප මට්ටම් කර එහි තත්ත්වය ඉතාමත්ම ඉහල මට්ටමකට ඔසවා තැබීමට මිසක කෙනෙකුගේ දක්ෂතාවක් හෝ හැකියාවක් කෘත්‍රිමව ප්‍රති නිර්මාය කිරීම නොවේ. කොටින්ම ගීතයක අවසාන ඉහළම තත්ත්වයේ සංස්කරණය නිකුත් කිරීම ඔහුට මාසයකටත් වඩා කාලයක් ගත වීමෙන්ම ඔහුගේ ගීතයන්ගේ ගැබව ඇති සෞන්දර්යාත්මක මෙන්ම දක්ෂතාවයේ ගුණාත්මක භාවයද මැනවින් පිළිබිඹු වන්නක්.

පහලින් මා පල කරන්නේ රෙහ්මාන්ගේ සංගීත චාරිකාවේ තවත් පැතිකඩක්. එනම් ඔහු විසින් පවත්වනු ලැබූ සංගීත සංදර්ශනයක වීඩියෝ පට කීපයක්. දස දහස් ගණන් ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවක් නිසොල්මනේ ඒ සංගීතය රස විඳිනා ආකාරයත් ලැබෙනා ඔල්වරසන් නාදයත් හොඳින් බලන්න, අසන්න. මේවා නරඹා ඔහුගේ සංගීත සංදර්ශන වල පවතින ගුණාත්මක භාවය පිළිබඳව මිම්මක් ඔයාලම තීරණය කර ගන්න.










ශ්‍රී ලංකාවේ මෙවැනි ශාස්ත්‍රීය පසුබිමක් සහිත ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වුණු සංගීත සංදර්ශනයක් කවදාක හෝ දැක තියෙනවාද ඔයාලා? වැඩිපුරම දකින්නට ලැබෙන්නේ කකුල් වලට හති වැටෙන සංගීත සංදර්ශන නේද? ඒ අතින් මෙවැනි ඉහල මට්ටමක සංගීත සංදර්ශනයක් කෙතරම් නම් වටිනවාද? හිතන්නට යමක්...
මගේ මුලින් ලිපියත් මේ ලිපිය හා බැඳියක්. එක ලිපියකින් පමණක් ලියා අවසන් කළ නොහැකි තරමේ කරුණු රාශියක් ඇති නිසයි මේ ලිපියත් ඉදිරියට ගෙන ඒමට සිතුවේ. තවත් තොරතුරු පසුවට කියන්නට සිතා ගෙනයි ඉන්නේ. මේ ලිපියත් ඒ. ආර්. රෙහ්මාන් පිළිබඳව ගැනයි.

රෙහ්මාන්ගේ සංගීතයට ශාස්ත්‍රීය සංගීතය මැනවින් මුසු වෙලා තියෙනවා. ඔහුගේ සංගීත නිර්මාණ රැසකටම රාගධාරී සංගීතයේ එන රාග බොහෝමයක ආභාශය පැමිණ තිබෙනවා. පෙරදිග සංගීතය විශයක් විදියට හදාරපු ඔයාලගෙන් සමහරක් දෙනා නම් රාගයකින් නිර්මාණය වෙන ගීත ගායනා කරලා වගේම ඉගෙන ගෙනත් ඇති. ඒ වගේම ලංකාවේ එහෙම නිම වුණු ගීත ගැනත් දන්නවා ඇති.

මේ කියන්න හදන්නේ රෙහමාන්ගේ ගීත වල රාගධාරී පසුබිම ඔහු විසින් ඈඳා ගෙන ඇති ආකාරය ගැනයි. දේශ් රාගය, භෛරවී රාගය, යමන් රාගය, යමන් කල්‍යාණි රාගය වගේ මම අහල තියෙන රාගයන් විතරක් නෙවෙයි කර්ණාටක සංගීතයේ එන බොහෝමයක් රාගයන්. රෝජා චිත්‍රපටයේ හින්දි ගීතය "රෝජා ජානේමන්" හෝ දෙමළ ගීතය "කාදල් රෝජාවේ" තුල ඇසෙන අත් වැල් ගායිකාවන්ගේ මිමිණුම් තනුව "දේශ්" රාගයෙන් නිර්මාණය වූවක්. "දිල්සේ" චිත්‍රපටයේ "ජිය ජලේ" ගීතය "භෛරවී" රාගයානුසාරයෙන් නිම වූවක්. "ගුරු" චිත්‍රපතයේ "ඒ හේරතේ" ගීය "යමන්" රාගයෙන් නිම වූවක්. මේ මා දන්නා ඔහුගේ ප්‍රකට ගීත කීපයක් පමණයි.

මේ ගීත වල නියම රසය විඳින්න නම් ඒ ඒ රාගයන්ගේ ගාන සමය හෙවත් වාදනය හෝ ගායනය කරන, දිනයේ ගැලපෙනම කාලයේදී පුළුවන් වේවි. ඒ රාග වල එන විශේෂ ලක්ෂණයක්. ඒ කියන්නේ රාගයක අලංකාරය රස විඳීමට එය වැයිය යුතු හෝ ගැයිය යුතු නියමිත වෙලාවක් තියෙනවා. ඒ උදේ වරුව, අළුයම් කාලය, රාත්‍රිය වශයෙන් බෙදා වෙන් කරන්න පුළුවන්. ඉතින් මේ රාග වලින් නිර්මිත ගීත වල නියම රසය ඒ ඒ රාගයේ ගාන සමයේදී රස විඳීමෙන් නියමාකාර රසයක් ලබන්න පුළුවන් වේවි. භෛරවී රාගය උදෑසන හෝ ඕනෙම වෙලාව වෙද්දී, දේශ් රාගය රාත්‍රී 11 සිට අළුයම 2 දක්වා පරාසය තුලදීත්, යමන් රාගය රාත්‍රී 11ට පෙර කාලයේදී ලෙසින් හඳුවලා දෙන්න පුළුවන්. (වැරදි නම් නිවැරදි කරන සේක්වා)

රාගධාරී ආභාශය පසෙකින් තැබුවහොත් රෙහ්මාන්, තම සංගීත නිර්මාණයන් සඳහා යොදා ගන්නා තාක්ෂණික උපක්‍රම ඉතාමත්ම මිලාධික වගේම ඒ උපක්‍රම සහ උපාංග සඳහා ඉහල තාක්ෂණයකුත් යොදා ගන්නවා. විශේෂයෙන්ම සංගීතය ප්‍රති උත්පාදනයට වගේම ගායක ගායිකාවන්ට ලඟා විය නොහැකි පරාස වලට හඬ නැංවීමට හෝ බැස්සවීමට. මා දන්නා තරමින් ඔහු සංගීත නිර්මාණය සඳහා යොදා ගන්නේ ඇපල් පරිගණක වල කියාත්මක වන, "ලොජික්" නැමැති දැවැන්ත තාක්ෂණික මෘදුකාංගයයි. මෙයින් අත්පත් කර ගන්නා ධාරිතා ප්‍රමාණය, ගිගාබයිට් පනහකුත් ඉක්මවනවා. නමුත් මොහුගේ හැම නිර්මාණයක්ම ඇත්තම වාදක ශිල්පියන්ගේ දායකත්වයෙන් නිම වන බව දැන ගත යුතුයි. ඒ නිසාවෙන්ම ඔහුට ඕනෙම ප්‍රසංගයකදී තම ගීත සජීවීව ප්‍රති වාදනය කිරීමට හැකියාවක් තිබෙනවා.

ගායකයෙක්ට හෝ ගායිකාවකට රෙහ්මාන්ගේ ගීතයකට
හඬ සැපයීමේදී ලැබෙන සහනය නම් රෙහ්මාන් අත ඉහලට ඔසවා නිවැරදියි ලෙස පැවසීමයි. ඒ කියන්නේ කෙනෙක්ට, රෙහ්මාන්ගේ මනසේ රැඳි තනුවට සියයට සියයකම සාධාරණීයත්වය ඉශ්ට වීමට නම් ගායන අවස්ථා අනේක වාරයක් සිදු කිරීමට සිදු වෙන නිසාවෙන්. ඒ සිදු වෙන මහන්සියේ ප්‍රතිපලයන් අද මල් පල ගැන්වී ඇත්තේ ඔහු මුළු ලොව පුරා අති දැවැන්ත සංගීතඥයෙකු ලෙසින් ප්‍රකටව ඇති හෙයිනි.

කෙනෙක්ට කියන්න පුළුවන් ඔහු මෘදුකාංග වලින් සංගීතය ප්‍රති උත්පාදනය කරන නිසා සැබෑ සංගීතඥයෙක් නෙවෙයි කියලා. ඒත් පහලින් මා දමා තියෙන වීඩියෝ දර්ශන නැරඹීමෙන් එය එසේ නොවන බව වටහා ගන්න.






මේ ලිපිය මෙතරම් කාලයක් පමා වීමට විශේෂ හේතුවක් නම් තිබුණේ නෑ. නමුත් කිව යුතුයැයි සලකන මගේ පුද්ගලික අදහසකුයි මම මේ ලිපිය හරහා කියන්නට යන්නේ. මේ ලිපියට ඔයාලගේ ප්‍රතිචාරයත් බොහෝමත්ම කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මේ ලිපිය ලියන්නේ හද පිරි සතුටකින් වගේම පුදුමාකාර ආශාවකින් නිසා. ඒ, මේ ලියන්න යන්නේ මගේ ජීවිතයේ මා වැඩියෙන්ම ගරු කරන පුද්ගලයෙක් පිළිබඳ නිසා.

මේ පුද්ගලයාව අපි, ඔයාලා හැමෝම හොඳින් අඳුරනවා. නමුත් ඒ පුද්ගලයා මෙලොව ඉපදිලා තියෙන්නේ දිව්‍යමය හැකියාවකුත් අතැතිව. ඒ සංගීතය. එනිසයි දිව්‍ය ලෝකයේ වීණා වාදනයට වගේම සංගීතයේ මනා කුසලතාවක් හිමි පංචසිඛ දේවේන්ද්‍රයන්ට මම ඔහුව සම කරන්නේ. මන්ද යත් ඔහුගේ නිර්මාණ වල ගැබ්ව ඇති, සිතට කාවදින සංගීතමය විවිධත්වය නිසාවෙන්.

ඔහු වෙනකෙකු නොව, ශ්‍රී ලංකාවේ නෑදෑ රාජ්‍යය වන ඉන්දියාවේ නැතහොත් හින්දුස්ථානයේ උපත ලද අල්ලාහ් රක්ඛා රෙහ්මාන් හෙවත් කවුරුත් අසා ඇති සුපුරුදු නමින් හඳුන්වනවා නම්, ඒ. ආර්. රෙහ්මාන් නැමැති ගාන්ධර්වයාණන්. මේ තමයි මගේ ජීවිතයේ මා වඩාත්ම ප්‍රිය කරන, ගරු කරන පුද්ගලයන්ගෙන් විශේෂතම ස්ථානයක් හිමි එකම පුද්ගලයා. මේ ලෝකයේ ඉන්දියානු හින්දි චිත්‍රපට වලට ප්‍රිය කරන, ඇළුම් කරන යමෙක් වේ නම්, ඒ හැමෝගේම කැමැත්ත වනුයේ සියයට වැඩි ප්‍රමාණයක්ම සියැසින් ෂාරුක් ඛාන් නැමැති සුපිරි, අති දක්ෂ කලාකරුවා දැකීමට හෝ මුණ ගැසීමට නම්, මගේ කැමැත්ත වනුයේ මේ ගාන්ධර්වයාණන් දැක ගැනීම මිසක අන් කිසිවක් නොවේ.

මොහුගේ නිර්මාණයක් මට මුලින්ම අසන්නට ලැබුනේ 1992 වසරේදී තිරගත වුනු රෝජා චිත්‍රපටයෙන්. නමුත් මා ඒ කාලයේ ගත කළ වයසේ හැටියට මෙහි නිර්මාපකයා කවුරුන්දෝහෝයි කියා දැනුමක් තිබුණේ නෑ. ඒ ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වූවා වගේම 1992 වසරේදී තම මුල්ම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ජාතික සම්මානයත් හිමි කර ගැනීමට හැකි වූ ලොව එකම පුද්ගලයාද වූයේ ඔහු සතු මනා කුසලතාවන් නිසා නොවේද? ඉන් පසුව ඔහුගේ මනෝරම්‍ය සංගීතයෙන් ලාලිත්‍යයට බඳුන් වුනු බොහෝමයක් චිත්‍රපට ප්‍රේක්ෂක ආකර්ෂණයටත්, සම්මානනයටත් පත් වුනා.

නමුත් කල් යත්ම ඉන්දියානු සිනමාවේ ඇසෙන ගීත නාදයන් සහ සංගීත විලාෂයන් කන වැකීමෙන්ම ඒ නිර්මාණය රෙහ්මාන් ගේ නිර්මාණයක් බව වටහා ගැනීමට දැඩි අපහසුවක් වූයේ නෑ. මන්දයත් ඔහුගේ නිර්මාණ වල තිබූ නැවුම් බවත්, රාගධාරී සංගීත ආභාශයත්, අසම සම නිර්මාණ හැකියාවත් නිසා සහ යොදා ගන්නා සංගීත සංධ්වනි වල විවිධත්වයත් නිසාවෙන්.

රූපවාහිණියේ හෝ වේවා, ගුවන් විදුලියේ හෝ වේවා රෙහ්මාන් ගේ නිර්මාණයක් රස විඳිද්දී දැනෙන හැඟීම ගැන වචනයෙන් පැහැදිලි කර කිව හැක්කක් නොවේ. මන්ද යත් ඇඟ කිළි පොලා යන, දෙනෙතට කඳුළු ගෙනන සංගීතමය ප්‍රාතිහාර්යන් ඔහු විසින් නිරන්තරයෙන්ම සිදු කෙරෙන නිසා. මම මෙතනදී දෙනෙතට කඳුළු ගෙනෙනවා ලෙසින් අදහස් කලා නම් ඒ බව සංගීතයට ලැදි, රාගධාරී සංගීතය උගත්, ප්‍රිය කරන්නෙක් වේ නම් ඔහු හෝ ඇය එය හොඳින්ම තේරුම් ගනු ඇත.

ඔයාලා නොදන්න කරුණකුත් තියෙනවා. ඒ ලෝක ප්‍රකට "ලෝඩ් ඔෆ් ද රිංග්ස්" චිත්‍රපටයේ වගේම වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයටත් මේ ගාන්ධර්වයාණන් සම්බන්ධ ඇති බව. ඉතින් කවර නම් කතාවක් ද? ඔහු අතින් මෙරට ගීතයක් නිර්මාණය වුවහොත් මුළු ලෝකයේම අවධානය ගැනීමට ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම හැකි වේවි. ඔහුගේ ගීත වලට බෙහෙවින් දායක වුණු ගායක ගායිකාවන් බොහෝමයක් දෙනාගේ හඬ රැල් ඔහුගේ සංගීතය නිසාම බොහෝ දෙනාගේ හිත් වල ලැගුම් ගෙන සිටින බව නම් නොරහසක්.

විශේෂයෙන්ම "තුහිරේ" ගීතය ගයනා හරිහරන් ගායකයාණන් සහ කවිතා ක්‍රිශ්ණමූර්ති ගායිකාව, ඒ විතරක් නෙවෙයි සෝනු නිගාම්, අල්කා යාග්නික්, ලතා මංගේශ්කාර් වැනි දැවැන්ත හඬවලට නියමිත සාධාරණයක් කිරීමට දායක වූ සංගීතවේදියෙකු ලෙසයි මම ඔහුව දකින්නේ. ලෝකයේ විවිධ සංගීතඥයන් සමගත්, අති දක්ෂ වාදන ශිල්පීන් සමගත් එකතුවී නිම කෙරුනු ගී බොහෝමයි. ලෝක ප්‍රකට වයලීන වාදන රැජිණ වන "වෙනේසා මේ" සමගින් එකතුවී නිම වූ "රාගාස් ඩාන්ස්" ගීය ඉන්දියානු සංගීතය බහිර ලොවට වයලීනයෙන් මුසු කල අවස්ථාවක්. ඒ වගේම "බොම්බේ ඩ්‍රීම්ස්" ගී එකතුව ඉන්දියානු ආභාශිත ඉංග්‍රීසි ගී එකතුවක්.

පසුගිය වසරේදී මේ ගාන්ධර්වයාණන් විසින් ලොව ප්‍රථම මට්ටමේ චිත්‍රපට සම්මාන උළෙල ලෙසින් නම් ලද ඔස්කාර් සම්මාන උලෙලේදී සංගීත අධ්‍යක්ෂණයන් වෙනුවෙන් ද්විත්ව සම්මානයකින් පිදුම් ලැබුවේ මුළු ආසියාවේම කීර්ති රාවය තවත් වැඩි කරවමින්.

මුළු ලොවේම අවධානයට ලක් වුනු මේ ගාන්ධර්වයාණන්, නැතහොත් මේ මිනිස් වෙසින් මෙලොව පහළ වී ඇති පන්සිළු වන් මේ ආශ්චර්යමත් පුද්ගලයා ගැන කතා කරන්නට දේ බොහෝමයි. ඒ හැම දෙයක් ගැනම පසුවට ලිවීමට තීරණය කරලායි තියෙන්නේ. මොකද, කී දේට වඩා නොකී දෑ බොහෝමයක් ඇති නිසා.

රෙහ්මාන්ගේ, ඔයාලට අසන්නට ලැබී නැතැයි මා සිතන දුලබ ගී දෙකක් මම මේ ලිපියත් සමග පල කරන්නට සිතුවා.

වෙනේසා මේ ගේ වයලීන රාවය රැගත් "රාගාස් ඩාන්ස්" ගීතය පහලින් භාගත කරගෙන රස විඳින්න.
Raga's Dance <- click to download

"බොම්බේ ඩ්‍රීම්ස්" ගීත එකතුවේ එන මනරම් ඉංග්‍රීසි ගීතයක් පහලින් භාගත කරගෙන රස විඳින්න.
Journey Home <- click to download

Friday, August 6, 2010

ඔයාල විභාග ලියල තියෙනවද? අනිවාර්යෙන්ම මේ තාක් කල් ගත කරපු ජීවිතේදි එක වතාවක් හරි විභාගයකට මුහුණ දීලා ඇති. ඒ හැරුණම ඉතින් අපි ගත කරන ජීවිතෙත් එක ආකාරයක විභාගයක් තමයි. මොකද ඒ විභාගේ එන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න සිද්ධ වෙන්නෙත් අපිටම නිසා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියල නිකන් නෙවෙයි නේ කියන්නේ. මොකද මේ තාක් කාලයක් ඔයාලා අපි ලියපු හැම විභාගයකම පිළිතුරු සෙව්වෙ අපි අපිම තනියම හින්දා.

මේ කියන්න යන්නේ ඉතාමත්ම වැදගත් කතාවක් ගැන. ඇත්තෙන්ම මට නරඹන්න ලැබුණු චිත්‍රපටයක් ගැන. අහම්බෙන් නරඹුවාට ලොකු අර්ථ විග්‍රහයක් අන්තර්ගත වෙලා තියෙන වටින නිර්මාණයක්. ඉගෙන ගන්න, නොගන්න, රැකියා කරන, නොකරන හැම දෙනාටම නරඹන්න සුදුසු, ඒ වගේම නැරඹිය යුතු චිත්‍රපටයක් විදියටයි මගේ පෞද්ගල්ක මතය නම්. මොකද මේ චිත්‍රපට එක විභාගයක් ගැන. මේකේත් නියමිත වෙලාවක් තියෙනවා. උත්තර සහ පිළිතුරු තියෙනව. ප්‍රශ්නේ නම් ඒ ප්‍රශ්න හෝ පිළිතුරු හෝ සෙවීම පිළිබඳවයි.

චිත්‍රපටයේ නම එක්සෑම් "EXAM". 2009 වසරෙදි පිට වුණු නිර්මාණයක්. මේ කතාව කෙටියෙන් කියනවා නම් මුළු චිත්‍රපටයේම තියෙන්නේ එක විභාගයක් ගැනත්, ඒ විභාගය පවත්වන කාමරය තුල සිද්ධ වෙන විභාග අපේක්ෂකයන්ගේ එක එක ක්‍රියාකාරකම් සමුදායක් වගේම අදහස් සම්මිශ්‍රණයක්. ලෝකයේ සුපිරි ගණයේ ආයතනයක රැකියාවකට සුදුසුකම් ලබන්න ලෝකේ විවිධ රටවලින් හා විවිධ සමාජ මට්ටම් වලින් තේරෙන පුද්ගලයන් අට දෙනෙක් වටා ගෙතෙන කතාවක් මේක. පුරුශයන් හතර දෙනෙක් සහ කාන්තාවක් හතර දෙනෙක් වෙනුවෙන් පැවැත්වෙන විභාගයක්. හැබැයි ඇත්තටම බැලුවොත් එතන පුරුශයන් පස් දෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙකුයි සිටින්නේ.

විභාග වලට නීති රීති තියෙනවනේ. මේකෙත් ඒ නීති රීති විභාග සමීක්ෂක දැනුම් දෙනවා. පළමු නීතිය නම්, තමන්ගේ ප්‍රශ්න පත්‍රය නාස්ති කරන්න, අපිරිසිදු කරන්න බැහැ. අනිත් නීතිය, සමීක්ෂක සමග හෝ ඒ විභාග කාමරය තුල රඳවා ඉන්න ආරක්ෂක භටයා සමග කිසිම සන්නිවේදනයක් පවත්වන්න බැහැ. අනිත් නීතිය තමයි, කාටවත් නියමිත විනාඩි අසූව (80) ක විභාග කාලය තුලදී කාමරයෙන් පිටතට යන්න බෑ වගේම උත්සාහ කරන්නත් බෑ. මේ නීති එකක් හෝ කැඩුවොත් ඔහු හෝ ඇයට රැකියාවට සම්බන්ධ වීමට අවස්ථාව අහිමි වෙනවා. ඒ කියන්නේ ඔහු හෝ ඇය එතැනින් ඉවත් කෙරෙනවා. මේ නීති වලට යටත්ව පිළිතුරක් හොයන්න ඕනේ, දීලා තියෙන ප්‍රශ්නයට. හැබැයි, එක ප්‍රශ්නයයි, එක උත්තරයයි තියෙන්නේ. ඊට පස්සේ විභාගයේ කාලය ඇරඹෙනවා. ඔන්න ඔය කියපු නීති රීති වලින් බේරෙන්න වගේම ඒ පිළිතුර සොයන ආකාරය ගැනයි මුළු චිත්‍රපටයේම තියෙන්නේ.

උපදෙස් හොඳින් ධාරණය කර ගැනීම පිළිබඳවත්, තනි තනිව ඉදිරිපත් වෙන වටිනා අදහස් රාශියකින්මත්, කණ්ඩායමක් වශයෙන් ප්‍රශ්නයකට පිළිතුරු සෙවීම පිළිබඳවත් මේ චිත්‍රපටයෙන් මොනවට පැහැදිලි වෙනවා. හැබැයි මේ විනාඩි අසූවක විභාග කාලය පුරාවටම මේ අපේක්ෂකයින්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ, පිළිතුරක් ලිවීමට දීලා තියෙන ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්නයක් නොතිබීම කියන ප්‍රශ්ණයටයි. පිළිතුර කෙසේ වෙතත්, ප්‍රශ්ණය කුමක්ද කියලා සොයා ගැනීමේ මෙහෙයුමකුයි මේකේ අන්තර්ගතය වෙන්නේ. මානව චර්යාවන් පිළිබඳවත්, ඒ ඒ පුද්ගලයාගේ දක්ෂතාවන් උපයෝගීත්වයෙන් ප්‍රශ්නයක් සෙවීමට දරණ උත්සාහයත් දකිද්දී අපිට අපි ලියූ විභාග ගැන ලැජ්ජා වීමට කරුණු ඕනේ තරම් මේ චිත්‍රපටයෙන් සොයා ගන්න පුළුවන්. ඉතාමත්ම වටිනා චිත්‍රපටයක් ලෙස අදහස් කරන්න හේතුවත් ඒකමයි.



 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.